• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම තවමත් 60 කොල්ලා! ඒකට ඉරිසියා කරන්න එපා ඉතින්! Sri Lanka Latest News

April 12, 2025
in Heart
Reading Time: 2 mins read
A A
මම තවමත් 60 කොල්ලා! ඒකට ඉරිසියා කරන්න එපා ඉතින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අවුරුදු ගානකට පස්සේ ඔන්න චන්න පෙරේරාගේ ටෙලියක් හෙට අනිද්දා ටීවී එකේ යනවලු. චන්න පෙරේරා කියන්නේ මීට දශක ගණනකට කලින් ටෙලි තිරයේ සිහින කුමාරයා. එහෙම නැත්නම් අහිංසකම පෙම්වතා වෙලා හිටපු ජනප්‍රිය තරුවක්. Sri Lanka Latest News

ඉතින් චන්න ආයෙමත් ටෙලිනාට්‍ය රංගනයට මැදි වෙන්න වගෙයි සූදානම?
දිගටම මැදිවෙන්න කියලා නම් තවම සූදානමක් එහෙමට නැහැ. දිගින් දිගටම සුමියුරු කරපු ආරාධනාව අහක දාන්න බැරි තැනක තිබුණු නිසයි මේ ටෙලිනාට්‍යය භාරගත්තේ.
ටෙලිය ගැන විස්තර ටිකක් කියමුද?
‘ස්නේහය නම්’ කියලයි ටෙලිය නම්කරලා තියෙන්නේ. අධ්‍යක්ෂණය සුමියුරු උදත්තගෙ. චමත්කාරජනක ප්‍රේම කතාවක් විදියට තමයි ආලින්දයේ සිනමාවට එන්නේ. ඒ ප්‍රේම කතාව තුළ පවුලක් වටා ගෙතුණු සිදුවීම්ද තියෙනවා. මේ දවස්වල ටෙලි තිරයේ ජනප්‍රිය තරුවක් වූ අංජලී ජයසිංහ මා සමග ප්‍රධාන චරිතය රඟපානවා. දැනට මේ ඇති.
අවුරුදු ගානකට පස්සෙයි ඔබ මේ එන්නේ?
ඔව්. රතු අහසට පස්සෙයි මං හිතන්නේ.
හිටපු ගමන් මෙහෙම ටෙලියකට එන්න හිතුවේ?
හිටපු ගමන් නම් නෙවෙයි. සුමියුරුගෙන් බේරිල්ලක් තිබුණේ නෑ. ඒ වගේම තමයි අනිත් අයත් චැනල්වලින් පවා බොහොම සුහදව ආරාධනා කළා ටෙලිවලට සම්බන්ධ වෙන්න කියලා.
ටෙලිවලින් බොහෝ කලක් ඈත්වෙලා හිටියේ කලකිරීමක් නිසාද?
එකම කලකිරීම දැන් යන ටෙලිනාට්‍ය රැල්ලට මගේ තියෙන අකැමැත්ත. ප්‍රමිතියක් නැති පිටපත් සීමාවක් නැති ඇදීයෑම. විවේකයක් නැතිව කලාකරුවන්ව වෙහෙසට පත්කරවීම. එකිනෙකා අතර තියෙන තරගකාරීත්වය. එතැන තියෙන ඒ ක්‍රමයට මම පුද්ගලිකව මනාප නැහැ.
අනෙක මම රේස්වලට කැමැති නැහැ. යම් නිර්මාණයක් ඉඳහිටක කරලා විවේකීව සන්සුන්ව ඉන්නයි මට ඕනෙ.
හොඳ ටෙලි නිර්මාණ නැහැ කියන තැනද ඔබ ඉන්නේ?
අපොයි නැහැ. හොඳ නිර්මාණ හැදෙනවා. හැබැයි බොහොම ටිකයි. වැඩිපුරම සතිය පුරාම හැම චැනල් එකකම වාගේ යන්නේ රැල්ලට හැදෙන ටෙලිනාට්‍ය ක්‍රමයක්.
අනූ ගණන්වලත් කොල්ලට රඟපාපු ඔබ අදටත් එන්නෙ කොල්ලගෙ චරිතෙට?
මම එනවා නෙවෙයි මාව ගන්නවා. ආරාධනා ලැබෙන්නේ කොල්ලට මිස කොල්ලගෙ තාත්තට නෙවෙයි. ඉතින් මම ඒක භාරගන්නවා. ඒකට ඉරිසියා කරන්න එපා ඉතින්.
ටෙලියක් අධ්‍යක්ෂණය කරන අදහසක් නැද්ද චන්න?
තියෙනවා. පොඩි වෙනසක් කරන්න හෙමින් හෙමින් ප්ලෑන් කරනවා. කාලය ආවාම ඒක අනිවාර්යයෙන් කරනවා.
ඔබේ සිනමා නිර්මාණ කිහිපයක් එන්න නියමිතයි නේද?
ඔව්. චිත්‍රපට තුනක් තියෙනවා. එකක් ළමා චිත්‍රපටයක්. යොවුන් ප්‍රේම කතාවක් ලියැවුණු ‘සිහින අනන්තය’ මේ වසරේ අගභාගයේ තිරගත වේවි.
නවකයන් වෙනුවෙන් යමක් කියමු?
නවකයන් අතර දක්ෂයො ඉන්නවා. හැබැයි අද නවක තරු සෝෂල් මීඩියා සමග වයිරල් වෙනවා වැඩියි. ජනප්‍රිය වෙන්න සෝෂල් මීඩියාවල රඟපාන්න අවශ්‍ය නැහැ.
ජනප්‍රියත්වය කියන්නේ නිරායාසයක් මිස ආයාසයක් නෙවෙයි. ඒ වගේම රංගනය කියන්නේ භාවනාවක් වගේ මෙහෙවරක්. ඒ තුළ යමක් බලෙන් ලබාගත යුතුය කියන මතය තියෙන්න බැහැ. එතැනදී කලාකරුවා පිළිගත යුත්තේ තමාව හඹාඑන දේ පමණයි.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

බිමල් පාර්ලිමේන්තුවේ කියපු කතාවට පුබුදු උත්තර දෙයි! රනිල්ට දඬුවම් දෙන්න මොකටද ජාත්‍යන්තරයේ උදව්? පැමිණිලි තියෙනවා.. සාක්ෂි තියෙනවා.. නීතිය ක්‍රියාත්මක කරන්න..! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර බෑ කියයි! සජිත්ට එන්න කියයි! රනිල්ව හලයි! නාමල්ට කැදවීමක්! බිමල් හිටියෙ නැත්තේ ඇයි? මෝදි අනුරපුරේ ගිය රහස! ට්‍රම්ප්ට යවපු ලියුම! කිසිම පත්තරයක නොයන අතිවිශේෂ රාජ්‍ය රහස් හෙළිදරව්ව!  I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.