• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඉතාලියේ ඉඳන් ලංකාවට ඇවිත් වැඩ පෙන්වන අරඹේගෙදර…

December 8, 2021
in Heart
Reading Time: 4 mins read
A A
ඉතාලියේ ඉඳන් ලංකාවට ඇවිත් වැඩ පෙන්වන අරඹේගෙදර…
Share on WhatsAppShare on Facebook

ඉතාලියේ අය මම රඟපානවා කියලා දැනගත්තේ සිඳු නාට්‍යයෙන්…

වර්තමානයේ කලා ක්‍ෂේත්‍රයේ ශිල්පීන් කිහිප දෙනෙකු රට හැර යෑමට සූදානම් වෙන මොහොතක ඉතාලියේ ඉඳලා ලංකාවට ඇවිත් රඟපාන්න සිහින දකින රංගන ශිල්පියෙක් අපට හමුවුණා. ඔහු අශෝක අරඹේගෙදර. මේ වන විටත් ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක වී ඇති ඔහුගේ කලා දිවිය ගැන අපි මෙලෙස සටහන් කළා.

ඉතාලියට යන්නද මේ දවස්වල අශෝකගේ සූදානම..?
ඔව්… මම ලංකාවට ඇවිත් මාසයක් විතර වෙනවා. මේ මාසේ නැවැත ඉතාලියට යනවා රාජකාරි කටයුතු සඳහා.

ලංකාවට පැමිණියාට පසු ඔබට නිර්මාණ සඳහා සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණද?
ඔව්… ‘නීල පබළු’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා. මේ දවස්වල එහි රූගත කිරීම් සඳහා සම්බන්ධ වෙලා තමයි ඉන්නේ. තව රූපවාහිනී වැඩසටහන් කිහිපයකට සම්බන්ධ වීමට ආරාධනා ලැබුණා. ඒත් මට ඒ වැඩසටහන් සඳහා සම්බන්ධ වීමට ලොකු කාලයක් ඉන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ.

කොච්චර කාලයක් ඉඳන්ද ඉතාලියේ ඉන්නේ..?
මම අවුරුදු විස්සක් විතර වෙනවා විදේශගත වෙලා. ඔය අතර ඉතින් අවුරුද්දට සැරයක් විතර ඇවිත් නිර්මාණ සඳහා සම්බන්ධ වෙනවා.

දේවකාරියට වඩා රාජකාරිය උතුම් කියනවානේ. ඉතින් ඔබ මුලින්ම තෝරාගත්තේ කලාවද, එහෙමත් නැතිනම් රාජකාරියද?
මම පොඩි කාලේ ඉඳලා කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධ වීමට ආශාවක් තිබුණා. ඒත් මොනදේ කරන්නත් ආර්ථිකය හදාගන්න ඕනෑ කියලා මම හිතුවා. ඒ නිසාම තමයි මම විදේශගත වෙන්න හිතුවේ. මම දැන් ආර්ථික පැත්තෙන් ශක්තිමත්. දැන් ඉතින් හොඳ නිර්මාණ සඳහා යොමුවෙනවා හෙමිහිට.

අශෝක මුලින්ම සම්බන්ධ වුණු නිර්මාණය ගැන පැවැසුවොත්?
‘ස්වර්ණවාහිනී’ වැඩසටහන් අධ්‍යක්‍ෂ ජයන්ත අතපත්තු තමයි මාව ජනක සම්පත් මහතාට හඳුන්වා දුන්නේ. ඒ හරහා මම මුලින්ම රඟපෑවේ 2019 විතර ‘ක්වීන්’ ටෙලිනාට්‍යයේ ‘ප්‍රොෆෙසර්’ කෙනෙක්ගේ චරිතයක්. නිර්මාණවලින් ආරාධනා එනවා. ඒත් මම වැඩි කාලයක් ලංකාවේ ඇවිත් ඉන්නේ නැති නිසා සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද නිර්මාණය අතරමග දාලා යන්න මම කැමැති නැහැ.

ඔබව ගොඩදෙනෙක් දැනහඳුනන්නේ ‘සිඳූ’ ටෙලිනාට්‍ය හරහා නේද?
ඔව්… මම රඟපාපු ‘වාසල’ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ‘සිඳූ’ ටෙලිනාට්‍යය ගොඩදෙනෙක් නරඹන නිසා ඉතාලියේ ප්‍රේක්‍ෂකයන් පවා මම රඟපාන බව දැනගත්තේ ‘සිඳූ’ හරහා.

ඔබ රංගනයට වගේම ගායකයෙකු ලෙසත් ගීත කිහිපයක් කර තිබෙනවා නේද?
‘ඔබේ සුවඳ’ තමයි මගේ පළමු ගීතය. ඉන්පසු තබා ගිහින්, මෙතරම් ආදරේ, මගේ හිත හදන කෙනෙක් ඇතුළු ගීත කිහිපයක් මම ගායනා කළා.

විදේශීය ප්‍රසංග සඳහා ඔබට ලැබෙන ඉල්ලුම කොයි වගේද?
ඉතාලියේ පේනොවා නගරයේ ප්‍රසංග කටයුතු සඳහා මම අනිවාර්යයෙන් ගීත ගායනා කරනවා. එයට අමතරව ලංකාවේදී සීදුවේ සකුරා, සනිධප සංගීත ප්‍රසංගවල මම ගීත ගායනා කරලා තියෙනවා.

ඔබ වඩාත්ම කැමැති රංගනයටද ගායනයටද?
රංගනයට වගේම ගායනය පැත්තටත් මම කැමැතියි. මගේ දක්‍ෂතාවය පෙන්නන්න පුළුවන් කොතැනද මම ඒ හැම පැත්තෙන්ම ඉදිරියට යන්න කැමැතියි.

ඔබ දැන් ආර්ථිකය අතින් සවිමත් කිව්වනේ. එයින් කලාවට යමක් කරන්න අදහසක් නැද්ද?
මගේ බලාපොරොත්තුවක් තියෙනවා ගුණාත්මක ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කිරීමට. මම මේ දවස්වල ඒ සඳහා හොඳ නිර්මාණ පිටපතක් සොයමින් තමයි ඉන්නේ. බොහෝ දුරට ලබන වසරේ මම මේ ක්‍ෂේත්‍රයට නිෂ්පාදන පැත්තෙනුත් සම්බන්ධ වෙයි.

එතෙර ඉඳලා මෙරට දක්‍ෂතාවයන් පෙන්නන්නට ඔබට ශක්තියක් වුණු පිරිසකුත් ඇති..?
සඳුන් රාජකරුණා, ජනක සම්පත්, සුරංග සෙනෙවිරත්න, තිළිණ බොරලැස්ස, ප්‍රදීප් මානවඩුගේ, සුපුන් රත්නායක, ඒ වගේම ‘මව්රට – හාට්’ ජාතික පුවත්පතටත් විශේෂ ස්තුතියක් පුද කරනවා අපි වගේ අයව මේ විදියටහරි රටට හඳුන්වා දෙන එකට.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

සතුන්ට හිංසා කරන-පරිසරය විනාස කරන-කැලය කපන අයට දැඩි නීති! සියල්ල පාලනයට අලුත්ම අමාත්‍යංශයක්! සජිත්ගේ පරිසර ප්‍රතිපත්තිය එළියට දායි! (VIDEO)

Next Post

පොහොට්ටුව-සජබෙ-ජවිපෙ-ටී.එන්.ඒ එක වැඩකට එකට වාඩිවෙන්න හදයි! (VIDEO)

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.