පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 02ක් සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් තබා තිබේ.Sri Lanka Latest News
සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා කථානායකවරයා මෙලෙස ඊයේ (20) සිය සහතිකය සටහන් කර ඇත.
ඒ අනුව, උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 15 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත සහ 2024 අංක 16 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ලෙස ඊයේ (20) සිට බලාත්මක වන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කළේය.