• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විමල් සුපුරුදු අධිරාජ්‍යවාදී කාඩ් එක එළියට අදී! කොල්ලො කෙල්ලන්ගේ අරගලයටත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ලේබල් එක ගහයි! ගෝඨාව බේරයි! අන්තර්වාර වැඩේට ලෑස්ති වෙයි!

May 2, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
විමල් පිලෙන් ගෝඨාට කොන්දේසියක්! ජනපතිට-අගමැතිට-බැසිල්ට දරුණු ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මේ මොහොතේ වහාම දේශපාලන ස්ථාවරත්වය ඇති කළ යුතු බවත්, එසේ නොවුණහොත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ හරහා රජය අස්ථාවර විය හැකි බවත් ජනිපෙ නායක විමල් වීරවංශ මහතා සදහන් කරයි.

මැයි දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ තරුණ අරගලය හරහා මෙය සිදුවිය හැකි බවටය.

එම නිවේදනය මෙසේය.

පැය අටක වැඩ මුරයක් ඉල්ලා සටන් වැද එම සටනේදී දිවි දුන් කම්කරු විරුවන් සමරමින් ඇරඹි ජාත්‍යන්තර කම්කරු දිනයේ 136 වැන්න යෙදී ඇත්තේ අදට ය. මේ මොහොතේ ලොව පුරා වෙසෙන වැඩකරන ජනතාවට අවබෝධ කර දී ඇති යථාර්ථය වන්නේ නව ලිබරල්වාදී පැලැස්තර ඇලවීමෙන් තමන් පමණක් නොව මුළුමහත් සමාජය මුහුණදී ඇති ගැටළු, අර්බුදයන් විසඳිය නොහැකි බව ය; සමාජය තුළ මතුව ඇති ගැටළු, අර්බුදයන් ඒවායේ මූලයන් සොයා ගොස් විසඳිය යුතු බව ය.

මෙවර ජාතන්තර කම්කරු දින සැමරුම එළඹෙන්නේ අප ජන සමාජය තම ඉතිහාසය තුළ බරපතළම ආර්ථික අර්බුදයට මුහුණ පා සිටින මොහොතක ය. මෙය පෙන්නුම් කරන්නේ විදේශ විනිමය අර්බුදයක් ලෙසිනි; රටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, කිරිපිටි, කඩදාසි ඇතුළු ආනයනික ද්‍රව්‍ය ගෙන්වාගැනීමට විදේශ විනිමය හිඟකමින් හා භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමෙන් ජන සමාජය බරපතළ පීඩාවට පත්ව ඇති මොහොතක් ලෙසිනි. අප ඉහත කී අන්දමින් එම අර්බුදය ද විසඳිය යුත්තේ එහි මූලය සොයා ගොසිනි. එතෙක් පැවති අපගේ දේශීය නිෂ්පාදනය මත බර තැබූ ආර්ථික ක්‍රියාදාමය වෙනුවට 1977දී හඳුන්වාදුන් විශාල ණය ප්‍රාග්ධනයක් රට තුළට පොම්ප කරනු ලැබූ විවෘත වෙළඳපළ ආර්ථික ක්‍රමය එහි මූලයයි. එම වැරදි ගමනේ කෙළවරට අප අද පැමිණ තිබේ. මේ තත්ත්වයට පැලැස්තර විසඳුම් සෙවීම වෙනුවට මෙම වැරදි සමාජ ආර්ථික මොඩලය අතහැර නව සමාජ ආර්ථික මොඩලයක් අතැතිව මේ අර්බුදය ජයගැනීමට පෙළගැසීම මෙරට වැඩ කරන ජනතාවගේ මේ මොහොතේ වගකීම වී තිබේ.

එහි පූර්ව පියවරයන් ලෙස නව තරුණ පරපුර ඉල්ලා සිටින සමාජ සාධාරණත්වය හා යුක්තිය ඉටු කරලීමට කටයුතු කරමින් ද 1977 සිට බරපතළ ලෙස පැවැත්මට ආ දූෂිත
දේශපාලනය පමණක් නොව දූෂිත රාජ්‍ය සේවය, දූෂිත සමාජය පවිත්‍රකරණයට ලක් කරමින් ද අප ආර්ථිකයේ පවතින ‘හිල්’ වසමින් ද එම ගමන ඇරඹිය යුතුව ඇත. එහෙත් මේ මොහොතේ සමාජ ස්ථාවරත්වය අවශ්‍යව තිබේ. සමාජ ස්ථාවරත්වය ඇති කිරීමට පෙර දේශපාලන ස්ථාවරත්වය ගොඩනැගිය යූතුව ඇත. එසේම මෙම අර්බුදය හරහා ශ්‍රී ලංකා රාජ්‍යය දියකර හැරීමට යොදා ගන්නා, අත්පත් කර ගැනීමට යොදා ගන්නා අධිරාජ්‍යවාදී අතපෙවීම් කෙරෙහි සැලකිලිමත් විය යුතුය. ශ්‍රී ලංකා රාජ්‍යය බිඳ වැටෙන තැනට කටයුතු කිරීමට ඉඩ දී නිහඬව සිටීමට, මේ රට තවත් ලිබියාවක්, ඉරාකයක් වීමට ඉඩ දී නිහඬව සිටීමට ද මෙරට වැඩකරන ජනතාව ලෙස අපට හැකියාව තිබේද?

එබැවින් මෙම අරාජිකත්වය වර්ධනය වීමට ඉඩ හරිනවා වෙනුවට මෙම අර්බුදය පාලිත තත්ත්වයට ගත යුතුය. ඒ සඳහා මේ මොහොතේ කළ යුත්තේ විධායක ජනාධිපති ධුරය ද ඉවත්කර රට තවදුරටත් අස්ථාවර කිරීම නොවේ. රටට අභිවෘද්ධිය සලසන වැඩපිළිවෙළකට සහ රට පිළිබඳ සාමූහික තීන්දු තීරණ ගන්නා සියලු පක්ෂවලින් සැදුම්ලත් ව්‍යුහයකට වත්මන් ජනාධිපතිවරයා එකඟ කරවාගෙන වත්මන් අගමැතිවරයා ඇතුළු පවතින ආණ්ඩුව පූර්ණ ලෙස ඉවත් කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ය.

ඒ වෙනුවෙන් අදාළ පාර්ශවයන්ට බලකරමින් අරඹන පෙළගැස්ම තුළින් රට ස්ථාවර කොට වත්මන් ආර්ථික අර්බුදය ද ජය ගනිමින් යන ගමනක් හරහා හෙට දවසේ තම වෘත්තීය අරගල ජය ගැනීමට ද මෙරට වැඩ කරන ජනතාවට ධෛර්යය හා ශක්තිය පතන්නෙමු!

විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2022.05.01

SendShareShare
Previous Post

තිබ්බතයේ පහළ වූ බුදුවරු! ධර්මඩොඩේතුමාගේ ඉරණම දුටු මර්පා ලෝත්සාවා!

Next Post

පොහොර නැතිව වගාව විනාශයි! කන්න‌ බොන්නවත් නෑ! ගල්ගමුවේ ගොවියෙක් හේනේ ගෙල වැළලාගෙන මියයයි!

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.