• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කතරගම නිලමේ CID ගෙනාවෙ ඇයි? දෙයියන්ගේ ප්‍රශ්නයක්ද? ගෙවල් ප්‍රශ්නයක්ද? Sri Lanka Latest News

March 15, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
කතරගම නිලමේ CID ගෙනාවෙ ඇයි? දෙයියන්ගේ ප්‍රශ්නයක්ද? ගෙවල් ප්‍රශ්නයක්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා මාර්තු 10 වැනිදා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. මෙය සී.අයි.ඩී.ය විසින් ඔහුට මෑතකදී නිකුත් කරන ලද කැඳවීමකට අනුව සිදුකළ පැමිණීමකි.

මාධ්‍යවේදීන් කරන ලද විමසීමකදී බස්නායක නිලමේවරයා සඳහන් කර ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටින ලෙසට තමන්ට දැනුම් දීමක් ලැබී ඇති නමුත්, එම කැඳවීමේ කිසිදු විශේෂිත හේතුවක් සඳහන් කර නොමැති බවයි.

විවිධ මාධ්‍ය වාර්තා පෙන්වාදී ඇත්තේ, මෙම ප්‍රශ්න කිරීම් සමාජ ක්‍රියාකාරිකයකු වන කාමන්ත ජයමුණි මහතා විසින් කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව සිදුකෙරුණු බවයි. කෙසේ වෙතත්, පැමිණිල්ලේ නිශ්චිත ස්වභාවය හෝ එහි විෂය පථය පිළිබඳ නිල වශයෙන් තහවුරු කර නොමැත.

පසුගිය දිනවල, මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය කතරගම දේවාලයේ අරමුදලින් ඉදිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය වාර්තා පළවී තිබිණි. මෙම සිද්ධිය සහ වත්මන් විමර්ශනය අතර කිසියම් සම්බන්ධතාවයක් තිබේද යන්න මේ මොහොතේ පැහැදිලි නොවේ.

මෙම සිද්ධියට සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ලෙස, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මාර්තු 09 වැනිදා රාත්‍රියේ බස්නායක නිලමේවරයාගේ මාතර පිහිටි මහගෙදර පරීක්ෂාවට ලක්කර ඇති අතර, එම අවස්ථාවේදී අදාළ නිවසේ සිට ඇත්තේ නිලමේවරයාගේ 84 හැවිරිදි මව පමණක් බව වාර්තා වී ඇත.

එම පරීක්ෂාව සිදුකළ හේතුව හෝ එහිදී සොයාගත් කරුණු පිළිබඳ මේ වන තෙක් නිල වශයෙන් කිසිදු තොරතුරක් හෙළිකර නොමැත. කෙසේ වෙතත්, මෙම පරීක්ෂාව සහ 10 වැනි දින බස්නායක නිලමේවරයා සී.අයි.ඩී.ය වෙත පැමිණීම අතර යම් සම්බන්ධතාවයක් ඇති බව පෙනී යයි.

පහත පළවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් විමසූ කරුණුවලට පිළිතුරු දෙමින් ඩිෂාන් ගුණසේකර මහතා දැක්වූ අදහස්ය.

මාධ්‍යවේදියා
ඔබතුමාව කැඳවලා තියෙන්නේ ඇයි?
ඩිෂාන් ගුණසේකර
කිරිවෙහෙරේ සෝරත හාමුදුරුවෝ, මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කාලේ එතුමා වෙනුවෙන් හදපු ගෙයක් තියෙනවා කතරගම. ඒ ගෙදර පිළිබඳ විස්තර දැනගන්න තමයි මට එන්න කියලා තිබුණේ.
මාධ්‍යවේදියා
ඔබතුමාට තිබුණු චෝදනාව මොකක්ද?
ඩිෂාන් ගුණසේකර
මම දන්න තරමින් චෝදනාවක් නෑ. ඒ ගෙදර පිළිබඳ හරි විස්තරය දන්නේ මම. මොකද ඒ ගේ හදපු කෙනා දැන් අසනීපෙන්. සෝරත හාමුදුරුවොත් මේ වෙද්දී අපවත් වෙලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිතන්න ඇති මම තමයි මේ ගැන විස්තර දන්නේ කියලා. ඒ නිසා තමයි මට එන්න කියලා තියෙන්නේ.
මාධ්‍යවේදියා
තවත් දවසක ඔබතුමාට එන්න කිව්වද?
ඩිෂාන් ගුණසේකර
නෑ. මෙතැනින් ඉවරයි.
මාධ්‍යවේදියා
ඒ ගේ අයිති මහින්ද රාජපක්ෂ මහත්තයටද?
ඩිෂාන් ගුණසේකර
නැහැ. සෝරත හාමුදුරුවෝ තමයි හැදුවේ. උන්වහන්සේ තමයි වියදම් කළේ. ඕක හැදෙව්වේ විමලරත්න කියලා මහත්තයෙක්. මහින්ද රාජපක්ෂ මහත්තයා ආවාම ඉන්න කියලා. යුද්ධෙ දිනපු කාලේ මහින්ද මහත්තයට හැම පන්සලකම වගේ ඔය වගේ ගෙයක්, ඉන්න තැනක් හදලා තිබුණා.
මාධ්‍යවේදියා
ඒ ස්ථානය බලාගන්න හමුදාවෙන් යොදවලා තිබුණද?
ඩිෂාන් ගුණසේකර
ඒක දන්නේ නෑ. ඒ වගේ දෙයක් මගෙන් ඇහුවේ නෑ.
මාධ්‍යවේදියා
සෝරත හාමුදුරුවෝ තවම ඉන්නවද?
ඩිෂාන් ගුණසේකර
නෑ, අපවත් වෙලා.
මාධ්‍යවේදියා
සී.අයි.ඩී. එකෙන් ඔබතුමාගේ ගෙදරට ඇවිල්ලා තිබුණා. ඒ ගැන කතා කළේ නැද්ද?
ඩිෂාන් ගුණසේකර
ඒක මේ රටේ නොවිය යුතු දෙයක්. නමුත් ඒක සිද්ධ වුණා. ඉතින් මම මොනවා කරන්නද? ආයෙමත් ඊළඟ පරම්පරාවට අපි ඒ ප්‍රශ්න ගෙනියන්න හොඳ නෑ.
මාධ්‍යවේදියා
ඒ සිදුවීම සම්බන්ධයෙන් ඔබතුමා කාට හරි පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවද?
ඩිෂාන් ගුණසේකර
ඔය වගේම ප්‍රදේශයේ පොලිසියට කියන්නේ නැතුව ගිහිල්ලා වැලිගම එක්කෙනෙක් මැරුණා. ඊයේ අපේ ගෙදරට ආපු අයත් සිවිල් පිට ඇවිල්ලා තිබුණේ සර්ච් වොරන් එකක්වත් නැතුව. ගමේ පොලිසියෙන් අපේ ගෙදරට ඒ වෙලාවේ ඇවිල්ලා තමයි හොයාගත්තේ ඒ අය සී.අයි.ඩී. කියලා. ඒ වෙලාවේ මාතර පොලිසියේ අය ඒ නිලධාරීන්ට වෙඩිතිබ්බා නම්, ඒ අහිංසක නිලධාරීන් තමයි මැරෙන්නේ. කාගේ හරි අණකට ගිහිල්ලා. මේ ක්‍රමය අපි වෙනස් කරගමු.
මාධ්‍යවේදියා
වෙනස් කරගමු කියන්නේ මොකක්ද?
ඩිෂාන් ගුණසේකර
මේ ආණ්ඩුව ලවාම අපි මේ ක්‍රමය වෙනස් කරගමු. ආණ්ඩුව අපහසුතාවට පත්කරන්න තමයි මේවා කරන්නේ.
මාධ්‍යවේදියා
බොරු චෝදනාවක්ද මේ දාලා තියෙන්නේ?
ඩිෂාන් ගුණසේකර
මට කරන ඕනෙම චෝදනාවකට උත්තර දෙන්න මට පුළුවන්. මොකද මම සිස්ටම් එකක් ගැන විශ්වාසය තියෙන කෙනෙක්. කතරගම දේවාලයේ ආදායම් වියදම් ගැන මගෙන් ඇහුවොත් මගෙන් පස්සේ එන කිසිම නිලමේ කෙනෙක්ට ඒකෙන් හොරකම් කළා කියලා අහන්න නෑ. මොකද මම ඒකට සිස්ටම් එකක් හදලා තියෙනවා. මගෙන් පස්සේ එන කිසිම නිලමේ කෙනෙක් හොරෙක් කියලා ඔබතුමාලට අහන්න ලැබෙන්නේ නෑ. සිස්ටම් එකකට දුවන්නේ. ඉතින් අපි රටත් මේ ජනාධිපතිතුමා ලවාම මේ විදියට සිස්ටම් එකකට හදාගත්තොත් අපේ දරුවන්ට හොඳ රටක් තියේවි.
මාධ්‍යවේදියා
කලින් කියපු ගෙදර සම්බන්ධයෙන් වෙච්ච අක්‍රමිකතාවක් ගැනද මේ පැමිණිල්ලක් දාලා තියෙන්නේ?
ඩිෂාන් ගුණසේකර
නෑ. ඒක හදපු කෙනා දැන් අසනීපෙන් ඉන්නේ. ඔහු මගේ ළඟ අවුරුදු 3ක් සේවය කළා. ඔහුගෙන් කටඋත්තරයක් ගන්න බැරි හින්දා වෙන්න ඇති මාව කැඳවන්න ඇත්තේ.
මාධ්‍යවේදියා
ඒ ගෙදර දැනට තියෙන්නේ කාගේ නමටද?
ඩිෂාන් ගුණසේකර
කිරිවෙහෙරේ නායක හාමුදුරුවෝ භාරයේ.
මාධ්‍යවේදියා
ඔබතුමා ඇත්තටම දන්නේ නැද්ද දේශබන්දු මහත්තයා ඉන්න තැන?
ඩිෂාන් ගුණසේකර
මම දන්නේ නෑ දේශබන්දු මහත්තයා ගැන.
මාධ්‍යවේදියා
දේශබන්දු මහත්තයාව ඔබතුමා හංගගෙන ඉන්නවා කියලා සී.අයි.ඩී. එකට සැක හිතිලා තියෙන්නේ කොහොමද? ඇත්තටම ඔබතුමා එක්ක දේශබන්දු මහත්තයට සම්බන්ධයක් තිබිලා නැද්ද?
ඩිෂාන් ගුණසේකර
දේශබන්දු මහත්තයව මම හොඳට අඳුනනවා.
මාධ්‍යවේදියා
ඊයේ පෙරේදා කතා කළේ නැද්ද?
ඩිෂාන් ගුණසේකර
නෑ. ඔය ප්‍රශ්නවලින් පස්සේ කතාකළේ නෑ. කතාකළත් වට්ස්ඇප් එකෙන්නේ කතා කරන්නේ.
මාධ්‍යවේදියා
දවස් ගානක් තිස්සේ එතුමා නෑ. ඇත්තටම ඒ දවස් ඇතුළේ කතා කළේ නැද්ද?
ඩිෂාන් ගුණසේකර
ඇත්තටම මේවා නෙවෙයි කතාකරන්න ඕනේ. මේ රට හදන්න කතාකරමු අපි. දේශබන්දු මහත්තයා හෙට අනිද්දා උසාවියට ඇවිල්ලා ඔය ප්‍රශ්න ඉවර කරගනී. අපි මේකට හිනාවුණාට පිටරටවල මිනිස්සු අපේ රටටම හිනාවෙනවා.

SendShareShare
Previous Post

වයිරවර් තේවාර කුලදසාම් – මෝරු මිලහායි – ඉලන්ත පලම් – සුර පලම් – ග්‍රාමීය දේවන්ගල්! Sri Lanka Latest News

Next Post

Al Jazeera බෝම්බය පත්තු වුණු හැටි! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.