• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලකී ඩයස්ගෙන් සැර කතාවක්

November 12, 2019
in Heart
Reading Time: 2 mins read
A A
ලකී ඩයස්ගෙන් සැර කතාවක්
Share on WhatsAppShare on Facebook

මොහු ප්‍රතිභා පූර්ණ සම්මානනීය ජනප්‍රිය රංගන ශිල්පියෙක්. 1980 දශකයේ ජනප්‍රිය ටෙලිනාට්‍ය තරු අතරට එක්වුණ තරුවක් වූ ඔහු ලකී ඩයස්. ඉතින් කාලෙකට පස්සේ ඔන්න මෙම දැවැන්ත නිර්මාණ ශිල්පීය ‘රෂ්’ චිත්‍රපටය හරහා නැවත අප අතරට ඇවිත්. ඉතින් කාලෙකට පස්සෙ ඔහු අප සමඟ ළෙන්ගතු වූයේ මේ විදියට.
කාලෙකට පස්සේ ලකී සිනමාවට එකතු වුණා. කොහොමද ‘රෂ්’ චිත්‍රපටයේ ඔබේ චරිතය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර?
එය ගැන නම් කතා කළ යුතුමයි. ‘රෂ්’ චිත්‍රපටය ඉතාමත් සැලැසුම්සහගතව කරපු හොඳ ඒ නිර්මාණයක් එක පාරක් බැලුවොත් තවත් පාරක් බලන්න හිතෙනවා කියලා තමයි හැමෝම කියන්නෙ. ලංකාවෙ සිනමාවට කාලෙකට පස්සේ බලන්න පුඵවන් හොඳ චිත්‍රපටයක් බිහිවුණා. මමත්, සනත් ගුණතිලකත් තමයි මේ චිත්‍රපටයේ පියවරුන්ගේ චරිත රඟපාන්නේ, ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම සතුටින් ඉන්නවා.
ඔබ සිනමාවේ පෞරාණික වස්තුවක් විධියට තමයි මම දකින්නේ. එහෙත් දැන් තිබෙන සිනමාව ගැන මොකද හිතෙන්නේ?
තියෙන්නේ කලකිරීමක් විතරයි. අසූව දශකයේ අප දැකපු සිනමාව දැන් නැහැ. සිනමාව විතරක් නෙමේ ටෙලි නාට්‍ය කර්මාන්ත පවා කඩා වැටිලා ඉවරයි. අපේ ආත්මෙකටවත් කවුරු කිව්වත් මේ කර්මාන්තය ගොඩ ගන්න බැහැ. අතරින් පතර ‘රෂ් ’වගේ හොඳ කලාත්මක නිර්මාණ හැදුණොත් තරුණ පරපුර එකතු වෙයි.
ඔබ ඔය පවසන විදියට චිත්‍රපට සංස්ථාවවත් මේ ගැන අවධානය යොමුකරන්නේ නැතිද?
මොන පිස්සුද? චිත්‍රපට සංස්ථාවට සභාපතිවරුන් විදියට පත්කර ගන්නෙ සිනමාව ගැනවත්, කලාව ගැනවත් නොදන්න පිරිසක්. පැය අටක් ඇවිත් පුටු රත්කරලා ඉඳලා යනවා. එහෙම හොඳ දැනුමක් ඇති පිරිසක් හිටියා නම් ලංකාවේ සිනමාවට අද මේ ඉරණම උදාවෙන්නෙ නැහැ. දේශපාලන බලපෑම් සහ තල්ලු මත තමයි හැම දේම සිදුවන්නේ.
ඔබ කාලයක් චිත්‍රපට නිෂ්පාදනය කළා. ඒත් කාලෙකින් ඔබ නිර්මාණයකට අත ගැහුවේ නැහැ නේද?
පොඩි මිනිහෙක් වෙලත් මම චිත්‍රපට නිෂ්පාදනය කළා. ගාමිණී ෆොන්සේකා අවසානයට රඟපෑවේ ‘අන්තිම රැය’ චිත්‍රපටය වෙනුවෙන් මම ජනාධිපති සම්මාන පවා ලැබුවා.
ඔබේ ජනප්‍රියත්වය නිසාද නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ නැත්තේ?
මම එදා ඉඳලා හිතාගෙන ඉන්නෙ අවුරුද්දට එක චිත්‍රපටයක් සහ ටෙලි නාට්‍යයක රඟපාන්න. ඒ විදියට තමයි මම මේ ගමන ආවේ. ‘ගින්දරී’ චිත්‍රපටය රඟපෑමට පස්සේ තමයි ‘රෂ්’ චිත්‍රපටයට සහ ‘අහස් මාලිගා’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ.
අද ජනප්‍රිය ශිල්පීන් රැසක් නිහඬවෙලා මෙයට හේතුව ඇයි?
අද ගොඩක් රූපවාහිනී නාළිකා විදේශීය නිර්මාණවලට අහුවෙලා. ඒවා කොපි කරගෙන පැල්බැඳගෙන නිර්මාණ කරනවා. ඒ විතරක් නොවෙයි කාලෙන් කාලෙට අමුතු රැලි එක්ක තමයි කලාව දැන් බිහිවෙන්නේ. මම විතරක් නොවෙයි මේ ක්ෂේත්‍රයේ දැවැන්තයෝ ගෙදරට වෙලා ඉන්නවා. කිසිම කෙනෙක් ඔවුන්ගෙන් වැඩක් ගන්නේ නැහැ. ඔවුන්ට නිර්මාණ බිහි කරන්න රූපවාහිනී නාළිකා අවස්ථාවක් නොදෙන එකත් එක් කනගාටුවක්.

කලින් වර්තමානයේ ඔබ දැකපු චිත්‍රපට අතරින් ඔබ වඩාත්ම කැමැති චිත්‍රපටය? චිත්‍රපට නම් දවස ගණනේ පෝලිමට එනවා. හැබැයි ඒ එකත්වත් මතක නැහැ. ඒ අතර ‘හුස්ම’ චිත්‍රපටයට මම විශේෂ තැනක් දෙනවා. හොඳ නිර්මාණ අතර බිහිවුණ තවත් නිර්මාණයක් තමයි ‘හුස්ම’චිත්‍රපටය. මේ චිත්‍රපටයට සම්මාන ලැබිය යුතුයි කවුරු හරි කුපාඩිකමක් කළේ නැත්නම්. රටේ හැමදේම විකිණෙන්නේ දේශපාලන මත. මෙය දැන් මුඵ ක්ෂේත්‍රයටම පිළිලයක් වෙලා ඉවරයි. ධනවතුන්ට, ප්‍රබලයන්ට තමයි සම්මාන බෙදී යන්නෙත්.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

රෝයල් පාක් මිනීමරුවාට සමාව දීම පිටුපස විශාල මුදල් ගනුදෙනුවක්!

Next Post

මිනීමරුවාට සමාව දුන්නාට ‌සජිත්ගෙන් මෛත්‍රීට ප්‍රහාරයක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.