• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

මහඡන්දෙ ප්‍රතිඵල එනකොට දෙවෙනි අරගලය පටන් ගනීද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

December 9, 2023
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
මහඡන්දෙ ප්‍රතිඵල එනකොට දෙවෙනි අරගලය පටන් ගනීද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘කලින් එන්නේ මොන ඡන්දෙද?’

මේ දවස්වල කොළඹ දේශපාලන ඕපාදූප කතාකරන්නන්ගේ ප්‍රධාන මාතෘකාව ඒකය.

‘කලින් කිසිම ඡන්දයක් එන්නෙ නැහැ…’ Sri Lanka Latest News

මේ, නීති විශාරදයෙක් කී කතාවකි.

‘ඇයි එහෙම කියන්නේ?’ මාධ්‍යවේදියෙක් ඇසුවේය.

‘ආණ්ඩුව අභියාචනාධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයට සහතික වෙලා තියෙනවා ඡන්ද තියන්න සල්ලි නැහැ කියලා..’ නීති විශාරදයා කියාගෙන යයි.
‘ඉතින්…?’
මාධ්‍යවේදියා අසයි.

‘පුංචි ඡන්දය තියන්න සල්ලි නැහැ කියලා හදිසි මැතිවරණයක් කැඳෙව්වොත් ඒක ශ්‍රේෂ්ඨාධිකරණය නොමග යැවීමක්…’

නීති විශාරදයා කීවේය. කතාව ඇත්තය. පළාත් පාලන ඡන්දය තියන්න සල්ලි නැහැ කියන නඩුව තවමත් උසාවියේ අසයි. එහෙම තියෙද්දී ආණ්ඩුවට අලුත් ඡන්ද කෝල් කරන්න නෛතික බාධාවක් තිබේ. එකම විසඳුම පළාත් පාලන ඡන්දයට සල්ලි නැහැ කියලා කට වහගෙන ඉඳලා ඊළඟට එන ජනාධිපතිවරණය කැඳවන්න මැතිවරණ කොමසාරිස්ටම ඉඩ දෙන එකය. එතකොට පළාත් පාලන ඡන්දයට සල්ලි නැහැ කියලා ව්‍යවස්ථාවට අනුව එන ජනාධිපතිවරණයට සල්ලි හොයලා දෙන්න පුළුවන් කියන්න ආණ්ඩුවට පුළුවන් වේ.

‘ඒ කියන්නේ ජනාධිපතිවරණයක් තියනකන් මොන ඡන්දයක්වත් නැද්ද…?’

හදිසියේ යන්න පුළුවන් ඡන්දය මහ ඡන්දයයි. ජනාධිපතිට ඕනෙ වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්ය. හදිසි ජනාධිපතිවරණයකට යන්න රනිල්ට බලයක් නැත. ඒ සඳහා නීති සම්මත කරගත යුතුය. රනිල් ජනාධිපති වූ දින සිට රනිල්ට කඩේ යන මාධ්‍ය කීවේ මේ සැප්තැම්බරයේ හදිසි ජනාධිපතිවරණයක් තියන්න යනවා කියාය.

‘හදිසි ජනාධිපතිවරණයක්….’

මේ, ඒ දවස්වල මාධ්‍ය ප්ලාන්ට් කළ නිවුස් එකය. ඒත් දැන් ඒ ගැන කතාවක් නැත. ඒ කාලේ නම් කිව්වේ රනිල්ට වාසිම හදිසි ජනාධිපතිවරණයක් කියාය. රනිල්ව ගොඩදමන්න දේශපාලන විග්‍රහ ලියන අය රනිල්ට හොඳම හදිසි ජනාධිපතිවරණයක් කියා රස කර කර ලියනු ලැබීය. දැන් කියන්නේ රනිල්ට වාසිම මහ මැතිවරණය කියාය. දැන් ඔවුන්ම මහ මැතිවරණයෙන් කාටවත් බහුතරයක් නැති වුවහොත් රනිල් තමන්ට ඕනෑ අගමැති කෙනෙක් පත්කරගෙන ආණ්ඩු හදන හැටි රස කර කර විග්‍රහ කරයි.

ලංකාවේ ජනාධිපති එක් පක්ෂයක සිටියදී වෙනත් පක්ෂයක් මහ ඡන්දය දිනපු අවස්ථා දෙකක් ඇත. පළමුවැන්න 1994 මහ මැතිවරණයය. ජනාධිපති යූ,ඇන්.පී.යේ විජේතුංගය. චන්ද්‍රිකාගේ පොදු පෙරමුණ ආසන 105ක් දින්නාය. විජේතුංගට කළ හැකි කෙහෙම්මලක් නොවීය. ඔහු චන්ද්‍රිකාව අගමැති කොට ගෙදර ගියේය.

ඊළඟට 2001 මහ ඡන්දයය. ජනාධිපති පොදු පෙරමුණු චන්ද්‍රිකාය. රනිල්ගේ යූ.ඇන්.පී.ය මහ ඡන්දය දින්නේය. චන්ද්‍රිකා රනිල් අගමැති කොට අමාත්‍යාංශ ඔක්කොම දී පැත්තකට විය.

1994 සහ 2001 පැහැදිලි වෙනස 1994 විජේතුංග ජනාධිපතිගේ කාලය අවසන් වෙන්න තිබුණේ මාස දෙක තුනකි. 2001 චන්ද්‍රිකාට තව වසර 4ක්ම තිබිණි. අද රනිල් ඉන්නේ 1994 විජේතුංග හිටි තැනය. රනිල්ට විජේතුංගට තිබුණු මන්ත්‍රී ජන වරමවත් නැත. මහ ඡන්දය තියලා සමගි ජන බලවේගය හෝ ජවිපෙ දින්නොත් රනිල්ට පහුවෙනි දිනම ගෙදර යනවා හැර විකල්පයක් නැත. රනිල් ඉන්න ගියොත් දෙවැනි අරගලය පටන්ගන්නේ මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල එනකොටය. හේතුව රනිල් ජනාධිපති වුණේ අරගලයේ සතුරා වූ රාජපක්ෂ පවුල සහ පොහොට්ටු මන්ත්‍රී ඡන්දයෙනි. රනිල් ජනාධිපති වූ විගස කළේ අරගලය මර්දනය කොට ඔවුන්ව ආරක්ෂා කිරීමය. මේ නිසා අරගලය ඉවර නැත. අරගලය යකඩ සපත්තුවට යටපත් කොට ඇත. මේ සපත්තුව මිටිවලින් තලා පෙරළා මිනිසුන් යළි ගෝල්ෆේස් එන්නේ ඡන්ද ප්‍රතිඵල එනකොටය. ආණ්ඩුව පළාත් පාලන ඡන්දය තියන්න බය වුණේ පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල එනකොට මිනිස්සු ගිය අවුරුද්දේම ගෝල්ෆේස් එන්න ඉඩ තිබුණු නිසාය.

ප්‍රේමදාස යටතේ අගමැති ධුරය දරමින් එජාපය ලද ජන වරමට නායකත්වය දෙමින් මහනුවරින් වැඩිම මනාප ගෙන පාර්ලිමේන්තු ආ විජේතුංග ජනාධිපති වී ආසන 105ක් ගත්ත චන්ද්‍රිකාට බයවුණා නම් හදිසි මහ ඡන්දයක් පවත්වා බහුතර ආසන ගණනක් ගන්නා පක්ෂයට අගමැතිකම නොදී ඉන්න මන්ත්‍රී වරමක්වත් නැති රනිල්ට පුළුවන් වේ යැයි කියා සිතිය නොහැකිය. මේ බව රනිල් දනී. ඔහුට තියෙන එකම විකල්පය අවසන් දින තෙක් ජනාධිපති ධුරයේ සිට ජනාධිපතිවරණයක් කැඳවන්න මැතිවරණ කොමිසමට ඉඩ දීමය.

2001 මහ ඡන්දය පරදින කොට චන්ද්‍රිකාට තව වසර 4ක් ඉතිරිව තිබුණද 2001 යූ.ඇන්.පී. ජන වරමට ඇය බය වූවාය. ඒ වෙලාවේ ඇයව ඉවත් කරන්න ජන අරගලයක් කරන්න රනිල්ට හැකියාව තිබිණි. ඒත් ඔහු ඩීල් දේශපාලනය මිස අරගල දේශපාලනය විශ්වාස නොකරන අයෙක් නිසා එය මග හැරිණි.

රනිල් ජනාධිපතිකම් කරන්නේ ජන ගිනි කන්දක් මුදුනේය. ඔහු ඒ මුදුනේ වාඩිලාගෙන සිටී. මේ ගිනි කන්ද කොයි වෙලාවේ පුපුරයිද කියන්න බැරිය. පුපුරන වෙලාව ඡන්දයක් කැඳවන වෙලාව බව ඔහු දනී.

ලංකාවේ මහ මැතිවරණ ඉතිහාසයේ බලයේ සිටි ආණ්ඩුවට වඩා ආසන ගණනක් දිනාගත් විපක්ෂයට අගමැති ධුරය නොදී බලෙන් අගමැති ධුරයේ සිටින්න ගොස් බණ්ඩාරනායක මැතිනිය ලැජ්ජාවට පත්විය. 1965 මහ ඡන්දයේදී විපක්ෂ නායක ඩඩ්ලිගේ යූ.ඇන්.පී.ය දිනාගත්තේ ආසන 66කි. මැතිවරණයේ ශ්‍රීලනිප සන්ධානයට ලැබුණේ ආසන 41කි. ඩඩ්ලිගේ යූ,ඇන්.පී.යට ආසන බහුතරයක ආණ්ඩුවක් පිහිටුවන්න ලැබුණේ නැත. මේ නිසා මැතිනිය අගමැති ධුරයෙන් ඉවත් වූයේ නැත. යූ.ඇන්.පී.ය මහජනතාව පාරට ගෙන ආහ. බයවූ මැතිනිය ඉවත්වූවාය.

හදිසි මහ මැතිවරණයක් පවත්වනවා නම් එසේ පවත්වන්න වෙන්නේ එන වසරේ මාර්තුවට පසුවය. මහ මැතිවරණය පවත්වා ප්‍රතිඵල ප්‍රකාශයට පත්කොට අලුත් ආණ්ඩුවක් පත්කර ගන්නා විට රනිල්ට නියමිත කාලය මාස තුන හෝ හතරක් වේ. මාස තුන හෝ හතරක ජනාධිපති කෙනෙක් කියන්නේ ගෙදර යන්න බඩු පැක් කරන ජනාධිපති කෙනෙකි. රස්සාවකින් අයින් වෙන්නත් මාස තුනක් ලබාගනී. ඒ කියන්නේ ඒ මාස තුන ජනාධිපතිකමෙන් ඉවත් වී ගෙදර යන්න හිත හදාගන්නා කාලයකි. ඒ ඡන්දයෙන් පත්වෙන අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී බහුතරයෙන් තමා ජනාධිපති යැයි කිව්වොත් මන්ත්‍රී බහුතරයෙන් ජනාධිපති වූ ජනාධිපතිවරයකුට කියන්න කට උත්තර නැත.

රනිල් මේ පාර්ලිමේන්තු බහුතරය තියාගන්න දන්නා සෙල්ලම් ඔක්කොම දමන්නේ බහුතරය ගියොත් ජනාධිපතිකමත් යන බව දැනගෙනය. එහෙව් රනිල්ට අලුත් මහජන වරමකින් අලුත් බහුතරයක් එක්ක එන අලුත් අගමැති ඉදිරියට ගොස් කියන්න පුළුවන් එම නිල කාලය ඉවර වන තෙක් මේ මාස දෙක තුන ඉන්න ඉඩ දෙන්න කියන එක විතරය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

විගණන වාර්තාවේ-මහින්ද පත්කරපු හරිගුප්තා කමිටු වාර්තාවේ-අල්ලස් කොමිසමේ කිසිම චෝදනාවක් නෑ! සජිත්ට ගහපු පචේ පච වේ! I Sri Lanka Latest News

Next Post

චමුදිතට එරෙහි නඩුවක් දැමූ අයකු අත්අඩංගුවට! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.