• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාවණා යළි නැගිටියිද? Sri Lanka Latest News

May 5, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

”Ravana had been unconsious (after the arrow shot by Rama hit him) and regained his consciousness after LTTE war ends…”
(‘රාමාගේ හී පහරින් සිහිසුන්ව සිටින රාවණා එල්.ටී.ටී.ඊ. යුද්ධය අවසන් වූ පසු යළි නැගිටිනු ඇත…’) (Sri Lanka Latest News)

ඉතිහාසඥයකු වන ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරගේ මෙම ප්‍රකාශය විහිළුවක් ලෙස පෙනුණත් එල්.ටී.ටී.ඊ. යුද්ධය අවසන් වීමෙන් පසු රාමායනය යළිත් හිස එසවීය. එයට හේතුව යුද්ධය කාලයේ රාමායනයට සම්බන්ධ වන ප්‍රදේශ බොහොමයක් පැවැතියේ එල්.ටී.ටී.ඊ. පාලනයට යටත්වය. මේ නිසා රාමායනය Site බලන්න කැමැති ශ්‍රී ලාංකික සහ ඉන්දීය සංචාරකයන්ට එම ප්‍රදේශ බලන්න යෑම තහනම් විය. ප්‍රභාකරන් ඝාතනය වී යුද්ධය අවසන් වීමෙන් පසු යළිත් ඉන්දීය සංචාරකයෝ රාමායනය Site බලන්න ලංකාවට පැමිණියහ.

ආචාර්ය මිරැන්ඩෝ එල්.ටී.ටී.ඊ. යුද්ධයෙන් පසු රාවණා යළි නැගිටින බව කීවත් උතුරේ දෙමළ ජනතාව හිතුවේ ප්‍රභාකරන් රාවණාගේ අවතාරයක් කියාය. එයට ප්‍රධාන හේතුව ප්‍රභාකරන් ඉන්දියාවත් සමග ගැටුමකට ගොස් ඉන්දීය නායක රජිව් ගාන්ධි ඝාතනය කිරීමය. ඔවුන් විශ්වාස කළේ රාවණාගේ සහෝදර විභීෂණ රාවණාට එරෙහිව රාමාට සහාය දී රාවණාව විනාශ කළා සේ සිංහල ආණ්ඩුව ඉන්දියාවේ උදව් ගෙන ප්‍රභාකරන් ඝාතනය කළා කියාය.

ලංකාවේ රාවණා වෙන්න කැමැත්ත දැක්වූ බොහෝ නායකයන් ඉන්දියාවට අභියෝගයක් කළ නායකයන්ය. රණසිංහ ප්‍රේමදාස 1988 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට ඔහුගේ සාහිත්‍ය උපf්දශක වූ සාහිත්‍යධර අරිසෙන් අහුබුදු, සක්විති රාවණා නමින් නාට්‍යයක් නිෂ්පාදනය කළේ ප්‍රේමදාස යුගය රාවණා යුගයක් වෙන බව වක්‍රව පෙන්වමින්ය. ප්‍රේමදාස ඉන්දියානු සාමසාධක හමුදාවට ඉවත් වෙන්න යැයි තර්ජනය කළ විට ඔහුගේ ප්‍රචාරක උපදේශකයන් ප්‍රේමදාසව රාවණා අවතාරයක් ලෙස හැඳින්වීය.

ඉන් පසු රාවණා චරිතයට ආරූඪ වුණේ මහින්ද රාජපක්ෂය. මහින්ද ප්‍රභාකරන්ව විනාශ කොට චීනය ළං කරගෙන ඉන්දියාවට අභියෝග කරද්දී මහින්දගේ ප්‍රචාරක උපදේශකයන් ඔහු රාවණාගේ අලුත්ම අවතාරය ලෙස පෙන්වීය.

යළිත් රාවණා උන්මාදය ලංකාවේ ව්‍යාප්ත වූයේ මහින්ද පරාජය වී ගෝඨාභයව දූෂණ චෝදනා සඳහා අල්ලස් කොමිසමට ගෙන යද්දීය. රාවණා බලය නම් වූ සංවිධානය අල්ලස් කොමිසම වටකරගෙන ගෝඨාට සහාය පළ කළහ. මින් පසු විවිධ නම්වලින් රාවණා සංවිධාන බිහිවිය. ගෝඨාභය ජනාධිපති කරන්න මේ සංවිධාන ලොකු සේවයක් කළහ. ගෝඨා ජනාධිපති වූ පසු පාර පුරා බිත්තිවල චිත්‍ර ඇන්ද බොහෝ තරුණ තරුණියන් ඇන්දේ රාවණාගේ ප්‍රතිරූපයය. ඔවුන් ගෝඨාව දුටුවේ ඉන්දියාවට බය නැති නායකයෙක් ලෙසය.

හැබැයි රාවණාගේ අවතාරය වෙන්න ගිය නායකයන්ගේ අවසානය ඛේදවාචකයක් විය. ප්‍රේමදාස ඝාතනය විය. ප්‍රභාකරන් ඝාතනය විය. මහින්ද සහ ගෝඨාට බලය අතහැර ජීවිත ආරක්ෂාව තකා පලායන්න සිදුවිය.

රාවණා අවතාරය ලංකාවට යහපතක් නොවේ. හේතුව රාවණා කියන්නේ මිථ්‍යාවකි. ලංකාව කළ යුත්තේ රාවණාලා බිහිකිරීම නොව රාමායනය Trail හරහා ඉන්දීය සංචාරකයන් ලංකාවට ආකර්ෂණය කරගැනීමය. සිංගප්පූරුව ඉන්දීය සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට ලිට්ල් ඉන්දියා නමින් කුඩා ටවුන් එකක් නිර්මාණය කර ඇත. ලංකාවට ඉන්දීය සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට රාමායනය සහ බුද්ධාගම Trail දෙකම ඇත. මේ Trail දෙකම ප්‍රවර්ධනය කරන්න ඉන්දියාව කැමැතිය. ඉන්දීය අගමැති මෝදිගේ රාම් දෙවොල, ඉන්දීය විදේශ ඇමැති ජයශංකර් ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා රාමායනය ප්‍රවර්ධනය කිරීම ලංකාවට හිමිවුණු හොඳ අවස්ථාවකි. රාවණා නැගිටින තෙක් බලා නොසිට මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම ලංකාවේ වගකීමය.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

හොරණදී වෙඩි තියලා කටුනායකින් රට පනින්න ගිය සැකකරු AFRS පද්ධතියට කොටුවෙයි! I Sri Lanka Latest News

Next Post

මැතිවරණ නිරීක්ෂකයෝ වතුකරයට ගිහින් ජනාධිපතිතුමා දෙනවා කියපු රුපියල් 1700 පොරොන්දුව ගැන කතාකරයි! දේශපාලන නායකයෝ කිසිම වගවිභාගයක් නැතිව දෙන පොරොන්දුවලට රැවටෙන්න එපා! වතුකරයේ ජනතාවගෙන් ලොකු ඉල්ලීමක් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.