මේ, ප්‍රසිද්ධ රූපවාහිනී සංවාදයකට ආපු ඇමැති සුනිල් හඳුන්නෙත්තිගෙන් මාධ්‍යවේදියා අහපු ප්‍රශ්න කීපයකට දුන්න උත්තර.Sri Lanka Latest News
● මාධ්‍යවේදියා – කැබ් එකට තෙල් ගැසීමේ සල්ලි ටික නොගෙන, පටවන කෙහෙල් කැන නොගෙන දේශපාලනය කිරීමේ හැකියාවක් නැද්ද?
● හඳුන්නෙත්ති – ඒ පටවන එක එයා අරගෙන යන එකට ඔයාට අමාරුවක් නෑනේ,
● මාධ්‍යවේදියා – මං පැටෙව්වේ නැති නිසා මට අමාරුවක් නෑ.
● හඳුන්නෙත්ති – මාධ්‍යයෙන් අහන්නේ හරියට එයාලගේ කෙසෙල් කැනක් කපාගෙන ගියා වගේ.
● මාධ්‍යවේදියා – ඇමැතිතුමා අපි එතෙන්ට යන්නේ නැතිව ඉමු.
● හඳුන්නෙත්ති – උදව් කරන කෙනා කැමැත්තෙන්ම කරනවා නම් අනිත් කෙනා කැමැත්තෙන් ගන්නවා නම් අනිත් අයට පාන්ද? කලිඳුට පාන්ද?
● මාධ්‍යවේදියා – හොඳ උත්තරයක්. මට පාන්ද? ඇයි තව කෙනකුට වියදම් කරන්න පුළුවන් මුදල පක්ෂ දේශපාලනයට දාන්නේ? ඇයි මට පාන්ද අහන්නේ…?
සමානාත්මතාව ගැන කතාකරන ජවිපෙ අවභාවිතාවන් ගැන කතාකරනකොට හඳුන්නෙත්ති අහන කෙනාගෙන් අහනවා ‘ඔව් ඇයි ඔයාට පාන්ද?’ කියලා.
ජවිපෙ තිබුණාය කියන සහෝදරාත්මක සංස්කෘතිය මේකද කියලා ප්‍රශ්න කරනකොට හඳුන්ලා අහන්නේ ඇයි ඔයාට පාන්ද කියලා.
ජවිපෙ ඇමැතිවරයෙක්ගේ වගවීමේ තරම ඔයාලට පේනවා ඇති.
දැනට කියන්නේ දෙන කෙනා කැමැත්තෙන් දුන්නා, ගන්න කෙනා කැමැත්තෙන් ගත්තා ඇයි ඔයාලට පාන්ද කියලයි.
වැරද්ද කරලා වැරද්ද ගැන ප්‍රශ්න කරන අයගෙන් පාන්ද අහන හඳුන්නෙත්තිලා හෙට ඔයාලගෙන් මෙහෙම ඇහුවොත් පුදුම වෙන්න එපා.
මියුසියස් එකට මට මගේ දුව දාන්න හිතුණා මම දැම්මා ඇයි ඔයාලට පාන්ද?
එයා මට සල්ලි ටිකක් දුන්නා මම ගත්තා. ඔයාලා ඒකට පගාව කිව්වට අපි කියන්නේ පරිත්‍යාග කියලා ඇයි ඔයාලට පාන්ද?
මේ අපේ ක්‍රමය අපි කරන්නේ අපිට ඕනෙ විදිහට. ඇයි උඹලට පාන්ද?
ඇත්තට මේ එළියට පැනලා තියෙන්නේ නියම වෘකයා නෙවෙයිද?
මතක තියාගන්න වෘකයෝ පාන් කන්නේ නෑ.
රටේ රාළ










