අද පාර්ලිමේන්තුවේ පැවති දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව ඡන්ද විමසීමකින් පසු සම්මත විය. Sri Lanka Latest News
එම යෝජනාවට පක්ෂව ඡන්ද 122ක්ද විරුද්ධව ඡන්ද 62ක් ලැබින.
මෙම ඡන්ද විමසීම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු නොපැමිණියහ.
පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන මන්ත‍්‍රීවරුන්ද නොපැමිණි මන්ත‍්‍රීන් අතර වූහ.










