මීට මාස කිහිපයකට පෙර මහජන අර්ථසිද්ධි නඩුකරයක් ලෙස කුලියාපිටියේ දේපලක් සම්බන්ධයෙන් චමුදිත සිය යූ ටියුබ් නාලිකාව හරහා වැඩසටහනක් ප්‍රචාරය කළේය.Sri Lanka Latest News
එම ගොඩනැගිල්ලේ අයිතිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව නිසා පාර්ශවකරුවන් සහ ප්‍රදේශවාසීන් විඳින කරදර එම වැඩ සටහන තුලින් ප්‍රචාරය විය.
මෙම වැඩසටහන ප්‍රචාරය වූ පසු සුරංග මුතුකුඩ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මාධ්‍යවේදී චමුදිතට එරෙහිව අභූත චෝදනා එල්ල කළේය. චමුදිතට එරෙහිව නඩු දැමීමද සිදු කළේය.
ඊයේ වෙන්නන්පුව පොලිස් බල ප්‍රදේශයේදී සුරංග මුතුකුඩ විශේෂ පොලිස් කන්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ සමබන්ධයෙන් ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරාගෙන් විමසීමක් කළ අතර අත්අඩංගුවට ගැනීම සත්‍යබව සහකාර පොලිස් අධිකාරිවරයා ප්‍රකාශ කළේය
පොලීසිය නොමග යැවීමට සැලසුම සහගත ලෙස ව්‍යාජ තොරතුරු ලබා දීමේ සිදුවීමක් මෙම අත් අඩංගුවට ගැනීමට හේතු වී ඇත .