• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරපුරේ යන අලුත් කෝච්චියට නගින්න බන්දුල හරියටම උදේ 9.20ට කොටුවට එයි! ‌කෝච්චිය ඇවිත් තියෙන්නේ පැය භාගයක් පරක්කු වෙලා! 1.42ට අනුරපුරේට යන්න තිබ්බත් ගිහින් තියෙන්නේ හවස 6.30ට! කඩාකප්පල්කාරී වැඩක්ද? යකා නැග්ග බන්දුල CIDයට පැමිණිලි කරන්න කියයි!

October 10, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අනුරපුරේ යන අලුත් කෝච්චියට නගින්න බන්දුල හරියටම උදේ 9.20ට කොටුවට එයි! ‌කෝච්චිය ඇවිත් තියෙන්නේ පැය භාගයක් පරක්කු වෙලා! 1.42ට අනුරපුරේට යන්න තිබ්බත් ගිහින් තියෙන්නේ හවස 6.30ට! කඩාකප්පල්කාරී වැඩක්ද? යකා නැග්ග බන්දුල CIDයට පැමිණිලි කරන්න කියයි!
Share on WhatsAppShare on Facebook

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුරය දක්වා පෙරේදා (8) සිට ධාවනය ආරම්භ කිරීමට නියමිතව තිබූ සුඛෝපභෝගී දුම්රියේ මංගල ගමන ප්‍රමාද කරන තැනට වැඩ කටයුතු සැලසීම ප්‍රමාදවීම පසුපස කඩාකප්පල් ක්‍රියාවක්දැයි සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (10) පැමිණිල්ලක් කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතාට උපදෙස් දී තිබේ.

අනුරාධපුර වන්දනාවේ යෙදෙන බැතිමතුන්ගේ පහසුව උදෙසා ආරම්භ කළ මෙම සුඛෝපභෝගී දුම්රිය ප්‍රමාද වීම සම්බන්ධයෙන් මේ වන විටත් අමාත්‍යාංශ මට්ටමෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් අරඹා ඇති අතර, ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිලි කරන ලෙස අමාත්‍යවරයා දැනුම් දී ඇත.

මෙම දුම්රිය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා උදෑසන 9.20ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට නියමිතව තිබුණි.

දුම්රිය ධාවනයට පෙර ඇමැතිවරයා පැමිණියත් දුම්රිය අදාළ වේදිකාවට නියමිත වේලාවට පැමිණ නැත.

අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කළ පරීක්ෂාවේදී පසුව හෙළිව ඇත්තේ පෑලියගොඩ කැලණි පාලම ආසන්නයේ සංඥා කේබල කපා දැමීම නිසා හට ගත් සංඥා ප්‍රමාදයක් හේතුවෙන් දුම්රිය පැමිණීම ප්‍රමාද වී ඇති බවයි.

වෙනත් ක්‍රමවේදයක් යොදා ගනිමින් සංඥා ලබා දීමෙන් අනතුරුව පැය භාගයක ප්‍රමාදයකින් පසු දුම්රිය අනුරාධපුරය බලා පිටත්ව ගොස් ඇතත් නැවතත් තඹුත්තේගම සෙනරත්ගම ප්‍රදේශයේදී උත්තර දුම්රිය පීලී පැන තිබීම නිසා එතැනින් ඉදිරියට ධාවනය කර ගත නොහැකි වී තිබේ.

අවසානයේදී බස් රථ යොදා ගනිමින් දුම්රිය මඟීන් අනුරාධපුරය බලා පිටත් කර යැවීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන ඇත.

උදෑසන 9.20ට කොළඹ කොටුවෙන් පිටත්ව සවස 1.42ට අනුරාධපුරය වෙත ළඟාවීමට සැලසුම් කර තිබුණ ද මංගල ගමනේදීම සවස 6.30 පමණ වන තෙක් ප්‍රමාද වීම පසුපස අදිසි හස්තයක් ඇතැයි යන සැකය මත අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අභ්‍යන්තර පරීක්ෂණයක් වහාම ආරම්භ කෙරිණි.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ආරම්භ කළ ඇල්ල ඔඩිසි සහ කැන්ඩි ඔඩිසි සුඛෝපභෝගී දුම්රිය සේවා අතිසාර්ථකව පවත්වාගෙන යන අතරතුරේ අනුරාධපුර දුම්රිය සේවයට එල්ල වූ බාධා කිසියම් සංවිධානාත්මක කණ්ඩායමකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි මතුව ඇති සැකය මත අමාත්‍යාංශ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතා අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතය.

SendShareShare
Previous Post

ධර්මරාජ් උඹ ගැන දුකයි මචං…

Next Post

නායක පදවි දැරීම බුදුන්ගේ ධර්මයද? දේවදත්තගේ ධර්මයද? ආනන්ද මෛත්‍රෙය නාහිමියන් එදා නායක පදවි දැරීම ගැන කියපු දේ…

MORE NEWS

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චි මහතා වහාම පක්ෂයෙන් ඉවත් කරන ලෙසට එම පක්ෂය ඇතුළෙන්ම නාමල්...

Read more
බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper