• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කලාව දැන් බිස්නස් එකක් වෙලා…! මගේ දුව තමයි හොඳම ප්‍රේක්ෂකයා…! ඇතිවෙන්න බැණුම් ඇහුවා…! ලක්ෂිකා ෆොන්සේකා I Sri Lanka Latest News

January 25, 2026
in Heart
Reading Time: 2 mins read
A A
කලාව දැන් බිස්නස් එකක් වෙලා…! මගේ දුව තමයි හොඳම ප්‍රේක්ෂකයා…! ඇතිවෙන්න බැණුම් ඇහුවා…! ලක්ෂිකා ෆොන්සේකා I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

“මේඝා“ ටෙලි නිර්මාණය හරහා “වසූදා“ ලෙසින් අපේ හදවත්වල මතකයන් එක් කළ ඇය, අද රංගනයෙන් මඳක් දුරස් වුවද, අදටත් අපට අමතක නැත. කලාවෙන් ටික කලක් නිහඬවී සිය දියණිය සමග නව ජීවන මඟක් තැනූ ඇය, අද දක්ෂ ව්‍යාපාරිකාවකි. ඇය රංගනයට සමුදුන්නාද? නැතිනම් මේ නිහඬ බව තවත් නැවත පැමිණීමක පෙරනිමිත්තක්ද? නැත්නම් ඒ හුදෙක් අතීතයක මතකයක්ද? ඒ සියල්ල ගැන සොඳුරු ලෙස දොඩමලු වන්නට ලක්ෂිකා ෆොන්සේකා ‘මව්රට හාට්‘ ආලින්දයට ගොඩවැදුණේ මෙලෙසිනි.Sri Lanka Latest News

ලක්ෂිකා, මේ දවස්වල රංගනයෙන් ඈත්වෙලා දුවත් එක්ක අලුත් වෘත්තියක නිරත වෙනවා නේද?
ඔව්, මේ දවස්වල දුවගේ ඇඳුම් නිර්මාණ ව්‍යාපාරයේ වැඩකටයුතුවලට උදවු වෙනවා. “හස්ත බයි නෙතු“ කියන සන්නාමය යටතේ තමයි ඇය ඒ වැඩ කරන්නේ. දුවට නිර්මාණ කටයුතුවලට කාලය මදි නිසා මම තමයි ව්‍යාපාරික පැත්ත කළමනාකරණය කරන්නේ. ඉදිරියේදී විවාහ මංගල්‍ය උත්සව කාලය එන නිසා ඒ සඳහා අවශ්‍ය ඇඳුම් නිර්මාණය කිරීමේ වැඩකටයුතුවලට දැන් වැඩිපුර කාලය යොමුකරනවා.
ව්‍යාපාරික කටයුතු නිසා මේ දවස්වල ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙන්නේ නැද්ද?
ඇත්තටම මේ දවස්වල අලුතින් වැඩක් භාරගෙන නැහැ. හොඳ නිර්මාණයක් ලැබෙනකම් බලාගෙන ඉන්නවා.
ඔබ රංගනයෙන් මඳකට විරාමයක් ගන්න කලින් අවසන් වරට දායක වුණු නිර්මාණ මොනවාද?
මම අවසන් වරට රංගනයෙන් දායක වුණේ “ජානු“, “ආලවන්තී“ සහ “රට පවුල“ යන ටෙලි නාට්‍යවලටයි.
කලාවෙන් ඈත්ව සිටින විට ඔබ ආසාවෙන් රඟපෑ චරිත මතක් වෙන්නේ නැද්ද?
මතක් වෙනවා. විශේෂයෙන්ම “ආලවන්තී“ ටෙලි නාට්‍යයේ මට කරන්න දෙයක් තිබුණු චරිතයක් ලැබුණා. සරත් කොතලාවල අයියා සමඟ එහි රඟපෑවා. ඊට අමතරව මම වඩාත්ම ආදරය කරන චරිතයක් තමයි “කනේරු“ නාට්‍යයේ “ශාන්ති“ගේ චරිතය. ඇය ඇමැතිවරයකුගේ බිරිඳක් වුණත් හරිම පීඩනයකින් ජීවත් වුණු කාන්තාවක්. ඒ වගේම මාව ප්‍රේක්ෂකයන් අතරට රැගෙන ගිය “ඉර හඳ යට“ නාට්‍යයේ “දම්මි“ ගේ චරිතයට මම අදටත් හරිම ආසයි. එදාට වඩා අද මට රංගනය ගැන අත්දැකීම් තිබෙනවා. ඒ කාලේ මම ක්ෂේත්‍රයට අලුත්. දැන් හිතෙනවා ඒ චරිත තව ගොඩක් හොඳට කරන්න තිබුණා කියලා.
ඒ දවස්වල ලැබුණු ප්‍රතිචාර මතක් කළොත්?
“ඉර හඳ යට“, “වසූදා“, “චාතුර්යා“ සහ “කනේරු“ වැනි නාට්‍යවලට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. ප්‍රේක්ෂකයන් අදටත් ඒ චරිත මතකයේ තබාගෙන සිටීම ලොකු සතුටක්.
බැණුම් අහපු චරිතත් තියෙන්න ඇති?
අම්මෝ ඔව්! වැඩිපුරම බැණුම් ඇහුවේ “වසූදා“ නාට්‍යයේ රඟපාපු චරිතයට. ඒක නපුරු චරිතයක්නේ. පාරේ යනකොට මිනිස්සු බණිනවා “ඇයි ඔයා ඔය වගේ නරක වැඩ කරන්නේ?“ කියලා. සමහර අය කියලා තිබුණා “අපේ ගෙවල් පැත්තේ එන්න එපා, නැන්දම්මා ගහන්න බලාගෙන ඉන්නවා“ කියලා. මෙගා රැල්ලේ නාට්‍යයක් වුණත් ඒ චරිතය මිනිස්සුන්ට ඒ තරම් දැනුණු එක ගැන නිළියක් විදිහට මට සතුටුයි.
වර්තමාන කලාව ගැන මොකද හිතෙන්නේ?
දැන් තාක්ෂණය දියුණු වුණාට නිර්මාණවල ගුණාත්මකභාවය පිළිබඳ තෘප්තිමත් වෙන්න අමාරුයි. කලාව දැන් බිස්නස් එකක් වෙලා. අපේ කාලයේ කලාවට තිබුණු ඒ ගෞරවය සහ කැපවීම අද අඩුයි. ඉස්සර මාලනී අක්කලා වගේ අය වෙනත් කිසිම වෘත්තියක් නොකර රංගනය වෙනුවෙන්ම ජීවිතය කැප කළා. නමුත් අද රංගනයෙන් විතරක් ජීවත් වෙන්න අමාරු නිසා හැමෝම තව ව්‍යාපාරයක් කරනවා. කොටස් දහස් ගණන් ඇදෙන මෙගා නාට්‍යවලට වඩා ගුණාත්මක කෙටි නාට්‍ය බිහි වෙනවා නම් මම කැමැතියි.
“වසූදා“ වැනි මෙගා නාට්‍යයකින් ජනප්‍රිය වුණු ඔබම දැන් මෙගා නාට්‍ය එපා කියන්නේ ඇයි?
ඒක නතර කළ යුතුයි කියලා මම කියන්නේ ප්‍රේක්ෂකයන්ට ඒක එපා වෙන නිසයි. සමහර නාට්‍ය ජනප්‍රිය වෙද්දී අනවශ්‍ය ලෙස චරිත ඇතුළත් කරලා කතාව ඇදගෙන යනවා. එතකොට නිර්මාණයේ වටිනාකම නැති වෙනවා. නාට්‍යයක් එපා වෙන්න කලින් නතර කරන එකයි වටින්නේ. උදාහරණයක් විදිහට “ඉර හඳ යට“ නාට්‍යය කොටස් විසි ගණනයි ඒක අදටත් ජනප්‍රියයි.
ඔබ රංගනයෙන් ඈත් වුණේ දියණිය වෙනුවෙන්ද?
ඔව්, දුව ලැබෙන්න ඉන්නකොට මම රඟපාන්නේ නැහැ කියලා තීරණය කළා. පසුව දුවට අවුරුදු දෙක හමාරේදී “චාතුර්යා“ නාට්‍යයට සම්බන්ධ වුණේ බලවත් ඉල්ලීමක් නිසයි. ඉන්පසු ඇගේ අධ්‍යාපන කටයුතු නිසා මම නිර්මාණවලින් ඈත් වුණා. ඇය විශ්වවිද්‍යාලයේ ෆැෂන් ඩිසයිනින් හදාරද්දී මට ඇගේ වැඩවලට උදවු වෙන්න තිබුණා. දැන් ඇය උපාධිය අවසන් කරලා තමන්ගේම ව්‍යාපාරයක් කරනවා. මම දැන් වැඩිපුර කාලය ඇය වෙනුවෙන් කැප කරනවා.
ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් රංගනයට එනවාද?
ඔව්, හොඳ නිර්මාණයක් ලැබුණොත් සම්බන්ධ වෙනවා. හැබැයි දුවගේ විවාහයෙන් පස්සේ මම මේ හැම දේකින්ම සමුගන්න හිතාගෙන ඉන්නේ. දුව නම් ඒකට කැමැති නැහැ. එයා මම රඟපානවාට, සින්දු කියනවාට හරි කැමැතියි. මම ටී.වී වැඩසටහනකට යනවා නම් ඇඳුමේ ඉඳලා කරාබුව වෙනකම් හැමදේම ලෑස්ති කරලා දෙන්නේ එයා. ඇය තමයි මගේ හොඳම ප්‍රේක්ෂකයා. ඒත් මට දැන් ටිකක් විවේක ගන්න ඕනේ කියන හැඟීම තියෙනවා.
විවාහ වෙන්නෙත් නැතුව රංගනයට කැපවුණු අය හිටියා.

ඉන්දු ජයවර්ධන

SendShareShare
Previous Post

අසභ්‍ය වෙබ් අඩවිය මොඩියුලයට දැම්මෙ අපිද? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැත්තුවේ අපිද ජනාධිපතිවරයාද? කෝ උත්තර? අධ්‍යාපන විශේෂඥයන් විපක්ෂනායක කාර්යාලයේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ඉන්දියාව එක්ක බෑ! බංග්ලාදේශය T20 ලෝක කුසලානයෙන් අයින් වෙයි! ස්කොට්ලන්තය ඇතුළට එයි!  I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.