‘හාට්’ එකේ පින්තූරයක කතාව ලියන්න දුර්ලභ ගනයේ ඡායාරූපයක් හම්බ වුණා ඔන්න. ෆොටෝ එකට වයස අවුරුදු 47ක් විතර ඇති. අනුමානයේ හැටියට කැමරාව ක්ලික් වෙලා තියන්නේ ‘රන් දම්වැල්’ ෆිල්ම් එකේ සෙට් එකේදි. ජනකාන්ත නළු විජය කුමාරතුංගගේ දෙපැත්තේ ඉන්නේ 80 දශකය සිනමාවත් ටෙලි කලාවත් හරහා අමතක නොවන මතකයක් තැබූ සුරූපිනියන් දෙන්නෙක්. එක්කෙනෙක් මැණික් කුරුලකුලසූරිය. අනෙක් තරුව විශාඛා සිරිවර්ධන. (Sri Lanka Latest News)
දුර්ලභ ගණයේ ඡායාරූපයක් කියලා මෙතැනදී හැඳින්වීමක් දුන්න කාරණයට තවත් එක හේතුවක් වෙන්නේ එදා ඒ කැමරාවට මුහුණ දුන්න තුන්දෙනාගෙන් දෙන්නෙක්ම අද අපි අතර නැති එකයි. කොහොමත් මේ වාගේ මතකයන් වචනවලින් කියන්න බැරි තරමට හරිම සුන්දරයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











