• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ ආ කැලෑ අලි! PHOTOS I Sri Lanka Latest News

April 26, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
කොළඹ ආ කැලෑ අලි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ රටේ පරිසරයට තියෙන ප්‍රශ්න අනේකයි, විවිධයි. ඒවා කාලයෙන් කාලයට වෙනස් වෙනවා. තාවකාලිකව පැලැස්තර විසඳුම් දුන්නත් නැවත නැවත ඒවා මතු වෙනවා. මිනිස්සු තමන්ගේ බලපුළුවන්කාරකම්වලින් සහ විවිධ උපක්‍රම මගින් ඒවාට වසඳුම් සෙව්වත් ප්‍රශ්නය පටන්ගත් තැනමයි. හඬක් නැගීමට නොහැකි ගහකොළ, සතාසිවුපාවුන් ගැන හඬක් නගන්නට වනජීවී ඡායාරූප ශිල්පීන් පිරිසක් එකතු වෙලා මේ රටේ දශක ගණනාවක් විවිධ හේතු මත තවමත් විසඳාගත නොහැකි වූ අලි මිනිස් ගැටුමට තිරසාර විසඳුම් සෙවීමට ඉදිරිපත් වෙලා තියෙනවා. ඔවුන්ගේ ඒ උත්සාහය කොන්දේසි විරහිතව අපි අගය කරන්න ඕනේ. ‘ශ්‍රී ලංකා වන අලි සංරක්ෂණ සංසදය’ නමින් පිහිටුවාගත් සංවිධානය තමයි ඒ අගය කළ යුතු ක්‍රියාව සිදුකරන්නේ. Sri Lanka Latest News

අද අපි කැලෑ කොලමෙන් කතා කරන්නේ මේ රටේ බැරෑරුම් පාරිසරික හා මිනිස් ඛේදවාචකයක් ගැන. කීප දෙනෙකුගේ එකතුවෙන් ආරම්භ කරන ලද මෙම සංවිධානය අද වනවිට සමාජයේ මිනිසුන් අතර කතාබහට ලක්වෙමින් තිබෙනවා. ඊට හේතුව, ඔවුන් කටයුතු කරන විවෘතභාවය හා අපක්ෂපාතීභාවය බව අපට නිරීක්ෂණය වුණා. මීට පෙර අවස්ථා කීපයකදීම විවිධ සංවිධාන හා පුද්ගලයන් අලි-මිනිස් සංහිඳියාව සම්බන්ධයෙන් කටයුතු කළත් සංවිධාන අටවා ගත්තත් ඉන් බොහෝ පිරිසක් අන්තිමට නතර වුණේ දේශපාලන අරමුණුවලට ගැතිබවින් හා දේශපාලකයන්ගේ ඔඩොක්කුවේ. මූලික අරමුණ විනාශ කරගෙන ඔවුන්ට අන්තිමට යනඑන මං නැතිවුණා. ශ්‍රී ලංකා වන අලි සංරක්ෂණ සංසදය කිසිම දේශපාලන හෝ රාජ්‍ය නොවන සංවිධානයක ගැත්තන් නොවන බව එහි කැඳවුම්කරු සාරංග දේවා ද අල්විස් සහෘදයා මා සමග පවසා සිටියා.
ඔහු පවසන ආකාරයට මෙකී සංවිධානයේ මූලික අරමුණ වන්නේ අලි-මිනිස් සංහිඳියාව ඇතිකරමින් දශක කීපයක් බලධාරීන්, නිලධාරීන් හා දේශපාලකයන් දඩමීමා කරගනිමින් සංකීර්ණ වූ මෙම ප්‍රශ්නයට සර්ව සාධාරණ විසඳුම් යෝජනාවලියක් ක්ෂේත්‍රයේ අදාළ විෂය ප්‍රාමාණිකයන් සම්බන්ධ කරගෙන වාර්තාවක් සකස් කර රජයේ ප්‍රධානියාට භාරදීමයි.
එහි මූලික පියවරක් ලෙස ඔවුන් පසුගිය සති තුනක කාලයක් තුළ අලි-මිනිස් සංහිඳියාව ඇතිකිරීම සඳහා මහජනතාව දැනුවත් කරමින් මහජන පෙත්සමක් අස්සන් කිරීමට කටයුතු යොදා තිබුණා. එම කටයුත්තේ සමාරම්භය පසුගිය 02 වැනිදා සවස් වරුවේ කොටුව දුම්රියපළ ඉදිරිපිට දී සිදුකෙරුණා. ඊට පසුව මහරගම නගරයේත්, අනතුරුව මහනුවර නගරයේදී දින දෙකක් පුරාත් මෙම මහජන පෙත්සම් ලබාගැනීමේ ක්‍රියාන්විතය සිදුවුණා. ඊට අමතරව මෙම පෙත්සම අස්සන් කිරීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේද සිදුකිරීමට ඔවුන් ජනතාවට පහසුකම් සලසා දුන්නා.

සංවිධාකයන්ගේ අදහසට අනුව පොදු මහජනතාව මෙකී ප්‍රයන්තය සම්බන්ධයෙන් දැඩි සංවේදී බවක් දක්වන අතර, එය සාක්ෂාත් කරගැනීමට ඔවුන් උපරිමයෙන් සහායෝගය ලබාදෙමින් සිටිනවා. මිනිස් ජීවිත රැකගනිමින්ද, වගාවන් සුරකිමින්ද වන අලින්ටද ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට යෝජනා සකස් කිරීමද ඔවුන්ගේ මූලික අරමුණ වන බව ඔවුන් මා සමග පවසා සිටියා. ඉදිරි කාලය තුළදී මහජනතාව දැනුවත් කිරීම සඳහා මෙරට වන අලි ගැටුම් පවතින ප්‍රදේශවලට යෑමටත්, එහි ජීවත් වන ගොවි ජනතාව හා පොදු ජනතාවගේ අදහස් ලබාගැනීමටත්, මෙරට අනෙකුත් ප්‍රධාන නගරවලට මෙකී මහජන පෙත්සම රැගෙන යෑමටත් සංවිධායකයන් බලාපොරොත්තු වෙනවා.
මේ වනවිට මහජන පෙත්සම සඳහා ඉහළ ජනතා ප්‍රතිචාරයක් ලැබෙමින් පවතින අතර, සති 3ක් අතර අස්සන් 25,000ක් පමණ ලබාගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා. පරිසරය මිනිසාට සමානව සතාසිවුපාවන්ටද භුක්ති විඳීමට හැකි සමාජ වටපිටාවක් නිර්මාණය කිරීම ඔවුන්ගේ මූලික අරමුණ වී තිබෙන බව මට දැනගන්නට ලැබුණා. දැනට වාර්තා වන අන්දමට 2025 ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 10 වැනිදා දක්වා කාලය තුළ මිනිස් ජීවිත 19ක් හා වන අලින් 118කට ආසන්න සංඛ්‍යාවක් අප රටට අහිමි වී ගොස් තිබෙනවා. වටිනා මිනිස් ජීවිත හා අකාලයේ මියයන වන අලි සංඛ්‍යාව රැකගැනීමට වර්තමාන රජයේ ප්‍රධාන වගකීමක් හා යුතුකමක් බවද ‘කැලෑ කොලමේ’ අපේ අදහසයි.

පෙර සිටි පාලකයන් නොසලකා හරිනු ලැබ තිබූ මෙම පාරිසරික ඛේදවාචකය නිවැරැදිව කළමනාකරණය කොට සාධාරණව විසඳීමට වන අලි සිටින ප්‍රදේශයක හැදීවැඩුණු වත්මන් ජනාධිපතිවරයාට හැකියාව ඇතැයි අප තරයේ විශ්වාස කරනවා. නිල්ල පිරුණු රටක මිනිසුන් හා අලින් මෙන්ම අනෙකුත් ස්වභාවික සතුන්ගේ සංහිඳියාව තුළින් අපේ රටේ ආර්ථිකයට නව පණක් දී සංචාරක කර්මාන්තයටද දියුණුවක් ලබාගැනීමට හැකි වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට වනජීවී ඡායාරූප ශිල්පී එකමුතුව වන ශ්‍රී ලංකා වන අලි සංරක්ෂණ සංසදයට හැකියාව ලැබේවායි කැලෑ කොලමේ අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. ඔවුන්ගේ මෙම උත්සාහය අද පරපුරටත් වඩා මතු උපදින පරම්පරාව වෙනුවෙන් බව සංවිධායකයන්ගේ ප්‍රධාන පරමාර්ථයයි. ඔවුන්ගේ ගමනට ‘කැලෑ කොලමේ’ අපේ ශුභාශිංසනය මෙසේ පුදකර සිටිමු.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

21 මහමොළකරු එළියට දැම්මේ නැත්තේ ඇයි? ආණ්ඩුව කියන කතාව මෙන්න! කලබල වෙන්න එපා! විමර්ශන හරියට යනවා! Sri Lanka Latest News

Next Post

‘මං ගැන දන්නවනේ..! තමුසෙට කියලනේ තියෙන්නේ ඕයි..!’ කැන්වසින් ගිය සජබෙ අපේක්ෂක වෛද්‍ය චමල් සංජීවට UNPය ප්‍රසිද්ධියේ මැර තර්ජන කරයි! උගතෙක් වූ චමල් අත් දෙක බැඳගෙන හිනා වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.