පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ලබා දී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් තමා කනගාටු වන බව ඔහුගේ බිරිඳ වන බුෂිරා බීබී පවසා තිබේ.Sri Lanka Latest News
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, බන්ධනාගාරය තුළ දී ඉම්රාන් ඛාන්ට වස පෙවීමේ අවදානමක් ඇති බව ඇය ප්‍රකාශ කර ඇති බවයි.
බුෂ්රා බීබී පන්ජාබ් ස්වදේශ කටයුතු ලේකම් වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ, තම ස්වාමිපුරුෂයා රාවල්පින්ඩි හී ඇඩියාලා බන්ධනාගාරයට මාරු කරන ලෙසයි.
තම සැමියා කිසිම සාධාරණ හේතුවක් නොමැතිව ඇටෝක් බන්ධනාගාරයේ සිරකර ඇති බව ඇය එම ලිපියෙන් පෙන්වා දී ඇත.
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, 2018-2022 ධුර කාලය තුළ විදේශ ප්‍රභූවරුන්ගෙන් අග්‍රාමාත්‍යවරයා ලෙස ලැබුණු රාජ්‍ය ත්‍යාග විකිණීම සම්බන්ධයෙන් ටොෂාකානා නඩුවේ දී වසර තුනක සිර දඬුවමක් නියම කිරීමෙන් පසු අත්අඩංගුවට ගැනිණි










