2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වූ දකුණු අප්‍රිකාව සහ තෙවැනි තැනට පත් වූ ඔස්ට්‍රේලියාව සහභාගී වන තරගාවලියේ දෙවෙනි අවසන් පූර්ව තරගය කල්කටා හි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැත්වීමට නියමිතය.
දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ප.ව.2.00 ට ආරම්භ වේ.
ඊයේ පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් නවසීලන්තය පරදා ජයගැනීමට සත්කාරක ඉන්දියාව සමත් විය.










