• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජපක්ෂ විරෝධයේදී සද්ද නැතිව ඉන්න ගිහින් යොහානිට හානි වෙයිද?

June 13, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රාජපක්ෂ විරෝධයේදී සද්ද නැතිව ඉන්න ගිහින් යොහානිට හානි වෙයිද?
Share on WhatsAppShare on Facebook

ඔන්න පුතේ එකෝමත් එක රටක ලස්සන ගෑනු දරුවෙක් හිටියා. වැඩිය උස මහත නැති මේ ගෑනු දරුවා ලස්සනට සින්දු කියන්න පුළුවන් කෙනෙක්. එයා කොච්චර ලස්සනට සින්දු කියනවද කියලා කිව්වොත් එයා සින්දු කියන වෙලාවට මුළු ලෝකෙම හෙල්ලෙනවා. එයාගෙ සින්දු අහලා මුළු ලෝකෙම වශී වෙනවා. ලෝකෙ කොහේ ඉපදුණත්, කොච්චර කෙරුමෙක් වුණත් අන්තිමට එයාගෙ සින්දුවකට නටපු නැති කෙනෙක් නම් ඉන්න බෑ කියලයි අපි අහලා තියෙන්නේ. ඔන්න පුතේ මේ අපි කියන ලස්සන ගෑනු දරුවා එකෝමත් එක දවසක් කාගෙදෝ සින්දුවක් කියනවා. ඒකට කියන්නේ ‘කවර්’ එකක් කියලා. මේ කවර් එකත් එක්ක මුළු ලෝකෙම එක පාරට හෙල්ලිලා, එක පාරම මෙයා දිහා බලන්න පටන් අරගෙන, මෙයා මුළු ලෝකෙම ප්‍රසිද්ධ කෙනෙක් බවට පත්වෙනවා. මේ ගෑනු ළමයගෙ නම කියන්න බැරි වුණානෙ. එයා තමයි යොහානි. යොහානි ලස්සනයි, පොඩියි. හැබැයි යොහානිගෙ දක්ෂතාවට, හැකියාවට යොහානි පොඩිද ලොකුද කියන එක බලපෑවෙ නෑ. යොහානි පුංචිකමට මුළු ලෝකෙම හොල්ලලා, ඉන්දියාවෙ අමිතාබ් බච්චන් කියන මහා නළුවත් ඇගේ සින්දුවකට නැටුවා. ඉන්දියාවෙ යන යන තැනදී යොහානිට තෑගිබෝග හම්බවෙන්න පටන් ගත්තා. යොහානිට සල්ලිබාගෙ ලැබෙන්න පටන් ගත්තා. යොහානි ලංකාවෙ නම ලෝකෙට අරගෙන ගියා. ඇමෙරිකාවෙ වීදිවලත් යොහානිගෙ සින්දුව වාදනය කරන්න පටන් අරගත්තා. යොහානිගෙ සින්දුව නෙවෙයි, යොහානි කියපු සින්දුව වාදනය කරන්න පටන් ගත්තා.

ඔන්න පුතේ ටික දවසකින් අපි යොහානි ගැන කතා කරන්න පටන් අරගන්නවා. මුළු රටම යොහානි ගැන කියනවා, යොහානි ගැන හොයනවා, යොහානි ගැන කතා කරනවා, යොහානි වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. යොහානිට බණිනවා, යොහානිගෙ හොඳ නරක කියනවා, යොහානිගෙ පින්තූර එකතු කරනවා, යොහානි යොහානි යොහානි කියන තැනට හැමෝම පත්වෙනවා. අපිට බය තිබුණේ ලංකාවෙ ජාතික ගීයත් යොහානිගෙ සින්දුව කරයිද කියලා. ඒ තත්ත්වෙටම පත්වෙලයි තිබුණේ. හැබැයි ඒක එහෙම වුණේ නෑ. ඒ වුණාට අපේ රටේ ආණ්ඩුව යොහානිට එන්න කියලා, යොහානිට ගෙයක් දීලා, යොහානිට සියලු පහසුකම් දීලා, යොහානිට සංස්කෘතික තානාපති පදවියකුත් ප්‍රදානය කරලා ඉන්දියාවයි අපියි අතර තියෙන හාදකම වර්ධනය කළාට ස්තුයි කියලා යොහානිට අපි බොහොම ගරු බුහුමන් කළා.

ඔහොම ගරු බුහුමන් කරගෙන ඉන්න අතරතුරේ තමයි අපේ රටේ කොල්ලො කෙල්ලො ටිකක් එකතු වෙලා ‘ගෝඨා ගෝ හෝම්’ කියන එක පටන් අරගත්තේ. ඒගොල්ලො කිව්වේ ගෝඨාට යන්න කියලා. ගෝඨාට යන්න කියනකොට ගෝඨාට එන්න කියපු කලාකාරයොත් ලැජ්ජා බය පැත්තකින් තියලා එළියට ඇවිල්ලා සමාව අරගත්තා. එක්කෙනෙක් දෙන්නෙක් ඇරුණම. සමහර අයට සමාව ගන්න කියලා අකරතැබ්බත් වුණා. පිටරටවල ඉන්න අය නම් බහුබූත කියන්න පටන්ගත්තා. ලංකාවෙ ඉන්න බොහෝ දෙනෙක් තමන් අතින් වෙච්ච වරද හදාගන්න ඕනෙ කියලා කිව්වා. ඒ වගේම සමහර සින්දු ලියපු අය, සින්දු කියපු අය, මේ පාලකයො වෙනුවෙන් ගායනා කරපු අය ප්‍රසිද්ධියෙ ඇවිල්ලා සමාව ගන්නවා අපි දැක්කා. කිහිප දෙනෙක් ඇරුණම. ඉතින් ඔහොම ඉන්න අතරතුරේ මේ තාරුණ්‍යය නියෝජනය කරන ලස්සන ගෑනු දරුවා කවදාවත්ම ආණ්ඩුවට විරුද්ධ වෙන්න නම් ගියේ නෑ. එයා ආණ්ඩුවට බැන්නෙත් නෑ. ආණ්ඩුව නරකයි කිව්වෙත් නෑ. ආණ්ඩුව හොඳයි කියන බවට ඉඟි කරමින් පොඩි පොඩි අදහස් ඉදිරිපත් කරපු එක තමයි මෙයාගෙන් සිද්ධ වුණේ.

ඒක මුළු රටම බලාගෙන හිටියා. ඇයි යොහානි එහෙම කරන්නේ කියලා ගොඩක් දෙනෙක් කතා කරන්න පටන් ගත්තා. ඒත් යොහානි නම් සැලුණෙ නෑ. යොහානිත් ආණ්ඩුවට පක්ෂපාතී දේවල් ඉදිරිපත් කරමින් සමහර දේවල්වලදී ආණ්ඩුවට හොඳයි කියන අදහස ව්‍යංගයෙන් තමන්ගෙ සමාජ මාධ්‍ය පිටුවල පළ කරමින් එයා හිටියා. මුළු රටම ගෝඨාට විරුද්ධ වෙනකොට ‘ෆො ශ්‍රී ලංකා’ කියන ෆේස්බුක් ප්‍රොෆයිල් පින්තූරය ඔස්සේ රටට සහාය දක්වන්න පටන් අරගත්තා. මේ සහාය දැක්වීම කොච්චර දුරට ගියාද කියනවා නම් මුළු රටම ආදරේ කරපු ගෑනු දරුවගෙ ප්‍රොෆයිල් පින්තූරෙට හිනා මූණු 21,200කුත්, තරහා මූණු 773කුත් ඇවිල්ලා, ආදරය ප්‍රකාශ කරන සලකුණු ඇවිල්ලා තිබුණේ 1,500ක් විතරයි. මේ විදියට මුළු රටේම ආදරේ දිනාගත්තු යොහානි යම් විදියකින් මිනිස්සු අතරින් ප්‍රතික්ෂේප අරගන්නවා කියලයි දැන් නම් අපට හිතෙන්නේ.

කොහොම නමුත් පුතේ දුවේ ආදරේ දිනාගත්තට පස්සේ අදරේ ආරක්ෂා කරගැනීමත් බොහොම වැදගත් දෙයක්. ඒ වගේම මහජනතාවගේ ආදරය කියලා කියන්නේ පාට පක්ෂ භේදවලට වෙන් වෙච්ච දෙයක් නෙවෙයි. මහජනතාවගෙ ආදරේ කියලා කියන්නේ ඉතා අහිංසක පුංචි දෙයක්. ඒගොල්ලන්ට වරප්‍රසාද නැතුව, අපිට ලැබෙන දෙයක් ගැන බලාපොරොත්තුවක් නැතුව තමයි මිනිස්සු ආදරේ කරන්නේ. එහෙම මිනිස්සුන්ගෙ ආදරේ දිනාගන්න කලාකාරයෙක් වුණාම ඒ කලාකාරයට මිනිස්සු වෙනුවෙන් කරන්න දේවල් ටිකක් තියෙනවා. මිනිස්සු වෙනුවෙන් කරන දේවල් කියලා කියන්නේ, එයාට ලැබෙන මුදල්වලින් මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන එකවත්, වියළි ආහාර බෙදලා දෙන එකවත්, ඉස්පිරිතාලවලට බෙහෙත් අරගෙන දෙන එකවත් නෙවෙයි. ඒවා කරන එක හොඳයි. ඒත් ඒවා නොකළා කියලා මිනිස්සු තරහා වෙන්නේ නෑ. දැන් මේ අපූරු ගායන ශිල්පිනියට මුළු රටේම දරුණු විරෝධයක් නිර්මාණය වෙලා ඉවරයි. ඇත්තටම මේ හරහා අපට හිතෙන කාරණයක් විදියට බොහෝ දෙනෙක් කියන්නේ ඉන්දියාවෙ සහ ලංකාවෙ ඇතිවෙච්ච අසාමාන්‍ය ප්‍රසිද්ධියත් යම් කිසි විදියකින් දේශපාලන වාසි සඳහා නිර්මාණය කරනවාද කියන එක. දේශපාලන වාසි සඳහා නිර්මාණය කළා කියන එකට තර්ක තියෙනවා. ඒකට හේතුව නැගෙනහිර ජැටිය සහ අදානි සමාගම සම්බන්ධයෙන් ලංකාවට එල්ල වෙන බලකිරීම් සහ ඉදිරිපත් වීම් සාධාරණීකරණය කරගන්න ඔවුන් ලංකාවෙ තරුවක් ඉන්දියාවෙ අහසට අරගෙන ගියා. ඒ සඳහා අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කළා. ඒ සල්ලිවලින් මේ ගායිකාව මෝස්ට් පොපියුලර් සිඟර් කෙනෙක් බවට පත්කළා. එහෙම වුණාම ලංකාවට කොන්දේසි විරහිතව ඉන්දියාව ආදරය කරන්න පටන් ගත්තා. අපේ රටේ ටී.වී.වල යන බොහෝ කතන්දරවල ඉන්න නළු නිළියෝ තැන් තැන්වල නටනවා පෙන්නන එකත් අදානි සමාගම විසින්ම කරපු එකක්ද කියලා සැක හිතෙනවා කියලා සමහරු කියනවා. හැබැයි අපි නම් ඕවා දන්නෙ නෑ. අපි දන්නේ ඉතින් මේ දක්ෂ ගායන ශිල්පිනිය හරිම වටින සම්පතක්, රැකබලා ගතයුතු දෙයක් විදියට. අපට වටින දේවල් නැතිකරගන්න හොඳ නෑ කියන එකයි අපි දන්නේ. ඒ වුණාට රානු මොන්ඩාල්ට වෙච්ච දේ ලංකාවෙ යොහානිටත් වෙයිද කියලා අපිට නම් බය හිතෙනවා. ඒකට හේතුව තමයි මේ වගේ ගායන ශිල්පිනියන්ට තමන්ට ලැබෙන ප්‍රසිද්ධිය දරාගන්න බැරුව ගියාම රානු මොන්ඩාල්ට වෙච්ච දේ වෙනවා. රානු මොන්ඩාල් කියලා කියන්නේ වීදි ගායිකාවක්. ඈ දිගින් දිගටම වීදි ගායිකාවක් විදියට ඉන්න ඕනෙ නෑ. ඈට ප්‍රසිද්ධිය, මුදල් ලැබුණා. ඈ අන්තිමට මිනිස්සුන්ට ළඟට එන්නවත් දෙන්නෙ නැති තරම් අහංකාර චරිතයක් බවට පත්වුණා. මිනිස්සු එයාව ප්‍රතික්ෂේප කළා. තමන්ගෙ ගායිකාව තමන්ගෙ සොයුරිය, තමන්ගෙ හිතවතිය, තමන්ගෙ ආදරවන්තිය විදියට වැලඳගන්න බලාගෙන හිටිය රානුව මිනිස්සු අතහැරලා දැම්මා. ඒ විදියට යොහානිවත් අතහැරලා දායිද කියලා අපට දැන් හිතෙන්න පටන් අරගෙන. මොකද යොහානි මේ මොහොතේ මිනිස්සුන්ගෙ පැත්තෙ හිටගන්නෙ නැතුව ආණ්ඩුව පැත්තෙ හිටගත්තොත්, තමන්ට ගෙයක් දුන්නු හිතවත්කමට, තමන්ට සලකපු හිතවත්කමට, තෑගි බෝග දීපු එකට විතරක් හිතලා වාසි පැත්තට හෝයියා කියන්න ගත්තොත් යොහානි කියලා නෙවෙයි ශක්‍ර දෙයියන්නට වුණත් මේ මොහොතේ සිද්ධ වෙන්නේ හුදකලා වෙන්න. මිනිස්සුන්ගෙන් ප්‍රතික්ෂේප වෙන්න. ඒකට සාක්ෂියක් තමයි 21,000ක හිනා මූණු.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රෝසි විහාරමහා දේවි උද්‍යානයේ එළවලු වගාකරන්න ලෑස්ති වෙයි! මීයෝ කොළඹ ආක්‍රමණය කරනු ඇති බවට අනතුරු ඇඟවීමක්!

Next Post

තෙල් වලට 315 000, වාහන 3ක් නිල නිවාසයක්, 40 000ක දුරකතන දීමනාවක්, මාස තුනකට 87 000ක මුද්දර, 54 285ක මන්ත්‍රී දීමනාවක්, 15ක කාර්ය මණ්ඩලයක්, පඩි එපා කියලා තඩි වාසි ගන්න මැති ඇමැති රොත්ත…

MORE NEWS

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව යළිත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මර්මස්ථානයක්...

Read more
අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.