• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වීරයා මහින්දද පුටින්ද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

March 6, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
වීරයා මහින්දද පුටින්ද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

මහින්දත්, රුසියානු ජනාධිපති පුටිනුත් බලයට එන්නේ එකම දේශපාලන වාතාවරණයකය. දෙදෙනාටම බලයට ඒම සඳහා බලපෑවේ පොදු කරුණුය.

පුටින් බලයට එන්නේ සෝවියට් දේශය බිඳවැටීමෙන් අනතුරුව ජනාධිපතිකම් කළ බොරිස් යෙල්ට්සින්ට පසුවය. යෙල්ට්සින් එකල ප්‍රචලිතව සිටියේ ඇමෙරිකාවටත්, බටහිරටත් හිතවත්ව ඇමෙරිකාවේ පදයට නටන ජනාධිපතිවරයකු ලෙසටය. එමෙන්ම යෙල්ට්සින් තදින් බීමතට ඇබ්බැහිව සිටි අයකු ලෙසටද ප්‍රසිද්ධය.

ලංකාවේ මහින්දත් බලයට එන්නේ ලංකා ආණ්ඩුව ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය හා නෝර්වේ රටවල්වලට තාල අල්ලමින් සිටි කාලවකවානුවකය. 2001-2004 කාලසීමාවේ ආණ්ඩු කළ රනිල්, එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සාම සාකච්ඡා ආරම්භ කොට සුද්දන්ට මේ රට හිතේ හැටියට පාවිච්චි කළ හැකි තැනක් බවට පත්කර තිබිණි. දවස ගානේ ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය, යුරෝපා කොමිසමේ, නෝර්වේ නියෝජිතයෝ ලංකාවට ආහ. ගියහ. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය , නෝර්වේ කියන කියන දෙය රනිල් ඉටුකළේය. අවි බිම තියන්න කී විට රනිල් අවි බිම තිබ්බේය. සාම කතා පටන්ගන්න කී විට රනිල් සාම කතා පටන්ගත්තේය. දැන් සටන් විරාම ගිවිසුමක් අස්සන් කරමු යැයි කී විට රනිල් සටන් විරාම ගිවිසුමද අස්සන් කළේය.

එවක රටේ ජනාධිපතිනිය වූ චන්ද්‍රිකාද ඊට එරෙහිව මොනවාවත් කරන්න නොගියේ චන්ද්‍රිකාද ඒ වන විට ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, නෝර්වේ සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය නිසාය. ඒ සබඳතාව කොච්චරද කියනවා නම් 2004 රනිල්ගේ ආණ්ඩුව පවරා ගැනීමෙන් පසුවද චන්ද්‍රිකා රනිල්ගේ සාම ක්‍රියාදාමය ඉදිරියට ගෙන ගියාය. එපමණක් නොව ඇමෙරිකානු, යුරෝපා, නෝර්වේ ආධාර ගන්න සුනාමි සහන මණ්ඩලය හෙවත් පී-ටොම් ගිවිසුමද චන්ද්‍රිකා එල්.ටී.ටී.ඊ.ය සමග අස්සන් කළාය. ඒ හරහා චන්ද්‍රිකා එල්.ටී.ටී.ඊ.යට උතුරු නැගෙනහිර වෙනම පාලන ඒකකයක් පවා ලබාදීමට කටයුතු කර තිබිණි. ඒ වෙන මොනවත් නිසා නොව ඇමෙරිකානු, යුරෝපා හා නෝර්වේ ආධාර ලංකාවට ලබාගැනීම සඳහාය.

2005 මහින්ද බලයට එන්නේ චන්ද්‍රිකාගේ පී-ටොම් ගිවිසුම හා සාම ක්‍රියාවලිය හරහා රට බෙදන්න ඔන්න මෙන්න කියා පවතිද්දීය.

රුසියාවේ පුටින් බලය අරන් ඉස්සෙල්ලාම කළේ යෙල්ට්සින් විසින් එතෙක් ඇමෙරිකානු යුරෝපා රටවලට අවශ්‍ය විදියට සකස් කර තිබූ රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම කණපිට හැරවීමය. පුටින් ඒ සඳහා රට ඇතුළේ ලොකු සටනක් කළේය. ඉහළ තනතුරුවලට දේශමාමක පුද්ගලයන් පත්කළේය. එහෙම කරන්න ගිහින් පුටින් බටහිර සහ යුරෝපා රටවල උදහසට ලක්විය.

පුටින් වගේම මහින්දත් ජනාධිපති වෙලා ඉස්සෙල්ලාම කළේ ඇමෙරිකාවට, යුරෝපයට, නෝර්වේ රටට අවශ්‍ය විදියට සකස් කර තිබූ මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළීමය. පුටින් වගේම රටේ ඉහළ තනතුරුවලට පරගැති නොවන නිලධාරීන් පත්කළේය. දැඩි විරෝධතා මධ්‍යයේ සරත් ෆොන්සේකා හමුදාපති කළේය. ඒ වගේම ඇමෙරිකාව කියන කියන විදියට විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවපු මංගල සමරවීරව විදේශ අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේය. සාම මහලේකම් කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ලෝක ප්‍රකට පුද්ගලයකු පූ ජයන්ත ධනපාලව ගෙදර ඇරියේය. මේ නිසා පුටින් වගේම මහින්දත් ඇමෙරිකා, යුරෝපා, නෝර්වේ රටවල උදහසට ලක්විය. එහෙම උදහසට ලක්වුණේ මහින්ද ඒවා සතපහකට ගණන් නොගෙන පළමුවෙන්ම රට වැටී තිබුණු විදේශ උගුලෙන් රට ගලවාගැනීමට කටයුතු කළේය. මහින්ද යුද්ධය ආරම්භ කළේ ඒ විදියට ජාත්‍යන්තර තොණ්ඩුවෙන් රට ගලවාගැනීමෙන් අනතුරුවය.

පුටින් කළේ බටහිර රටවලින් සෝවියට් දේශය මුදාගෙන රුසියානු ආර්ථිකය ස්වාධීනව ශක්තිමත් කිරීමය. මහින්ද පුටින් සමග එකතු වුණේත් මේ වෙලාවේය. මහින්දත් තමන් වගේම ස්වාධීනව හිතන, ස්වාධීනව වැඩකරන නායකයෙක් බව පුටින් දුටුවේය. පුටින් ලංකාව වෙනුවෙන් කෙළින් හිටගත්තේ මහින්ද ගෙනගිය මේ වැඩපිළිවෙළ නිසාය. මහින්ද යුද්ධය අවසන් කොට රට කොටි ග්‍රහණයෙන් මුදාගැනීමෙන් පසු අවුරුද්දක් පාසා ජිනීවා මානව හිමිකම් කොමිසමට ලංකාවට එරෙහිව ඇමෙරිකාවෙන් යෝජනා ඉදිරිපත් වෙද්දී ලංකාවත් එක්ක කෙළින් හිටගත්තේ වෙන කවුරුවත් නොව පුටින්ය. ඒ මහින්ද හදපු බටහිර ගැති නොවන විදේශ ප්‍රතිපත්තිය නිසාය.

මේ විදියට ගත්තාම මහින්දගෙයි පුටින්ගෙයි නැග්ම සිදුවුණේ එකම කාලයකය.

‘එතකොට දැන් මහින්දටයි, පුටින්ටයි වෙලා තියෙන්නෙ මොකක්ද?’

‘මහින්ද ඒ විදියට ජනප්‍රියත්වය රැකගෙන ඉද්දී පුටින් ඇයි වැටෙන්න පටන් අරන් තියෙන්නේ…?’

ඒකට හේතුව වෙන මොනවත් නොව, මහින්ද කරන්න බැරි දේවල් නොකර සිටීමත්, පුටින් කරන්න බැරි දේවල් කරන්න යෑමත්ය. අද පුටින් රුසියාවේ ආර්ථිකය ශක්තිමත් කරලා යුක්රේනය ආක්‍රමණය කිරීමට යෑමෙන් මුළු ලෝකයේම අප්‍රසාදයට පත්ව සිටියි. යුක්රේනය ආක්‍රමණය කරලා පුටින් ජයපැන් බිව්වත් පුටින්ට එරෙහිව ගොඩනැගුණු ලෝක ජනමතය කණපිට හරවාලීමට පුටින්ට තම ජීවිත කාලය ඇතුළතදී හැකි නොවනු ඇත. මොකද මේ වෙලාවේ මුළු ලෝකයම සිටින්නේ පුටින්ගේ දඬු අඬුවෙන් සිරවී සිටින යුක්රේන ජනාධිපති හා යුක්රේන වැසියන් එක්කය. ඒක පසුගිය සතියේදී පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී හොඳින්ම දැකගන්නට ලැබිණි. එහිදී යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සජීවීව එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතද්දී ලෝක නායකයන් සිය අසුන්වලින් නැඟිට එක දිගට සෙලෙන්ස්කිට අත්පුඩි ගසන ආකාරයක් දැකගත හැකි විය. නමුත් රුසියානු විදේශ ඇමැති එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතද්දී රාජ්‍ය නායකයන් සියලු දෙනාම පාහේ සිය ආසනවලින් නැගිට ගිය ආකාරයක් දැකගත හැකි විය.

ඒ අනුව යුක්රේනය අල්ලන්න ගිහින් අද පුටින් සිටින්නේ පඹ ගාලක පැටලිලාය. නැත්නම් අද පුටින් කොටි වල්ගයක් අල්ලාගත්තා වගේ අල්ලන් ඉන්නත් බැරි, අතහරින්නත් බැරි යුද්ධයක් නිර්මාණය කරගෙන තිබේ.

හැබැයි මහින්ද එහෙම නැත. පුටින් වගේ මහින්ද කිසි අර්බුදයක පැටලී නැත.

කොහොම වුණත් පුටින්ගේ අවසානය කොයි වගේ එකක් වනු ඇද්දැයි දැන්ම කිව නොහැකිය. ඒ වුණත් පුටින් එක්කම නැගිට්ට මහින්දට නම් ලංකා ඉතිහාසයේ විතරක් නොව ලෝක ඉතිහාසයේත් නම්බුකාර පරිච්ඡේදයක් වෙන්වීම කාටවත් වැළැක්වීමට නොහැකි වනු ඇත.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

විමල් 73ට වැටෙයි! ගම්මන්පිල 78ට යයි! වාසුට ‌මොනවා වෙයිද?

Next Post

බේකරි 1000ක් වැහෙයි! පාන් ගෙඩිය 100 පන්නයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.