• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාල ගල්අඟුරුවලින් රටම කළු වෙයිද? “අපි නීතිපතිතුමා එක්ක සාකච්ඡා කරනවා! උපදෙස් අනුව කටයුතු කරනවා…” – නලින්ද ජයතිස්ස I Sri Lanka Latest News

March 8, 2026
in Exclusive
Reading Time: 7 mins read
A A
බාල ගල්අඟුරුවලින් රටම කළු වෙයිද? “අපි නීතිපතිතුමා එක්ක සාකච්ඡා කරනවා! උපදෙස් අනුව කටයුතු කරනවා…” – නලින්ද ජයතිස්ස I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරටට ගල් අඟුරු ආනයනය කිරීමේදී විශාල වංචාවක් සිදුව ඇති බවට විවිධ පාර්ශ්වවලින් ආණ්ඩුවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් දෙරණ රූපවාහිනියේ 360 දේශපාලන සංවාදයේදී ප්‍රශ්න කෙරුණා. පහත පළවන්නේ මාධ්‍යවේදී කලිඳු කරුණාරත්න එහිදී විමසූ ප්‍රශ්න කිහිපයක් සහ එම ප්‍රශ්නවලට අමාත්‍යවරයා ලබාදුන් පිළිතුරුය.Sri Lanka Latest News

මාධ්‍යවේදියා
එක පැත්තකින් බලාගාර ඉංජිනේරුවරු බලාගාරයේ තියෙන උපකරණ සම්බන්ධයෙනුත් ප්‍රශ්නෙක ඉන්නවා. මොකද මේක ගැළපෙන ගල්අඟුරු එක නෙමෙයි එන්නේ කියන එක පැහැදිලියි දැන්. මොකද හේතුව එතැන තියෙන ප්‍රමිතියේ එක නෙමෙයි. දැන් ඒක පේන්න අරන් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ධාරිතාව බොහොම පැහැදිලිව අඩුවෙලා තියෙනවා. එහෙම තියෙද්දී ඇයි අපිට මේක ටර්මිනේට් කරන්න බැරි? අපිට ගල්අඟුරු නැති වෙන නිසාද?
අමාත්‍ය නලින්ද ජයතිස්ස
අපි නීතිපතිවරයාත් එක්කත් සාකච්ඡා කළා. නීතිපතිවරයාගේ අදහස දැනට ගත්තොත් මේක ටර්මිනේට් කරන්න.
මාධ්‍යවේදියා
මොකද ඒගොල්ලෝ අර්න් කරනවා තවමත් අපෙන්?

අමාත්‍ය නලින්ද ජයතිස්ස
ටර්මිනේට් කරන්න හැකියාවක් නෑ මේ තිබෙන ඇග්‍රිමන්ට් එක අනුව, ඒක තමා නීතිපතිවරයාගේ උපදෙස. තවත් අපි නීතිපතිවරයත් එක්ක සාකච්ඡා කරනවා. මොකද රටට පාඩුවක් කරගන්න ඒක ජනතාව මත පටවන්න අපි කිසි සූදානමක් නෑ.
මාධ්‍යවේදියා
ගරු නීතිපතිතුමාගේ අදහසට කිසිම අගෞරව කිරීමක් නෙමෙයි. නමුත් මේකේ ක්ලෝස් එකක් විදිහට ගත්තට පස්සේ ඔතැන තියෙන තර්කය වෙන්නේ අර ලෝඩ් පෝට් එකේ රිපෝට් එකයි, ඩිස්චාර්ජ් පෝට් එකේ රිපෝට් එකයි අතර තියෙන ඒ කොන්ට්‍රඩික්ෂන් (ප්‍රතිවිරෝධය) එකත් එක්ක කරන්න අපහසුයි කියන එක. හැබැයි මේ එක ක්ලෝස් එකක් තියෙනවා, නැව් තුනක් පරක්කු වෙලානේ තියෙන්නේ දැන්. අපි දෙන්නා කතා කරද්දී ඔබතුමත් කිව්වා නැව් තුනක් දැන් ෂෝටේජ් (හිඟයක්) එකක් තියෙනවා කියලා. මේකේ තියෙනවා In the event that the delays occurred in more than two occasions, shipments exceeding seven days. buyer reserves the right to terminate the agreement considering it as sellers default under the provision of the clause. එතකොට මේක සරල ඉංග්‍රීසියෙන් කිව්වාම ටර්මිනේට් කරන්න පුළුවන් කියන තැන තියෙන්නේ. එතකොට මේක ඔබතුමාලා දැක්කේ නැතුව වෙන්නත් බෑ?

අමාත්‍ය නලින්ද ජයතිස්ස
නෑ ඔය සියලු ඇග්‍රිමන්ට් නීතිපතිවරයාට පෙන්වලා, නීතිපතිවරයා එක්ක සාකච්ඡා කරලා නීතිපතිවරයාගේ උපදෙස් අනුව තමයි කටයුතු කරන්නේ.
මාධ්‍යවේදියා
ටර්මිනේට් කරන්න පුළුවන් නම් ටර්මිනේට් කරනවද?

අමාත්‍ය නලින්ද ජයතිස්ස
මේ පාඩුව අනුව සලකා බලලා ඒ ඕනෑම තීන්දුවක් ගන්න අපි සූදානම්.
මාධ්‍යවේදියා
හැබැයි එතකොට ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමාලා ඉමර්ජන්සි දාලා තියෙනවා ප්‍රසම්පාදනය සඳහා. එතැන 300ක් ගන්න. හැබැයි ප්‍රශ්නේ කියන්නේ දැන් මේක ටර්මිනේට් කරන්න පුළුවන් තැනකට ඇවිල්ලා තියෙනවා මොකද මේක දැනටත් ප්‍රමාද වෙලා තියෙනවා. අපි නැව් ටික ගෙන්න ගන්න?
අමාත්‍ය නලින්ද ජයතිස්ස

නෑ, ඒකෙ තියෙන්නේ මං ඔබතුමාට කලින් පෙන්නුවා, මීට කලිනුත් එහෙම නැවක් දෙකක් ප්‍රමාද වෙච්ච අවස්ථා තියෙනවා.
මාධ්‍යවේදියා
නෑ මං කිව්වේ එතැන නෙමෙයි, මං කිව්වේ ටර්මිනේට් කළොත් අපිට මේ ගල් අඟුරු නැති වෙනවනේ නොරොච්චෝලේ දුවන්න. දැන් අපිට වෙන ඔප්ෂන්ස් නෑ, අපි ස්පොට් ටෙන්ඩර් එකක් තියාගෙනත් නෑ, එතකොට අපි ඉමර්ජන්සි එකක් දාලා තියෙනවා ඒකටත් මං හිතන්නේ දවස් 40ක්වත් යයි. එතකොට ගත්තට පස්සේ අපිට තියෙන මාස කිහිපයත් එක්ක අපි අසරණ වෙලා නේද ඉන්නේ? මොකද ටර්මිනේට් කළොත් අපිට ගල් අඟුරු නෑ?

අමාත්‍ය නලින්ද ජයතිස්ස
ඉතින් ඔය ඔක්කොම සලකා බලන්න ඕනේ. ඇත්ත.
මාධ්‍යවේදියා
සංකීර්ණ තත්ත්වයක්?

අමාත්‍ය නලින්ද ජයතිස්ස
සංකීර්ණ තත්ත්වයක් කෙසේ වෙතත්, දැන් අපි එකින් එක කරුණු බැලුවොත් ප්‍රසම්පාදනය හරියට වෙලා නම්, ඊළඟට ප්‍රමිතිය පරීක්ෂා කරන්න තිබුණු ක්‍රමය මේක නම්, ඒකේ තියෙන අඩුපාඩු හදාගෙන යන්නනේ දැන් තියෙන්නේ.
මාධ්‍යවේදියා
නෑ ඔබතුමා දිගින් දිගටම කියනවා මේක ප්‍රසම්පාදනය හරියට වෙලා නම් කියලා. නමුත් මම කියන්නේ ඒක ඔබේ ස්ථාවරය, ආණ්ඩුවේ ස්ථාවරය. හැබැයි යම්තාක් දුරකට මෙච්චර දිගින් දිගටම යම්කිසි අඩුවක් වෙද්දී ප්‍රසම්පාදනය තුළ යම්කිසි දෙයක් සිද්ධ වෙලා තියෙනවද? ඒකෙන් කවුරු හරි කෙනෙක් බෙනිෆිට් කරලා තියෙනවද කියන එක වෙනම හොයන්න ඕනේ තත්ත්වයක්?
අමාත්‍ය නලින්ද ජයතිස්ස

මං හිතනවා එහෙම වුණා නම් සැපයුම්කරු මීට වඩා කලින් ඕකට මැදිහත් වෙලා. ඔවුන්ට අවස්ථාවක් තිබුණා.
මාධ්‍යවේදියා
නෑ ඔවුන් දිගින් දිගටම ටර්මිනේට්වත් වෙන්නෙ නැතුව අපිට බාල ගල් අඟුරු එවනවනේ. ඉතින් ඔවුන් බෙනිෆිට් කරනවනේ?

අමාත්‍ය නලින්ද ජයතිස්ස
ඒක අපේ මේ ප්‍රමිතිය නිර්ණය කරන ක්‍රමවේදය තවත් ශක්තිමත් නොවීමේ ප්‍රශ්නයක්.
මාධ්‍යවේදියා
හැබැයි ඇමැතිතුමා අපේ බලාගාරයේ ඔපරේෂනල් ඩේටා මේකට හොඳටම සාක්ෂි සපයනවනේ?

අමාත්‍ය නලින්ද ජයතිස්ස
දැන් අපි ඒක සලකළා තියෙනවනේ. ඒකත් සලකළා තමයි ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එක අපි සලකා බලන්නේ. ඒක නිසා තමයි මැදිහත් වෙමින් ඉන්නේ මේ ලෝඩ් පෝට් එකේදී යම් මැනිපුලේෂන් එකක් වුණාද කියන එක.

දේශීය සමාගමේ පැටිකිරිය අජිත් හෙළිකරයි! ගෙනාවේ පැනරෝරා සමාගම! තියෙන්නේ රාජගිරියේ! අධ්‍යක්ෂ මණ්ඩලේ හාමුදුරුනමකුත් ඉන්නවා! රාජපක්ෂ පුතෙකුත් ඉන්නවා! ක්‍රිකට් බෝඩ් එකෙන් එළවපු කෙනකුත් ඉන්නවා…! අජිත් පී. පෙරේරා

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු තොග මෙරටට ආනයනය කර, රුපියල් බිලියන ගණනක අලාභයක් රජයට සිදුකළ බවට චෝදනා එල්ල වන සමාගම පිළිබඳ හෙළිදරව් කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කටයුතු කළා. අදාළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳවද හෙළිදරව් කරමින් අජිත් පී. පෙරේරා මහතා සිදුකළ එම අදහස් දැක්වීම පහත සඳහන් වේ.

‘දැන් කියනවා දඩ ගහනවලු සභාපතිතුමනි. දඩ ගහන්න කවුද ලංකාවේ දේශීය නියෝජිතයා? මේ රටට ගල්අඟුරු සැපයීමේ කොන්ත්‍රාත්තුව අඩු මිලක් ඉදිරිපත් කරලා දිනාගත්ත ඉන්දියානු සමාගමේ දේශීය නියෝජිතයා පැනෝරාරා ප්‍රයිවට් ලිමිටඩ්. පැනෝරාරා ප්‍රයිවට් ලිමිටඩ් එක තියෙන්නේ රාජගිරියෙ මේ ළඟ. ඒකේ කවුද අධ්‍යක්ෂවරු? හක්මන නන්දාලෝක හිමි, සයාරා හෝල්ඩින්ග්ස්, ඉන්වෙස්ට් එල්.කේ.. කවුද සයාරා හෝල්ඩින්ග්ස් අධ්‍යක්ෂවරු? හේරත් බණ්ඩාරලාගේ අනුරාධා ඕෂධී හේරත්, ශානිකා කුමාරි.
දැන් මේ රටට ගල්අඟුරු සපයන දේශීය සමාගමේ ඉන්නේ අනුරාධා හේරතුයි, ශානිකා කුමාරියි, හක්මන නන්දාලෝක හිමියි. තව ඉන්නවා. ඉන්වෙස්ට් එල්.කේ. එකේ නැවත වරක් අධ්‍යක්ෂවරු කවුද? හක්මන නන්දාලෝක, සනත් ජයසුන්දර. සනත් ජයසුන්දර කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ හිටපු ලකුණු දාන කෙනා – ස්කෝරර්. මෙයාට ක්‍රිකට් තහනම් කළා අයි.සී.සී. එකෙන් මීට කලින්.

ඒ වගේම මේ ට්‍රයිඩන්ට් චැම්පර් කියන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාව ඉන්දියාවේ දිල්ලියේ තිබුණු දිල්ලි ලිකර් ලයිසන්ස් කේස් එකේදී අත්අඩංගුවට ගත්තා. දූෂිතයෙක්. ඒ විතරක් නෙමෙයි තව ඉන්නවා කෙනෙක් රඛිත රාජපක්ෂ. නම හුරු ඇති.


එතකොට කවුද මේ ලංකාවට ගල්අඟුරු අරන් ඒමේ වගකීම භාර අරගෙන තියෙන්නේ? හක්මන නන්දාලෝක හිමි, සනත් ජයසුන්දර, රඛිත රාජපක්ෂ, අනුරාධා ඕෂධී හේරත්, ශානිකා කුමාරි.

ගරු සභාපතිතුමනි, දැන් කියනවනේ දඩ ගහනවා කියලා. දැන් අපේ වෛද්‍යචාර්යතුමා කිව්වා දඩ ගහනවා දඩෙන් පුළුවන් රට බේරගන්න කියලා. පොලිස් ඇමැතිතුමා ඉන්නවා පරීක්ෂා කරන්න වෙනවා පොලිස් ඇමැතිතුමා. මේ කට්ටිය කවුද?

දැන් එතකොට මේ රටේ ජනාධිපතිවරයා, මේ රටේ බලශක්ති ඇමැතිවරයා මෙවැනි කාරණා පිළිබඳ හොයලා බලන්න ඕනෙ මෙවැනි බරපතළ ටෙන්ඩරයක් දෙද්දී දේශීය නියෝජිතයා කවුද කියලා. මොකද මේ වැඩේ වැරදුණොත්, දේශීය නියෝජිතයා හරහා තමයි නීතිමය කටයුතු කරන්න වෙන්නේ. ලෝකල් ඒජන්ට්. එතකොට ලෝකල් ඒජන්ට් වශයෙන් ඉන්න ඕනෙ ශක්තිමත් මිනිස්සු. ලෝකල් ඒජන්ට් වශයෙන් ඉන්න ඕනෙ පිරිසිදු මිනිස්සු. ලෝකල් ඒජන්ට් වශයෙන් ඉන්න ඕනෙ දූෂණ චෝදනාවලට වරදකරුවන් නොවෙච්ච අය. ලෝකල් ඒජන්ට් වශයෙන් ඉන්න ඕනෙ ව්‍යාපාරික ශක්තිය තියෙන අය. වරදක් කළොත් වන්දියක් අයකරගන්න පුළුවන් අය.

පොලිස් ඇමැතිතුමා සී.අයි.ඩී. පරීක්ෂණයක් තියන්න. මෙහෙම සමාගම් තියෙනවද? පැනෝරාරා ප්‍රයිවට් ලිමිටඩ්. වැරදෙන්නේ නැතිවෙන්න කියන්න සර්ච් කරන කෙනෙකුට. මේ කරුණ ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ නාමිනී විජේදාස වාර්තා කරලා තිබුණා. මම ස්තුතිවන්ත වෙනවා එතුමියට. එතුමිය ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ හරියටම මේ විස්තර අරගෙන සඳහන් කරලා තිබුණා නාමිනී විජේදාස විසින්. ඒ වගේම ලසන්ත රුහුණගේ ‘අනිද්දා’ පුවත්පතේ මේ විස්තර අරගෙන තිබුණා. ඒ නිසා මම මේ විස්තර පෞද්ගලිකව හොයලා කියනවා නෙමෙයි, මේ රටේ ප්‍රධාන කීර්තිමත් ජනමාධ්‍යවේදීන් දෙදෙනෙක් මේ ගැන සඳහන් කරලා තියෙනවා.

ගරු සභාපතිතුමනි, ඔබතුමාලා අවංක අය, උගත් අය. ඔබතුමා වගේ කෙනෙක් මූලාසනයේ ඉන්න වෙලාවේ මෙවැනි දෙයක් කියන්න වීම ගැන කනගාටුයි. ඔබතුමා කවදා හරි මේ රට හදන්න මේ දේශපාලනයට එන්න හිතුවද ඔබතුමාලගේ ආණ්ඩුවේ විශාලතම ටෙන්ඩරය මේ තරම් දූෂිත ටෙන්ඩරයක් වෙයි කියලා? ඔබතුමාලගේ ආණ්ඩුවේ වැදගත්ම අමාත්‍යාංශයක ඇමැතිකමට දැනටමත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පරීක්ෂණයකට ලක්වෙලා ඉන්න කෙනෙක් පත්වෙයි කියලා?

මේ වගේ බිලියන ගණනක් මේ රටට පාඩු කරන මේ ටෙන්ඩරය පිළිබඳ දේශීය නියෝජිතයා මෙවැනි බරපතළ වගකීමක් දරන්න හැකියාවක් නැති පුද්ගලයන් බව. ගරු සභාපතිතුමනි, මෙවැනි තත්ත්වයකට තමයි මේ රට පත්වෙලා තියෙන්නේ. එහෙව් රටක ප්‍රධානම ඇමැති රටේ ගල්අඟුරු මිලදී ගැනීම පිළිබඳ ප්‍රධාන දූෂණයකට වග උත්තරකරුවෙක් වෙලා, එයාව පත්කරන්න කලින්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නඩුවක් තියෙනවා. ඒ නඩුවත් දැන් ප්‍රමාද කරමින් ඉන්නවා.
එහෙම පසුබිමක් තියෙද්දී, අපි දන්නවා පරිසර දූෂණයක් වෙමින් තිබෙනවා. ඒ වගේම රටට පාඩුවක් දවස ගානේ බිලියන ගණනින් වෙමින් තිබෙනවා. එහෙම පසුබිමක් තියෙද්දී රටේ ජනාධිපති ඇවිල්ලා මේ රටට අපහාස කරනවා මේක ‘හුණ්ඩුවක්’ලු.’

නොරොච්චෝලේ එක කොටසක් වහයි…! පළාතම කළු දුමෙන් වැහෙයි..! විපක්ෂය කියපු කතා හරි වගේ….!

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිත කිරීම හේතුවෙන් නොරොච්චෝල බලාගාරයේ කොටසක් අක්‍රීය වී විශාල පරිසර දූෂණයක් සිදුවෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පසුගිය 05 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් කළේය. එහිදී අදහස් දක්වමින් අප්පුහාමි මහතා සඳහන් කළේ මෙවැන්නකි.

මේ වෙලාව වෙනකොට නොරොච්චෝලේ බලාගාරයේ එක ප්ලාන්ට් එකක සම්පූර්ණ චිමිනියෙන් කළු දුමක් යනවා. ඉතාමත්ම ප්‍රබල ලෙස ඒ දුම ප්‍රදේශය වහගෙන තියෙනවා. ඒකට හේතුව තමයි බාල ගල්අඟුරු හේතුවෙන් ඒක දහනය කිරීමේ හේතුවෙන් ඊයේ දිනයේදී මේ බලාගාරයේ වැඩකටයුතු නතර කරන්න සිද්ධ වුණා එක ප්ලාන්ට් එකක.
දැන් මේ චිමිනියේ තියෙන ෆිල්ටර් සිස්ටම් එක අයින් කරලා තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. මේ නිසා මේ ප්‍රදේශයේම බරපතළ විදිහට පරිසර හානියක් සිද්ධ වෙනවා.

ඒ නිසා මේ හැම දෙයක්ම කරද්දි මතක තියාගන්න, පරිසරය ආරක්ෂා කරගත්තේ නැත්නම් අපි කාටවත් මේ රටේ හොඳින් ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ. නිරෝගීව ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ.

මේක තමයි පුන පුනා කිව්වේ බාල ගල්අඟුරු ගෙනාවට පස්සේ මේක දහනය කිරීමේදී මේ සිද්ධිය සිද්ධ වෙනවා කියලා. මේ හානිය සිද්ධ වුණේ කල්පිටිය බලප්‍රදේශයේ, සමස්ත රටටම විදුලි ආලෝකය දෙන ඒ අහිංසක මිනිස්සු, ඒ අයගේ කැපවීමෙන් තමයි මේක ලබාදීලා තියෙන්නේ. ඒ අය මැරුණා එදා මේ බලාගාරය හදන්න ගිහිල්ලා.

ඒ නිසා විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද දවසේදී මේ බලාගාරයේ මේ දුමත් එක්ක වෙන පරිසර හානියට, විශේෂයෙන්ම අළු සම්බන්ධව ගන්න තීරණය මේ පාර්ලිමේන්තුව ප්‍රකාශ කරන්න කියලා ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලනවා.

SendShareShare
Previous Post

අරණායකම ගිනිගනී! ජීවිත බේරාගත් අත් දෙකක්! අනියම් පෙමක්! බිහිසුණු ඝාතනයක්! Sri Lanka Latest News

Next Post

ආ… ඕලුගල සර්… වැඩේ දෙන්න වගේ යන්නේ…! Sri Lanka Latest News

MORE NEWS

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

Load More
ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ පාලක...

Read more
ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.