• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ධර්මරාජ් උඹ ගැන දුකයි මචං…

October 10, 2022
in Exclusive, Heart
Reading Time: 6 mins read
A A
ධර්මරාජ් උඹ ගැන දුකයි මචං…
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් පසුගිය 02 වැනිදා උදෑසන හෘදයාබාධයක් හේතුවෙන් සිය ජීවන ගමන අවසන් කරන විට 41 වැනි වියේ පසුවුණා. දෙමළ හුරුවෙන් සිංහල කතා කළ ඔහුගේ තාත්වික රංගනය මෙරට ප්‍රේක්ෂකයන්ට පළමුව සමීප වන්නේ සිඩ්නි චන්ද්‍රසේකර අධ්‍යක්ෂණය කළ A-9 ටෙලිනාට්‍යයෙන්. 2008 වසරේ ‘ප්‍රභාකරන්’ සිනමා පටයෙන් දර්ශන් ධර්මරාජ්ගේ සිනමා ආගමනය සිදුවනවා. එතැන් සිට හෙළ සිනමාවේ ප්‍රතිභාන්විත තරුවක් වූ ඔහු ‘මචං’, ‘ඉනියවන්’, ‘මාතා’, ‘සුනාමි’ ඇතුළු සිංහල සහ දෙමළ සිනමා පට රැසකට සිය රංගන දායකත්වය ලබාදුන්නා. හොඳම නළුවා ලෙසින් අවස්ථා කිහිපයකදීම පිදුම් ලැබූ රක්වානේ උපන් දර්ශන්, ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. රංගනය, රංගනයක් කර නොගත් දර්ශන් වර්ගවාදී හදවත් යාකිරීමට උත්සාහ කළේ කලාවෙන්. හෙළ කලා ක්ෂේත්‍රය තුළ නොමැකෙන මුද්‍රාවක් තැබූ මේ විශිෂ්ට රංගන ශිල්පියා මීට කලකට පෙර සිදුකළ මාධ්‍ය සාකච්ඡාවකදී පළකළ අදහස් මෙලෙස අප ඔබ වෙත ගෙන එනවා.

නළුවෙක් වෙන්න ආසාවෙන් කොළඹ ඇවිල්ලා ඔබ කොච්චර කාලයක් මුට්ට කරගැහුවද?

වේදිකා නාට්‍ය පටන්ගත්තේ ඉස්කෝලෙ කාලෙ. ඩ්‍රාමා දෙකක් කළා. ඒ කාලෙම රඟපාන්න ඕනෙ කියලා ආසාවක් ඇතිවුණා. ඒ බලාපොරොත්තුවෙන් තමයි හිටියේ. නමුත් උසස් පෙළ සිංහල ෆේල් වුණා. ඒත් ගෙදර තිබුණු ආර්ථිකයත් එක්ක ආයෙත් විභාගෙ ලියන්න බැරි තත්ත්වයක් තිබුණේ. ඒ හින්දා ජොබ් එකක් කරන්න මට කොළඹ එන්න සිදුවුණා. ඒ අතරත් රඟපෑමේ ආශාව තමයි තිබුණේ. මගේ ඥාතියෙක්ගාවත් මම වැඩ කළා. රඟපාන්න ගොඩක් ඉන්ටර්විව්ස්වලට ගියා. නමුත් මම වැඩකරපු ආයතනයෙ ඉඳගෙන මට ඒ ඉන්ටර්විව්වලට යන්න බැහැ. ඒ කාලෙ යුද්ධෙ තිබුණා නිසා එළියට යන්න අයි.ඩී. එක ඕනෙ, පොලිස් රිපෝට් ඕනෙ. ඉතින් ඒ මොකක්වත් නැතුව වැඩ කරන්න පුළුවන් එකම ජොබ් එක තමයි නාටාමි ජොබ් එක. ඒක මට කරන්න සිද්ධ වුණු හේතුව ඒගොල්ලන්ට ඕනෙ විදියට මම ලෑස්ති වෙලා යන්න ඕනනෙ ෂූටින් එකක් ලබුණොත්. මම ඒ බලාපොරොත්තුවෙන් තමයි නාටාමි ජොබ් එක කළේ. නමුත් ඒ වෙද්දී මට රඟපාන්න අවස්ථාවක් ලැබිලා තිබුණේ නෑ. වෙනත් ආයතනයක මම වැඩ කළා නම් ඒ තැන්වලින් එළියට යන්න බෑ මට ඕනෙ වෙලාවට. ඒ හින්දා මම වැඩකරන්න පටන්ගත්තා අවුරුදු දෙකහමාරක්.

බර උස්සද්දී ඒ දවස්වල දැනුණු අමාරුව දැන් ඔබට තියෙනවද?

මම ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තේ එතැනින්. ඒ නිසා දැන් මට ජීවිත බර කියන එක හොඳට පුරුදුයි.

දර්ශන් ඒ කරපු කැපකිරීමට ලංකාවෙ දේශීය කලාව තුළ තැනක් ලැබුණද?

ඇත්තටම ඔව්. ඉපදුණේ රක්වාන කියන පුංචි ගමක. සිංහල සිනමාව ගැන මම එච්චර දන්නෙත් නෑ. රඟපෑමේ ආශාවෙන් තමයි මම කොළඹ ආවේ. මට ටැමිල් රසිකයො ගොඩක් අඩුයි. සිංහල රසිකයො තමයි වැඩි. මම තැනකට ගිහිල්ලා කතා කරනකොට ටැමිල් අය බලනවා මෙයා කවුද කියලා. මම ලාංකේය සිනමාව ඇතුළට ඇවිල්ලා ඉවරයි. ඔබ කියපු ඒ කැපකිරීම නිසා මට ගොඩක් දේවල් ලැබුණා.

ලාංකේය ප්‍රේක්ෂකයගෙ ආදරය ඔබට ගොඩක් ලැබුණා. සිංහල අය දෙමළ ජනතාවට කෙනෙහිලිකම් කරනවා කියලා ඔබ හිතනවද?

නෑ. යාපනේ යුද්ධෙ තිබ්බට අපි ගිහින් යුද්ධෙ බැලුවෙ නෑනෙ. අපි ටී.වී. නිවුස්වලින් බලනවා, පත්තරවලින් බලනවා මිසක් යුද භූමියට ගිහින් අපි බැලුවෙ නෑ. එහෙ ගිහින් ඒ සිටුවේෂන් එක මොකක්ද කියලා බලන්න ඕනෙ. මෙතැන තියෙන්නේ අවබෝධයක් නැතිකමක්. මට යුද්ධය ගැන කතා කරන්න ලොකු අදහසක් නෑ. නමුත් මේක පැහැදිලි නැතිකමෙන් ආපු ප්‍රශ්න, මනසෙන්ම හදාගත්තු ප්‍රශ්න, අවුරුදු 30ක් ගතවෙලා. මම ටැමිල් කෙනෙක් හින්දා එල්.ටී.ටී.ඊ. කියලා හිතපු කට්ටියත් ඉන්නවා. නමුත් හොඳ නළුවෙක් කියලා ආසාවෙන් කතා කරන්නේ සිංහල මිනිස්සු. ඒගොල්ලො මට වෛර කළා නම් අද මට මෙතැනට එන්න ලැබෙන්නේ නෑ. මාත් සිංහල මිනිස්සුන්ට හරිම ආදරෙයි. මම ඒ අදරේ හරියට දෙන හින්දයි මම හරි තැනකට අද ඇවිල්ලා තියෙන්නේ. කිසිම ජාති භේදයක් නෑ.

එල්.ටී.ටී.ඊ. ප්‍රශ්න තියෙන කාලෙ පොලිසියෙන් ඇවිල්ලා අහනවා ඔයා ටැමිල්ද කියලා. මම කෙළින්ම කියන්නේ මම ලාංකිකයෙක් කියලා. එහෙම කියද්දී ආයෙත් මගෙන් ඒ අය ප්‍රශ්න කරනවා, මොකක්ද කිව්වේ කියලා. ඕගොල්ලොන්ට ඕනෙ ඔය ප්‍රශ්නෙම නම් මෙන්න මගේ අයි.ඩී. එක බලාගන්න මම ටැමිල් කියලා මම ඒක පෙන්වනවා.

පොඩි හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ හිතනවද කලාවෙන් ඒකට විසඳුමක් ලැබේවි කියලා?

ඇත්ත වශයෙන්ම. සරදියෙල්, රාජසිංහ රජ්ජුරුවෝ. අපි ඒ අයව දැකලාවත් නෑනේ. ඒ වගේ අතීත කතා අපි මනසේ නිර්මාණය කරගන්නේ චිත්‍රපටයක් හරහා. මම හිතනවා ඒක සාර්ථකයි, සිනමාවෙන් ඒ පණිවුඩය දෙන්න පුළුවන්. හරියට නිර්මාණයක් කරන්න දන්න දක්ෂයකුට පුළුවන් ඒ පණිවුඩය ජනතාවට දෙන්න.

මම කිව්වොත් නව පරපුර විදියට ඔබලා ඒ සඳහා මැදිහත් වෙනවා මදී කියලා?

අපි ඇවිල්ලා ඉවරයි. අපි ඒකට සහාය දෙන්න 100%ක් සූදානම් වෙලා ඉන්නේ. මට ඕනෙ අලුත් පරම්පරාවත් එක්ක අත්වැල් බැඳගෙන ගමනක් යන්න.

ඔබ හිතනවද දෙමළ කතා කරන අය, සිංහල කතා කරන අය එකට වැඩකරන්න ඕනෙ කියලා?

අනිවාර්යයෙන්ම. දෙමළ කලාකරුවො ලංකාවෙ කී දෙනෙක් ඉන්නවද කියලා බැලුවොත් ඉතා සීමිත පිරිසක් තමයි හම්බවෙන්නේ. අපේ සංස්කෘතිය අනුව කෙල්ලෙක් එළියට ගිහින් වැඩ කරනවා කියන එක චුට්ටක් අමාරුයි. ඒකට අපේ කට්ටියටත් ඉඩ දෙන්න ඕනෙ. ඔවුන්ට එළියට ගිහින් සිංහල මිනිස්සුත් එක්ක වැඩකරන්න පුළුවන් කියන විශ්වාසය ඇතිකරන්න ඕනෙ. ඒ කටයුත්ත දෙපැත්තෙන්ම වුණා නම් සිනමාව ගොඩක් ඉහළට යාවි.

ඒ වෙනුවෙන් ඔබ මේ වෙද්දී ගත්ත ක්‍රියාමාර්ග මොනවද?

ගොඩක් දේවල් කරලා තියෙනවා. ක්ලාස් එකේදී මුලින්ම මම හැමෝටම කිව්වේ බත් පාර්සලයක් ගේනකොට තව එකක් වැඩිපුර අරගෙන එන්න කියලා. කනකොට හැමෝම එකට වාඩිවෙලා කන්න. එහෙම කද්දී තමයි අපි ලැජ්ජාව නැතුව කතා කරන්න පටන්ගන්නේ. එහෙම කතා කරනකොට අපේ අදහස් ගොඩක් හුවමාරු වෙනවා. ඒ හරහා ගොඩක් හොඳ සහයෝගයක් ගොඩනැගෙනවා.

ලංකාවෙ දමිළ ප්‍රේක්ෂකාගාරය දකුණු ඉන්දීය සිනමාවට තමයි වැඩිපුර යොමුවෙලා තියෙන්නේ. ඔවුන් සිංහල කලාව පැත්තට යොමුවෙනවා අඩුයි නේද? මගේ ගෙදර ඉන්දියන් ෆිල්ම්ස් දාන්න එපා කියලා මම කියලයි තියෙන්නේ. ලංකාවෙ නාට්‍ය බලන්න, අපේ දේවල් බලන්න කියලා මම ඒ අයට කියනවා. මම නළුවෙක් විදියට අපේ දෙමළ මිනිසුන් අතරට ගිහින් නැත්තේ ඉන්දීය චිත්‍රපට ඔවුන් වැඩිපුර බලන නිසා. අපේ රටේ දේවල් අපි අගය කළා නම් මීට වඩා දුර ගමනක් අපට යන්න තිබුණා.

ඒක භාෂාවත් එක්ක තියෙන ප්‍රශ්නයක් කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

භාෂාව හින්දා නෙවෙයි. ඒක මුල ඉඳලම ආපු ටේස්ට් එකේ ප්‍රශ්නයක්. අපි තාමත් හිතනවා දකුණු ඉන්දීය චිත්‍රපට තමයි හොඳම කියලා. නමුත් කොච්චර හොඳ චිත්‍රපට ලංකාවෙ නිර්මාණය වුණාද? ඒවට ඒ අයගෙ සහයෝගය ලැබිලා නෑ.

ලංකාවෙ ප්‍රේක්ෂකයො භාෂාව ප්‍රශ්නයක් කරගන්නේ නැතුව බොහෝ රටවල සිනමා නිර්මාණ රසවිඳිනවා. අපේ නිර්මාණය ඇයි ඒ තත්ත්වෙට ගේන්න බැරිවෙලා තියෙන්නේ?

ව්‍යාපාරික අරමුණකින් චිත්‍රපටයක් කරන නිෂ්පාදකයාට තමන් අසාර්ථක වෙයි කියන බයක් තියෙනවා. අපි කවදාවත් නිෂ්පාදකයාව ආරක්ෂා කරලා නෑ. අනිත් එක තමයි කලාකරුවන්ට වටිනාකමක් නෑ. කවුද ඩිරෙක්ටර් කියලා දන්නෙත් නෑ සමහර වෙලාවට. ලංකාවෙ ෆිල්ම් හෝල් කොච්චර තියෙනවද, ඒවායෙ කොහොමද ෆිල්ම් පෙන්නන්නේ, දවස් කීයක් ෆිල්ම් එක දුවයිද, ආටිස්ට්ලගෙ පේමන්ට් එක කීයද කියන මේ මොනම දෙයක්වත් නොදැන ආසාවට ඇවිල්ලා ෆිල්ම් එකක් කරනවා. මම කියන්නේ ඉස්සෙල්ලම ෆිල්ම් ගැන ඉගෙනගන්න. සාමාන්‍යයෙන් කෝටි 3ක් වියදම් කරලා චිත්‍රපටයක් කරලා ඒකෙන් ආදායමක් ගන්න ඕනෙ නම්, ෆිල්ම් හෝල්වල ලක්ෂ 4ක්වත් ප්‍රේක්ෂකයො වාඩිවෙන්න ඕනෙ. ඒක මාසයක් දුවනකොට හොඳ ලාභයක් ගන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ මුලින්ම සිනමාව ගැන ඉගෙනගෙන එන්න කියලා.

ශ්‍රී ලාංකකි සම්භවයක් තියෙන ජැක්ලින්, පූජා උමාශංකර් වගේ අය රටවල් දෙකේම ජනප්‍රියයි. නමුත් ඔබ ඉන්දීය සිනමාවට සම්බන්ධයි කියන එක ලාංකීය ප්‍රේක්ෂකයො නොදන්නේ ඇයි?

මම දැනටත් ෆිල්ම් තුනකට ඇග්‍රිමන්ට් සයින් කරලා තියෙන්නේ. ළඟදිත් මුත්තයියා මුරලිදරන්ගේ ෆිල්ම් එකක් ආවා. නමුත් ආණ්ඩුවට සපෝට් කරන්න මුරලිදරන් ප්‍රකාශයක් කළා කියලා ඉන්දියාවෙ ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවෙනවා. ඊට කලින් මම ටැමිල් ෆිල්ම් දෙකක් සහ මලයාලම් ෆිල්ම් දෙකකට අස්සන් කරලා තියෙනවා. නමුත් කොරෝනා නිසා ඒක යටගිහින් තියෙන්නෙ. මම හිතනවා ඉදිරි අවුරුදු 3 ඇතුළත මම මේ ක්ෂේත්‍රය ඇතුළේ යම් වෙනසක් කරයි කියලා. කොවිඩ් ප්‍රශ්නෙ නිසා ‘සුනාමි’, ‘ඇවිලෙන සුළුය’, ‘නිවුස් පේපර්’ කියන චිත්‍රපට තුනටම බලපෑම් එල්ල වුණා. ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?

මීටරේ පරතරය තියාගෙන ෆිල්ම් හෝල්වල වාඩිවෙන්න බෑ. ප්‍රේක්ෂකයො වැඩිවෙන තරමට තමයි ෆිල්ම් එක සාර්ථක වෙන්නේ සහ නිෂ්පාදකට යහපතක් වෙන්නේ.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

SendShareShare
Previous Post

එදා කොටියා කියලා බෙරිහන් දීපු එරික් සෝලිහයිම් රනිල් හමුවෙන්න අද ලංකාවට එයි!

Next Post

අනුරපුරේ යන අලුත් කෝච්චියට නගින්න බන්දුල හරියටම උදේ 9.20ට කොටුවට එයි! ‌කෝච්චිය ඇවිත් තියෙන්නේ පැය භාගයක් පරක්කු වෙලා! 1.42ට අනුරපුරේට යන්න තිබ්බත් ගිහින් තියෙන්නේ හවස 6.30ට! කඩාකප්පල්කාරී වැඩක්ද? යකා නැග්ග බන්දුල CIDයට පැමිණිලි කරන්න කියයි!

MORE NEWS

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News
Heart

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

Load More
වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

රඟපානවා නම් මෙන්න රඟපෑම්… කාලෙකට පස්සේ ලංකාවේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයෝ එක හුස්මට බලන, සුපිරිම රංගනයක් පුංචි තිරයෙන් දැකගන්න ලැබෙනවා. ඒ වෙන...

Read more
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.