• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

රාජපක්ෂ බිස්නස් මාෆියාවෙන් විපක්ෂය බේරාගත යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

July 1, 2023
in Exclusive, Gurudawa
Reading Time: 7 mins read
A A
රාජපක්ෂ බිස්නස් මාෆියාවෙන් විපක්ෂය බේරාගත යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ඇතිවෙන්න පෙර එවක යූ.ඇන්.පී. ජාතික ලැයිස්තු මන්ත්‍රී රනිල් හොඳ කතාවක් කීවේය. Sri Lanka Latest News

‘මම කියන්න පැකිළෙන්නෙ නැහැ. මේ රටේ පෞද්ගලික අංශය මේ අර්බුදයට වගකිව යුතුයි. මේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝ ජනාධිපති තේරීපත් වුණාම ගිහින් කිව්වා අපට ගහලා තියෙන බදු අඩුකරන්න. එතකොට ආර්ථිකය දියුණු වෙයි කියලා. දැන් මේ දියුණු වෙලාද…?’

නිවුස් වයර් 23.04.2022

රනිල් මේ කිව්වේ සහතික ඇත්තය. මෛත්‍රී-රනිල් ආණ්ඩු කාලයේ මේ බිස්නස්කාරයන්ට බදු ගැහුවේය. මේ බදු ගැහිල්ල දරාගන්න බැරුව මේ බිස්නස්කාරයෝ එළියට ඇවිත් මාධ්‍යවලට කතා කරලා රටත් ආර්ථිකයත් ඉවරයි කීහ. ලංකා ඉතිහාසයේ කවදාවත් බිස්නස්කාරයෝ එළියට ඇවිත් රටත් ආර්ථිකයත් ඉවරයි කියලා ආණ්ඩුවකට ගහලා නැත.

මේ බිස්නස්කාරයෝ ඔක්කොම රාජපක්ෂලාගෙන් හැදුණු බිස්නස්කාරයෝය. නැතිනම් ජේ.ආර්. හෝ ප්‍රේමදාස ආණ්ඩු කාලයේ බිස්නස් කරලා රාජපක්ෂලාගේ කාලයේ යහමින් හම්බ කරගත් අයය. මෛත්‍රී-රනිල් ආණ්ඩුව ඇවිත් මොවුන්ට බදු පිට බදු ගහලා මොවුන් සහ රාජපක්ෂවරු අතර සිදුවූ ගනුදෙනු හොයන්න මූල්‍ය අපරාධ විමර්ශන අංශය පාවිච්චි කළේය. මේ බිස්නස්කාරයෝ නහුතෙට බය වූහ. ඔවුහු එළියට ඇවිත් මෛත්‍රී-රනිල් ආණ්ඩුවට වැටෙන්න ගැසූහ. ඒ ගැහිල්ලට රාජපක්ෂලාට කඩේ යන මාධ්‍යත් එක්වී ඔවුන් මෛත්‍රී-රනිල් ආණ්ඩුව නිසා රටේ ආර්ථිකය ඉවරයි කියන්න බිස්නස්කාරයන්ව පාවිච්චි කළේය.

මේ බිස්නස්කාරයෝ එකා දෙන්නා ගෝඨාභයගේ වියත් මගට එකතු වෙන්න පටන්ගත්තේ ඉන් පසුවය. සමහර බිස්නස්කාරයෝ ටයි කෝට් ගලවලා ජාතික ඇඳුම ඇඳන් වියත් මග සම්මන්ත්‍රණවලට එක්වූහ.

මේ වෙනකොටත් ගෝඨාට ජනාධිපති අපේක්ෂත්වය දෙන්න රාජපක්ෂ පවුලේ එකඟතාවක් නොවීය. ගෝඨාට අපේක්ෂකත්වය අරන් දෙන්න රාජපක්ෂ පවුලට ලොකුම ප්‍රෙෂර් එක දැම්මේ මේ බිස්නස්කාරයෝය. ගෝඨාට අපේක්ෂකත්වය නොදුන්නොත් තමන් ඊළඟ ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණු කැම්පේන් එකට සල්ලි දෙන්නේ නැතැයි සමහර ව්‍යාපාරිකයෝ තර්ජන කළහ. මේ ව්‍යාපාරිකයන් බොහොමයක් රාජපක්ෂ පවුල සමග ගනුදෙනු කොට ඔවුන්ව දේශපාලන වශයෙන් නඩත්තු කළ බිස්නස්කාරයන්ය. රාජපක්ෂ පවුලට ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න සිදුවිය. ගෝඨා ජනාධිපති අපේක්ෂක ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ෂැංග්‍රිලා හෝටලයේ පැවැති වියත්මග රැස්වීමේ ලංකාවේ ලොකුම බිස්නස්කාරයෝ ඉදිරි පෙළේම අසුන් ගෙන සිටියහ. ඔවුන් රටට දුන්නේ එක පණිවුඩයකි.

‘මෛත්‍රී-රනිල් ආණ්ඩුව තිබුණොත් රටත් ආර්ථිකයත් ඉවරයි. රටත් ආර්ථිකයත් ගොඩගන්න නම් ගෝඨාව ජනාධිපති කරන්න….’

මිනිස්සුන්ටත් බිස්නස්කාරයන්ගේ මේ පණිවුඩ තදට බලපෑවේය. ඔවුහු පෝලිමේ ගොස් ගෝඨාට ඡන්දය පාවිච්චි කළහ. ගෝඨා ජනාධිපති විය. ගෝඨා ජනාධිපති වූ විගස ආර්ථිකයේ ලොකුම තනතුරුවලට පත් කළේ මේ බිස්නස්කාරයන්වය. ඊට අමතරව ඔහු ආර්ථිකය ගොඩනගන ජනාධිපති කාර්යසාධක බළකායක් පත් කළේය. මේ බළකායන්වලට පත් කළේ ලංකාවේ නමගිය ප්‍රධාන පෙළේ බිස්නස්කාරයන්වය. ඔවුන් 2020 සිට 2022 තෙල් පෝලිම්, ගෑස් පෝලිම් එන තෙක් ගෝඨා සමග ආර්ථිකය හදන හැටි සාකච්ඡා කළහ. ආර්ථිකය හදන්න යෝජනා ඉදිරිපත් කළහ. ඒ අතර තම තමන්ගේ බිස්නස් වැඩ කරගත්හ. හැබැයි මේ එකදු බිස්නස්කාරයෙක්වත් රටේ විදේශ සංචිත හිඳිලා ගෑස් පෝලිම් තෙල් පෝලිම් එනකන් දන්නේ නැත. රට පුරා පෝලිම් ඇතිවී අරගලය එළියට එද්දී ඔවුන් හිමින් සැරේ ගෝඨාගෙන් මාරුවිය.

මේ බිස්නස්කාරයෝ ගෝඨා ජනාධිපති වෙන්නත් කලින් වියත් මග රැස්වීම්වලට ගොස් ගෝඨා සමග ලන්ච් ටේබල් එකේ ඩිනර් ටේබල් එකේ වාඩිවූවන්ය.

‘මොකක්ද ඔබගේ ආර්ථික වැඩපිළිවෙළ…?’

මේ කවුරුවත් ගෝඨාගෙන් අහලා නැතිවාට මෙන්න කැටය! මොකද, ඔවුන්ට ගෝඨාගේ ආර්ථික වැඩපිළිවෙළවල් වැඩක් නැත. ගෝඨාට ආර්ථිකය ගැන දැනුමක් තියෙනවාද නැද්ද යන්න වැඩක් නැත. ඔවුන්ට ඕනෑ බිස්නස්ය.

‘ඔය සජිත්ලා රනිල්ලා කෑගැහුවට ආර්ථිකයක් එහෙම වැටෙන්නෙ නෑ. ණය ගෙවන්න බැරිවෙනකොට තව ණයක් අරගෙන ඒ ණය ගෙවනවා. අපි බදු ගෙවන්නේ නැතිව අපේ බිස්නස් වැඩි කරගමු….’

ඔවුන් ගණන් හැදුවේ එහෙමය. හැබැයි ඔවුන්ගේ දතකට පූට්ටු වූයේ විදේශ සංචිත නැතිවී පෝලිම් ගහන්න පටන්ගත් විටදීය.

‘ගෝඨා අපිව කෑවා. දැන් ඉතින් අරගලයට සහාය දෙනවා කියලා ස්ටේට්මන්ට් කරමු..’

ඔවුහු බය බිරාන්ත වී තීරණය කළහ. ඒත් අරගලකාරයන් රාජපක්ෂලා සමග ගනුදෙනු කළ බිස්නස්කාරයන් පිටරටවලට ඇදපු ඩොලර් ගේන්න ඕනෑ යැයි කෑගහන විට ඔවුන්ට මරණ බය ඇතිවිය.
‘අරගලය දින්නොත් අරගලයට ඕනා ජනාධිපති කෙනෙක් ආවොත් අපිත් ඉවරයි. රාජපක්ෂලාත් ඉවරයි. මේ ටික රාජපක්ෂලාට තේරුම් කරදීලා අපිටයි රාජපක්ෂලාටයි බේරෙන්න පුළුවන් ජනාධිපති කෙනෙක් පස්ස දොරින් පත් කරගමු…’

අරගලය යන වෙලාවේ ඔවුහු තරු පහේ හෝටල්වල රැස්වී තීරණය කළහ.

‘මේ වෙලාවෙ රට යකාට ගියත් අයි.එම්.එෆ්. ගිහින් අපේ බිස්නස් බේරගන්න ඕනෙ. ඒකට හරියන මෑන් රනිල්. රාජපක්ෂලාත් මිනිහට කැමැතියි. අපි මිනිහව දාගමු. මිනිහා රාජපක්ෂලාවයි අපේ බිස්නස් ටිකයි බේරයි….’

මේ, ඔවුන් එකිනෙකාට කනට කරලා කීව කතාවය.

‘අයි.එම්.එෆ්. එකට කතා කරන භාෂාව දන්නේ මිනිහා. මිනිහා අපිට බිස්නස් කරගෙන යන්න මේක මොනවා හරි කරලා ගැටගහලා දෙයි…’

මේ, ඔවුන් පාවිච්චි කළ වචනය. රනිල් ජනාධිපති වෙන්නේ එහෙමය. දැන් මේ රාජපක්ෂ ව්‍යාපාරික මාෆියාව ඉන්නේ රනිල් සමගය. ඔවුන් රනිල්ගේ ආරක්ෂකයන්ය. රනිල්ව ආරක්ෂා කරගන්න තියෙන ලොකුම බාධාව විපක්ෂය බව ඔවුන් දනී.

‘මේ රනිල් ගෙන යන වැඩපිළිවෙළට ඔයගොල්ලෝ හරස් වෙන්න එපා. රනිල්ට ඕනෙ දෙයක් විකුණා ඔය කරගන්න ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරගන්න දෙන්න. අපි ඔයගොල්ලන්ව ඊළඟ ඡන්දෙදි බලාගන්නම්…’

මේ, බිස්නස්කාරයෝ නොහොත් රාජපක්ෂ බිස්නස් මාෆියාව විපක්ෂයට දෙන දිරච්ච ලණුවය. මේ ලණුව කන මන්ත්‍රීවරු විපක්ෂයේ සිටිති. මේ රාජපක්ෂ බිස්නස් මාෆියාව ඔවුන්ව නඩත්තු කරයි.

ඔවුන්ගේ ඡන්දවලට බිලියන ගණන් වියදම් කරයි. ඉතින් රනිල් බජට් එක ඉදිරිපත් කරද්දී මේ බිස්නස් මාෆියාවට කතා කරයි.‘අර විපක්ෂයේ කට්ටියට ප්‍රෙෂර් එක දමලා බැරිද බජට් එකට සහාය අරන් දෙන්න….?’

රනිල් බිස්නස් මාෆියාවට ප්‍රෙෂර් එක දමයි. බිස්නස් මාෆියාව විපක්ෂයට ප්‍රෙෂර් එක දමයි.

‘අපි තමයි ඉස්සෙල්ලාම අයි.එම්.එෆ්. යන්න කිව්වේ. ඉතින් රට වෙනුවෙන් අපිට අයි.එම්.එෆ්. යෝජනාවලට විරද්ධ වෙන්න බැහැ….’

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න එපා කියලා අපි මුලින් කිව්වා තමයි. ණය කපන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ….’

රාජපක්ෂ බිස්නස් මාෆියාව විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ට ප්‍රෙෂර් එක දමනකොට මේ සමහර මන්ත්‍රීවරු කියන්නේ මේ වගේ හිනා නොයන විහිළු කතාය. මේ අයි.එම්.එෆ්. ගනුදෙනුව රට බේරාගන්නවත්, මිනිස්සු බේරාගන්නවත් නොව, මේ බිස්නස් මාෆියාව බේරාගන්නටය. මිනිස්සුන්ට බදු පිට බදු ගහලා ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණලා බැංකු සහ අර්ථසාධක අරමුදලේ සල්ලි කපලා මේ සතුටු කරන්නේ රාජපක්ෂ බිස්නස් මාෆියාවය. ආර්ථිකය වළ පල්ලට යවන්න ගෝඨාට උපදෙස් දුන් මේ මාෆියාව අද රනිල්ව ආරක්ෂා කරගන්න විපක්ෂයට ප්‍රෙෂර් එක දෙයි.
මේ බිස්නස් මාෆියාගේ 20ක් වත් නැත. මේ අයි.එම්.එෆ්. ගිවිසුම ගහලා තියෙන්නේම ඔවුන්ව ගොඩගන්නටය. හොඳම නිදසුන දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී බැංකු බේරලා පොඩි මිනිහාගේ ආර්ථසාධක අරමුදල පික්පොකට් ගැසීමය. වැඩියෙන්ම බැංකු එක්ක ගනුදෙනු කරන්නේ ලොකු මිනිසුන්ය. අර්ථසාධක අරමුදලේ තියෙන්නේ පොඩි මිනිහාගේ සල්ලිය. අයි.එම්.එෆ්. ගනුදෙනුවේ එකඟ වී ඇති කොන්දේසිවලට අනුව බදු ගැහුවත්, ලයිට් බිල වැඩි කළත් ගහන්නේ පොඩි මිනිහාගේ බඩටය. ලංකාවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවෙගය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි වීමට ගත්ත තීරණය රනිල්ගේ අයි.එම්.එෆ්. ඩීල් එක සම්බන්ධයෙන් සම්මා දිට්ඨිය පහළ වීමකි. රාජපක්ෂලාගේ බිස්නස් මාෆියාවට ඕනෑ විදියට නටන්න වෙස් බඳින විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ වෙස් ගැලවීමකි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

විපක්ෂයේ හූ හඬ මැද කතානායක ඡන්ද විමසීම පටන් ගනී! දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සියලු අවසර මුදල් ඇමැතිට දෙන යෝජනාව ආණ්ඩුව සම්මත කරගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

රාජපක්ෂ පවුලේ තුන්දෙනෙක්ම අද ඡන්දෙට ඇවිත් නෑ!  I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.