• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිගරට් බොන්නෙ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියන එක මට අදාළ නෑ

July 18, 2020
in Heart
Reading Time: 1 min read
A A
සිගරට් බොන්නෙ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියන එක මට අදාළ නෑ
Share on WhatsAppShare on Facebook

පිටිපස්සෙ මරණයක් තියන්, ඉස්සරහ ආදරයක් එක්ක ඇවිළි ඇවිළි යන ‘ඇවිලෙනසුලුයි’ ෆිල්ම් එක මේ දිනවල ලංකාව පුරා තිරගත වෙනවා. කොරෝනා අර්බුදයෙන් පස්සෙ මුලින්ම ෆිලිම් හෝල්වලට එන ‘ඇවිලෙසනසුලුයි’ අවුළුවන්න ගත්ත උත්සාහය ගැන එහි ප්‍රධාන චරිතය වන සමනලී ෆොන්සේකා අපි සමඟ කතා කළා.
වෙනස්ම වැඩකට අතගැහුව නේද?
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ චින්තන ධර්මදාස. ඔහුත් සමඟ මම කලින් වැඩ කීපයක් කරල තිබුණ. හැඳුනුම්කම, යාළුකම මත ඔහු මට කිව්ව ෆිල්ම් එකක් තියෙනව කරමු කියල. ඊට පස්සෙ මේ ගැන ගොඩක් කතාබහ කරද්දි මට තේරුණා මේක වෙනස්ම වැඩක් කියල. එහෙම වැඩකට සම්බන්ධ වෙන්න මට තිබුණ ආසාවත් එක්ක තමයි මම මේ වැඬේට කැමැති වෙන්නෙ.
ඔබ කලින් රඟපෑ චරිතත් එක්ක මේ චරිතය හාත්පසින්ම වෙනස්?
මීට කලින් මම කරපු හැම වැඩකම මුල, මැද, අග එකිනෙකට සම්බන්ධ කතාවක් තිබුණ චිත්‍රපට තමයි කරල තිබුණෙ. හැබැයි මේ චිත්‍රපටයෙ මම කරන චරිතය එකපාරට අහසින් කඩන් පාත්වුණ චරිතයක් වගේ එකක්. මේ චරිතයට කිසිම ඉතිහාසයක් නෑ, අනාගතයක් නෑ. එක මොහොතක් විතරයි ඒ චරිතයට අහුවෙලා තිබුණෙ. ඉතින් එහෙම චරිතයක් චිත්‍රපටය තුළ ඉදිරියට අරගෙන යන්නෙ කොහොමද කියන කාරණය ගැන මට ලොකු අභියෝගයක් තිබුණ. අධ්‍යක්ෂවරයත් එක්ක මේ පිළිබඳ සෑහෙන්න කතා කරල තමයි චරිතය සාර්ථකව කරන්න පුළුවන් වුණේ.
චිත්‍රපටයෙ රූගත කිරීම් පවා සිදුවෙන්නෙ වෙනස්ම ආකාරයකට?
ඔව්. මේ ෆිල්ම් එක ‘රෝඞ් ත්‍රිලර්’ කියන වර්ගීකරණයට අයත් ෆිල්ම් එකක්. අපි මේ ෆිලිම් එක ෂූට් කළේ හම්බන්තොට. ඒ කාලය ඉතාමත් කර්කශයි. මේකෙ ගොඩක් තියෙන්නෙ පරන කාර් එකක් ඇතුළෙ කරපු ෂූට් එකක්. කැමරාව කාර් එකට හයි කරල අධ්‍යක්ෂවරයවත්, කැමරා අධ්‍යක්ෂවරයවත් නැතුව අපි දෙන්නටම තමයි මේ වැඬේ ගොඩදාන්න වුණේ. එක සීන් එකක් වැරදුණොත් කාර් එක ආයි මුල් තැනටම අරන් ඇවිත් ආයි මුල ඉඳලම ෂූට් කරන්න වුණා. හම්බන්තොට කැලෑවක් ඇතුළෙ රෑ ෂූට් කරනකොට අලිගෙන් පවා කරදර වුණා. ඒ වගේ ලොකු අපහසුතා ටිකක් එකක් තමයි මේ වැඬේ කරන්න වුණේ.
අනෙක් ප්‍රධාන චරිතය රඟපාන ශ්‍යාම් ප්‍රනාන්දු සමඟ ඔබ චරිතය ගොඩනගාගත්තේ කොහොමද?
ශ්‍යාම් කියන්නෙ වෘත්තීමය රංගන ශිල්පියෙක් සහ ඉතාම හොඳ මනුස්සයෙක්. වැඩක් කරද්දි එයා ඉතාමත්ම හොඳ සගයෙක්. අපි මීට පෙර ‘ප්‍රේමය නම්’ චිත්‍රපටය ඇතුළුව වැඩ කීපයක් කරල තියෙනව. ඉතින් අපි අතර කලින් වැඩත් එක්ක හොඳ අවබෝධයක් තිබුණ කොහොමද වැඩ කරන්න ඕනෙ කියල. ඔහුගෙ තිබුණ අත්දැකීමුත් එක්ක අපි සාකච්ඡා කරල තමයි අපේ චරිත ගොඩනගාගත්තෙ. ඉතින් මගේ චරිතය සාර්ථකව කරගෙන යන්න ඔහුගෙන් ලැබුණෙ විශාල සහයෝගයක්.
චිත්‍රපටයෙදි ඔබ දුම්වැටි පාවිච්ච කරන දර්ශන සඳහා පෙනී ඉන්නව?
ඔව්. මම රඟපාන්නෙ චරිතයක්. ඒ චරිතයට එහෙම දෙයක් අවශ්‍ය නම් මම අනිවාර්යයෙන් නිළියක් වශයෙන් ඒ දේ ලබාදෙන්න ඕනෙ. එතැනදි ගෑනියෙක්ද සිගරට් බොන්නෙ, පිරිමියෙක්ද සිගරට් බොන්නෙ කියන කාරණය මට වැදගත් නෑ. කවුරුවත් පිරිමියෙක් සිගරට් බිව්වට ඔය ප්‍රශ්නය අහන්නෙ නෑ. කාන්තාවක් සිගරට් එකක් බීම තමයි මෙතැන ප්‍රශ්නය වෙලා තියෙන්නෙ. අපි හිතන්න ඕන ඇයි ඕක ගැහැනිය කියන තැනට ලඝු කරල තියෙන්නෙ කියල.
මේ චිත්‍රපය ‘වැඩිහිටියන්ට පමණයි’ කියල ලේබල් වෙන්නෙ කොහොමද?
ඇත්තටම ඒක කොච්චර සාධාරණ තීරණයක්ද කියල මටත් හිතාගන්න බෑ. මොකද මේ චිත්‍රපටයෙ වැඩිහිටියන්ට පමණක් සුදුසුයි කියල කියන්න තරම් කිසිම දෙයක් නෑ. මේක නිර්මාණකරුවන්ට කරන ලොකු අසාධාරණයක්. මේකෙන් වෙන්නෙ මේ වගේ නිර්මාණ කරන්න ඔවුන් අධෛර්යමත් වෙන එක.
චින්තන යටතේ වැඩකරන්න ලැබීම ඔබට කොහොමද දැනුණෙ?
චින්තන යාළුවෙක් විදිහටත්, අධ්‍යක්ෂවරයෙක් විදිහටත් ඉතාමත් නිවිච්චි පුද්ගලයෙක්. ඔහුගේ නිර්මාණ ඇතුළෙ මට රංගන ශිල්පිනියක් විදිහට රැඳෙන්න තියෙන අවකාශය ඉතාමත් වැඩියි. අනිත් එක ඔහු ධනාත්මකව තමයි හැමදේම දිහා බලන්නෙ. ඒක අපිටත් වැඬේ කරගෙන යන්න ලොකු උදව්වක් වුණා. අපේ අදහසුත් එක හා සමාන නිසා කතාබහ කරල හොඳ අවබෝධයකින් වැඬේ කරගෙන යන්න පුළුවන් වුණා.
කොරෝනාවලින් පස්සෙ මුලින්ම තිරගතවන්නෙ ‘ඇවිලෙනසුලුයි’ ෆිල්ම් එක. නිළියක් විදිහට ඔබේ චරිතයත් චිත්‍රපටයත් ජනතාව අතරට නොයයි කියල බයක් හිතුණෙ නැද්ද?
ගොඩක් අය චිත්‍රපට තිරගත කරන්න පැකිලුණු වෙලාවක අපි තීරණයක් ගත්ත ෆිල්ම් එක පෙන්වනව කියල. අපි හිතුව අපි මේ අභියෝගය භාරගෙන කොහොම හරි ෆිල්ම් එක මිනිස්සු අතරට ගෙනියනව කියල. ඒත් එක්කම අපේ සහෝදර ශිල්පීන් දෙන්නෙක්ගේ ෆිල්ම් එකක් වන ‘නිවුස් පේපර්ස්’ ෆිලිම් එකත් හෝල්වලට ආව. එතැනදි වෙන අභාග්‍යසම්පන්න සිදුවීම වෙන්නෙ ඒ ෆිල්ම් එක නිෂ්පාදනය කරන බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා මේක එතුමගෙ දේශපාලන ප්‍රොජෙක්ට් එකට යොදාගන්න එක. එතුම එතකොට රජයේ මාධ්‍ය ප්‍රකාශක. එතුමා මාධ්‍යයට ඇවිල්ල කියන හැම වෙලාවකම කියන්නෙ ජූලි 02 ‘නිවුස් පේපෙර්ස්’ ෆිලිම් එකත් එක්ක තමයි ෆිල්ම් හෝල් අරින්නෙ කියල. ඒ වෙනකොට ජුනි 27 ඉඳන් අපේ ෆිල්ම් එක තිරගත වෙනවා. අපිට කිසිදු රාජ්‍ය මාධ්‍යයක ෆිල්ම් එක ගැන කතා කරන්න ඉඩක් ලැබෙන්නෙ නෑ. මං හිතන්නෙ නිර්මාණකරුවො හැටියට මාධ්‍යයෙන් ලබාදෙන ඉඩ අපි හැමෝටම එක හා සමානව ලැබෙන්න ඕනෙ කියල. අපිව අගයන්න ඕනෙ අවස්ථාවක අපිට ඒ වගේ ප්‍රශ්නවලට මුහුණදෙන්න සිදුවීම නිර්මාණකරුවන් විදිහට ඇත්තටම ලොකු දුකක්.
‘ඇවිලෙනසුලුයි’වලට ලැබෙන ප්‍රතිචාර මොනවගේද?
ඇත්තම ඉතාමත්ම හොඳ ප්‍රතිචාර ලැබෙනව මේ වෙනකොට. අපි හිතන්නෙ නැති පිරිස් පවා මේ වෙලාවෙ චිත්‍රපට ශාලාවට ගිහිල්ල අපේ ෆිල්ම් එක බලල අපිට ප්‍රතිචාර පවා දක්වල තිබුණ. ඇත්තටම මම ගොඩක් සතුටු වෙනව මට ලැබෙන ප්‍රතිචාර ගැන.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

ජන්ද ගැසට් එක ගහයි

Next Post

ප්‍රේමදාසගේ 2500යි සජිත්ගේ 20000යි (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.Sri Lanka Latest News පොලීසිය පැවසුවේ, අද (22) අලුයම මෝටර්රථයකින් පැමිණි පිරිසක්...

Read more
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.