මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති චීනයේ ෂියැන් 6 නෞකාවද ලංකාව බලා ගමන් අරඹා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත. මෙම නෞකාව ලංකාවට ඇතුළු වීමට නියමිතව ඇති බව කියන්නේ ලබන 28 වැනි දිනය. ඔක්තෝබර් 01 දින චීන ජනරජ දිනය යෙදී තිබීම හේතුවෙන් එය නිමිති කොටගෙන ෂියැන්ග් 6 නෞකාව ලංකාවට පැමිණෙනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය. කෙසේ වෙතත් ඉන්දියාව, ඇමෙරිකාව, ජපානය ඇතුළු රටවල් රැසක් චීනයේ මෙම නෞකාව ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් විරෝධය පළකොට ඇතත් මෙරට වගකිව යුතු ආයතන කිහිපයක්ම ඊට ලංකාවට ඇතුළු වීම සඳහා දැනටමත් අවසරය ලබාදී තිබීම විශේෂ සිදුවීමකි. ඒ හේතුවෙන් ඉන්දීය සාගර කලාපය තුළ ලංකාව මුල්කරගෙන තවත් ජාත්‍යන්තර අර්බුදයක් මතුව ඇති ආකාරයක් මේ වන විට දැකගන්නට පුළුවන.Sri Lanka Latest News
කල්දාන්න බැරිද?
කෙසේ වෙතත් නැව මුල්කරගෙන අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව දැකගන්නට ලැබීමත් සමග පසුගිය සතියේ ආණ්ඩුව පැත්තෙන් චීනය වෙත කෙරුණු ඉල්ලීමකින් කියැවුණේ ලබන නොවැම්බරය දක්වා චීන නෞකාවේ ගමන කල්දැමිය හැකිදැයි කියාය. නමුත් අපට ඇති ආරංචිවලින් කියැවෙන්නේ චීනය ලංකා ආණ්ඩුවේ එම ඉල්ලීමට එතරම් කැමැත්තක් දක්වා නොමැති බවය.
නැව තියෙන තැන!
මේ අතර සිරස රූපවාහිනිය පසුගිය බ්‍රහස්පතින්දා දින වාර්තා කොට තිබුණේ මෙම ෂි යැන්ග් 6 නෞකාව මේ වන විට ඉන්දීය සාගරයේ ඉන්දීය අනන්‍ය ආර්ථික කලාපයට සමීප වී ඇති බවකි. ජාත්‍යන්තර නෞකා ගමනාගමන දත්ත උපුටා දක්වමින් සිරස රූපවාහිනිය වාර්තා කළේ ලංකාවට මුහුණලා පැමිණි මෙම නෞකාව බ්‍රහස්පතින්දා දිනය වන විට ඉන්දියාවේ නිකොබාර් දූපත් ආසන්න කලාපයේ මද වේගයකින් ගමන් ගනිමින් තිබූ බවකි.