ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය කාල වකවානුවේ විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතිරි කරමින් ආදර්ශවත් ගමනක් යමින් සිටියද සියලු දෙනා කතා කරන්නේ පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් රටට මුදල් ඉතිරි කරන ආකාරය ගැන පමණක් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ මෙවර අයවැයෙන් පවා බිලියන 6.6කට අධික මුදලක් ජනාධිපතිවරයා විසින් අඩු කර ඇති බවකි.










