ජීවන වියදම ඉහළ යෑම ඇතුළු ජනතාව පීඩාවට පත් කර ඇති අර්බුදවලට වහා විසඳුම් දෙන ලෙසත්, ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉවත් වන ලෙසත් බලකරමින් ගෝල්ෆේස් අරගල භූමියේ පැවැත්වෙන විරෝධතාවන් දැන් නව මුහුණුවරක් ගෙන තිබෙනවා.
විරෝධතා පාඨ කියමින් තරුණ තරුණියන් දහස් ගණනින් අරගල භූමිය වෙත ගමන් කරන ආකාරය පසුගිය දින කිහිපයේදීම දැකගත හැකි වුණා.