• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

යූඑන්පී අපේක්ෂකයා ‌තෝරන්නේ ‌මෙහෙමෙයි… (උපුල් ‌ජෝෂප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

August 25, 2019
in Gurudawa
Reading Time: 4 mins read
A A
යූඑන්පී අපේක්ෂකයා ‌තෝරන්නේ ‌මෙහෙමෙයි… (උපුල් ‌ජෝෂප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

“මොකක්ද මේ රනිල් කරන්නේ…
පොහොට්ටුව අපේක්ෂකයා නම් කරලත් ඉවරයි…
ජේ.වී.පී.ය අපේක්ෂකයා නම් කරලත් ඉවරයි…
යූ.ඇන්.පී.ය බුදිද…
යූ.ඇන්.පී.යට අපේක්ෂකයෙක්වත් නම් කරගන්න බැරිද…”

මේ දවස්වල සමහර යූ.ඇන්.පී.කාරයෝ හන්දියක් හන්දියක් ගානේ කියන කතාවය.
“යූ.ඇන්.පී. අපේක්ෂකයා කලින් නම් කරන්න කියලා කියන කවුරුත් යූ.ඇන්.පී.කාරයෝ නෙවෙයි. යූ.ඇන්.පී. ඉතිහාසය දන්න අයත් නෙමේ. යූ.ඇන්.පී. ජනාධිපති අපේක්ෂකයා නම් කරන ප්‍රශ්නේ ඉස්සෙල්ලාම ආවේ 1988දී. 1981 ජේ.ආර්. ඉල්ලපු හින්දා ප්‍රශ්නයක් වුණේ නැහැ. 1988 ජනාධිපතිවරණ දින ළං වෙද්දී ජේ.ආර්. ඉල්ලන්නේ නැහැ කියලා තීරණය කළාම ජේ.ආර්.ගේ මිත්‍රයෝ ජේ.ආර්.ගෙන් ඇහුවා කොහොමද දැන් අපේක්ෂකයා තෝරන්නේ කියලා. ජේ.ආර්. එයාගේ මිත්‍රයන්ට දුන්නේ අපූරු උත්තරයක්. යූ.ඇන්.පී. අපේක්ෂකයා හරියටම මනමාලයෙක් වගෙයි. මනමාළි තමයි යූ.ඇන්.පී.ය. තාත්තා තමයි පක්ෂයේ නායකයා. මව තමයි පාක්ෂිකයන් නියෝජනය කරන කෘත්‍යාධිකාරි මණ්ඩලය. අපේක්ෂකත්වය ඕනා නම් නායකයාගේයි, කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ගන්න ඕන. එහෙම නැතුව හොර පාරෙන් පක්ෂය උස්සාගෙන යන්න බැහැ. ජේ.ආර්. එහෙම කීවේ හයියෙන් හිනාවෙමින්.”
මෙහෙම කිව්වේ අද දේශපාලනයෙන් විශ්‍රාම ගිහින් ඉන්න පරණ යූ.ඇන්.පී. කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයෙකි. ඔහු කී කතාව හරිය. 1981 ජනාධිපතිවරණයේදී යූ.ඇන්.පී.යට අපේක්ෂක ප්‍රශ්නයක් තිබුණේ නැත. පක්ෂ නායකයා අපේක්ෂකයා විය. 1988 ජනාධිපතිවරණයට ජේ.ආර්.ට තරග කළ නොහැකි විය. ඒත් එවකට ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සහ සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූගේ බල කිරීම මත ජේ.ආර්. තව වතාවක් තරග කරන්න ව්‍යවස්ථාව වෙනස් කරන්න නීති කමිටුවක් පත් කළේය. පසුව ජේ.ආර්. නැවත තරග කරන අදහස අතහැරියේය. ජේ.ආර්. අදහස අතහැරියාට පසු අපේක්ෂකත්වයට නම් තුනක් ගැන මාධ්‍ය කතා කළහ. පළමුවැන්න අගමැති ප්‍රේමදාසය. දෙවැන්නා ගාමිණීය. තෙවැන්නා ලලිත් ඇතුළත්මුදලිය. හැබැයි මේ තුන්දෙනා කවදාවත් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව කීවේ නැත. මේ නම් තුන ගැන කතා වෙද්දීත් ප්‍රේමදාස හිටියේ විදේශගත වෙලාය. ඒ වෙලාවේ ප්‍රේමදාස ඉන්දියාවේ සහ නේපාලයේ මාසයක විදේශ සංචාරයක නිරත විය. මේ විදේශ සංචාරය ගැන ජේ.ආර්. ප්‍රේමදාසගෙන් ඇසූ විට ඔහු කීවේ තමාට රටින් පිට වී සිටින ලෙස ජ්‍යොතිෂ උපදෙස් ලැබී ඇති නිසා විදේශගත වන බවය. මේ කාලයේ ජේ.ආර්.සහ ප්‍රේමදාස අතර සබඳතාද නරක තත්ත්වයක තිබුණි. හේතුව ඔහු ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහි වීම සහ 1988 පළාත් සභා මැතිවරණය මඟහැර සිටීමය. ජේ.ආර්. තරග නොකරනවා නම් ප්‍රේමදාස අපේක්ෂකත්වය බලාපොරොත්තුව සිටින බව ජේ.ආර්. දැන සිටියේය. ඒත් ප්‍රේමදාස එය ප්‍රසිද්ධියේ කීවේ නැත. තමාට එය නොලැබෙන බව තේරුම් ගෙන ඔහු කීවේ තමා දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවය. ඔහු අපේක්ෂකත්වය ගන්න ජේ.ආර්.ට සහ පක්ෂයට බලපෑම් කළේ විශ්‍රාම යන කතාව ප්‍රචාරය කරමින්ය. අපේක්ෂකත්වය ගන්න ගාමිණී එළියේ කිසි දෙයක් කළේ නැත. හැබැයි ජේ.ආර්.ව තම ග්‍රහණයට ගත්තේය. ජේ.ආර්.ද එකල රට වටේ ගියේ ගාමිණී සමඟය. හැමෝම හිතුවේ ගාමිණීට අපේක්ෂකත්වය දෙයි කියාය. ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න ජේ.ආර්.ව පොළඹවා ගත්තේ ජේ.ආර්.ගේ බෑණා රනිල් සහ පක්ෂ ලේකම් රන්ජන් විජේරත්නය. ඔවුන් දෙදෙනා ජේ.ආර්.ගේ පුත් රවිවද ජේ.ආර්.ගේ ඔළුව වෙනස් කරන්න යොදාගත්හ. ඒත් ජේ.ආර්.ගේ ස්ථාවරය වූයේ ප්‍රේමදාස තමාගේ විශ්වාසය දිනාගන්නා තෙක්, ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින තෙක් අපේක්ෂකත්වය දිය නොහැකි බවය. එය ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ සඳහන් වන්නේ මෙසේය.


“ජනවාරි 17 වැනි දින ජේ.ආර්. එජාපයේ නව කෘත්‍යාධිකාරි මණ්ඩලය නම් කළේය. එය සහ මන්ත්‍රි කණ්ඩායම එක්ව අනාගතයේදී නව ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරනු ඇත. මේ කමිටුවෙන් තුන්දෙනක් ඉවත් කර තිබිණි. එනම් රොනී ද මැල් සහ අගමැති ප්‍රේමදාසගේ සමීපතම ආධාරකරුවන් වූ කොළඹ දිස්ත්‍රික් අමාත්‍ය වීරසිංහ මල්ලිමාරච්චි සහ කොළඹ නගරාධිපති සිරිසේන කුරේය. මෙය අගමැතිවරයාට රතු එළිය පෙන්වීමක් බව පැහැදිලිව පෙනුණි. එනම් ස්වකීය ප්‍රතිපත්තීන්ගෙන් දැඩි සේ ඉවත් වීමට ජනාධිපතිවරයා කිසිසේත් ඉඩ නොදෙන බවයි. තවමත් තමාගේ ස්වාභාවික අනුප්‍රාප්තිකයා ප්‍රේමදාස විය යුතු බව ජේ.ආර්. කල්පනා කළේය. එහෙත් එය ජේ.ආර්.ගේ නම් කිරීම මත සහ පක්ෂයේ තේරීමක් ලෙස මිස තමන්ගේ ඉදිරිපත්වීමක් ලෙස නොවිය යුතුය. මේ සියල්ලෙහි අන්තර්ගත දේශපාලන සංඥාව වූයේ තම පරිපාලනයේ අවසන් වසර තුළදී ජේ.ආර්. පඹයකු ලෙස සිටීමට අකමැති බවය.”
ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානය
පිට 127-130

ඒ වෙලාවේ ජේ.ආර්. හිටියේ අද අගමැති රනිල් ඉන්නවාටත් වඩා දුෂ්කර තැනකය. රටේ හැම තැනම ජේ.ආර්. මරමු කියා ලේ වැකි ලියැවිණි. රට දිව්වේ ජවිපෙ තුණ්ඩු කෑල්ලෙනි. ජේ.ආර්.ගේ නියෝග ක්‍රියාත්මක නොවීය. උතුරෙන් ප්‍රභාකරන්ද, දකුණෙන් විජේවීරද ජේ.ආර්.ගේ ආණ්ඩුව අන්ත අසරණ කර තිබිණි. ඒත් ජේ.ආර්. හිතුවේ ජනාධිපති අපේක්ෂයා තෝරාගත යුත්තේ තම අභිමතය පරිදි කියාය. පක්ෂයත් එම මතයේම සිටියහ. ජේ.ආර්. අපේක්ෂකයා නම් කරන්න කලබල වූයේ නැත. මෙය ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ සඳහන් වන්නේ මෙසේය.
“එජාපයේ ජනාධිපති ධුර අපේක්ෂකයා කවරෙක්ද යන්න ප්‍රකාශයට පත්කිරීම අවශ්‍ය යැයි ප්‍රශ්න කෙරුණ විට ජේ.ආර්. කළේ මේ වන විට ආසන්නව තිබුණ ප්‍රංශ ජනාධිපතිවරණය සඳහා තරග කරන්නේ කවරෙක්ද කියා එහි ජනාධිපති විතරොං ඒ වන තෙක් පවසා නොතිබීමේ සිද්ධිය අනුගමනය කිරීමය. ජේ.ආර්.ගේ අදහස වූයේ ස්වකීය ජනාධිපති අපේක්ෂිකාව බණ්ඩාරනායක මැතිනිය බව කල් තබා ප්‍රකාශයට පත් කිරීමෙන් ශ්‍රීලනිපය ලොකු වැරැද්දක් කර ගත් බවය. එමඟින් ඇගේ පැරැණි වාර්තාවන් මත ඇයට ප්‍රහාර සැලැසුම් කිරීම සඳහා එජාපයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කල් ලැබිණි.”
ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානය
පිට 148

ප්‍රේමදාසට අපේක්ෂකත්වය දුන්නත් ප්‍රේමදාසට දිනන්න නම් පක්ෂය එක්සත් විය යුතු බව ජේ.ආර්. දැන සිටියේය. ප්‍රේමදාසද තමාට අපේක්ෂකත්වය දෙනවා නම් තමාගේ ජනාධිපති අපේක්ෂක තරගකරුවන් වන ලලිත් සහ ගාමිණීගේ සහාය තමාට හිමි විය යුතු බව කීවේය.
“මම එන්නේ දිනන්න. පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී මගේ නම යෝජනා කරන්න ඕන ලලිත්. ස්ථිර කරන්න ඕනා ගාමිණී. එහෙම වුණොත් විතරයි මම අපේක්ෂකත්වය භාර ගන්නේ…”
ප්‍රේමදාස පක්ෂ ලේකම් රන්ජන්ට කීවේය. ජේ.ආර්. ඒ වැඬේ කරල දුන්නේය. ප්‍රේමදාසගේ නම ප්‍රකාශයට පත්කළේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළාට පසුවය. ප්‍රේමදාස දිනවන්න ලලිත් සහ ගාමිණී බැහැලම වැඩ කළේය. ප්‍රේමදාසට දිනන්න තොණ්ඩමන්ගේ සහාය අරන් දුන්නේ ජේ.ආර්.ය. උතුරේ දමිළ සහාය අරන් දුන්නේ ගාමිණීය. නැඟෙනහිර අස්රෆ්ගේ සහාය අරන් දුන්නේ ලලිත්ය. දින්නාට පසු ප්‍රේමදාස කීවේ ඔවුන් තමාව පරද්දන්න වැඩ කළා කියාය. තමාට අපේක්ෂකත්වය දුන්නේ තමාට ආදරයකට නොව තමාව පරාජය කොට ගෙදර යවන්න යැයි කීවේය. පක්ෂය එතැනින්ම දෙකඩ විය.


1994 ජනාධිපතිවරණයට ප්‍රේමදාස සිටියේ නැත. ඔහු ඝාතනයට පත්විය. 1994 ජනාධිපතිවරණයට කළින් මහ මැතිවරණය පවත්වා යූ.ඇන්.පී.ය පරාජය වී තිබිණි. ඒත් ජනාධිපති සහ පක්ෂ නායක විජේතුංග තමා ජනාධිපතිවරණයට ඉල්ලන බව කීවේය. ජනාධිපතිවරණයට කලින් විපක්ෂ නායක ධුරයට ඡන්දයක් පැවැතුණි. එයට තරග කළේ ගාමිණී සහ රනිල්ය. රනිල් ගාමිණීට පරාජය වූයේ ඡන්ද දෙකකිනි. ගාමිණී ජනාධිපතිවරණයට තරග කරන්න කැමැත්තෙන් පසුවිය. ඒත් ප්‍රසිද්ධියේ කීවේ නැත. ගාමිණී ජනාධිපති අපේක්ෂකදැයි මාධ්‍ය ප්‍රශ්න කළත් ගාමිණී එය මඟහැරියේය.
“ජනාධිපතිවරණයට ජනාධිපති එන්නේ නැත්නම් නියෝජ්‍ය නායක ලෙස ඔබ ඉදිරිපත් විය යුතුයි නේද?”
පුවත්පත් සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් ගාමිණීගෙන් ප්‍රශ්න කළේය.
“එය පක්ෂය විසින් තීරණය කළ යුත්තක්” ගාමිණී කීවේය. ගාමිණීගේ යුග මෙහෙවරක කතාව නම් වූ චරිතාපදානයේ මෙසේ සඳහන් වේ.
“ගාමිණී ජනාධිපති අපේක්ෂකත්වයට පත්වීමේ පුවතද විශ්මයජනක සංසිද්ධියකි. ඔහු සිය පුනරාගමනයෙන් පසු මාධ්‍ය සමග පැවැති සාකච්ඡාවකදී අනාවරණය සහ අවධාරණය කළේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා වනුයේ ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයාම බවය. ගාමිණීගේ කණිටු පුත් මයන්ත සඳහන් කළේ ඉදිරි මැතිවරණ අරමුදල් සඳහා ප්‍රදානය කිරීමට මුදල් රැගෙන පැමිණි ව්‍යාපාරිකයන් ධනවතුන් ගාමිණී ජනාධිපතිවරයා වෙත යොමු කළ බවය.”
යුග මෙහෙවරක කතාව

විජේතුංග ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්න තීරණය කළ විට ගාමිණී තරග කරන්න තම කැමැත්ත ප්‍රකාශ කළේය. කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ගාමිණීගේ නම යෝජනා විය. රනිල් සහ ප්‍රේමදාසවාදීන්ද ගාමිණීගේ නමට විරුද්ධ නොවීය. ගාමිණීගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කළේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළාට පසුවය.
ගාමිණී දිසානායක ඝාතනය වූ විට යළි අපේක්ෂක ප්‍රශ්නය මතුවිය. අපේක්ෂකත්වය ශ්‍රීමා දිසානායකට දෙන්න ගාමිණීවාදීන්ට වුවමනා විය. රනිල් අපේක්ෂකත්වය භාර ගැනීමට කැමැත්ත පළ කළේය. පක්ෂ ජ්‍යෙෂ්ඨයන් රනිල්ට සහාය පළ කළේය. ඒ.සී.එස්. හමීඞ් දෙපාර්ශ්වයට එකඟ විය හැකි විසඳුමක් දුන්නේය. ශ්‍රීමාට අපේක්ෂකත්වය දෙන්නත් ශ්‍රීමා පරාජය වුවහොත් පක්ෂ නායකත්වය රනිල්ට දෙන්නත්ය. පක්ෂ නායක විජේතුංග එයට කෘත්‍යාධිකාරි මණ්ඩලය එකඟ කරවා ගත්තේය.
1999 සහ 2005 ජනාධිපතිවරණ සඳහා අපේක්ෂක ප්‍රශ්නයක් මතු නොවීය. හේතුව පක්ෂ නායක රනිල් තරග කළේය. 2010දී රනිල්ට තරග නොකරන ලෙස පක්ෂයට එක් වුණ මංගලලා යෝජනා කළේය. රනිල් පිළිගත්තේය. අපේක්ෂකත්වයට ෆොන්සේකාගේ නම යෝජනා කළේද මංගල පාර්ශ්වයය. රනිල් කැමැති විය. ඔහු ෆොන්සේකා පොදු අපේක්ෂකයා කරන යෝජනාව ගැන ජවිපෙ සමඟ සාකච්ඡා කරන්න මංගල සහ තිස්ස අත්තනායකව නම් කළේය. ජවිපෙ කීවේ තමන් ෆොන්සේකාගේ අපේක්ෂකත්වය යෝජනා කළ පසු යූ.ඇන්.පී.ය ෆොන්සේකාගේ අපේක්ෂකත්වය අනුමත කළ යුතු බවය. එවිට රටට පේන්නේ අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ ජවිපෙ කියාය. මංගල රනිල්ට එය දැනුම් දුන් විට රනිල් එයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය අරන් දුන්නේය. ජවිපෙ කොන්දේසිය මත හංසයාගෙන් තරග කරන්නත් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය අරන් දුන්නේය. ෆොන්සේකාගේ අපේක්ෂකත්වය රටට ඉදිරිපත් කළේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළාට පසුවය.
2015 යළිත් මේ අපේක්ෂක ප්‍රශ්නය මතුවිය. පහත දැක්වෙන්නේ සන්ඬේ ටයිම්ස් පුවත්පතේ ලියුම්කරු එය වාර්තා කළ අන්දමය.
“2015 ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා රනිල් පත්කළ මන්ත්‍රි 20කගෙන් යුත් කමිටුවට ආ සජිත් ප්‍රේමදාස කීවේ පක්ෂයේ අපේක්ෂකයා ලෙස නායක රනිල්ගේ නම ප්‍රකාශයට පත්කරන්න කාලය හරි යැයි කියාය. පක්ෂ මහලේකම් තිස්සද එයට සහාය පළ කළේය. රනිල් කීවේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන තෙක් සිටිය යුතු බවය. පක්ෂයේ අපේක්ෂකයාගේ නම යෝජනා කරන පෙර එජාපයට සහාය දෙන අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බව ඔහු කීවේය. මංගලද කීවේ පක්ෂ අපේක්ෂකයා නම් කිරීම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන තෙක් සිටිය යුතු බවය.”
සන්ඬේ ටයිම්ස්
12-10-2014

2015 ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කළේ චන්ද්‍රිකාය. රනිල් කළේ මෛත්‍රිගේ අපේක්ෂකත්වය කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් අනුමත කිරීමය.
මේ ඉතිහාසයෙන් පේන්නේ යූ.ඇන්.පී.ය ජනාධිපති අපේක්ෂකයා නම් කර ඇත්තේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළාට පසුව බවය. එය සිදුවී ඇත්තේ පක්ෂ නායකයා විසින් පත් කරන කමිටුවකින් නම් යෝජනා කිරීමෙන්ය. අපේක්ෂකත්වය සම්බන්ධව ප්‍රශ්න මතවූ විට ඡන්ද පවත්වා පක්ෂය බෙදීමකට ඉඩ නොදී හැමෝගේම එකඟතාවයෙන් අපේක්ෂකයා නම් කර ඇත. පක්ෂ අපේක්ෂකයා අවසන් මොහොතේ නම් කිරීම ගැන ජේ.ආර්. කී කතාව හරිය.
ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ ජනාධිපතිවරයෙක් තරග කොට ජයගත් අවස්ථා හැරෙන්න ජනාධිපති නොවන අයෙක් තරග කොට ජයගත් අවස්ථාවල ජයගත් අපේක්ෂකයා නම් කොට ඇත්තේ අන්තිම මොහොතේය. 1988 ජනාධිපතිවරණයට ප්‍රේමදාස ආවේ අන්තිම මොහොතෙහිය. ඔහු දින්නේය. 2005 ජනාධිපතිවරණයට මහින්ද ආවේ අන්තිම මොහොතෙහිය. ඔහු දින්නේය. 2015 ජනාධිපතිවරණයට මෛත්‍රිපාල ආවේ අන්තිම මොහොතෙහිය. ඔහුත් දින්නේය.
“ඉතින් දැන් මේ යූ.ඇන්.පී.යට ඇවිත් තියෙන හදිස්සිය මොකක්ද…?”
මේ හදිස්සිය තියෙන්නේ යූ.ඇන්.පී.යට නොව මෛත්‍රිටය. මෛත්‍රි තමාගේ සහාය ගන්න නම් තමාට පිළිගත හැකි අපේක්ෂකයෙක් නම් කරවාගෙන වරෙල්ලා කියා ඔහුට හිතවත් යූ.ඇන්.පී. මැති ඇමැතිවරු උසිගන්වන්නේ යූ.ඇන්.පී.ය දෙකඩ කර පොහොට්ටුව එක්ක හොඳ ගනුදෙනුවකට යන්නටය. පසුගියදා මහින්දගේ නිල නිවසේ පැවැති පොහොට්ටු පක්ෂ නායක රැස්වීමකදී ඇතැමුන් කීවේ මෛත්‍රි සජිත්ට සහතික දෙන නිසා මෛත්‍රිට පහර ගහන්න පටන්ගත යුතු බවය.
“ඔයගොල්ලන්ට පිස්සුද? මෛත්‍රි කරන්නේ යූ.ඇන්.පි.යේ ප්‍රශ්න හදන එක. ඒක අපිට ලොකු උදව්වක්…”
මේ මහින්ද දුන්න උත්තරයය. මේ ටික නොදත් යූ.ඇන්.පී. මැති ඇමැතිවරු අපේක්ෂකයා නම් කරන්න කිය කියා රනිල්ගේ ගේ වටේ දුවන්නේ මංමුලාවූවන් වගේය.

SendShareShare
Previous Post

අද සිට මව්රට රට ‌පෙරළනවා

Next Post

පළමු ජනපතිවරණ ප්‍රතිපලය ‌පේරාදෙණියෙන් පිටවෙයි

MORE NEWS

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සජිත් පණ මදිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News
Exclusive

සජිත් පණ මදිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

අගවිනිසුරු පත්කිරීම..! ආතර්ගේ සිට පද්මන් සූරසේන දක්වා..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු පත්කිරීම..! ආතර්ගේ සිට පද්මන් සූරසේන දක්වා..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

හොරු සහ බොරු! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

හොරු සහ බොරු! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

ප්‍රේමදාසගේ ඡන්ද ලක්ෂ 25 තියෙනවා..! ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ප්‍රේමදාසගේ ඡන්ද ලක්ෂ 25 තියෙනවා..! ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.