විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධ වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළ පසු ඒ සම්බන්ධයෙන් රජය අවධානය යොමු නොකරන විට දිගින් දිගටම ප්‍රශ්න කිරීම විපක්ෂ නායකවරයා ලෙස තමාගේ වගකීමක් බවත් රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයාට ලබා දිය යුතු ආරක්ෂාව තවදුරටත් ක්‍රියාත්මක නොවන නිසා ඒ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
එබැවින් අනුරාධපුර දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රමුඛ ආරක්ෂක අංශ ඉදිරිපත් කර ඇති වාර්තාව අනුව රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමාට හිමි ආරක්ෂාව ලබා දිය යුතු බවත් මේවා අභ්‍යන්තර පක්ෂ ගැටලු කියා වෙනත් පැත්තකට යැවීමට රජය කටයුතු කරන බවත් එතුමා සමග කිසිදු පක්ෂ ගැටලුවක් නොමැති නිසා එතුමාට හිමි ආරක්ෂාව ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.










