• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, December 9, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

යූඑන්පී-සජබ එකතු වෙනවට ජවිපෙ කැමැති ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

August 29, 2023
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
යූඑන්පී-සජබ එකතු වෙනවට ජවිපෙ කැමැති ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on FacebookShare on Twitter

‘අපි කොහොමද ආයේ දිනන්නේ…?’Sri Lanka Latest News

70 අන්ත පරාජයට පසු යූ.ඇන්.පී. පාක්ෂිකයෙක් අහපු ප්‍රශ්නයට ජේ.ආර්. උත්තර දුන්නේ බයිබලයේ උපමා කතාවකින්ය.

‘බයිබලයේ තියෙනවා අපූරු කතාවක්. දවසක් ධනපතියෙක් ජේසුතුමාගෙන් අහනවා කොහොමද ස්වර්ගයට යන්නේ කියලා. එතකොට ජේසුතුමා කියනවා ස්වර්ගයට යන්න නම් ඔටුවාට ඉඳිකටු සිදුරකින් යන්න පුළුවන් වෙනවා වගේ වෙනස් වෙන්න ඕනෙ කියලා. ඒ වගේ දිනන්න අපිත් ඔටුවා ඉඳිකටු සිදුරකින් යන්න වෙනස් වෙනවා වගේ වෙනස් වෙන්න ඒනා. අපි අලුත් පක්ෂයක් වෙන්න ඕනා. අලුත් කණ්ඩායමක් ඉදිරිපත් කරන්න ඕනා. අලුත් ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න ඕනා…’

මේ, ජේ.ආර්. කිව්ව කතාවය. ජේ.ආර්.ට සාම්ප්‍රදායික යූ.ඇන්.පී.ය වෙනස් කරන එක ලෙහෙසි නොවීය. ඒත් ඔහුට හැකි පමණට පක්ෂය වෙනස් කළේය. උන්ගේ නෑදෑයන්ගේ ධනපති පක්ෂය කී යූ.ඇන්.පී.ය පොඩි මිනිහාගේ පක්ෂයක් බවට පත් කළේය. පක්ෂය ටයිකෝට් සංස්කෘතියෙන් රෙද්ද බැනියමට බැස්සුවේය. ජේ.ආර්.ට කරන්න අමාරු වුණු දේ මිනිස්සු සමගි ජන බලවේගයට කරලා දුන්නේය. මිනිස්සු යූ.ඇන්.පී. පාක්ෂිකයෝ වෙනස් වෙන්නේ නැති රනිල්ගේ යූ.ඇන්.පී.ය බිමට සමතලා කරලා ඒ බිමෙහි සමගි ජන බලවේගය හදලා දුන්හ. අද ලංකාවේ තියෙන අලුත්ම ළාබාලතම පක්ෂය සමගි ජන බලවේගයය.

‘ඉතින් යූ.ඇන්.පී. පාක්ෂිකයෝ මිනිස්සු එකතු වෙලා හදලා දුන්න අලුත් පක්ෂය අලුත් ගමනක් යන්නේ නැතිව මිනිස්සු වළ දමපු යූ.ඇන්.පී.යට පණ දෙන්න හදන්නේ ඇයි…?’

සජබය, යූ.ඇන්.පී.යත් එක්ක එකතු වෙන්න ඕනෑ යැයි කියන අය එහෙම කියන්නේ 2024 ඡන්දෙ දිනන්න නොව සිරිකොතින් තමන්ගේ පුද්ගලික වැඩ කරගෙන සල්ලි ටිකක් හම්බ කරගන්නටය. රනිල් සහ සජිත් එකට එකතු වෙන්න ඕනෑ කියන විට අත්පුඩි ගහන දෙගොල්ලක් සිටී. ඒ, යූ.ඇන්.පී.ය සහ ජනතා විමුක්ති පෙරමුණය. මේකට වැඩියෙන්ම කැමැති ජනතා විමුක්ති පෙරමුණය. ඒ බව හොඳහැටි පැහැදිලි වන්නේ ජවිපෙ නායක අනුර කුමාර කියන මේ කතාව බලන විටදීය.

‘හරියටම කඳවුරු දෙක බෙදිලා ධ්‍රැවීකරණය වෙලා තියෙන්නේ. එක්කෝ ඔබ ජා.ජ.බ. නොවන උන් එක්ක නැතිනම් ජා.ජ.බ. එක්ක. අතරමැද වෙන මුකුත් නැහැ…’ -අනුර කුමාර දිසානායක

ඒ, අනුර කුමාරය. නලින්ද ජයතිස්ස කියන මේ කතාව අහන විට එය තවදුරටත් පැහැදිලිය.

‘ඉර හොඳට පැහිලා තියෙන්නේ. කඳවුරු දෙක හොඳට බෙදිලා තියෙන්නේ. ආයේ අතරමැද මොකක්වත් නැහැ. මේ පැත්තේ ඉන්නවා රට විනාශ කරමින් ඉන්න ද්‍රෝහී කඳවුර. පොදුජන පෙරමුණේ නායකයෝ, එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ තව ටික දවසක් ගිහිල්ලා රාජිත ඇතුළු සජබ නායකයෝ ඒ වගේම ඔය කුඩා කුඩා වාමාංශික කල්ලි ඔය ඔක්කොම එක කඳවුරේ පෙළගැහිලා ඉන්නේ. ඒ සතුරු කඳවුර හරි පැහැදිලියි. මේ පැත්තේ ඉන්නවා මහජනතාවගේ කඳවුර…’ -නලින්ද ජයතිස්ස

‘ඊළඟ එළැඹෙන ජාතික මැතිවරණයකදී ඕක එකම කඳවුරක් බවට පත්වෙනවා. මේ මාතලේ සජබ මන්ත්‍රීතුමියක් ඉන්නවා. එතුමිය කියනවා රනිල්, සජිත් කියන්නේ මගේ ඇස් දෙක වගේ කියලා. ඩේලි මිරර් පුවත්පතට රාජිත සේනාරත්න කියනවා රනිල් එක්ක යම් එකඟතාවක් සඳහා සාකච්ඡා පවත්වනවා කියලා. තිස්ස අත්තනායක කියනවා රනිල් එක්ක කෙටි කාලයකට ආණ්ඩු හදන්න ලෑස්තියි කියලා. මේක හරි පැහැදිලියි. ඒගොල්ලන්ට සිද්ධවෙලා තියෙනවා මහ ගංවතුරේ නයි මුගටින්ට එක කොටේකට නගිනවා වගේ එක කොටේකට නගින්න. ඒකෙන් අද පැහැදිලියි කේන්ද්‍ර දෙකයි තියෙන්නේ…’ -අනුර කුමාර දිසානායක

මේ, ජේ.වී.පී. දකින හීනය රනිල් සහ අනුර අතර කේන්ද්‍ර දෙක හදන හීනය ඉස්සෙල්ලාම රටට කිව්වේ රනිල්ගේ ගෝලයන්ය. රනිල් ජනාධිපති වෙච්ච හැටියේ ඔවුන් කිව්වේ ඊළඟ ජනාධිපතිවරණය රනිල් සහ අනුර අතර සටනක් කියාය. ඔවුන් ඒ හීනය ඇන්දේ සජිත් සහ සජබය අවුට් කර දමන්නය. ඊළඟ ජනාධිපතිවරණයෙන් අනුර දින්නත් කමක් නෑ සජිත්ට එන්න දෙන්නේ නෑ කියන මතය ජනගත කරන්නටය. ඔවුන්ට ඕනෑ ඊළඟ ජනාධිපතිවරණයෙන් රනිල් පරාජය වුණත් රනිල්ව පක්ෂ නායකයා කරගෙන විපක්ෂ නායක කරගෙන තමන්ට අහිමි වූ මන්ත්‍රීකම් ජන බලය යළි අත්පත් කරගන්නටය. ජවිපෙ මේ හීනය සියතට ගත්තේ රනිල්ට එරෙහිව අනුර සටන මැදට සජිත් පැන්නොත් දිනන එක අමාරු බව දැනගෙනය. දැන් ජවිපෙ ඇඟිලි ගැන ගැන ඉන්නේ රනිල් සමග සමගි ජන බලවේගය එකතු වන තෙක්ය. රනිල් සජබය සමග එක්වුණත් රනිල් පරාජය කිරීම කජු කනවා වගේ වැඩක් බව ජවිපෙ දනී. 2005 ජනාධිපතිවරණයේදී රනිල්ව පරාජය කළේ ශ්‍රීලනිපය හෝ මහින්ද හෝ නොව, ජවිපෙය. 2004 මහ මැතිවරණයේදීත් රනිල්ව පරාජය කළේ ජවිපෙය. හැබැයි සජිත් රනිල් නොවන බව ජවිපෙ දනී. සජිත්ට ජවිපෙ ජන පදනමේ අක්මුල් තිබේ. ඒ, ඔහුගේ තාත්තා නිසාය. නගරයේ පොඩි මිනිහා මෙන්ම ගමේ කුලහීන පුංචි මිනිහාද ප්‍රේමදාස නමට කැමැතිය. අනෙක් අතට සමගි ජන බලවේගයේ රනිල් නියෝජනය කරන ප්‍රභූ පන්තියට කතා කරන්න පුළුවන් ඔවුන් දිනාගන්න පුළුවන් ටයි කෝට් කණ්ඩායමක්ද සිටී. මේ නිසා සජිත් පරාජය කිරීම අමාරු බවත්, සජිත් අපේක්ෂකයා වූවොත් ඔහු දිනන්න පුළුවන් අශ්වයකු වන නිසා රනිල් විරෝධීන් ජවිපෙ අතහැර සජිත්ට ඔට්ටු අල්ලයි කියාද ජවිපෙ බයය. ඒ නිසා ජවිපෙ බලන්නේ සජිත්වයි සමගි ජන බලවේගයයි කුඩුපට්ටම් කර දමන්නටය. එතැනදී ජවිපෙ වැරැදි නැත. ජවිපෙ ගණන් හැදිල්ල හරිය. මේ දවස්වල ජවිපෙ නින්දට යන්නේ රනිල් සහ සජිත් එකතු වේවා කියන හීනය පෙනියන් කියාය.

‘අයියෝ අපිට තියෙන්නේ 30%යි. ඒක 50% කරගන්න යූ.ඇන්.පී.යත් එක්ක එකතු වෙන්න ඕනෙ….’

මේ, සිරිකොතින් පුද්ගලික වැඩ කරගෙන ඔවුන් දෙන තියරිය සමගි ජන බලවේගයට විකුණන අය කියන කතාවය.

ඕනෑම පක්ෂයක් පරාජය වෙද්දී ගත්තේ 30%කි. 1977 අන්ත පරාජයක් ලබපු ශ්‍රීලනිපය ගත්තේ 29%කි. 2010 අන්ත පරාජයක් ලබපු යූ.ඇන්.පී.ය ගත්තේ 29.34%කි. එහෙම බලන විට ලංකාවේ ප්‍රධාන පක්ෂ පරාජය වන විට ගත්තේ 29%කි. ඒ 29% ලබාගත්තේ පාවෙන ඡන්ද ජයග්‍රාහී පක්ෂයට ඇදෙන නිසාය. යළි පරාජය වූ පක්ෂය දිනන ලකුණු පෙන්නන විට ඒ පක්ෂය 29% ඡන්ද පදනම 50%ක් කරගනී. ඒ සඳහා ඒ පක්ෂ විවිධ පක්ෂ එකතු කරගෙන අලුත් සන්ධාන හදාගනී. සමගි ජන බලවේගයට 2020 මහ ඡන්දයේ ගත්ත ඡන්ද ප්‍රතිශතය 50%ක් කරගැනීම දුෂ්කර නැත. ඒකට 2020 මහ ඡන්දයේදී ජනතාව එපා කී යූ.ඇන්.පී.ය සමග එකතු වීම නොව කළ යුත්තේ අලුත් පක්ෂ අලුත් කණ්ඩායම් සමග සන්ධානගත වීමය.

අනෙක මෙවර ජනාධිපතිවරණයට තරග කරනවා කියන අපේක්ෂකයන් තිදෙනාම පසුගිය ජනාධිපතිවරණවලදී පරාජය වූ අපේක්ෂකයන්ය. රනිල් ජනාධිපතිවරණ දෙකකදී සහ එක පිට එක ඡන්ද ගණනාවකදී පරාජය වූ අපේක්ෂකයෙකි. අනුර පසුගිය ජනාධිපතිවරණයට තරග කර 3.16%ක් ගෙන පරාජය වූ අයෙකි. සජිත්ද 2019 ජනාධිපතිවරණය තරග කොට පරාජය වූ අයෙකි. 2019 දී 3.16%ක් අරගෙන පරාජය වූ අනුරට අද දිනන අශ්වයකු වීමට පුළුවන් නම් 2019දී 41.99%ක් අරගෙන පරාජය වූ සජිත්ට යළි දිනන අශ්වයා වීමට බැරි යැයි කීම විහිළු තර්කයකි.

2018 පුංචි ඡන්දයේදී ජනතාව ශ්‍රීලනිපය ඉවර කළහ. 2020දී යූ.ඇන්.පී.ය ඉවර කළහ. 2022 අරගලයේදී පොදුජන පෙරමුණ ඉවර කළහ. අද මේ රටේ තියෙන්නේ පක්ෂ දෙකකි. එකක් සමගි ජන බලවේගයය. අනෙක ජනතා විමුක්ති පෙරමුණය. 2024 සටන තියෙන්නේ මේ පක්ෂ දෙක අතරය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

ShareTweetSendShare
Previous Post

පොලිස් ඇමැති-පොලිස් ප්‍රධානීන් ඉදිරියේ කුඩු උවදුර මැඩලීම ගැන විපක්ෂනායක සජිත් සැර කතාවක් කරයි! තාප්ප උඩින් බන්ධනාගාරයට කුඩු විසිකරන එක නවත්තගන්න බැරිව කොහොමද රටට කුඩු එන එක නවත්තන්නේ? ඉස්කෝලවලටත් දැන් මත්ද්‍රව්‍ය රිංගලා! මත් උවදුර මැඩලන යුද්ධය ජයගන්න පුලුවන් විදිහත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

අවුරුදු 26ක් මෝචරියේ සේවය කරලා මෘත දේහයකින් නිකුත් වුණු විෂබීජයක් නිසා මියගිය රෝහල් සේවකයා! Sri Lanka Latest News

MORE NEWS

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

අලුත්ම තීරණයෙන් දැන් උදේ ඉඳන් රෑ වෙනකම් හොඳටම බොන්න පුලුවන්! බාර් ඇරලා තියෙන්නේ! I Sri Lanka Latest News

ක්‍රිකට් අතුරු කමිටුවලයි ක්‍රීඩා ඇමැතිගේ බලතලයි ඉස්සරහට අහෝසියි! ජනාධිපති ක්‍රිකට් ලෙජන්ඩ්ස්ලා වටකරගෙන කෝල්ට්ස් ක්ලබ් එකේ 150වැනි සමරුවට එක්වෙයි! ක්‍රිකට් හදන සැලැස්මත් එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

හප්පලා පුච්චලා මරලා ඉවර කරපු ඉතිහාසයක් තියෙනවා! ශානි අබේසේකරවත් හප්පලා මරන්න හදනවා කියලා නීතිපති දෙපාර්තමේන්තුවම අධිකරණයට තොරතුරු වාර්තා කරලා! වහාම ශානිගේ ජීවිතයට ආරක්ෂාව දෙන්න! විපක්ෂනායක අද ශානි ගැනත් පාර්ලිමේන්තුවේ කතා කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් මිහින්තලා ගිය ගමනේදී නායක හාමුදුරුවෝ ආණ්ඩුවේ පතුරු යවයි! වහාම ජනාධිපතිවරණයක් හරි මහමැතිවරණයක් තියලා අලුත් නායකත්වයක් රටට ගේන්න! ආණ්ඩුව අතහැරලා දාපු පොසොන් පිංකම-සති පිරිත-ආලෝක පූජාව සම්පූර්ණයෙන්ම සජිත් බාරගනී! පුදබිමම සූර්ය විදුලි ආලෝකයෙන් ඒකාලෝක කරන්නත් පොරොන්දු වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

මිහින්තලේ හිමියන්ගේ ජීවිතේට බරපතළ තර්ජනයක්! පක්ෂ භේද එපා! මිහින්තලේ නායක හිමියන්ගේ ජීවිතේ බේරගන්න පෙරට එන්න! විපක්ෂනායක පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

මිහින්තලේ හිමි ‘පොහොට්ටුවකුත්’ අරන් මාධ්‍ය හමුවට ඇවිත් පොහොට්ටුවෙන් කරන මඩ ප්‍රහාරයක් ගැන විශාල හෙළිදරව්වක් කරයි! ‘කෝටියක් දීපන්.. නැත්නම් උඹ මරනවා!’ වීඩියෝ එකක් පෙන්වා මරණ තර්ජන කළේ කව්ද? කෝ නීතිය? VIDEO I Sri Lanka Latest News
Exclusive

මිහින්තලේ හිමියන්ගේ කෑමට වහ දාලා දෙන්නද යන්නේ? මෙන්න ආන්දෝලනාත්මක ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

අපභ්‍රංස විදුලි බල ගැසට් එක අදත් පාර්ලිමේන්තුවේ පත්තු වෙයි! සජිත්-දයාසිරි-චරිත ඇමැති කංචනව වටකරයි! දෝෂ 42ක් තියෙන බව කංචන පිළිගනී! හදිසියේ ගේන්න හිටපු පනත ජනවාරි දක්වා කල්දාන්නත් එකඟ වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
Leave Comment
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

අලුත්ම තීරණයෙන් දැන් උදේ ඉඳන් රෑ වෙනකම් හොඳටම බොන්න පුලුවන්! බාර් ඇරලා තියෙන්නේ! I Sri Lanka Latest News

අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම සහ වසා දමන වෙලාවල් සංශෝධනය කර ඇත.Sri Lanka Latest News...

Read more
ක්‍රිකට් අතුරු කමිටුවලයි ක්‍රීඩා ඇමැතිගේ බලතලයි ඉස්සරහට අහෝසියි! ජනාධිපති ක්‍රිකට් ලෙජන්ඩ්ස්ලා වටකරගෙන කෝල්ට්ස් ක්ලබ් එකේ 150වැනි සමරුවට එක්වෙයි! ක්‍රිකට් හදන සැලැස්මත් එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

ක්‍රිකට් අතුරු කමිටුවලයි ක්‍රීඩා ඇමැතිගේ බලතලයි ඉස්සරහට අහෝසියි! ජනාධිපති ක්‍රිකට් ලෙජන්ඩ්ස්ලා වටකරගෙන කෝල්ට්ස් ක්ලබ් එකේ 150වැනි සමරුවට එක්වෙයි! ක්‍රිකට් හදන සැලැස්මත් එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

හප්පලා පුච්චලා මරලා ඉවර කරපු ඉතිහාසයක් තියෙනවා! ශානි අබේසේකරවත් හප්පලා මරන්න හදනවා කියලා නීතිපති දෙපාර්තමේන්තුවම අධිකරණයට තොරතුරු වාර්තා කරලා! වහාම ශානිගේ ජීවිතයට ආරක්ෂාව දෙන්න! විපක්ෂනායක අද ශානි ගැනත් පාර්ලිමේන්තුවේ කතා කරයි! VIDEO I Sri Lanka Latest News

හප්පලා පුච්චලා මරලා ඉවර කරපු ඉතිහාසයක් තියෙනවා! ශානි අබේසේකරවත් හප්පලා මරන්න හදනවා කියලා නීතිපති දෙපාර්තමේන්තුවම අධිකරණයට තොරතුරු වාර්තා කරලා! වහාම ශානිගේ ජීවිතයට ආරක්ෂාව දෙන්න! විපක්ෂනායක අද ශානි ගැනත් පාර්ලිමේන්තුවේ කතා කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් මිහින්තලා ගිය ගමනේදී නායක හාමුදුරුවෝ ආණ්ඩුවේ පතුරු යවයි! වහාම ජනාධිපතිවරණයක් හරි මහමැතිවරණයක් තියලා අලුත් නායකත්වයක් රටට ගේන්න! ආණ්ඩුව අතහැරලා දාපු පොසොන් පිංකම-සති පිරිත-ආලෝක පූජාව සම්පූර්ණයෙන්ම සජිත් බාරගනී! පුදබිමම සූර්ය විදුලි ආලෝකයෙන් ඒකාලෝක කරන්නත් පොරොන්දු වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිහින්තලේ හිමියන්ගේ ජීවිතේට බරපතළ තර්ජනයක්! පක්ෂ භේද එපා! මිහින්තලේ නායක හිමියන්ගේ ජීවිතේ බේරගන්න පෙරට එන්න! විපක්ෂනායක පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

මිහින්තලේ හිමි ‘පොහොට්ටුවකුත්’ අරන් මාධ්‍ය හමුවට ඇවිත් පොහොට්ටුවෙන් කරන මඩ ප්‍රහාරයක් ගැන විශාල හෙළිදරව්වක් කරයි! ‘කෝටියක් දීපන්.. නැත්නම් උඹ මරනවා!’ වීඩියෝ එකක් පෙන්වා මරණ තර්ජන කළේ කව්ද? කෝ නීතිය? VIDEO I Sri Lanka Latest News

මිහින්තලේ හිමියන්ගේ කෑමට වහ දාලා දෙන්නද යන්නේ? මෙන්න ආන්දෝලනාත්මක ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version