ADVERTISEMENT
පාරලිමේන්තුවේ මහජන මුදල් කාරකසභාව සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම පක්ෂ විපක්ෂ සියලු දෙනා විසින් යෝජනා කර තිබුණද, අගමැතිවරයා විසින් ඔහුගේ නම යෝජනා නොකළේ ඇයිද යන්න ප්‍රශ්න කරන බව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති රෙහාන් ජයවික්‍රම මහතා පවසනවා.
සිය ෆේස්බුක් පිටුවට වීඩියෝවක් මුදා හරිමින් ඔහු සඳහන් කරන්නේ හර්ෂ ද සිල්වා මහතා සමග එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බව පවසා තිබියදී පවා අග්‍රාමාත්‍යවරයා ඔහුගේ නම මහජන මුදල් කාරකසභාව සඳහා යෝජනා නොකිරීම ගැටලුසහගත බවයි.