විශ්වාසභංගයේ තීරණය කුමක් වුවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හට තවදුරටත් තනතුරේ රැදී සිටිය නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගතව ඇති බව විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වා දෙති.Sri Lanka Latest News
ඔවුන් අවධාරණය කරන්නේ කතානායකවරයා සම්බන්ධයෙන් විශ්වාසභංග විවාදයේදී හෙළිදරව් වූ ඇතැම් තොරතුරු හේතුවෙන් තවදුරටත් කතානායකවරයාට එම තනතුරේ රැදී සිටිය නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවකි.
විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක සභාවේදී පොලිස්පතිවරයාගේ පත් කිරීම සම්බන්ධයෙන් කතානායකවරයාගේ හැසිරීම සහ කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වනවිට සභාගත වී ඇති බැවින් කතානායකවරයා විධායකයේ අතකොළුවක් බවට පත්ව ඇති ආකාරය රටට අනාවරණය වූ බව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය වී තිබේ.
එමෙන්ම කතානායකවරයාගේ පවුලේ ඥාතීන්ට තනතුරු ලබා ගෙන ඇති ආකාරය පිළිබදව අනුර දිසානායක මහතා විසින් විශේෂ හෙළිදරව්වක්ද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මීට අමතරව ඔන්ලයින් පනත සම්මත කර ගැනීමේදී කතානායකවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපයද පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කිරීමට විපක්ෂ මන්ත්‍රීවරු පියවර ගත්හ.
ඒ අනුව කතානායකවරයා විශ්වාසභංග යෝජනාව අවසානයේදී පැය භාගයක කතාවක් සිදුකීරීමට අවස්ථාව ඉල්ලා සිටියේ තම තනතුරින් ගෞරවාන්විතව ඉවත්වීමට විය හැකි බවද එම මන්ත්‍රීවරු පෙන්වා දෙති.