• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අසරණ කාන්තාවන් වෙනුවෙන් මම පෙනී ඉන්නවා…

July 15, 2021
in Heart
Reading Time: 4 mins read
A A
අසරණ කාන්තාවන් වෙනුවෙන් මම පෙනී ඉන්නවා…
Share on WhatsAppShare on Facebook

තෝරලා බේරලා රඟපාන්න අපි මහා පරිමාණයේ නිර්මාණ කරන රටක් නෙමෙයි…
කොයිතරම් ප්‍රශ්න ආවත් මට දරාගන්න පුළුවන්…

කලා ක්‍ෂේත්‍රයටම අහිංසකාවියක් වෙමින් සරල දිවියකට හැඩහුරුකම්පාන කලා ශිල්පීන් අතර සුවිශේෂී ශිල්පිනියක් ලෙසට ආදරය දිනාගත්තත් ඒ සොඳුරු රුවැත්තිය මනීෂා නාමල්ගම. ඉතින් දිගු කාලයකට පසු අපට ඇය සමග කතාබහ කිරීමට නොහැකි වුණා. ඇය මේ දවස්වල විවේකීව ගෙවන ජීවිතයත් එක්ක කතාබහ කිරීමට ඇයව අපි සම්බන්ධ කරගැනීමට හිතුවේ ඇයගේ කලා දිවියේ අලුත් තොරතුරු ඔබට පැවැසීමටයි.

මේ දවස්වල මනිෂා ගෙදරට වෙලා කාලය ගතකරන බව ආරංචියි?
පසුගිය දවස්වල රටේ තිබුණු වාතාවරණයත් එක්ක මම වැඩිපුරම කාලය ගතකළේ ගෙදරට වෙලා තමයි. හැබැයි මම නිර්මාණවලට සම්බන්ධ නොවී සිටයේ නැහැ. අඩුවෙන් වැඩ බාරගෙන වැඩ කළා. අසංවර වැස්ස, දාම්, දෙවැනි ඉණිම, සකූගේ ලෝකය ටෙලිනාට්‍යවල පසුගිය දවස්වල වැඩ කළා. එයට අමතරව ‘හිරු’ ටෙලි චිත්‍රපටවලට සම්බන්ධ වුණා.

‘සකුගේ ලෝකය’ ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කරන චරිතය ගැන පැවැසුවොත්?
කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින චරිතයක් තමයි මම නිරූපණය කරන්නේ. අසරණ තත්ත්වයට පත්වුණු කාන්තාවන්ට උදවු කරන්න මම පෙනී සිටිනවා.

සාමාන්‍ය ජීවිතයේදීත් එබ එවැනි සමාජ සත්කාර වෙනුවෙන් කටයුතු කරනවා නේද?
ඔව්… සාමාන්‍ය ජීවිතයේදී මම වැඩිපුර කළේ අසරණ ජනතාව වෙනුවෙන් පිහිටවෙන එක තමයි. මොකද ඔවුන් විඳින දුක, වේදනාව ඒ අවස්ථාවේදී එතැන මම උන්නා නම් කියන සිතුවිලි ආකල්පය මට දැනෙනවා. ඉතින් මම නිරන්තරයෙන්ම ඒ වෙනුවෙන් උදව්පදව් කරනවා. පසුගිය කාලේ පැවැතුණු කොරෝනා වසංගතයත් එක්ක අසරණයට පත් ජනතාවට මමත් තව කලා ක්‍ෂේත්‍රයේ කිහිප දෙනෙකුත් එකතුවෙලා උදව් කළා.

ඔබ තීරණයක් කරලා තිබුණා නේද මෙගා ටෙලිනාට්‍ය සඳහා යොමුවීමට අදහසක් නැහැ කියලා?
ඔව්… එහෙම හිතපු කාලයක් තිබුණා. නමුත් අපේ ක්‍ෂේත්‍රයේ අපි සමග වැඩ කරපු ප්‍රවීණ ශිල්පීන් පවා දැන් මෙගා නිර්මාණවලට සම්බන්ධ වෙලා වැඩ කරනවා. අනෙක අපේ මේ පුංචි රටේ එහෙම මහා පරිමාණයෙන් ලොකුවට නිර්මාණ කරන රටක් නෙවේ. ඉතින් අපි මේ ක්‍ෂේත්‍රයේ වැඩ කරන නිසා අපිට නිර්මාණ සඳහා තෝරා බේරා ගැනීමක් නැතුව වැඩ කරන්න සිදුවෙනවා. හැබැයි ඉතින් මට ගැළපෙන චරිතයක් ලැබුණොත් තමයි කරන්නේ.

එහෙම එකදිගට මෙගාවල වැඩ කරන්න ගියාම ප්‍රශ්න මතුවෙන්නේ නැද්ද?
එහෙම ලොකු ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. දින වෙන්කර ගැනීමේ ගැටලු මතුවෙනවා. ඒවා ඉතින් කාලය කළමනාකරණය කරගෙන වැඩ කරනවා.

එදා දැකපු ඒ අහිංසක පෙනුම තවමත් එලෙසම චරිත තුළ රැඳී පවතිනවා නේද?
සාමාන්‍ය ජීවිතයේදීත් මම කාටවත් කරදරයක් නොවී සරලව ජීවත් වෙන කෙනෙක්. අපි වෙනස් වෙන්නේ නැහැ. නමුත් මම කරන චරිත තුළින් රඟපෑමේදී වෙනසක් සිදුවෙනවා.

මෑත කාලයේදී ඔබේ හිතට දැනුණු සුවිශේෂී චරිතයක් ගැන කතා කළොත්?
එහෙම කියලා මම වර්ගීකරණයක් කරන්න කැමැති නැහැ. මම නිරූපණය කරපු හැම චරිතයක්ම මට සුවිශේෂීයි. මට අසාධාරණයක් වුණත්, මොන ප්‍රශ්නයක් මතු වුණත් මම එය දරාගන්න කෙනෙක්. මම මේ ක්‍ෂේත්‍රය ගැන එහෙම විවේචනය කරන්න කැමැති කෙනෙක් නෙවේ. මම ඒ තරමට කලාවට ආදරය කරනවා.

කලාවට තිබෙන බැඳීමත් එක්ක ඔබේම කියලා නිර්මාණයක් කිරීමට සැලැසුමක් නැද්ද?
නිෂ්පාදිකාවක් ලෙසට වැඩ කිරීමට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. හොඳ අධ්‍යක්‍ෂවරයකු යටතේ සමාජයට හොඳ පණිවුඩයක් දෙන්න. නමුත් නිර්මාණයක් කරලා විකාශය කරගන්නේ කොහොමද කියලා සැලැසුමක් හදාගන්න සිදුවෙනවා. එයට සුදුසු කාලයක් එනකම් මම මගබලාගෙන ඉන්නවා.

විවිධ නිර්මාණ හරහා ඔබ විවිධ චරිත නිරූපණය කළා. සාමාන්‍ය ජීවිතය ගෙවන විදිය ගැන කතා කළොත්?
රංගන ජීවිතයට එහා ගිය සරල කාන්තාවක් මම. බිරියක්, ගෘහණියක්, සහෝදරියක්, හිතවතියක්, යෙහෙළියක් ඔය හැම චරිතයකම මම සාමාන්‍ය ජීවිතයේදීත් ජීවත්වෙවී රඟපානවා.

–වසන්ත විතාණගේ

SendShareShare
Previous Post

අවුරුදු පහළොවේ දැරිය කපිතාන්වරුන් දෙදෙනාම හදුනාගනී!

Next Post

අතිවිශිෂ්ටයි! අපේ හමුදාවට ලෝක සෞඛ්‍යයෙන් සහතිකයක්! (PHOTOS)

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.