විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමැති තනතුරුවලින් ඉවත් කිරීම සහ ඇමැති මණ්ඩලයේ කිහිපදෙනකුගේ ඇමැති තනතුරු වෙනස්වීම සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේද වෙනසක් කළ බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
මේ අනුව විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන හිටපු ඇමැතිවරුන් සඳහා ආණ්ඩුපක්ෂයේ පසුපෙළ අසුන් පැනවූ බවද ඔහු සඳහන් කළේය.
විමල් වීරවංශ මහතාට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ 73 වැනි ආසනයත් උදය ගම්මන්පිල මහතාට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ 78 වැනි ආසනයත් මේ අනුව හිමිවනු ඇත.
කෙසේවෙතත් ඇමැති ධූරයේ වගකීම්වලින් ඉවත් වුවද ඇමැතිකමෙන් අස්වී නොමැති නිසා වාසුදේව නානායක්කාර මහතාගේ ආසනය වෙනස් නොවනු ඇත.