සිනමාපටයක, රූපවාහිනී කතාමාලාවක පෙනෙන සටන් දෘශ්‍යයන් පිටුපසින් සිට ක්‍රියාත්මක වන වෘත්තිකයෙකු පිළිබඳ රසිකයින්ට බොහෝ විට නොහඳුනයි. ඔහු සටන් අධ්‍යක්ෂවරයායි. ෆයිට් එකක්, හෝ අතිශය ත්‍රාසජනක ක්‍රියාදාමයක් පවා නිශ්චිත සැලසුම් හා ආරක්ෂාකාරී ක්‍රමවේද අනුව මැවෙනුයේ ඔහුගේ මගපෙන්වීමෙන්ය.Sri Lanka Latest News
ගිනි අවි සහ ගිනි කෙළි, දෙවෙනි ඉනිම, සංගීතේ,සංසාරිණි, ධරණි, සැලෙනා නුවන්, රොකී,මායාවී,පොදු,ආදර වසන්තය,වර්ෂා වැනි ටෙලි නාට්‍ය මාලාවන් මෙන්ම අයිස් ක්‍රීම්, ක්ෂීර සාගරය කැලඹුණි, යූ ටර්න්, රෂ්, සූර්යා, ගිරිවැසිපුර, දේදුනු ආකාසේ වැනි නිර්මාණවල ඔබ දැක ඇති සටන් දර්ශන පිටුපස සිටින්නේ මොහුයි…තිරය පිටුපස සිට නිහඬව ක්‍රියා කළත්, ඔහුගේ නිර්මාණ රසික හදවත් තුළ සදාකාලික මතකයක් වෙනවා. අද අපි සංවාදයට එකතු කරන්නේ ඒ සුවිශේෂ නිර්මාණකරුවායි. ඔහු සටන් කලාවට නව අරුතක් එක් කළ සටන් අධ්‍යක්ෂවරයෙකි. ඔහු ටෙලි නාට්‍ය හා චිත්‍රපට ක්‍රියාදාම අධ්‍යක්ෂක ඔසද සමන් බණ්ඩාරයි.
සටන් අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔබේ භූමිකාව ගැන හැදින්වීමක් කරමු…
Action director කියන්නේ choreographer කියන එක නෙමෙයි. ලංකාවේ බහුතරයක් දෙනා එය වැරදියට වටහා ගෙන තියෙන්නේ. ස්ටන්ට්ලා කියන්නේ ක්‍රියාදාම ශිල්පීන්. ඇක්ෂන් ඩිරෙක්ටර් කෙනෙක් කිසිම අවස්ථාවකදි ක්‍රියාදාම ශිල්පීන්ගේ කාර්යභාරය කරන්න යන්නේ නැහැ. බොහෝ විට choreographer කෙනෙක් තමයි ඇක්ෂන් ඩිරෙක්ටර් වෙන්නේ. හැබැයි එසේ වනවා නම් directions සම්බන්ධව මනා අවබෝධයක් තිබිය යුතුයි. හේතුව සාමාන්‍ය විදිහට ඇක්ෂන් එකක් ෂූට් කළ නොහැකියි. ඇක්ෂන් කියන්නේ ෆයිට්ම විතරක් නෙමෙයි. එය වාහන අනතුරක්, ගිනි තබා ගන්නා දර්ශනයක් විය හැකියි. ඇක්ෂන් කියන දේ හැම දෙයකටම අයත් වෙනවා. සමහර වෙලාවට ඩිරෙක්ටර්ට අවබෝධයක් නැහැ ඇක්ෂන් ඩිරෙක්ටර් කියන්නේ කවුද කියලා. මහාචාර්ය සුනිල් ආරියරත්න, චන්න දේශප්‍රිය, අරුණ ගුණවර්ධන වැනි අධ්‍යක්ෂවරුන් මට සම්පූර්ණයෙන් මාගේ භූමිකාව නිදහසේ කිරිමට අවස්ථාව ලබා දුන්නා.
ඔසඳ, ඔබ සටන් කලාව හදාගන්න හිතුණේ ඇයි? විශේෂ හේතුවක් තිබුණා ද ?
විශේෂ හේතුවක් ඇත්තෙන්ම නැහැ. මම ගියේ පිරිමි පාසලකට. අපි ඉතිං ප්‍රචණ්ඩත්වය කියන එකට කැමතියිනේ… ඉතිං ගැටීම් වැඩියි. ඒවාට තනිව මුහුණ දිය යුතු වුණා. ඒවායින් සවයිව් වීමට වූෂු තෝරාගත්තා. නමුත් පසු කාලීනව එය මගේ වෘත්තීය වුණා.
ඔබ සටන් අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන්නේ කොපමණ කාලයක සිටද?
2012 දී පමණ කළ ගිනි අවි සහ ගිනි කෙළි ඔස්සේ තමයි මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. එතැන් පටන් මම සිනමා හා ටෙලි නාට්‍යවල සටන් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරගෙන යනවා. දැනට මම තමයි ලංකාවේ ටෙලි නාට්‍යයන්හි 75%ක පමණ සටන් අධ්‍යක්ෂණය කරන්නේ.
“ගිනි අවි සහ ගිනි කෙළි” ඔබේ ප්‍රථම සටන් කලා අත්දැකීම වුණා? ඒ අත්දැකීම පිළිබඳ සදහන් කළොත්?
ෆයිට් එකක් තියෙනවා කරලා දෙන්න කියලා දෙරණ නාලිකාවේ චරිත් කොතලාවල තමයි මට ආරාධනා කළේ. මේ කාලයේදී මම ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ ජාතික පුහුණුකරු විදිහට කටයුතු කළේ. සෙට් එකට යනකොට මට කැමරා එක ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. ඉන් පෙර ෂූට් එකක් දැක තිබුණේවත් ඊට වුවමනාවක්වත් මට තිබුණේ නැහැ. ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨතම නළුවන් සමග තමයි මට එය කරන්න වුණේ. මම ෆයිට් එක choreograph කළා කිසිම චකිතයක් තිබුණේ නැහැ. සාරංග මෙන්ඩිස් තමයි මගේ ප්‍රථම අධ්‍යක්ෂවරයා වුණේ. ඉන් පසු ෆීල්ඩ් එකේ නිර්මාණ බොහොමයක සටන් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කිරීමට ආරාධනා ලැබුණා. ඒ අතරතුර රංගනය සඳහාත් මට අවස්ථාව උදාවුණා. ඉතිං ඒ ලැබෙන චරිතයන් මගේ වෘත්තියට හානි නොවන අයුරින් තෝරා බේරාගෙන කරනවා.
ඔබ සටන් අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන අවස්ථාවන්හිදී ඔබට අභියෝගයක් වු නිර්මාණ තිබුණාද?
මම චැලෙන්ජ්වලට කැමතියි. භාර ගන්නා නිර්මාණයන් අභියෝගයක් සේ සලකන්නේ නැති නිසා වෙන්න ඇති අභියෝගයක් කියන දේ මට දැනිලා නැහැ. මම ෆීල්ඩ් එකට එනකොට ෆයිට්, ලංකාවේ සිනමාවේ ටෙලි නාට්‍යවල සාමාන්‍ය ජනතාව අතරේ ලොකුවට ජනප්‍රිය වෙලා තිබුණේ නැහැ. මම ඒ දේ ගිනි අවි සහ ගිනි කෙළි එකෙන් සම්පූර්ණයෙන් ම අනිත් පැත්තට හැරෙව්වා. ලංකාවේ ටෙක්නිකලි වැඩේ හරියට කළාට වැඩේ හරියට choreograph කරලා නිර්මාණය ඇතුළේ මම සාර්ථක වෙනවා. අද වන විට ටෙලි නාට්‍යවල රේටින්ග්ස් නැති වෙද්දී නැවත රේටින්ග්ස් ලබා ගැනීමට හා අලුතින් නාට්‍යයක් පටන් ගන්නා විටදී ෆයිට් එකකින් කතාව ඇරඹෙන මට්ටමට ෆයිට් කියන දේ ලංකාවේ මිනිස්සුන්ගේ ඉහළ තැනකට මට ගෙන ඒමට හැකියාව ලැබී තියෙනවා. ඒ ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා.
AI වැනි නව තාක්ෂණයන් සටන් කලාව වැනි විෂයකට හානිදායක වනවා ද? ඒ පිළිබඳ ඔබේ මතය කුමක්ද?
ලෝකය දියුණු වනවා සේම තාක්ෂණයේ දියුණුවත් විය යුතුයි. නමුත් අපි තාක්ෂණය වහලෙක් කරගන්නවා මිස අපි තාක්ෂණයේ වහලෙක් වෙන්න හොඳ නැහැ. සමහර තැන් තියෙනවා තාක්ෂණය අපව අභිබවා යන. නමුත් එය නිර්මාණකරුවන්ට බලපාන්නේ නැහැ. හැමවිටම මිනිසාගේ නිර්මාණශීලීත්වය තාක්ෂණය හා විද්‍යාවටයි ඉහළින් තියෙන්නේ.
ෆයිට් එකක් සැලසුම් කිරීමේදී වඩාත් වැදගත් වන්නේ ?
පිටපත, කතාවේ ස්වභාවය, කාලය, චරිත පිළිබඳ දැනුම හා චරිත රඟදක්වන්නන්ගේ හැකියාවන් මොන මට්ටමක තිබේද වැනි කරුණු කුඩා දරුවෙක්ගේ සිට මහලු මිනිසෙක් දක්වාම බලපානවා. සියලු කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව තමයි නිර්මාණයක් බිහි වෙන්නේ. සටන් අධ්‍යක්ෂට choreographerට ලොකු අවබෝධයක් තිබිය යුතුමයි. එහෙම නැතහොත් ඒ නිර්මාණය අසාර්ථක වනවා. තියෙන සම්පත් උපරිම ප්‍රයෝජනයට ගෙන මනා පුහුණුව ලබාදී, ෆයිට් එක විහිළුවක් නොවී ඉන් උපරිම ප්‍රයෝජන ගෙන සාර්ථකව නිර්මාණය කිරීමට ඇක්ෂන් ඩිරෙක්ටර්ටට හැකි විය යුතුයි.
මාෂල් ආට්ස් කියන්නේ ගහගන්න එකද ?
අපි මාෂල් ආට්ස්ට් කරන්නේ ආත්ම ආරක්ෂාවටනේ. ව්‍යායාම කරලා මානසික හා කායිකව නිරෝගීව ඉන්න එක තමයි මාෂල් ආට්ස්ට්ස්. ඇත්තටම හොඳ මාෂල් ආටිස්ට් කෙනෙක් ගහගන්න පෙළඹෙන්නේ නැහැ. ගහගන්න පෙළඹෙන්නේ කිසිවක් නොදන්නා අයයි.
ස්ටෙෆනි කොතලාවල











