හෝමාගම මූලික රෝහලේ මෝචරියේ සේවය කරමින් සිටි 55 හැවිරිදි සේවකයෙකු විෂබීජයක් ශරීරගතවී ජීවිතක්ෂයට පත්ව ඇත. (Sri Lanka Latest News)
වසර 26ක කාලයක් තිස්සේ තාක්ෂණික සහායකයෙකු ලෙස සේවය කර තිබූ මෙම සේවකයා මියගොස් ඇත්තේ මෘතදේහවලින් බැහැර වූ විෂබීජයක් ශරීරගත වීමෙන් බවට හෙළිව තිබේ.
දිගු කලක් ආරක්ෂා සහිතව තම රාජකාරී කළ මෙම සේවකයාට අවාසනාවන්ත ලෙස මෘත දේහ ආශ්‍රිත විෂබීජයක් මත රෝගී වී තිබූ අතර පසුව මියගියේය.
මියගිය සෞඛ්‍ය සේවකයාගේ මෘතදේහය ඊයේ දහවල් හෝමාගම මූලික රෝහලට ගෙනැවිත්, ඔහු සේවය කළ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ තැන්පත් කර ගෞරව දක්වා තිබුණි.
මීගොඩ ප්‍රදේශයේ පදිංචි ජයලාල් ලියනආරච්චි නමැති (55) හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගියේය.
gossiplankanews










