• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

විවාහ වෙන්න මම දැන් බයයි ! අවුරුදු 14ක් ඉවර වුණා මගේ ජීවිතේ ! අපි හරිම යුනික්…! රයිනි චාරුකා ! Sri Lanka Latest News

October 26, 2025
in Heart
Reading Time: 2 mins read
A A
විවාහ වෙන්න මම දැන් බයයි ! අවුරුදු 14ක් ඉවර වුණා මගේ ජීවිතේ ! අපි හරිම යුනික්…! රයිනි චාරුකා !  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගායන තාරකා ද්විත්වයක මාපිය පහස ලබමින් ගායන ක්ෂේත්‍රයට පියනැඟූ ඇය තමන්ටම ආවේණික වුණු හඬ පෞරුෂය භාවිත කරමින් රසික සිත් වසඟයට ගත් ඈ වෙනස් ශෛලීන්වල ගීත ගායනා කරමින් ලාංකේය ගීත කලාවට නව ආරක් මුසුකිරීමට සමත් වූවාය. ඇගේ ඉදිරි ගමන ගැන කතාකරන්න ‘හාට්’ එකට රයිනි චාරුකා ගොඩවැදුණේ මේ විදිහට.Sri Lanka Latest News

රයිනි කොහොමද මේ දවස්වල ජීවිතේ?
මේ දවස්වල පොඩි පොඩි වෙනස්කම් ගොඩක් වුණා. මට නම් ලොකු දේවල් ඒවා. ගෙවල් මාරු කළා. මේ අවුරුද්දේ ලොකුම වෙනස්කම තමයි මගේ Bussiness එක. Rising voices and drawing academy (R & D). මේකෙදි vocal students බලාගන්න එක speech කරවන එක ඒගොල්ලොන්ගෙ දක්ෂතාව පෙන්නන එක තමයි සිදුකරන්නේ. ඊට අමතරව සාමාන්‍ය විදිහට ජීවිතය ගතකරනවා.
රයිනි ජනප්‍රිය ගායිකාවක් වෙන්නේ අම්මගේ තාත්තාගේ ප්‍රසිද්ධිය නිසාද? නැත්නම් ඔබේ හැකියාවන් නිසාද?
ප්‍රසිද්ධිය නිසයි ක්ෂේත්‍රයට ඉක්මනින්ම එන්න පුළුවන් වෙන්නේ. හැකියාවන් නිසා තමයි ක්ෂේත්‍රයේ පවතින්න පුළුවන් වෙලා තියෙන්නේ.
රූකාන්තගෙයි චන්ද්‍රලේඛාගෙයි දුව නොවුණා නම් ඔබ අද කවුරු වෙයිද?
කලාව කියන එක මගේ ඇඟේ නැති වුණා නම් වෙනත් වෘත්තියක නියැලෙයි. එහෙම වුණා නම් මම පයිලට් කෙනෙක් වෙන්නත් පුළුවන්.
පිච්චමලී, මා නුඹ නිසා ඔබේ අලුත් ගීතයන් ගැනත් අපි කතා කළොත්?
පිච්චමලී කියන්නේ ව්‍යාපෘතියකට නිර්මාණය කරපු ගීතයක්. ඒක නිකන් තියෙන එක අපරාධයක් නිසා තමයි රිලීස් කළේ. මා නුඹ නිසා ගීතය නම් සෑහෙන කාලයක ඉඳන් කරගෙන ආපු ගීතයක්. ඒකෙ ටැමිල් වර්ෂන් එකනම් තාම රිලීස් කළේ නෑ. ඒක තරීන් මල්ලි තමයි ඔක්කොම සංගීත සංයෝජන කළේ. මේ ගීත දෙකම ලිව්වේ අන්සාෆ් අලීන්. ඒ මාසෙ සුවිශේෂ වූයේ පිච්චමලී රිලීස් වෙලා සතියකින් මා නුඹ නිසා ගීතය රිලීස් වුණා. සාමාන්‍යයෙන් ගායකයෙක් මාසෙකට ගීතයක් එළිදැක්වූවාට මට ගීතයක් එළිදක්වන්න වසර දෙක තුනක් පමණ යනවා. පිච්චමලී ගීතය කවර් සෝන්ග් එකක් වුණත් මා නුඹ නිසා ගීතය ඔරිජිනල් එකක්.
ඔබේ සංගීත ක්ෂේත්‍රය තුළ ඔබේ හැරවුම් ලක්ෂ්‍යය කුමක්ද කියා මා ඇසුවොත්?
මගේ හැම ගීතයක්ම හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වුණා. මගේ පළමු ගීතය වන නීල කඳු ගැටේ ගීතයෙන් තමයි මුලින්ම මම ප්‍රේක්ෂකයන් අතරට යන්නේ. එයින් පසුව ප්‍රේක්ෂකයන් මාව හොයන්න පටන් ගත්තා. ඒ ගීතය මතක් වෙද්දි හරි අමුතු අත්දැකීමක් ඒක. ඊට පස්සේ තරුමිණි ඔච්චම්, මතකද හැන්දෑවේ, චංචල දෑසේ, නොබලා මා දිහා මේ සියලු ගීත මගේ හැරවුම් ලක්ෂ්‍යයන් බවට පත්වුණා. අදටත් සංගීත වේදිකාවල ප්‍රේක්ෂකයා නිතර ඉල්ලන ගීත තමයි මේ. හැම ගීතයක්ම මගේ ජීවිතයට ඇවිල්ල වටිනාකමක් දීලා තියෙනවා.
ජාත්‍යන්තරය සමග බලද්දි ලංකාවේ සංගීතය ගැන මොකද හිතෙන්නේ?
අපි හරිම යුනික්. අපේ සංගීතය කවදාවත්ම වෙනත් රටවල සංගීතයක් සමග සංසන්දනය කරන්න බැහැ. මන්ද ඔවුන් වාදනය කරන්නේ ඔවුන්ටම ආවේණික සංගීත භාණ්ඩවලින්. ඇමෙරිකාව ඔස්ටේ්‍රලියාව එංගලන්තය එකම සද්දෙන් මියුසික් කරන්නේ. අපේ සංගීතය හොඳ තැනක තියෙනවා. මං හිතන එකම වැරැද්ද අපේ මියුසික් තාම ලෝකයට ගෙනිහිල්ල නැහැ. අනිත් රටවල් මේක තේරුම් අරගෙන ඉන්නේ. මියුසික් සහ එන්ටර්ටේන්මන්ට්වලින් නම්බර් වන් කරන්න පුළුවන් නම් රටක ඒ රට සුපර් පවර් එකක් කරන්න පුළුවන්. හොඳ ආදායමක් ලබා ගැනීමටත් පුළුවන්. මේ ළඟදි පොප් මියුසික් උඩට ආවා. ඉන්පසු සී පොප්, ජේ පොප් පැමිණීමත් සමග සංගීතයෙන් ලෝකෙ අල්ලාගත හැකි බව තේරුම් ගත්තා. ඇමෙරිකාව හොලිවුඩ්වලින් ලෝකය අල්ලන් ඉන්නේ. අපේ රටත් මේ තේරුම් ගත්තා නම් අපේ රටත් සංගීතයත් අපි අපේ සංගීතය දිහා බලන විදිහත් වෙනස් වෙයි කියලා හිතනවා.
ගායනයට පමණක් නොව රංගනයටත් ඔබ දක්ෂයි. නැවත රංගනයට දායක වෙනවද?
බලාපොරොත්තු අත්හැරපු කාලයක් තිබුණා. දැන් ආපහු ආසයි. මේ දිනවල ඒවාට සම්බන්ධ කතා පොත් කියවන්න ලැබුණා. ඒවා ඉදිරියේදී චිත්‍රපට ලෙස නිර්මාණය වෙයි.චිත්‍රපට සඳහා ආරාධනා ලැබිලා තියෙනවා ඉතිං බලමු.
අනාගත සිනමාවේ දැකගැනීමට පුළුවන් එහෙනම්?
ඔව්, අනිවාර්යයෙන්ම පුළුවන් වෙයි.
අලුත් ගීත නිර්මාණ ගැනත් දැනගන්න කැමැතියි?
ගීත නම් හැමදාම නිර්මාණය වෙනවා ඔයාලට ඇහෙන්නෙ නැති වුණාට. ඒ කියන්නේ අපි නිතරම ගිටාරය තියාගෙන ගීත නිර්මාණය කරනවා මිතුරන් සමග මුණගැහුණාම. නමුත් අවුරුදු දෙක තුනක් තුළ මම කැමැති ගීත තමයි නිර්මාණය කළේ. සරෝජනී, කළුවරට බය හින්දා, මා නුඹ නිසා මේ ගීත සඳහා සීමිත ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් බැඳිලා ඉන්නවා. මගේ සෝලෝ එකක් හරහා අනාගතයේදී ප්‍රේක්ෂකයෝ වැඩිපුරම කැමැති ගීත නිර්මාණය කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.
සිරස වොයිස් ටීන්ස් වේදිකාවේ කෝච් කෙනෙක් විදියට ඒ අත්දැකීම කොහොමද දැනුණේ?
පළමු අවස්ථාවේ නම් ගොඩක් බය හිතුණා මේ වගේ වැඩසටහනක් සිදුවෙන්නේ කොහොමද කියලා අදහසක් නොමැති නිසා. මීට පෙර ලංකාවේ මෙවැනි වැඩසටහනක් දැකල තිබුණෙ නැහැ. අපි දැකල තියෙන්නේ ජජ් කරනවා විතරයි. කෝච්ලව දැකලා නැහැ. වැරදි දැකලා වැරදි කාටවත් නොපෙනෙන්න හදල, හදපු කෙනාව වේදිකාවට ගෙනල්ලා, සෙලිටි්‍රටි කෙනෙක් බවට පත්කරන එක තමයි සිදුකරන්නේ. හරියට බාස්කට්බෝල් කෝච් කෙනෙක් වගේ. ඒ අභියෝගයත් බාරගෙන වසර දෙකකට පසු වොයිස් ශ්‍රී ලංකා සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එහි සියල්ලන්ම අවුරුදු 18ට වැඩි අයයි. නැවත මට අලුත් අත්දැකීමක් ලබාගැනීමට සිදුවුණේ මට වඩා බාල අය සහ මට වඩා ගොඩක් වැඩිමල් අය සමග වැඩකරන්න සිද්ධ වුණා. ඉතින් මේ වගේ වැඩසටහනක වැඩකටයුතු කිරීම මම දැකපු හීනයක්.
රයිනි නැවත ඔබ විවාහ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවද?
විවාහ වෙන්න මම දැන් බයයි. අපේ අම්මට තාත්තටත් ඒක ප්‍රශ්නයක්. ඒ හැඟීමට මුහුණ දුන් කෙනා හැර අනිත් අයට ඒ හැඟීම තේරෙන්නේ නැහැ. අවුරුදු 7ක් ආදරේ කරලා විවාහ වුණා තවත් අවුරුදු හතක් ආදරය කළා. ඉතින් අවුරුදු 14ක්ම ඉවරයි මගේ ජීවිතේ. විවාහයට ආසයි. නැවත විවාහයක් ගැන සිතීම අමාරුයි.

හිමාෂි මධුවන්ති සේනාරත්න

SendShareShare
Previous Post

අද ලොකු හුළඟක් එනවා! I Sri Lanka Latest News

Next Post

මේකනම් බලන්නම වටින චිකාගෝ ස්ටයිල් එකේ පොලිස් මෙහෙයුමක්! ‘නවත්තපාන්… නවත්තපාන්.. වෙඩි තියනවා උඹට..!’ පොලිසියෙන් පන්නද්දී නවත්වන්නේ නැතිව පේමන්ට් උඩින් දාගෙන වාහනත් හප්පගෙන රෝන් සයිඩ් ගිය KDH වාහනයක් විනාඩි 10ක් විතර පස්සෙන් පන්නලා නවත්තගත්ත පොලිස් මෙහෙයුම! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.