• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

21 මහමොළකරු එළියට දැම්මේ නැත්තේ ඇයි? ආණ්ඩුව කියන කතාව මෙන්න! කලබල වෙන්න එපා! විමර්ශන හරියට යනවා! Sri Lanka Latest News

April 26, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
21 මහමොළකරු එළියට දැම්මේ නැත්තේ ඇයි? ආණ්ඩුව කියන කතාව මෙන්න! කලබල වෙන්න එපා! විමර්ශන හරියට යනවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුරුන්ද යන්න එම ප්‍රහාරයට වසර හයක් පිරෙන 2025 අප්‍රේල් 21 වැනිදා හෙළිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට පෙර ප්‍රකාශ කළද ඔහුට එම හෙළිදරව්ව සිදුකිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් විශාල කතාබහක් මේ වනවිට සමාජය තුළ මතුව පවතී. 22 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීද ඒ පිළිබඳ සාකච්ඡාවට ගැනුණු අතර, එහිදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නේ මෙසේය. Sri Lanka Latest News

මාධ්‍යවේදියා
පාස්කු ප්‍රහාරය සිදුවෙලා වසර 6ක් වෙනවා. ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා මහමොළකරු 21 වැනිදාට ඉදිරිපත් කරනවා කියලා. මේ වනතුරු ඒ සම්බන්ධයෙන් කිසිම හෝඩුවාවක්වත් නැහැ. විපක්ෂය නිතරම චෝදනා කරනවා පච ආණ්ඩුවක් කියලා. ජනාධිපතිතුමාගේ මේ ප්‍රකාශත් එක්ක තවදුරටත් රජය හෑල්ලුවට ලක්වෙනවා නේද? නැත්නම් පොලිස්පතිතුමා ලණුවක් දුන්නද 21 වැනිදාට අපි අත්අඩංගුවට අරගෙන, ඔහු ගැන තොරතුරු ලබාදෙන්නම් කියලා?

අමාත්‍ය නලින්ද ජයතිස්ස
දැන් විපක්ෂයේ ඉන්න කලින් ආණ්ඩු කරපු අය පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් ඇයි මේ තරම් කලබල කියන එක තමයි අපි කල්පනා කරමින් ඉන්නේ. මොකද විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා. සාක්ෂි සටහන් කරගන්නවා. ඒකට විපක්ෂයේ කවුරුත් කලබල වෙන්න ඕනේ නෑ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ උදය ගම්මන්පිල වගේ ඇමැතිවරු, මම දැක්කා නාමල් රාජපක්ෂත් කලබල වෙලා එක එක දේවල් කියනවා. මම දන්නේ නෑ ඇයි ඒගොල්ලෝ කලබල වෙන්නේ කියලා. අපිට විමර්ශනය කරන්න සිද්ධ වුණේ පාස්කු ප්‍රහාරයෙන් අවුරුදු 6ක් ගතවුණාට අවුරුදු පහමාරකට ආසන්න කාලයක් විමර්ශන යටපත් කරන්න උත්සාහ කරපු තත්ත්වයක් තුළ, ඒ අවුරුදු 6 ඇතුළතම නිවැරැදිව විමර්ශන කරන්න තිබුණා නම් සමහර විට මේ වෙනකොට සියලු මහමොළකරුවන් ඇතුළු මේ කුමන්ත්‍රණයේ සියලු කොටස්කරුවන් හෙළිදරව් කරන්න හැකියාව ලැබෙන්න තිබුණා. නමුත් පහුගිය අවුරුදු පහමාරෙම සිදුකරලා තියෙන්නේ විමර්ශන ක්‍රියාවලිය යටපත් කරගැනීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් ඇතුළේ දේශපාලන අධිකාරිය දරපු උත්සාහයන්. මේ සමහර විමර්ශන කමිටු වාර්තා ක්‍රියාත්මක නොකරන්න අමාත්‍ය මණ්ඩලය තීන්දු අරගෙන තිබුණා විමර්ශන සිදුකරපු නිලධාරීන් හතර අතේ මාරුකරලා තිබුණා. සමහර අයට ලංකාවේ ඉන්න බැරි තත්ත්වයක් ඇතිකරලා තිබුණා. සාක්ෂි වසන් කරලා තිබුණා.

ඒ වගේම විමර්ශන නොමග යවලා තිබුණා. දැන් තමයි පහුගිය මාස 6දී තමයි යළිත් මේ විමර්ශන කටයුතු නිවැරැදිව සිද්ධ වෙන්නේ. ඒ විමර්ශන ක්‍රියාවලියේදී කලින් යටපත් කරන ලද විමර්ශන නොමග යවන ලද සිදුවීම් මතුවෙද්දී මේ අය කලබල වෙන එක මේ පිළිබඳ යම් අදහසක් තියෙන අයට හිතාගන්න පුළුවන්. මම හිතනවා සාමාන්‍ය ජනතාව කලබල විය යුතු නැහැ. දැනටමත් මේ සම්බන්ධයෙන් අලුතෙන් කීපදෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරගෙන යනවා. සමහර විට ඒ මත පදනම් වෙලා ඉදිරියේදී තවත් අයට කැඳවීම් ලැබෙන්න පුළුවන්. විමර්ශන සම්බන්ධයෙන් මම හිතනවා සාමාන්‍ය බුද්ධියකින් බලාගෙන ඉන්න ඕනෑම කෙනකුට සෑහීමකට වෙන්න පුළුවන් නිවැරැදි එල්ලයකට මේ පරීක්ෂණ කටයුතු සිදුවෙනවා කියලා.

ඒ වගේම විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ කලබල වීමෙන්ම පේනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ මොහොතේ විමර්ශන නිසි පාරේ සිදුකරමින් තිබෙනවා කියන එක.

මාධ්‍යවේදියා
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිල්ලෙයාන් අත්අඩංගුවට අරගෙන තියෙනවද? පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තයි කිව්වේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් සම්බන්ධ ප්‍රශ්නෙකට. නමුත් මාස 3කට ඔහුට රැඳවුම් නියෝග ලබාගෙන තියෙන්නේ මොකටද? අපිට මතුවන ගැටලුව තමයි පිල්ලෙයාන් 2015 ඉඳන් 2020 වෙනකල් හිරගෙදර හිටියේ. එහෙම නම් ඔහුගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න එක චෝදනාවක්වත් තියෙනවද?

අමාත්‍ය නලින්ද ජයතිස්ස
පිල්ලෙයාන් ගැන ඔබ දන්නේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා පැහැරගැනීම ගැන පමණක් වුණාට පිල්ලෙයාන්ට එරෙහිව තවත් චෝදනා ගණනාවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් දැන් තවත් සාක්ෂි ලැබෙමින් පවතිනවා. ඒ සම්බන්ධ විමර්ශන කෙරෙමින් යනවා. ඒ විමර්ශනවල ප්‍රගතිය මාධ්‍ය දැනගත යුතු ප්‍රමාණයට පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේදී හෙළිදරව් කරයි. ඒ නිසා ඔබ පූර්ව නිගමනයක ඉන්න එපා පිල්ලෙයාන් කරපු අපරාධය නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමා පැහැරගැනීම පමණක් කියලා. තවත් චෝදනා ගණනාවක් තියෙනවා. ඊට කලිනුත් සමහර තොරතුරු හෙළිදරව් වෙලා තිබුණා. නමුත් මේ දින 90ක රැඳවුව් නියෝග මත ප්‍රශ්න කිරීමේදී තවත් තොරතුරු හෙළිදරව් වෙමින් පවතිනවා. ඒ සමහර සිදුවීම් එකිනෙකට ඉතා සම්බන්ධයි. ඒ වගේම සමහර චෝදනා මෙරට මහාධිකරණවල විභාග පැවැති නඩුවලට අදාළයි. ඒ සියල්ල සම්බන්ධයෙන් තමයි විමර්ශනය කරගෙන යන්නේ. ඒ විමර්ශන මත පදනම් වෙලා දැනටමත් දෙදෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ අය මේ සමහර ඝාතන ක්‍රියාවලිවල කොතැනද හිටියේ කියන එක සම්බන්ධයෙන් විමර්ශන ඉදිරියට ඇදෙන ආකාරය අනුව පොලිසිය විසින් හෙළිදරව් කරයි. මම ඒක මේ වෙලාවේ කියන්න යන්නේ නෑ. නමුත් ඔබ පූර්ව නිගමනයක ඉන්න එපා පිල්ලෙයාන් කරපු එකම දේ මහචාර්යවරයා පැහැරගැනීම විතරක් කියලා.
ඒ වගේම පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විමර්ශන කටයුත්ත අතිශය සංකීර්ණ වැඩක්. ඒකට අදාළ තොරතුරු හෙළිදරව් වෙමින් පවතිනවා. දැනටමත් කාදිනල්තුමා ඇතුළු මේ සම්බන්ධයෙන් නිරන්තරව ඉල්ලීම් ඉදිරිපත් කරපු සියලු කණ්ඩායම්වලට මම හිතනවා සෑහීමකට පත්විය හැකි විමර්ශනවල ප්‍රගතියක් පෙන්නුම් කරමින් යනවා. මහමොළකරුවන් එක්කෙනයිද, කීප දෙනෙක්ද, ඔවුන් හෙළිදරව් කරන්නේ කවදාද කියන එක අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කරමු. ඒක උසාවියට භාර කරමු. අනිවාර්ය වශයෙන්ම පරීක්ෂණ නිසි පරිදි සිදුවෙනවා කියන එක තමයි මට කියන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකට දින වකවානු මේ වෙලාවේ කියන්න බෑ.

මාධ්‍යවේදියා
ඔබතුමාලාගේ ආණ්ඩුව ගැන ජනතාව දැඩි විශ්වාසයකින් හිටියේ. සී.අයි.ඩී. එකට ඔය රිපෝට් එක ඔයිට කලින් භාරදෙන්න තිබුණනේ ඇමැතිතුමා ජනාධිපති කාර්යාලයේ තියෙනවා නම්. තියාගෙන හිටපු එක මේ 21 වැනිදා භාරදුන්නේ? ඔයිට කලින් භාරදුන්නා නම් සී.අයි.ඩී. එක ඔයිට වඩා ඉක්මන් වෙනවනේ මේ මාස හය තුළත්. ඔබතුමා පිළිගන්නේ නැද්ද, මේ වෙලාවේදී ආණ්ඩුව අසමත් වුණා. 21 වැනිදාට කලින් යම්කිසි දෙයක් කියන්නම් කියලා, නමුත් සැලකිය යුතු යමක් ජනාධිපතිතුමාට කියාගන්න බැරිවුණා. ඒකට නිලධාරීන් වගකිව යුතු නම් ඔබතුමා හෙළිදරව් කරන්න ජනාධිපතිතුමාව නොමග යවන නිලධාරීන් සී.අයි.ඩී. එකේ හෝ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ හෝ ඉන්නවා නම්. ඔබතුමා ඒ අයව රකින්න එපා.

අමාත්‍ය නලින්ද ජයතිස්ස
මේ ආණ්ඩුවට මේක කරන්න බෑ, අරක කරන්න බෑ, ආර්ථිකය හදන්න බෑ, රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධකම් නෑ, ආරක්ෂාව කරගෙන යන්න බෑ කියලා ගොඩක් දේශපාලනඥයෝ අල්ලගෙන සමහර නාලිකා දිගටම කියාගෙන හිටියනේ. හැබැයි රටේ ජනතාව අපි ගැන විශ්වාස කරලා ඡන්ද ලබාදීලා ආණ්ඩුවක් හදලා තියෙනවනේ. ඒ ජන වරම අනුව අපි කටයුතු කරනවා. ඒ නිසා කවුරුවත් කලබල වෙන්න එපා. මේ කුමන්ත්‍රණයට නියමයෙන් හෝ අනියමයෙන් සම්බන්ධ අයගේ කලබලයට ආණ්ඩුව කලබල වෙන්නේ නෑ. ඒගොල්ලෝ ඕනේ තරම් කලබල වෙද්දෙන්. ඔය ගම්මන්පිල පන්නයේ කලබලවීම් ඉදිරියේදී තව ඕනේ තරම් සිදුවේවි. නමුත් ඒ කලබලවීම් ආණ්ඩුව ගණන් ගන්නේ නෑ. මේ විමර්ශන නිසි ආකාරව සිද්ධ වෙනවා කියන සහතිකය අපිට දෙන්න පුළුවන්.

මාධ්‍යවේදියා
පිල්ලෙයාන් සම්බන්ධයෙන් තවත් චෝදනා කීපයක් තියෙනවා කියලා කිව්වා. නමුත් පිල්ලෙයාන් සම්බන්ධයෙන් ගම්මන්පිල මහතා කරපු ප්‍රකාශවලදී කියැවුණා මේ මහමොළකරු නිෂ්පාදනය කරන්න හදන්නේ කියලා. ඔහු පිල්ලෙයාන් වෙන්න ඇති කියලා. එතකොට ගම්මන්පිල මහත්තයා ගිහිල්ලා ඒ වැඩේ වැරැද්දුවද? එහෙම නැත්නම් ඔහු කරපු මේ ක්‍රියාවලියෙන් පස්සේ ඒක නැතිවෙලා ගියාද? එවැනි මතයක් තියෙනවා. ඔය කියන විදියට පිල්ලෙයාන් සම්බන්ධයෙන් ඍජුවම යම් හෙළිදරව්වක් කරන්න පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සිද්ධීන්වලට යම්කිසි සම්බන්ධයක් තියෙන විමර්ශනයක්ද කියලා?

අමාත්‍ය නලින්ද ජයතිස්ස
ගම්මන්පිල ගිහිල්ලා ඇවිල්ලා කියපු දේ ගැන මොකක් හරි සමාජ අවබෝධයක් තියෙන ඕනෙම කෙනකුට තේරෙනවා ඒ දීපු පණිවුඩය මොකක්ද කියලා. දුවලා ගිහිල්ලා පිල්ලෙයාන්ව හම්බවෙලා දුවලා ඇවිල්ලා මාධ්‍යවලට කිව්වේ පිල්ලෙයාන් තාම පාස්කු ප්‍රහාරය ගැන මොනවත් කියලා නෑ කියලා. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යමෙක් අත්අඩංගුවට පත්වෙනවා නම් ඔහු ප්‍රසිද්ධියේ පණිවුඩයක් ලබාදීලා තියෙනවා තාම පිල්ලෙයාන් මොනවත් කියලා නෑ. ඒක සාමාන්‍යයෙන් අපරාධ විමර්ශන පිළිබඳ යම් අවබෝධයක් තියෙන ඕනෙ කෙනකුට තේරෙනවා. පණිවුඩයේ ගැඹුර සහ බර මොකක්ද කියන එක. ඇත්තටම ඒවා අපිට අදාළ වෙන්නේ නෑ. ඔහු ඕනේ තරම් දේවල් කියාගත්ත දෙන්. නමුත් ඉදිරියේදී මේකට අදාළව තව තවත් අය අත්අඩංගුවට පත්වෙන කොට සහ මේ විමර්ශන ඉස්සරහට යනකොට ඔබට මේ ජාලය කොතරම් පැතිරුණු සහ කොතරම් කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙච්ච එකක්ද කියලා හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. මේ විමර්ශන පාස්කු ප්‍රහාරයට ආසන්න කාලයට පමණක් නෙවෙයි ඊට කලින් දක්වා සමහර විමර්ශන දියත් වෙමින් පවතිනවා. සමහර ඒවා ඝාතන. සමහර ඒවා කප්පම් ගැනීම්. ඒ සියල්ල සම්බන්ධයෙනුත් කටයුතු කෙරෙන බව මට මේ වෙලාවේ කියන්න පුළුවන්.

මාධ්‍යවේදියා
මේ වාර්තාව සී.අයි.ඩී. එකට භාරදෙන්න කල් ගතවුණු එකට හේතුව මොකක්ද?

අමාත්‍ය නලින්ද ජයතිස්ස
කල්ගත වීමක් නෑ. සී.අයි.ඩී. විමර්ශන යන විදියට අදාළව, අදාළ මොහොතෙදී භාරදෙනවා.

මාධ්‍යවේදියා
පිල්ලෙයාන් හිටියේ බන්ධනාගාරගත වෙලානේ. එතකොට උභතෝකෝටියක් වෙනවනේ ඔහුගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා කියන එක.

අමාත්‍ය නලින්ද ජයතිස්ස
ඔබම නේද මට සමහර වෙලාවට කියන්නේ ඩුබායිවල ඉඳන් පාතාලය මෙහෙයවනවා, හිරගෙදර ඉඳන් පාතාලය මෙහෙයවනවා, ටෙලිෆෝන් ජෑම් කරන්න ඕනේ වගේ දේවල්. පාස්කු ප්‍රහාරයට වඩා ගොඩක් මේ පැත්තෙන් තියෙන ඒවා, කප්පම් ගැනීම්, තනි පුද්ගල ඝාතන වගේ දේවල් බන්ධනාගාර ඇතුළේ ඉඳන් සහ ඩුබායිවල ඉඳන් මෙහෙයවනවා කියලා ඔබම මට කියලා තියෙද්දී දැන් මගෙන් අහන්න එපා පිල්ලෙයාන් කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ හිරේ ඇතුළේ ඉන්නැද්දී කියලා. ඒවා විමර්ශකයන්ගේ කාර්යභාරයක්. ඔවුන් ඒවා අදාළ මොහොතේදී හෙළිදරව් කරයි.

SendShareShare
Previous Post

අනුර උතුරේ කොනටම යයි! එදා හිටපු නැති දහස් ගණනක් අද අනුරගේ කතාව අහන්න ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Next Post

කොළඹ ආ කැලෑ අලි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.