• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට බෙදපු බාර් ලයිසන්-අරමුදල් කප්පම් ලයිස්තුව අනුර එළියට දාන්නේ නැත්තේ ඇයි? දේවානන්දා හදිසියේම අනුරව හම්බවෙන්න ආවේ මොකද? I Sri Lanka Latest News

November 3, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙරාතුව ‘රාජ්‍ය රහස්’ තීරය හරහා අතිවිශේෂ හෙළිදරව්වක් කරමින් අප කියා සිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට බිලීබාගැනීම සඳහා හිතූ හිතූ හැටියේ මත්පැන් බලපත්‍ර ලබාදී ඇති බවත්, විපක්ෂයේ තෝරාගත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට ආණ්ඩුවේ විමධ්‍යගත අරමුදල්වලින් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ලබාදී ඇති බවත්ය. එහිදී ඇතැම් මන්ත්‍රීවරුන්ට මත්පැන් බලපත්‍ර දෙක, තුන ලබාදී ඇති බවත්, සජබයේ ගම්පහ නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරයකුට මත්පැන් සංස්ථාවක් ආරම්භ කිරීම සඳහා මත්පැන් නිෂ්පාදනය කිරීමේ බලපත්‍රයක් ලබාදී තිබූ බවත්, අදාළ මන්ත්‍රීවරයා එම බලපත්‍රය ව්‍යාපාරිකයකුට ලබාදී විශාල මුදල් ප්‍රමාණයක් ලබාගෙන ඇති බවත් අපි එහිදී අනාවරණ කර සිටියෙමු. අප කළ මෙම හෙළිදරව්වෙන් පසු ඊට විශාල ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කළේ වෙන කවුරුවත් නොව මාලිමාවේ ඉහළ පෙළ නියෝජිතයන්ය. අප කළ මෙම හෙළිදරව්ව ගෙනහැරපාමින් ඔවුන් කියා සිටියේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වූ වහා මෙම සියලු මත්පැන් බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන බවත්, හිටපු ජනාධිපතිවරයාගෙන් මත්පැන් බලපත්‍ර ලබාගත් අයගේ නම් ලැයිස්තුව ජනතාවගේ දැනගැනීම සඳහා රටට හෙළිදරව් කරන බවත්ය.Sri Lanka Latest News

නමුත් කනගාටුවට කරුණ වන්නේ අනුර මෙරට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී මේ වනවිට මාසයක් ඉක්ම ගියත් තවමත් මේ හිටපු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව හෙළිදරව් කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන්ය. ජනාධිපතිවරයා වශයෙන් මුදල් අමාත්‍යාංශය පවතින්නේ අනුර යටතේය. සුරාබදු දෙපාර්තමේන්තුව පවතින්නේද අනුර යටතේය. ආණ්ඩුව පවතින්නේද ජනාධිපතිවරයා යටතේය. එසේ නම් හිටපු ජනාධිපතිවරයාගෙන් මත්පැන් බලපත්‍ර ලබාගත් මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව විනාඩි කිහිපයක් තුළ තමන් අතට ගැනීමට අනුරට හැකියාව ඇත. නමුත් මේ වනවිට ජනාධිපතිවරයා පත්වී මාසයක් ගතවී ඇතත් තවමත් එම බාර් ලයිසන් අල්ලස් ගත් මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව රටට අනාවරණ නොවීම උභතෝකෝටිකයකි. මෙසේ එම ලැයිස්තුව එළියට නොඑන්නේ යම් යම් හිටපු ප්‍රබලයන් ජනාධිපතිවරයා සමග ඇතිකරගත් රහස් ගනුදෙනු නිසාය යන්න පිළිබඳ මේ වනවිට බරපතළ ප්‍රශ්නයක් මතුව තිබේ.

අනුර ජනාධිපති බවට පත්වීමත් සමග මෙම බාර් ලයිසන් ලබාගත් මන්ත්‍රීවරයකුගේ නමක් සහ මුදල් එහා මෙහා වුණු චෙක්පත් වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය හමුවට පැමිණ අනාවරණ කළත් එය එතැනින්ම නිමාවට පත්විය. වසන්ත සමරසිංහ එහිදී කියා සිටියේ සජබ මන්ත්‍රීවරයකුව සිටි ජේ.සී. අලවතුවල මහතා එසේ මත්පැන් බලපත්‍රයක් ගෙන කිසියම් පාර්ශ්වයකට විකුණා ඇති බවකි. ඊට අදාළව හුවමාරු වුණු චෙක්පතක්ද අංක සහිතවම මාධ්‍යයට හෙළිදරව් කිරීමට එදා වසන්ත පියවර ගෙන තිබිණි. නමුත් එදායින් පසු අද වනතුරු වසන්ත සමරසිංහ ඒ පිළිබඳ වචනයක් හෝ කතා කළේ නැත. චෝදනා එල්ල වූ ජේ.සී. අලවතුවලද සජබයෙන් නැවත වතාවක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටියි.

විමධ්‍යගත අරමුදල් ලබාගත් මන්ත්‍රී නම් ලැයිස්තුව සම්බන්ධයෙන්ද කීමට ඇත්තේ එපමණකි. මුදල් අමාත්‍යාංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආදී සියල්ල පවතින්නේ ජනාධිපතිවරයා යටතේය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට මෙම විමධ්‍යගත අරමුදල් හිමිවිය යුතු නමුත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒවා ලබාදී තිබුණ් තෝරාගත් සජබ, දෙමළ සන්ධාන සහ මුස්ලිම් පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට පමණි. එම නම් ලැයිස්තුව ලබාගැනීමටද ජනාධිපතිවරයාට එතරම් අපහසු නැත. නමුත් ගැටලුව ඇත්තේ එදා කී ආකාරයට තවමත් එම නම් ලැයිස්තුව ආණ්ඩුව පැත්තෙන් හෙළිදරව් නොවීම සම්බන්ධයෙන්ය.

මෙහිදී දෙමළ සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා මාධ්‍ය හමු දෙකක් පවත්වමින් ආණ්ඩුවට කළ අභියෝගයද පහසුවෙන් බැහැර කළ නොහැක. එහිදී සුමන්තිරන් ප්‍රසිද්ධියේම කියා සිටියේ උතුරේ රනිල්ගෙන් මත්පැන් බලපත්‍ර දෙක තුන ගත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සිටින බවත්, හැකි නම් ඔවුන්ගේ නම් ලැයිස්තුව හෙළිදරව් කරන ලෙසත්ය. සුමන්තිරන්ගේ මෙම අභියෝගයට හේතුව වී තිබුණේ උතුරේ ද්‍රවිඩ මන්ත්‍රීවරයකු වූ ශ්‍රීධරන් විසින් රනිල්ගෙන් මත්පැන් බලපත්‍ර 3ක් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබීමය. නමුත් අනුර ජනාධිපතිවරයා බවට පත්වීමත් සමග අනුරව මුණගැසී තිබූ ශ්‍රීධරන් ඔහු සමග සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන තිබිණි. ඒ බව ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිවේදනය කළත් එම හමුවේ ඡායාරූප කිසිවක් මාධ්‍යයට නිකුත් නොකිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා හමුවී ශ්‍රීධරන් යම් දේශපාලන ඩීල් එකක් දමාගත්තාද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනකුට සැක මතුව තිබේ.

දේවානන්දාත් ගිහින්

මීට අමතරව පසුගිය සතියේදී උතුරේ තවත් ද්‍රවිඩ නායකයකු වූ ඩග්ලස් දේවානන්දාද කොළඹ පැමිණ ජනාධිපතිවරයා හමුවීමට පියවර ගෙන තිබිණි. ඩග්ලස් යනු මහින්දගේ කාලයේ සිටම ඔහුත් සමග දේශපාලනය කළ දැඩි මහින්දවාදියෙකි. මහින්දගෙන් පසු ගෝඨාට සහාය දැක්වූ ඩග්ලස්, පසුව ගෝඨාගේ පලා යෑමෙන් පසු රනිල්ට සහාය පළකරමින් ඔහුගේ කැබිනට්ටුවේද අසුන් ගත්තේය. කෙසේ වෙතත් පසුගිය කාලය පුරාම ඩග්ලස්ට එල්ල වී තිබූ චෝදනා ඉතා බරපතළය.

කෙසේ වෙතත් අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයා මුණගැසුණු ඩග්ලස් තමන් ඉන්දියාවත් සමග කිට්ටු සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව දැනුම් දී ඉන්දියාව සහ ජනාධිපතිවරයා අතර පාලමක් සෑදීමට හැකි බව දැනුම් දී ඇති බවකි.

‘මට ඉන්දියාවත් එක්ක සමීප සම්බන්ධයක් තියෙනවා. අපේ ආණ්ඩු කාලයේ ඉන්දියාවත් එක්ක එකතු වෙලා ව්‍යාපෘති ගොඩක් කළා. ඒ ව්‍යාපෘතිවල තාම වැඩ කරන්නෙත් අපි දාපු නිලධාරීන්මයි. හැබැයි දැන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මේ ව්‍යාපෘතිවලට මොකද වෙන්නේ කියලා. ඉන්දියාවත් බලාගෙන ඉන්නේ මේ ව්‍යාපෘතිවල අනාගතය දිහා. ඔවුන්ටත් ප්‍රශ්නයක් මේවා තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක වෙනවද කියලා’ යනුවෙන් මෙහිදී ඩග්ලස් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව දැනගන්නට තිබේ. මේ බව තහදුරටත් තහවුරු වූයේ සාකච්ඡාව අවසන් කොට එළියට පැමිණි ඩග්ලස් ඒ සම්බන්ධයෙන් සිය හිතවතුන්ට කළ දැනුම්දීමත් සමගය. එහිදී ඩග්ලස් කියා තිබුණේ ඉන්දීය ව්‍යාපෘති සියල්ල මෙතෙක් කරගෙන ගිය ආකාරයට හිටපු නිලධාරීන් සමගම සිදුකරගෙන යන ලෙසට ජනාධිපතිවරයා තමන්ට දැනුම් දුන් බවකි. එමෙන්ම උතුරට ගොස් එහි දේශපාලන නායකයන් හමුවූ ඩල්ගස් ඔවුන්ට කියා තිබුණේ තමන් ජනාධිපතිවරයා මුණගැසී තම පක්ෂයට උතුරෙන් ආසන 10ක් ලැබෙන බවත්, මැතිවරණයෙන් පසු සිය මන්ත්‍රීවරුන් 10 දෙනාගේ සහාය ජනාධිපතිවරයාට ලබාදෙන බව දැනුම් දුන් බවත්ය.

අප දන්නා විදියට නම් ඩග්ලස් ගේ ඊ.පී.ඩී.පී.යට උතුරෙන් ආසන 10ක් ලබාගැනීමට කිසිදු හැකියාවක් නැත. උතුරෙන් මෙවර ඔහුගේ පක්ෂයට උපරිම හිමිවන්නේ මන්ත්‍රීවරුන් එක් අයකු හෝ දෙදෙනෙකි. එමෙන්ම ඩග්ලස් කියන ආකාරයට ඉන්දියාව සමග ඔහුගේ විශාල ගනුදෙනුවක් හෝ හිතවත්කමක්ද නැත. අනෙක ඉන්දියාව ලංකාවට පණිවුඩ දීමට ඩග්ලස්ව පාවිච්චි කරන්නේද නැත. අනෙක් අතට ඉන්දියාවට ඇතුළු නොවන ලෙසට ඩග්ලස්ට එරෙහිව වාරණ නියෝගයක්ද තිබේ. ඒ අනුව ඉන්දියාව ඩග්ලස් හා අනුර අතර පැවැති සාකච්ඡාවක් පිළිබඳ හාංකවිසියක් හෝ නොදන්නා බවද සහතිකය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

දරුවන්ට පොත් ගන්න දීමනාවක් දෙන්න අනුර සැලසුම් කරයි! I Sri Lanka Latest News

Next Post

ලයිට් බිල අඩු කරනවා කිව්වා! අඩුකරලත් නෑ..! අඩු කරන්නෙත් නෑ..! ජනතාව රැවැට්ටුවා! බඩු මිල අඩු කරනවා කිව්වා! අඩුකරලත් නෑ..! අඩු කරන්නෙත් නෑ..! ජනතාව රැවැට්ටුවා! පාස්පෝට් පෝලිම නැතිකරනවා කිව්වා! ඒක කළෙත් නෑ! කරන්නෙත් නෑ! ජනතාව රැවැට්ටුවා! බඩු මිල-ලයිට් බිල අඩු කරන්න පාස්පෝට් පෝලිම නැති කරන්න පාර්ලිමේන්තු බහුතරය ඕන නෑ! I VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

මේ වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියනයක විදේශීය ණය ගෙවීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. Sri Lanka Latest News...

Read more
යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.