ආර්ථික පීඩනය දරාගත නොහැකිව හැට හැවිරිදි පියකු ගෙල වැල ලාගෙන මිය ගොස් තිබෙනවා.
ගල්ගමුව – වලස්වැව පදිංචි ව සිටි පුද්ගලයකුයි මෙලෙස මරණයට පත් වී ඇති බවයි අපට වාර්තා වුනේ.
මොහු තම බිරිඳ සමඟ කුඩා පැල්පතක ජීවත් වී ඇති අතර, රැකියාව ලෙස හේන් ගොවිතැන හා කුලී වැඩ සිදු කරමින් හිඳ තිබෙනවා.
මිය ගිය පුද්ගලයා පුහුල් වගාවක් සිදු කරගෙන ගොස් තිබී ඇති අතර, තෙල් පොහොර නො මැති වීම නිසා එය ද අසාර්ථක වී ඇතී බවයී විමර්ශණ වලදි හෙලවී ඇත්තේ.
වත්මන් අර්බුද තත්ත්ව හමුවේ අහාර පාන පවා නිසි පරිදි සපයාගැනීමට නො හැකි වීම නිසා, මොවුන් කලක පටන් ජීවත් වී ඇත්තේ, අතිශය අසීරු තත්ත්වයක යි.
මෙම පියා පසුගිය 29 වැනි දා උදෑසන නිවසින් පිට ව ගිය බවත් සවස් වන තුරු ම ඔහු නිවසට නොපැමිණි බවයි ඔහුගේ බිරිඳ පවසන්නේ .
පසුව මිනිබිරිය හේනට ගොස් විපරම් කිරීමේ දී මිය ගිය පුද්ගලයාගේ එල්ලී මිය ගිය නිසල සිරුර ගසක තිබෙද්දී හමු වී ඇති බවටයි වාර්තා වන්නේ. -අරුණ










