• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලංකාවේ ෆයිට් මම කනපිට ගැහුවා…! ඕනෙම චැලෙන්ජ් එකකට මම බය නෑ…! ඔසඳ සමන් බණ්ඩාර! Sri Lanka Latest News

October 12, 2025
in Heart
Reading Time: 2 mins read
A A
ලංකාවේ ෆයිට් මම කනපිට ගැහුවා…! ඕනෙම චැලෙන්ජ් එකකට මම බය නෑ…! ඔසඳ සමන් බණ්ඩාර! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිනමාපටයක, රූපවාහිනී කතාමාලාවක පෙනෙන සටන් දෘශ්‍යයන් පිටුපසින් සිට ක්‍රියාත්මක වන වෘත්තිකයෙකු පිළිබඳ රසිකයින්ට බොහෝ විට නොහඳුනයි. ඔහු සටන් අධ්‍යක්ෂවරයායි. ෆයිට් එකක්, හෝ අතිශය ත්‍රාසජනක ක්‍රියාදාමයක් පවා නිශ්චිත සැලසුම් හා ආරක්ෂාකාරී ක්‍රමවේද අනුව මැවෙනුයේ ඔහුගේ මගපෙන්වීමෙන්ය.Sri Lanka Latest News

ගිනි අවි සහ ගිනි කෙළි, දෙවෙනි ඉනිම, සංගීතේ,සංසාරිණි, ධරණි, සැලෙනා නුවන්, රොකී,මායාවී,පොදු,ආදර වසන්තය,වර්ෂා වැනි ටෙලි නාට්‍ය මාලාවන් මෙන්ම අයිස් ක්‍රීම්, ක්ෂීර සාගරය කැලඹුණි, යූ ටර්න්, රෂ්, සූර්යා, ගිරිවැසිපුර, දේදුනු ආකාසේ වැනි නිර්මාණවල ඔබ දැක ඇති සටන් දර්ශන පිටුපස සිටින්නේ මොහුයි…තිරය පිටුපස සිට නිහඬව ක්‍රියා කළත්, ඔහුගේ නිර්මාණ රසික හදවත් තුළ සදාකාලික මතකයක් වෙනවා. අද අපි සංවාදයට එකතු කරන්නේ ඒ සුවිශේෂ නිර්මාණකරුවායි. ඔහු සටන් කලාවට නව අරුතක් එක් කළ සටන් අධ්‍යක්ෂවරයෙකි. ඔහු ටෙලි නාට්‍ය හා චිත්‍රපට ක්‍රියාදාම අධ්‍යක්ෂක ඔසද සමන් බණ්ඩාරයි.

සටන් අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔබේ භූමිකාව ගැන හැදින්වීමක් කරමු…
Action director කියන්නේ choreographer කියන එක නෙමෙයි. ලංකාවේ බහුතරයක් දෙනා එය වැරදියට වටහා ගෙන තියෙන්නේ. ස්ටන්ට්ලා කියන්නේ ක්‍රියාදාම ශිල්පීන්. ඇක්ෂන් ඩිරෙක්ටර් කෙනෙක් කිසිම අවස්ථාවකදි ක්‍රියාදාම ශිල්පීන්ගේ කාර්යභාරය කරන්න යන්නේ නැහැ. බොහෝ විට choreographer කෙනෙක් තමයි ඇක්ෂන් ඩිරෙක්ටර් වෙන්නේ. හැබැයි එසේ වනවා නම් directions සම්බන්ධව මනා අවබෝධයක් තිබිය යුතුයි. හේතුව සාමාන්‍ය විදිහට ඇක්ෂන් එකක් ෂූට් කළ නොහැකියි. ඇක්ෂන් කියන්නේ ෆයිට්ම විතරක් නෙමෙයි. එය වාහන අනතුරක්, ගිනි තබා ගන්නා දර්ශනයක් විය හැකියි. ඇක්ෂන් කියන දේ හැම දෙයකටම අයත් වෙනවා. සමහර වෙලාවට ඩිරෙක්ටර්ට අවබෝධයක් නැහැ ඇක්ෂන් ඩිරෙක්ටර් කියන්නේ කවුද කියලා. මහාචාර්ය සුනිල් ආරියරත්න, චන්න දේශප්‍රිය, අරුණ ගුණවර්ධන වැනි අධ්‍යක්ෂවරුන් මට සම්පූර්ණයෙන් මාගේ භූමිකාව නිදහසේ කිරිමට අවස්ථාව ලබා දුන්නා.

ඔසඳ, ඔබ සටන් කලාව හදාගන්න හිතුණේ ඇයි? විශේෂ හේතුවක් තිබුණා ද ?
විශේෂ හේතුවක් ඇත්තෙන්ම නැහැ. මම ගියේ පිරිමි පාසලකට. අපි ඉතිං ප්‍රචණ්ඩත්වය කියන එකට කැමතියිනේ… ඉතිං ගැටීම් වැඩියි. ඒවාට තනිව මුහුණ දිය යුතු වුණා. ඒවායින් සවයිව් වීමට වූෂු තෝරාගත්තා. නමුත් පසු කාලීනව එය මගේ වෘත්තීය වුණා.
ඔබ සටන් අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන්නේ කොපමණ කාලයක සිටද?
2012 දී පමණ කළ ගිනි අවි සහ ගිනි කෙළි ඔස්සේ තමයි මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. එතැන් පටන් මම සිනමා හා ටෙලි නාට්‍යවල සටන් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරගෙන යනවා. දැනට මම තමයි ලංකාවේ ටෙලි නාට්‍යයන්හි 75%ක පමණ සටන් අධ්‍යක්ෂණය කරන්නේ.
“‍ගිනි අවි සහ ගිනි කෙළි”‍ ඔබේ ප්‍රථම සටන් කලා අත්දැකීම වුණා? ඒ අත්දැකීම පිළිබඳ සදහන් කළොත්?
ෆයිට් එකක් තියෙනවා කරලා දෙන්න කියලා දෙරණ නාලිකාවේ චරිත් කොතලාවල තමයි මට ආරාධනා කළේ. මේ කාලයේදී මම ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ ජාතික පුහුණුකරු විදිහට කටයුතු කළේ. සෙට් එකට යනකොට මට කැමරා එක ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. ඉන් පෙර ෂූට් එකක් දැක තිබුණේවත් ඊට වුවමනාවක්වත් මට තිබුණේ නැහැ. ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨතම නළු‍වන් සමග තමයි මට එය කරන්න වුණේ. මම ෆයිට් එක choreograph කළා කිසිම චකිතයක් තිබුණේ නැහැ. සාරංග මෙන්ඩිස් තමයි මගේ ප්‍රථම අධ්‍යක්ෂවරයා වුණේ. ඉන් පසු ෆීල්ඩ් එකේ නිර්මාණ බොහොමයක සටන් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කිරීමට ආරාධනා ලැබුණා. ඒ අතරතුර රංගනය සඳහාත් මට අවස්ථාව උදාවුණා. ඉතිං ඒ ලැබෙන චරිතයන් මගේ වෘත්තියට හානි නොවන අයුරින් තෝරා බේරාගෙන කරනවා.
ඔබ සටන් අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන අවස්ථාවන්හිදී ඔබට අභියෝගයක් වු නිර්මාණ තිබුණාද?
මම චැලෙන්ජ්වලට කැමතියි. භාර ගන්නා නිර්මාණයන් අභියෝගයක් සේ සලකන්නේ නැති නිසා වෙන්න ඇති අභියෝගයක් කියන දේ මට දැනිලා නැහැ. මම ෆීල්ඩ් එකට එනකොට ෆයිට්, ලංකාවේ සිනමාවේ ටෙලි නාට්‍යවල සාමාන්‍ය ජනතාව අතරේ ලොකුවට ජනප්‍රිය වෙලා තිබුණේ නැහැ. මම ඒ දේ ගිනි අවි සහ ගිනි කෙළි එකෙන් සම්පූර්ණයෙන් ම අනිත් පැත්තට හැරෙව්වා. ලංකාවේ ටෙක්නිකලි වැඩේ හරියට කළාට වැඩේ හරියට choreograph කරලා නිර්මාණය ඇතුළේ මම සාර්ථක වෙනවා. අද වන විට ටෙලි නාට්‍යවල රේටින්ග්ස් නැති වෙද්දී නැවත රේටින්ග්ස් ලබා ගැනීමට හා අලු‍තින් නාට්‍යයක් පටන් ගන්නා විටදී ෆයිට් එකකින් කතාව ඇරඹෙන මට්ටමට ෆයිට් කියන දේ ලංකාවේ මිනිස්සුන්ගේ ඉහළ තැනකට මට ගෙන ඒමට හැකියාව ලැබී තියෙනවා. ඒ ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා.
AI වැනි නව තාක්ෂණයන් සටන් කලාව වැනි විෂයකට හානිදායක වනවා ද? ඒ පිළිබඳ ඔබේ මතය කුමක්ද?
ලෝකය දියුණු වනවා සේම තාක්ෂණයේ දියුණුවත් විය යුතුයි. නමුත් අපි තාක්ෂණය වහලෙක් කරගන්නවා මිස අපි තාක්ෂණයේ වහලෙක් වෙන්න හොඳ නැහැ. සමහර තැන් තියෙනවා තාක්ෂණය අපව අභිබවා යන. නමුත් එය නිර්මාණකරුවන්ට බලපාන්නේ නැහැ. හැමවිටම මිනිසාගේ නිර්මාණශීලීත්වය තාක්ෂණය හා විද්‍යාවටයි ඉහළින් තියෙන්නේ.
ෆයිට් එකක් සැලසුම් කිරීමේදී වඩාත් වැදගත් වන්නේ ?
පිටපත, කතාවේ ස්වභාවය, කාලය, චරිත පිළිබඳ දැනුම හා චරිත රඟදක්වන්නන්ගේ හැකියාවන් මොන මට්ටමක තිබේද වැනි කරුණු කුඩා දරුවෙක්ගේ සිට මහලු‍ මිනිසෙක් දක්වාම බලපානවා. සියලු‍ කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව තමයි නිර්මාණයක් බිහි වෙන්නේ. සටන් අධ්‍යක්ෂට choreographerට ලොකු අවබෝධයක් තිබිය යුතුමයි. එහෙම නැතහොත් ඒ නිර්මාණය අසාර්ථක වනවා. තියෙන සම්පත් උපරිම ප්‍රයෝජනයට ගෙන මනා පුහුණුව ලබාදී, ෆයිට් එක විහිළු‍වක් නොවී ඉන් උපරිම ප්‍රයෝජන ගෙන සාර්ථකව නිර්මාණය කිරීමට ඇක්ෂන් ඩිරෙක්ටර්ටට හැකි විය යුතුයි.
මාෂල් ආට්ස් කියන්නේ ගහගන්න එකද ?
අපි මාෂල් ආට්ස්ට් කරන්නේ ආත්ම ආරක්ෂාවටනේ. ව්‍යායාම කරලා මානසික හා කායිකව නිරෝගීව ඉන්න එක තමයි මාෂල් ආට්ස්ට්ස්. ඇත්තටම හොඳ මාෂල් ආටිස්ට් කෙනෙක් ගහගන්න පෙළඹෙන්නේ නැහැ. ගහගන්න පෙළඹෙන්නේ කිසිවක් නොදන්නා අයයි.

ස්ටෙෆනි කොතලාවල

SendShareShare
Previous Post

රනිල්ගේ ආණ්ඩුවේ අන්තිම දවස් කීපයේදී සතොස සීනිවලින් ගහපු කුණු ගේමක් කෝප් කමිටුවේදී එළියට ඇදෙයි! Sri Lanka Latest News

Next Post

වරාය ඇතුළේ තවත් අබිරහස් කන්ටේනර් 4ක්! ඇතුළේ තිබ්බ දේවල් ගැන හරියටම ඔත්තුව ඇවිත්! කන්ටේනර්වලට ලොකු රටවල් දෙකක් ලොකු කඹ ඇදිල්ලක! ප්‍රශ්නය අනුර ගාවටම ගිහින්! රාජ්‍ය රහස්! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.