• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මගේ ඒ සොඳුරු දවස ලබන වසරේ එනවා

October 16, 2019
in Heart
Reading Time: 1 min read
A A
මගේ ඒ සොඳුරු දවස ලබන වසරේ එනවා
Share on WhatsAppShare on Facebook

අද කලා ක්ෂේත්‍රයට එකතුවෙන තරු බොහොමයක් එන්නේ විවිධ සම්බන්ධකම්, හිතවත්කම් හරහා. එහෙම කිසිම දැනහැඳුනුම්කමක් නැතිව මවුපියන්ගේ සුරතේ එල්ලී පුංචි තිරයට එකතු වුණු කෙනෙක් ගැනයි මේ කියන්නේ. ඇය මුලින්ම සම්බන්ධ වුණේ 1998 බක්මහේ සිහින ටෙලිනාට්‍යයට. ඉන් පසු අතුල පීරිස් අධ්‍යක්ෂණය කළ සින්දු කියන උණ පඳුර ඒකාංගික ටෙලිනාට්‍යයේ ඇය දැක්වූ රංගන කුසලතා වෙනුවෙන් රාජ්‍ය සම්මාන ලැබුණා. අද කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරු අතරට එක්ව සිටින ඇය අයෝධ්‍යා දක්ෂිකා. ඔන්න කාලෙකට පස්සේ ඇය ‘හාට්’ එකට කතා කළා.
අයෝධ්‍යාගේ කලා දිවියට වසර විසි එකක්. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි. එදා මම ක්ෂේත්‍රයට පය තිබ්බේ කිසිම දෙයක් නොදැන. හැබැයි මගේ දක්ෂතාව මට වඩා මගේ මවුපියන් තේරුම් ගත්තා. එයාලට ලොකු වුවමනාවක් තිබුණා මාව මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කරන්න. ඉතින් මවුපියන්ගේ ආශීර්වාදයෙන් මම අද තැනක ඉන්නවා. හැබැයි මම ජනප්‍රිය වුණා කියලා කිසිම ආඩම්බරකමක් නැහැ. එදා හිටිය අයෝධ්‍යාම තමා හැමදාම.
අපට ආරංචි අයෝධ්‍යාට දැන් වැඩ නෑ කියලයි?
මට වැඩ නැතුව නෙවෙයි. මම තෝරා බේරාගෙන තමයි නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ. මාස දෙකක් විතර ගෙදරට වෙලා හිටියා. ලබන මාසයේ තව ටෙලිනාට්‍යයක වැඩ පටන්ගන්නවා. මට එහෙම තුන්සිය හැටපස් දවසෙම මගේ රූපය තිරයේ පෙන්වන්න අවශ්‍ය නෑ. අවුරුද්දට එක ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක් කළත් ඇති මට. කරන දේ හරියට කරන්නයි මට ඕනෙ.
පසුගිය දවස්වල තට්ටු දෙකේ ඉස්කෝලෙකට ගොඩවෙලා මොකද කළේ?
ලලිත් රෝහිත අධ්‍යක්ෂණය කරන තට්ටු දෙකේ ඉස්කෝලේ සිනමා නිර්මාණයේ සංගීත ගුරුවරියකගේ චරිතයක් රඟපාන්න ලැබුණා මට. ඉතින් ඒ නිසා මටත් තට්ටු දෙකේ ඉස්කෝලෙට ගොඩවෙන්න සිද්ධ වුණා. ළඟදීම සිනමාවෙන් වෙනස්ම අත්දැකීමක් දැකබලා ගන්න පුළුවන්.
දවසින් දවස අලුත් මුහුණු මේ ක්ෂේත්‍රයට එකතුවෙනවා. ඉතින් අයෝධ්‍යාට ලොකු තරගයක් ඇති නේද?
මට එහෙම කිසිම තරගයක් නැහැ. මගේ ගමන මම හෙමින් මගේ පාඩුවේ යනවා. තරග කරලා මොනව ගන්නද? මේ හදාගත්තු නම මම රැකගන්නවා. අනෙක මේ ක්ෂේත්‍රයට එන හැමෝටම දක්ෂතා තියෙනවා. මට කරන්න බැරි දේ තව කෙනෙක්ට කරන්න පුළුවන්. ඉතින් එය දැකලා මම සතුටු වෙනවා. දක්ෂතාවයයි, හැකියාවයි තිබෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ, මේ ගමන යන්න හැමෝටම පුළුවන්. ජනප්‍රිය වෙන්න හිතාගෙන මේ ගමන ගියොත් තමයි අතරමං වෙන්නේ.
බොහෝ දෙනෙක් එක රැයකින් ජනප්‍රිය වෙලා. ඔවුන්ගේ ජනප්‍රියතාවයෙන් විවිධ වැඩ කරනවා. අයෝධ්‍යාට එහෙම අදහසක් නැද්ද?
මගේ මේ ජනප්‍රියතාව මේ විදියට හොඳයි කියලා මම හිතන්නේ. මගේ රඟපෑම තියෙන්නේ කැමරාවක් ඉදිරිපිට විතරයි. එතැනින් එහාට මමත් සාමාන්‍ය කෙනෙක්. මම රූපලාවණ්‍ය සහ ඩාන්සින් හදාරනවා. ඒත් තවම මට අදහසක් නැහැ මගේ නමින් මොනවත් අරඹන්න. මට අවශ්‍ය හැදෑරීමක් ඇතිව මේ ගමන හෙමිහිට ඉදිරියට යන්න තමයි.
ආයෝධ්‍යා ළඟදි විවාහ වන බව ඇත්තද?
තවම ඒ ගැන හිතලා නැහැ. දින, කාල වකවානුවක් දැනගත්තම පස්සෙ හැමෝටම කියන්නම්. ගොඩක් දුරට ලබන අවුරුද්දේ මගේ ඒ සොඳුරු දවස උදාවෙයි.
විවාහයෙන් පස්සේ පෙම්වතා රඟපෑමට තහංචි දාවි?
කවදාවත්ම නැහැ. ඔහු ගැන මට තියෙන්නේ ලොකු විශ්වාසයක්. ඔහු මේ ක්ෂේත්‍රය ගැන හොඳට අවබෝධ කරගෙන ඉන්නේ. ඔහුගේ විශ්වාසය මම හැමදාම රකිනවා. ඒ වගේ පෙම්වතෙක් ලබන්න මමත් පින් කරලා ඇති.
පෙම්වතාගෙන් ලැබුණු වටිනාම තෑග්ග ඇයි හංගන්නේ?
ඔහුගෙන් ලැබුණු තෑග්ග මට මිල කරන්න බැහැ. මගේ ජීවිතයට වටිනා මවුපියො දෙන්නෙක් ලැබුණා. මගේ මවුපියන්ට වටිනා පුතෙක් ලැබුණා. ඉතින් මවුපියන්ගෙන් ලැබුණු ආදරය රැකවරණය ඔහුගෙන් මට ලැබෙනවා. අපේ ආදරයට අවුරුදු හතරක් වෙනවා. ඉතින් මේ තරම් බැඳීමක් ගොඩනැඟුණෙත් අපි අතර බැඳුණු විශ්වාසය නිසා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ජනපතිවරණය ගැන තවත් හෙළිදරව්වක්

Next Post

TNA හදිසි තීන්දුවක් ගනී: පක්ෂ 3ටම ලිපි යවයි

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.