අරලියගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වූ මැරයන් විසින් ගෝඨා ගෝ ගම නිරායුධ විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කළ මැයි මාසයේ නම වන දා උදෑසන හදිසියේම රටින් පිටත්ව ගිය යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිද, මේ වන විට නැවතත් ලංකාවට පැමිණ තිබෙන බව ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා කොට ඇත.
සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මැයි 24 වන අගහරුවාදා රාත්‍රී 11.45 ට යෝෂිත සහ ඔහුගේ බිරිද දිවයිනට පැමිණ ඇති බව පැවසේ.
ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර සිටින ආකාරයට, ඔවුන් දෙදෙනා මෙරටට පැමිණ ඇත්තේ සිය අනන්‍යතාවය හැකිතාක් සගවා තබා ගනිමිනි.
ඔවුන් කැප් තොප්පි පැළද සිටි බවත් අදුරු පැහැති ඇදුම් ඇද සිටි බවත් ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.











