විහාරමහා දේවී උද්‍යානය තුළ සහ කොළඹ මහ නගර සභාවට අයත් සීමාව තුළ අක්කර 10ක පමණ භූමි ප්‍රදේශයක භෝග වගාව සිදුකිරීමට කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
කොළඹ ප්‍රදේශවාසීන්ට මුහුණ දීමට සිදුව ඇති ආහාර හිගයට පිළියම් වශයෙන් මෙය සිදු කිරීමට තීරණය වී ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මේ අයුරින් කොළඹ හිස් ඉඩම්වල භෝග වගාවන් සිදුකළහොත් මී උවදුර සහ කෘමි උවදුර වර්ධනය වී වසංගත තත්ත්වයන් ඇති විය හැකි බව නිලධාරීන් පෙන්වා දී තිබේ.