• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මගේ සින්දු අහන්නේ ජෙනියුන් සෙට් එකක්…! හැමෝම මහන්සි වෙලා හොඳ වැඩක් කළා…! දිනේෂ් ගමගේ! Sri Lanka Latest News

December 6, 2025
in Heart
Reading Time: 3 mins read
A A
මගේ සින්දු අහන්නේ ජෙනියුන් සෙට් එකක්…! හැමෝම මහන්සි වෙලා හොඳ වැඩක් කළා…! දිනේෂ් ගමගේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සංගීතය නමැති විශ්වීය භාෂාව තුළ අලුත් රටා මවන්නට නව පරම්පරාවට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. මේ නව පරපුරේ, රටම ආදරය කරන විශ්වීය හඬක හිමිකරුවකු වන දිනේෂ් ගමගේ සැබැවින්ම වත්මන් සංගීත ක්ෂේත්‍රයේ දීප්තිමත් තරුවකි. ඉතින්, මේ අපූරු හඬ සමග ‘හාට්’ අපි ටිකක් කතා කළා.Sri Lanka Latest News

ඉතින්, කොහොමද දිනේෂ්, ජීවිතේ?
මේ දවස්වල ඉතාමත් සතුටින් ඉන්නවා.
රටම ආදරය කරන නව පරපුරේ දක්ෂයෙක්නේ ඔබ. කොහොමද මේ සංගීත ගමන පටන් ගත්තේ?
ඇත්තටම මම මගේ සංගීත ගමන පටන් ගත්තේ නුවරඑළියෙන්. මගේ ගම නුවරඑළිය. සංගීතයට මුලින්ම ආස වුණේ ගීත ගයන්න නෙවෙයි. ඇත්තටම මම හොඳ ගීත අහන කෙනෙක්. ඉතින් ඒකත් එක්කම තිබුණු ආසාවත් සමඟ තමයි ගීත නිර්මාණය කරන්න සහ ගයන්න පටන් ගත්තේ. වෘත්තීමය වශයෙන් මේක පටන් ගත්තේ මුලින්ම මම ඉගෙන ගන්න ආවා, ලහිරු පෙරේරා, දිනේෂ් කුරේ, මනුරංග අයියා එකතුවෙලා හදපු ඉන්ස්ටිටියුට් එකක මියුසික්. ඒකේ මුලින්ම මම ඕඩියෝ ඉංජිනියරින් විෂයයක් විදියට ඉගෙන ගන්න ආවා. ඒක තමයි මේ ක්ෂේත්‍රයට, ඒ කියන්නේ කොළඹට ඇවිත් හරියටම සංගීතය පටන් ගන්න මුල් තැන.
පවුලේ විස්තර ටිකකුත් කියමු?
මගේ පවුලේ විස්තර තමයි ඉතින් මමයි, අයියයි, අම්මයි, තාත්තයි. අපේ පවුලේ කවුරුත්ම කලාවට සම්බන්ධ නෑ. ඉතින් එහෙම අපේ පොඩි පවුලක් තියෙන්නේ. තාත්තා ව්‍යාපාරිකයෙක්. අයියා එකවුන්ටන්ට් කෙනෙක්. අම්මා ගෙදර ඉන්නේ. ඉතින් හරිම සතුටින් ඉන්න පවුලක්.
මේ දවස්වල හැමෝම කතාබහ කරන ‘දැන දැන මා’ අලුත් නිර්මාණය ගැනත් කියමු?
‘දැන දැන මා’ කියන ගීතය, කාංචනා එක්ක කළ ‘දැනෙනා තුරු මා’ ගීතයට පස්සේ අවුරුදු පහකට පස්සේ එන ගීතය. මේකේ තනුව මගේ, ලිව්වේ මනුරංග අයියා. සංගීතය අමිත් අයියා. සංගීත වීඩියෝව කළේ, චමිල් පතිරණ. ඒක අපි ඉතින් එකතු වෙලා හොඳ නිර්මාණයක් කළා. කාලයක් තිස්සේ හැමෝම මහන්සි වෙලා. ගිය සතියේ රිලීස් වුණා. හොඳ ප්‍රතිචාර තියෙනවා. මම හිතනවා හැමෝම ආදරය කරන නිර්මාණයක් කියලා.

දිනේෂ්, ඔබේ කලා ජීවිතයේ ලැබුණු වටිනාම ජයග්‍රහණය මොකක්ද?
මට කලා ජීවිතයේ ලැබුණු වටිනාම ජයග්‍රහණය තමයි, මගේ නිර්මාණවලට සහ මට ආදරය කරන ජෙනුයින් ප්‍රේක්ෂක පිරිසක් හමුවීම.
මේ දවස්වල තවත් වැදගත් දෙයක් තමයි ‘මෝඩ තරිඳු’ ෆිල්ම් එක. ඒ ෆිල්ම් එකේ සංගීත අධ්‍යක්ෂණය කළේ දිනේෂ් ඔබ. කොහොමද රසික ප්‍රතිචාර?
ඇත්තටම ගොඩාක් සතුටුයි. මොකද මගේ පළමු සංගීත අධ්‍යක්ෂණය චිත්‍රපටයක් වෙනුවෙන්. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා තිසර ඉඹුලාන අයියටයි, තිසර මංගල බණ්ඩාර අයියටයි මාව මේකට සම්බන්ධ කරගත්තට. අපි හිතුවටත් වඩා මේක සාර්ථක වුණා. තිසර අයියා කියන්නේ මගේ ‘දැනෙනා තුරු මා’ ඉඳලා මගේ වැඩිම ගීත ගණනක් රූප රචනා කරපු අධ්‍යක්ෂවරයා. ඔහු එක්ක කාලයක් වැඩකරලා, අපේ හොඳ අන්‍යෝන්‍ය අවබෝධයක් තිබුණා. ඉතින් මේ වැඩේ කරන්න හරිම ලේසි වුණා. ඉතින් ලොකු ටීම් එකක් වැඩකරලා ආපු අවුට්පුට් එක ගැන හරිම සතුටුයි. මේක එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ වැඩක් නෙවෙයි. ලොකු ටීම් එකක් එකතු වෙලා කරපු හොඳ වැඩක්.
ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරලම කතාබහ අවසන් කරමු?
ලබන අවුරුද්දේ මගේ දෙමිළ ගීත පැත්තට තියෙන වැඩ ටික මම ෆෝකස් කරලා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක පොඩ්ඩක් කල්ගියා මගේ ඉතිරි වැඩත් එක්ක. ඇත්තටම ප්ලෑන් කරපු ගීත ගොඩක් තියෙනවා. ලබන අවුරුද්දේ විදේශ සංචාර සහ සංගීත වැඩකටයුතු ගොඩක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක තමයි ඉදිරිය සැලසුම් වෙලා තියෙන්නේ. ඒ වගේම හැමෝටම ස්තුතිවන්ත වෙනවා මගේ නිර්මාණත් එක්ක හිටියට. ඒ හින්දම තමයි මෙතරම් ගමනක් මම ඇවිත් තියන්නේ. හැමෝටම ආදරෙයි මේ තරම් දුර මාත් එක්ක හිටියට ස්තුතියි.

හිරුෂිකා ධනංජලී

SendShareShare
Previous Post

මාර මිනිස්සු ඉන්න රටක් මාලදිවයින..! තැන්ක්යූ..! VIDEO I Sri Lanka Latest News

Next Post

ගෙදර තිබ්බොත් සොරිම තමයි…! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.