• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වැටුණා නැගිට්ටා….! රාවණා ඉවර වෙනකම් වැඩේ කරන් ගියා කියහංකො…! Sri Lanka Latest News

October 18, 2025
in Heart
Reading Time: 2 mins read
A A
වැටුණා නැගිට්ටා….! රාවණා ඉවර වෙනකම් වැඩේ කරන් ගියා කියහංකො…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජැක්සන් පවුලේ ලොකු පුතා අකිල ධනුද්දර දැවැන්ත සිනමා නිර්මාණයකට දායක වෙලාය කියන ආරංචිය දැනගත්තෙ මුහුණු පොත හරහායි. ඒ ටිකත් දැනගත්න හම්බවුණේ අකිලට වෙච්ච හදිසි අනතුර නිසයි. කොහොම හරි කමක් නැහැ කතාකරන්න වටිනා විෂය මාතෘකාවක් ලැබුණු නිසා අකිලට කතා කළා. හැමදාම වගේ එදත් ඔහුගේ ෆෝන් එක වැඩ. හැබැයි ඔහු හුඟක් බිසී. ඒත් නිහතමානීව අපට වෙලාවක් දුන්නා කතා කරන්න. ලැබුණු විරාමය විනාඩි 15යි. ඒ විනාඩි ගණනේ සුහද පිළිසඳර තමයි මේ පෙළගැසෙන්නේ.Sri Lanka Latest News

මුලින්ම ස්තුති කරනවා අකිල බිසී ටයිම් එකක අපි වෙනුවෙන් කාලය දුන්නට.
ඒක මහ දෙයක් නෙවෙයි. අපි කොහොමත් ඔයාලා වෙනුවෙන් එහෙම විරාමයක් දෙන්නත් එපැයි.
කොහොමද ඉතින් වාස දේසේ. අලුත් තොරතුරු එහෙම?
ඇත්තටම කියනවා නම් ගොඩක් බිසී. ෆිල්ම් දෙකක ෂූටිං යනවා. ඒ අතර ‘ජහුටා’ ටෙලියෙ වැඩ. නිදාගන්නවත් වෙලාවක් නැති තරම්. පොඩි නින්දක් දාන්නෙත් වාහනේම තමයි.
අවිවේකී ජීවිතයකට ඇදවැටුණා කියන පසුතැවිල්ලක් දැනෙනවද?
කවදාවත්ම නැහැ. පුදුම සතුටකින් උද්දාමයකින් තමයි කලා කටයුතුවල නියැළෙන්නේ. ඒ වගේම කැපවීම ඕනෑකම සහ මනා සංයමය මත වැඩේ සාර්ථකව කරනවා.
අප්පච්චිගෙන්ද ඒ ආභාසය ලැබුණේ?
සත්තකින්ම ඔව්. අපි යන්නේ ඔහු පෙන්නපු මාර්ගයේ තමයි.
අත කැඩිලත් ෂූඩිං නතර නොකර දිගටම කරගෙන ගියෙත් ඒ කැපවීම නිසාද?
ඒකනේ. තනි අතින් අශ්වයගෙ ලණුව අල්ලගෙන අනිත් අතින් මහ විශාල වෙපන් එකකුත් අරගෙන අසුරු සැණින් පවනට බඳු වේගයෙන් අශ්වයා පිටේ යමින් හිටියෙ ගමක් විනාශ කරන්නයි. ඒ අතරවාරයේ මගෙ අතින් පොඩි වරදක් වෙලා අශ්වයාගේ පිටින් මාව වැටුණා නොසිතූ මොහොතක.
ඉන් පස්සේ මොකද වුණේ?
මොනවා වෙන්නද? වැටුණා. ඒ සැණින් නැගිට්ටා. ආයෙම ෂූටිං පටන් ගත්තා. අවසානය දක්වාම ඉතිරි වැඩ ටික කරගෙන ගියා කියන්නකො.
කැඩුණු අත එක්ක කොහොමද ෂූටිං කළේ අකිල?
අත කැඩුණේ නැහැ. කෙටුණා විතරයි. හැමෝම ළඟට දුවගෙන එද්දී මම දඩිබිඩි ගාලා නැගිටලත් ඉවරයි. කෙටුණු අතේ වේදනාව දරාගෙන කොහොමින් හරි වැඩේ ඉවර කළා. ඉන් පස්සේ තමයි තෙල් සාත්තු තැවීම් වගේ ඒවා ගෙදරදී කරන්න ගත්තේ.
අත හෙමිහිට පැත්තකින් තියාගෙන අපි ‘රාවණා’ ෆිල්ම් එක ගැන කතා කරමු නේද?
පරිස්සමට කතා කරමු. මොකද කියනවා නම් නිර්මාණයක් අහම්බයක් වෙන තරමට තමයි එහි සුන්දරත්වත් සමග කුතුහලය වැඩි වෙන්නේ.
බොහෝවිට රාවණා ගැන බොහෝ දෙනා දන්නේ නැහැ?
මමත් හිතන්නේ ඒක එහෙමයි. එතැන හොඳකුත් තියෙනවා. මොකද පුදුමය සමග ප්‍රේක්ෂකයන් ‘රාවණා’ භාරගැනීම එහි සාර්ථකත්වයට මගක් වේවි. රාවණා ෆිල්ම් එකේ නිෂ්පාදන මෙහෙවරට අතගහලා තියෙන්නේ ‘බි්‍රටිෂ් වේ’ අධිපති ආචාර්ය ගීතදේව ශාන්ත. අධ්‍යක්ෂණ මෙහෙවර කරන්නේ තුෂාර තෙන්නකෝන්.
එහි ප්‍රධානම චචරිත අතර ඔබත් එක චරිතයක්?
ඔව්. රාවණාගේ චරිතය කරන්නේ ප්‍රවීණ සම්මානනීය නළු සෞම්‍ය ලියනගේ. මම රඟපාන්නේ මකරගේ චරිතය. මකර කියන්නේ රාවණා රජ්ජුරුවන්ගේ චරිතය උපද්දවන්න ඉවහල් වෙන චරිතයයි. මේඝ සූරියආරච්චිද මෙහි අප හා සමසමව එක් ප්‍රධාන චරිතයකට ජීවය දෙනවා.
කදිම පිරිමි නළු එකමුතුවක් නේද අකිල?
ආයෙත් අහලා. ඇත්තටම හරිම ආඩම්බරයකින් වගේම උද්‍යෝගයකින් තමයි අපි හැමෝම මේ අභිමානවත් නිර්මාණයෙ රංගනයට දායක වුණේ. විශේෂයෙන්ම සෞම්‍ය ලියනf්ග වැනි අතිදක්ෂ නළු පුරුෂයෙක් සමග හරි හරියට වැඩකරන්න ලැබුණු එක ලොකු සතුටක්. මම හිතන විදියට සෞම්‍ය ලියනගේ කියන නළුවාව මට දැනෙන්නේ මහා නළු ප්‍රතිරූපයක් විදියටයි. ඔහු ළඟ ඔහුට එහා පැත්තෙන් හිටියත් මට ඇති. ඒ වගේම මේඝ සූරියආරච්චි. ඔහු මගේ අතිජාත මිත්‍රයෙක්. මේ චරිත නිරූපණයන් වෙනුවෙන් ඇඟ හදාගන්න අපි දෙන්නා ජිම් ගියෙත් එකට. ඩයටින් කරන්න ගත්තෙත් දෙන්නා එකට කතාබහ කරලයි. ඔබ කියනවා වගේ ‘රාවණා’ පිරිමි නළු එකතුව හරිම අපූරුයි.
‘රාවණා’ චිත්‍රපයේ දිගහැරෙන කතා පුවත ගැන ටිකක් කියනවා නම්?
ඒ කතාව අපි දැනට නොකියා ඉමු. මං හිතන්නේ ඒකට අගයක් දෙනවා නම් හොඳයි. හැබැයි මෙහෙම කියන්න පුළුවන්. රාවණා කියන්නේ විශාල මුදලක් වැයකරලා කරන අතිදැවැන්ත නිර්මාණයක්. අනෙක තව කාරණයක් තියෙනවා මෙතැනදී කියන්න. ලංකාවේ බොහොමයක් දෙනා හිතාගෙන ඉන්නේ ශ්‍රී ලාංකේය චිත්‍රපට කර්මාන්තය තුළ මහා ලොකු නිර්මාණ කරන්න අපේ කලා ශිල්පීන්ට බැහැ කියලයි. ඔවුන් සමහර විට විදේශීය දේ අගයනවා. ලංකාවේ කොහෙද ඒ වගේ කරන්නේ කියලා දෙමළ, හින්දි හෝ ඉංග්‍රිසි චිත්‍රපටයක් බලලා ඇවිත් කියනවා. අනේ, මං ගැන වරදවා හිතන්න එපා. මම නම් ඒ අදහසට විරුද්ධයි. මොකද ශ්‍රී ලාංකේය නිර්මාණ හිල්පීන්ටත් බැරි නැහැ ඒ වගේ දැවැන්ත නිර්මාණ කරන්න. ‘රාවණා’ චිත්‍රපටය තුළින් මම ඒක අගේට දැක්කා.
ඔබ ඔය කියන්නේ රාවණා ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණයක් කියන එකද?
අනිවාර්යයෙන්ම ඔව්. මම කියන්නේ ඒකයි. බි්‍රටිෂ් වේ අධිපතිතුමාට සහ තුෂාර තෙන්නකෝන් මහතාට ඕනෑ වුණා ඉන්ටර්නැෂනල් මට්ටමේ වැඩක් කරන්න. රාවණා දැවැන්ත ගනයේ නිර්මාණයක් ලෙස ප්‍රේක්ෂකයා හමුවට එන්නේ ඔහුගේ ඒ අධිෂ්ඨානය මතයි. විශාල පිරිවැයක් විතරක් නෙවෙයි අපි හැමෝගෙම කැපවීමත් මෙතැනට එකතු වුණා.
කෑම පාලනය සමග චරිතයට අනුව ඇඟ හදාගන්න එක දුෂ්කර ක්‍රියාවක් වුණාද?
මොනවා කියනවද? හැබැයි ඒ දුෂ්කර ක්‍රියාව මම මේඝ සහ අනිත් හැමෝම කළේ හරිම සතුටින්. ‘රාවණා’ අලංකාර නිර්මාණයක් වීම තුළ අපි දවල් රෑ නොබලා වෙහෙසුණේ එය තව තවත් හැඩකරන්නයි.
ඔබ හිතූ ලෙසම එය සිදුවුණාද?
ඔව්. එය ටක්කෙටම සිද්ධ වුණා කියන එක කන්ෆර්ම්. ඇයිද කියනවා නම් දැවැන්ත, සාර්ථක අතිඅලංකාර නිරමාණයක් කරන්න පුරෝගාමී වුණු කලාකාමී උණක් තියෙන ආචාර්ය ගීතදේව ශාන්ත වැනි අමුතුම නියමුවෙක් සහ ඔහුගේ පිරිවැයට වටිනාකමක් දෙන්න පුළුවන් තුෂාර තෙන්නකෝන් වැනි සොඳුරු නිර්මාණකරුවකු අපට මුණගැහුණා. කදිම කලාකරුවන් පිරිසක් ඔවුන් හා එක්වුණා. ඉතින් තව මොන කතාද?
ඔබ කතාකරන්නේ පුදුම අභිමානයකින්?
සහතිකව මම ඉන්නේ අභිමානයෙන්. ඒ වගේම ලොකු ගැම්මකින්. අශ්වයා පිටෙන් වැටිලත් ඒ තත්ත්පරයෙම නැගිටලා වේදනාව හංගගෙන ෂූටිං කළෙත් ඒකයිනෙව්.
රාවණා ෆිල්ම් එක ආවම බලන්න මම පාරම්වෑවේ බොරුවට නෙවෙයි කියලා එදාට නිසැකවම හිතේවි.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

දිනන සූත්‍රය…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

අනුර භයානක කලාපයකට ඇතුළු වෙයි! Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.