• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අමුතු තාලෙකින් මහපොළොව එක්ක ඔට්ටු අල්ලන අපේ කාලේ…

November 27, 2021
in Heart
Reading Time: 4 mins read
A A
අමුතු තාලෙකින් මහපොළොව එක්ක ඔට්ටු අල්ලන අපේ කාලේ…
Share on WhatsAppShare on Facebook

මෙගාද, ආර්ට්ද කියන එක අදාල නැහැ…
කලාව කියන්නෙ මගේ ජීවිතේ කොටසක්…
මට ගමත් එක්ක තියෙන්නෙ හැඟීම්බර වූ අභීතකාමී මතකයක්…

වර්තමානයේ රට තුළ ඇති වාතාවරණයත් එක්ක ටෙලිනාට්‍ය, සිනමා ක්‍ෂේත්‍රයේ නිෂ්පාදකවරුන් නිර්මාණ කරණයට යොමු වෙන්නේ ටිකක් ඇල් මැරුණු ගතියකින්. ඔය අතරේ තිබෙන අභියෝග ජය ගනිමින් ඒ සියල්ලටම මුහුණ දෙමින් අලුත් නිෂ්පාදන ආයතනයක් (Idea World Film Production) අලුත් තාලේ වැඩකට අතගහලා. චාරුක දිල්හාර අරණායක අධ්‍යක්‍ෂණය කරන කුළුඳුල් ටෙලි සිතුවම, ‘වෛතාලේ’ සමඟ වෙනස් ආරේ වෙනස් වැඩකට මුල පුරන්න මුදිත දිනේෂ් අපේ කාලේ සහ ප්‍රින්ස් මල්දෙණිය එක්ව ගත් උත්සාහය ගැන කතා කරන්න මුදිත දිනේෂ්ව මව්රට හාට් පිටු අතරට එකතු කරගත්තා…

මුදිත දැන් රඟපෑම අතහැර වෙනත් මාවතකට පියනඟන බව ආරංචියක් ආවා..?
මම රංගනයෙන් ඉවත් වෙලා නැහැ. Idea World Film Production ආයතනය මමත් ප්‍රින්ස් මල්දෙණිය මහතාත් ආරම්භ කරන්නෙ මීට වසර කිහිපයකට කලින්. අපි මෙම නිෂ්පාදන ආයතනය හරහා වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා ආදී නොයෙක් නිෂ්පාදන කටයුතු සිදුකළා. ඉතින් අප දෙදෙනාගේම අදහස වූයේ උසස් රසවින්දනයක් සඳහා ගුණාත්මක වූ ටෙලිනාට්‍යයන් නිෂ්පාදනය කිරීමට. ඉතින් අපි මීට පෙර උත්සාහ දැරුවත් රටේ පැවැති තත්ත්වය උඩ ටිකක් ප්‍රමාද කළා. ඉතින් මේ වෙද්දි රට හොඳ තත්ත්වයට හැරෙමින් තිබෙන නිසා කල් නොදමා අපි එය නිෂ්පාදනය කරන්නට පටන් ගත්තා.

අධ්‍යක්‍ෂවරයා ඇතුළු නිෂ්පාදන කණ්ඩායම තෝරා ගන්නෙ කොහොමද?
චාරුක කියන්නෙ මගේ සමීප මිත්‍රයෙක්. නමුත් අධ්‍යක්‍ෂණය සඳහා මා චාරුකව තෝරා ගත්තේ අපි දෙදෙනා අතර ඇති හිතවත්කම නිසා නෙවේ. හොඳ නිර්මාණයක් කිරීම සඳහා ඔහුට උනන්දුව ඇති බව මට පෙනෙන නිසා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා චාරුක ඔහුගෙ වගකීම අකුරටම කරයි කියා. ඒ වගේම මෙහි තිර පිටපත සුනෙත් වර්ණසූරියගේ. ඉතින් අපිත් එක්ක දක්ෂයෝ පිරිසක් ගොඩවෙලා ඉන්නවා. ඉදිරියේදී සුන්දර නිර්මාණයක් බලාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

‘වෛතාලේ’ එක්ක එකතුවෙන රංගන ශිල්පීන් ගැන කතා කළොත්?
දිලිනි ලක්මාලි, චානුක ප්‍රබුද්ධ, ආනන්ද කුමාර උන්නැහේ, මල්කාන්ති ජයසිංහ, නෙතලි නානායක්කාර, සංජය මොරමුදලි, බට්ටි මනෝහරි, රංගි රාජපක්‍ෂ, ගාමිණී ජයලත්, රූපා පතිරණ, කීර්ති රත්නායක, ගාමිණී ජයරත්න සහ චින්තක වාස් වැනි ජනප්‍රිය හා ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මෙම නිර්මාණයට දායක වෙනවා.

‘වෛතාලේ’ ටෙලිනාට්‍ය තුළින් ඔබ සමාජයට ලබා දීමට උත්සාහ කරන්නේ මොකක්ද?
‘වෛතාලේ’ කියන්නෙ මගෙත්, චාරුකගෙත් කතා සංකල්පයක්. මෙහි කතා වස්තුව ගොඩනැඟීමේදී එයට පාදක කරගත්තේ මහපොළොව සමග ඔට්ටු වෙමින් දහදිය, කඳුළු වගුරුවමින් ජීවත් වන අහිංසක ගැමියාගේ අපි නොදකින ජීවන කතාවයි. මම ගමින් කොළඹට ආපු කෙනෙක් නිසා මට ගමත් එක්ක තියෙන්නෙ හැඟීම්බර වූ අභීතකාමී මතකයන්. ඉතින් මේ නිර්මාණයෙන් මා උත්සාහ කරනවා අපිට මගහැරුණු ගම යළි කරළියට ගේන්නට.

සල්ලි හොයන්න නම් කරන්න ඕනේ මෙගා කියලානේ කතාව තියෙන්නේ. හැබැයි ඔබේ උත්සාහයේ වෙනසක් තියෙනවා?
කලාව කියන්නෙ මගේ ජීවිතේ කොටසක්. අදටත් මේ ක්‍ෂේත්‍රය තුළ මා ජීවත් වන්නේම කලාවට ආදරය නිසා. ජනතාව ගොනාට ඇන්දවීම වෙනුවට උසස් රසවින්දනයක් දෙන්න පුළුවන් නම් එය වටිනවා. නාට්‍යයක් තුළ මෙගාද, ආර්ට්ද කියන එක අදාළ නැහැ. ඇත්තටම අපේ අරමුණ උසස් රස වින්දනයකින් යුත් නිර්මාණයක් බිහිකිරීම.

මුදිත ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන අතරතුරම රඟපාන්නත් අදහසක් නැද්ද?
මට ගැළපෙන චරිතයක් තිබුණොත් මම රංගනයෙන් සම්බන්ධ වෙනවා.

ඔබගේ ඉදිරි සැලසුම් මොනවද?
‘වෛතාලේ’ ටෙලිනාට්‍ය ඉතා ඉක්මනින් වැඩකටයුතු ඉවර කරලා පුළුවන් තරම් ඉක්මනින් එය ප්‍රේක්‍ෂකයන් වෙත ගෙන ඒම තමා මේ මොහොතේ ලොකුම බලාපොරොත්තුව. අනාගතයේදී චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමටත් බලාපොරොත්තුවෙන් සිටිනවා.

ඔබ සිතනවාද සිනමාවට අත තැබීමට මේ සුදුසු කාලයක් කියලා?
ඒ ප්‍රශ්නය තුළ තමයි අපි නිෂ්පාදන ආයතනයක් විදියට තාම ඉන්නෙ. මොකද මේ මොහොත වෙද්දිත් ලංකාවේ සිනමා ශාලා අතළොස්සයි බේරිලා තියෙන්නෙ. අපි චිත්‍රපටයක් නිර්මාණය කරපු දවසට ඒක පෙන්නන්න මේ යන විදියට ගියොත් සිනමා ශාලා ඉතුරු වෙයි කියලා බයක් තියෙනවා. නිර්මාණයක් කරල ඒක ගෙදර තියාගෙන ඉඳලා වැඩක් නෑනේ.

ඔබ හැදෑරීමක් ඇතිවද මේ ගමනට සූදානම් වුණේ?
ඔව්… ඇත්තටම හැදෑරීමක් නොමැතිව එන කිසිම ගමනක් සාර්ථක නැහැ. මම මහේන්ද්‍ර පෙරේරා මහතා යටතේ රංගනය පිළිබඳව හැදෑරුවා. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයෙත් ජනමාධ්‍ය පිළිබඳ උපාධියක් හැදෑරුවා. ඒ වගේම වසර 10ක කාලයක් තුළ ප්‍රායෝගිකව මේ ක්‍ෂේත්‍රයේ වෘත්තීය තුළ නියැළෙමින් බොහෝ ප්‍රායෝගික හැදෑරීම් ගණනාවක් කළා.

ඔබ ඒ ගත් දැනුම් සම්භාරය මතු පරපුරට බෙදා දීමට සූදානම්ද?
ඇත්තටම ඔව්… එය මම දැනටත් සිදුකරනවා. උසස් පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යාපනය හදාරන සිසුන්ට න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගිකවත් සන්නිවේදන ක්‍ෂේත්‍රය ඔවුන්ට ළෙන්ගතු කරමින් උසස් මාධ්‍ය සාක්‍ෂරතාවයක් ඇති ශිෂ්‍ය පරම්පරාවක් බිහිකිරීම වෙනුවෙන් මගේ කාලය හා ශ්‍රමය කැප කරනවා.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ටින්කරින් ලසන්ත‌ගේ සිද්ධියට STF එකේ නම ගාවපු නීතීඥවරයා! (VIDEO)

Next Post

උතුරුමැද සිසුන් 1000කට-ගුරුවරු 100කට කොරෝනා!

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.