• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ පසුගාමීත්වය සහ එහි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිවිපාක! Sri Lanka Latest News

February 8, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
ජනපතිගේ රාජාසන කතාවේදී සජබ පුටු හිස්! ආණ්ඩුවේ දෙන්නෙකුත් ඇවිත් නෑ!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ එහි නූතන දේශපාලන ඉතිහාසය දිගු ඓතිහාසික වැදගත්කමක් සහ වටිනාකමක් සහිත උරුමයන්ගෙන් එකකි. නිදහසට බොහෝ කලකට පෙර සිටම මේ දිවයින පාර්ලිමේන්තු පාලනයේ ආයතනික තර්කනය, මහජන නියෝජනය, විවාදය, වගවීම සහ සංයමය අවශෝෂණය කරගනිමින් පෝෂණය වී පැවතියේය. දශක ගණනාවක් තිස්සේ, මෙම සම්ප්‍රදාය තුළ ජාතික දේශපාලන නායකයන් බිහිකළේ ඔවුන්ගේ කතා හුදෙක් ප්‍රදර්ශනාත්මක ප්‍රතිරූප ලෙස නොව ආර්ථික විද්‍යාව, නීතිය, රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ දේශපාලන දර්ශනය මත පදනම් වූ තර්කානුකූල ක්‍රියාවන් හරහාය. පාර්ලිමේන්තුව යනු බලය ක්‍රියාත්මක කරන ස්ථානය පමණක් නොවේ. එය බලය යුක්තිසහගත කරන එකම ස්ථානයද වූ අතර එනිසාම එය උත්තරීතර විය.Sri Lanka Latest News

අද, එම සම්ප්‍රදාය තීරණාත්මක සන්ධිස්ථානයකට අවතීර්ණ වෙමින් පවතී. වත්මන් පාර්ලිමේන්තුව ආණ්ඩු පක්ෂයට තුනෙන් දෙකක බහුතර බලයක් සහිතව ක්‍රියාත්මක වේ. එවැනි බලයක් සහිත තත්ත්වයකදී විවාදයට හෝ විචාරයට හිමිවිය යුතු සංවාද අවකාශය තමන්ට හිමි මන්ත්‍රී සංඛ්‍යාව සමග කේවල් කරන අවියත් බලහත්කාරය විසින් යටපත් කිරීමේ ලකුණු පෙනෙන්නට තිබේ. එනම් සමාජය වෙතින් මතුවන මහජන කනස්සල්ල, ජනවරමේ තරම පෙන්වීමක් දක්වා වන ප්‍රශ්න වෙත මාරුවී ඇත. වත්මන් සභා නායකවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ආකාරයට ‘අපට 159ක් ඉන්නවා’ යනුවෙන් ඉඟි කරන්නේ එම ඔළුගෙඩි ආධිපත්‍යයයි. මෙවැනි හැසිරීම් තුළින් නිරූපණය වන්නේ, ශ්‍රී ලංකාව මුහුණ දෙන අනතුර හුදෙක් නරක පාලනයක් නොව, එය ගැඹුරු හා වඩාත් විඛාදනයට ලක්වන පාලනයක් බවයි. එනම් මේ වනවිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගැඹුරු බුද්ධිමය අරාජිකත්වයක් වෙත ලිස්සා යාමේ අවදානමක් ගොඩනැගෙමින් පවතින බවයි. එහිදී සිදුවන්නේ තමන් සතු මන්ත්‍රී සංඛ්‍යාව වඩාත් වැදගත් කොට සලකමින් ඒ වෙනුවට දැනුම සහ විචාර විද්‍යාව පලවා හැරීමයි. විප්ලවවාදී මුඛරිකම තර්කනයට ආදේශ කිරීමයි. ඒ වගේම විසම්මුතිය පක්ෂග්‍රාහීත්වයක් ලෙස සලකනු ලැබීමයි.

ශ්‍රී ලංකාවට උරුම වූ පාර්ලිමේන්තු සම්ප්‍රදාය
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය ඓතිහාසිකව තීරණාත්මක භූමිකාවන් තුනක් ඉටුකර ඇත. එහි පළමු වැන්න වන්නේ, මූලික වශයෙන් එය බහුත්වවාදය ආයතනිකකරණය (Institutionalized pluralism) කළේය. ඩී.එස්. සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ජී.ජී. පොන්නම්බලම් සහ පසුව එන්.එම්. පෙරේරා සහ කොල්වින් ආර්. ද සිල්වා වැනි දේශපාලන චරිත විවිධ පරස්පරතා සහිත දැඩි සම්මුතිකාමීන් නොවූහ. එහෙත් ඔවුන් පාර්ලිමේන්තුවාදීන් ලෙස ඒ තුළ පැවතිය යුතු ප්‍රමිතීන් රකිමින් එකඟතා ආරක්ෂා කළේය. ගැටුම් තනුක කරගනිමින් අවශෝෂණය කර ගත්තේය. බලහත්කාරය පසෙක තබා, සංවාදයෙන්, විවාදයෙන්, සහ විචාරයෙන් යුතුව සිය මතවාදී අනන්‍යතා සකස් කරගන්නා ලදී.

දෙවැනි වැදගත්ම කරුණ වන්නේ, පාර්ලිමේන්තුව පාලන පාසලක් ලෙස (As a school of governance) ක්‍රියාත්මක වීමට අවශ්‍ය ඉඩකඩ විවර කරලීමයි. ජේ.ආර්. ජයවර්ධන, රොනී ද මෙල්, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, සහ ලක්ෂ්මන් කදිර්ගාමර් වැනි නායකයන් ආර්ථික විද්‍යාව, ව්‍යවස්ථාමය නීතිය, ජාත්‍යන්තර සබඳතා, සංවර්ධන න්‍යාය වැනි ගැඹුරු සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායික කරුණු පාර්ලිමේන්තු විෂය ක්ෂේත්‍රයට රැගෙන ආ පූර්වගාමීන් බවට පත්විය. ඔවුන්ගේ කතා හුදු පක්ෂග්‍රාහී සටන් පාඨවලට සීමා නොවීය. ඒවා තුළ බැරෑරුම් තර්ක ඇතුළත් විය. පාර්ලිමේන්තුව ප්‍රතිපත්ති බවට පත්වීමට පෙර අදහස් සහ යෝජනා පිරිපහදු කළ මධ්‍යස්ථානයක් බවට පත්කරලීය.
තෙවන කරුණ වන්නේ, පාර්ලිමේන්තු සංස්කෘතිය තුළ ප්‍රජාතන්ත්‍රවාදී සංයමයක් ඇති කිරීමයි. නීත්‍යනුකූලභාවය යනු ඒත්තු ගැන්විය යුතු සාධකයක් බව එම නායකයන් මැනවින් තේරුම් ගත් දෙයක් විය. ජෝන් ස්ටුවර්ට් මිල් පැහැදිලිවම පෙන්වා දුන් පරිදි, ‘මිනිස් බුද්ධියට අකාරුණික කරුණාව යනු සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨතම අකාරුණික ක්‍රියාවයි.’ ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුව උත්තරීතර වන්නේ එහි මහජනයාගේ නියෝජිතයන් ගැවසෙන, හැසිරෙන සහ පුරවැසියන් වෙනුවෙන් නීති සම්පාදනය කරන එකම ස්ථානය වන නිසයි. එවැනි තැනක් නිතරම බුද්ධිමය උත්සාහයන් ඉල්ලා සිටින අතර ඇතැම් දේශපාලන ගුබ්බෑයම් තුළ පෙර පුහුණුව ලබා කටපාඩම් කරගත් වට්ටෝරු සමග එක මිටකට පාර්ලිමේන්තුවට ගොඩවදින පාරාන්ධ පක්ෂපාතිත්වයට එය සිදුකළ නොහැක.

සංවාදයේ සිට ආධිපත්‍යය දක්වා, පාර්ලිමේන්තු උරුමයන් තියුණු අභියෝගයක් අබියස
පාලක ආණ්ඩු පක්ෂය නිතර වර නගන වගාලාපයක් වන්නේ ‘අපට 159ක් ඉන්නවා, අපි බිය නොවෙමු’ යන්නයි. මෑතකදී සභා නායක බිමල් රත්නායක මහනුවර ප්‍රදේශයේදී ප්‍රකාශ කර සිටියේ ඔවුන්ට රුසියාවේ පුටින් ජනාධිපතිවරයාට මෙන් න්‍යෂ්ටික ආයුධ වැනි ශක්තියක් පවතින බවත් ඒවා ඕනෑම වේලාවක භාවිතයට ගත හැකි බවත්ය. ඔවුන් මෙසේ ප්‍රකාශ කරන සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදය යන්න සංවාදමය යුක්තිසහගත බවකට වඩා සංඛ්‍යාත්මක මුගුරක් ලෙස ප්‍රති නිර්වචනය වෙයි. බහුතරය නමැති ආයුධය තමන් තුළම තර්කයක් බවට පත්වන අතර විවාදය අනවශ්‍ය කොන්දේසියක් බවට පත්කරයි.

මෙය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඔවුන් වෙළාගෙන ඇති ගැඹුරු වැරදිසහගත වැටහීමකි. දේශපාලන න්‍යායාචාර්ය හැනා අරෙන්ඩ්ට් (්Hannah Arendt) අනුරූප අඟවමින් පැහැදිලි කළ පරිදි, ‘බලය සහ ප්‍රචණ්ඩත්වය ප්‍රතිවිරුද්ධ වේ. එහිදී එකක් නියත වශයෙන්ම පාලනය කරනු ලබන අතර අනෙක නොපවතී.’ ඒ අනුව පාර්ලිමේන්තුව වැනි ව්‍යුහයක් තුළ ඒත්තු ගැන්වීම නවතා දැමූ විටක, ඒ තුළ බලහත්කාරය සහ වාචාල සංස්කෘතියක් බිහිවීම වැළැක්විය හැකිය.

වර්තමානයේ නිතර විපක්ෂයෙන් නැගෙන මැසිවිල්ලක් වන ආණ්ඩු පක්ෂය විසින් මයික්‍රොෆෝන ක්‍රියා විරහිත කිරීමේ අත්තනෝමතිකත්වය ඇතුළු බාධා කිරීම් හරහා විපක්ෂ කතා නිහඬ කිරීම, සුළුපටු පාර්ලිමේන්තු විෂමාචාරයක් නොවේ. එය මහජන නියෝජිත ආචාර ධර්ම බිඳවැටීමක් සංඥා කරයි. පාර්ලිමේන්තුවේ විපක්ෂයක් පවතින්නේ හුදෙක් එහි ගණපූරණය සැපිරීම සඳහා පමණක් නොවේ. එය පවතින්නේ ආණ්ඩුවට ඡන්දය නොදුන් පුරවැසියන් නියෝජනය කිරීමටය. එබැවින් ඔවුන් නිහඬ කිරීම යනු ජනතාවගෙන් කොටසක් නිහඬ කිරීමකි.

දැනුමෙන් තොර විප්ලවවාදී මුඛරිකම යනු නිපුණතාවයේ අර්බුදයක් හෙවත් බුද්ධිමය හිස්කමකි
21 වැනි සියවසේ රාජ්‍ය පාලනය ඓතිහාසිකවම සංකීර්ණ වූ ක්‍රියාවලියකි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, මූල්‍ය ප්‍රතිපත්තිය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, සෞඛ්‍ය පද්ධති, දේශගුණික අනුවර්තනය, මේවා හුදෙක් දෘෂ්ටිවාදාත්මක වියුක්ත කිරීම් නොවේ. ඒවාට තීරණාත්මකව මුහුණ දියයුතු අතර ඒ සඳහා තාක්ෂණික සාක්ෂරතාව, සංසන්දනාත්මක අවබෝධය සහ සංකල්පීය පැහැදිලිකම පැවතීම අත්‍යාවශ්‍ය කොන්දේසියකි.

අද පාර්ලිමේන්තුවේ ආණ්ඩුව නියෝජනය කරන ඇතැමුන්ට ‘ධවල පත්‍රිකාවක්’ යනු කුමක්ද කියාවත් නිසි අවබෝධයක් නොමැත. මෙයින් මහජන අවකාශය වෙත ලැබෙන පණිවුඩය වන්නේ, මූලික ප්‍රතිපත්ති මෙවලම් සමග ඔවුන්ගේ පවතින නුහුරු බව ප්‍රසිද්ධියේ පෙන්නුම් කිරීමයි. එයින් පැනනගින ගැටලුව ලැජ්ජාව පමණක් නොව, එය රාජ්‍ය පාලනය කෙරෙහි වූ නොහැකියාව දිග හැරීමයි.

විෂයානුබද්ධ දැනුමට වඩා පුහුණු කරන ලද සටන් පාඨ මත විශ්වාසය තබන වාචාල මන්ත්‍රීවරුන් විසින් ආධිපත්‍යය දරන පාර්ලිමේන්තුවකට එහි මූලික කාර්යය ඉටුකළ නොහැක. එවැනි හිස් පමණක් ඇති එහෙත් දැනුමෙන් හිස්වූ පාර්ලිමේන්තුවක් විචක්ෂණශීලීව, දැනුවත් විවාදයකින් තොරව නීති සම්මත කරනු ලැබේ. න්‍යායික සහ ප්‍රායෝගික ආර්ථික යථාර්ථයන් ප්‍රශ්න කිරීමකින් තොරව අයවැය සම්මත කරනු ලැබේ. ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිවිපාක සහ ප්‍රතිඵල තර්කානුකූල සමාලෝචනයකින් තොරව ප්‍රතිසංස්කරණ වෙනුවෙන් දෑත් ඔසවයි.

දේශපාලන දාර්ශනික මැක්ස් වේබර් ඉතා නිරවුල්ව පෙන්වා දුන්නේ, දේශපාලනයට අවශ්‍ය වන්නේ ‘වගකීමේ ආචාර ධර්ම’ පමණක් නොව ‘වගවීමේ ආචාර ධර්ම’ (Not only an “ethics of responsibility” but also an “ethics of action”) බවයි. දැනුමක් නොමැතිව යමක් තහවුරු කිරීමට යාම නොසැලකිලිමත්කම බවට පත්වීම වැළැක්විය හැකිය.

දේශපාලන උපායමාර්ගයක් ලෙස බුද්ධිමය විරෝධීවාදය
ලාංකීය රැඩිකල් වේදිකාවන්ට පවතින ඉතා ජනප්‍රිය මනෝ ව්‍යාධියක් දැකිය හැකිය. ඔවුන්ගේ ව්‍යාපාරවල නිර්වචනය වන බහුල ලක්ෂණයක් වන්නේ නොදැනුවත්කමට සදාචාරාත්මක ආරෝපණයක් ලබා දීමයි. යම් අයකුට ඇති විශේෂඥතාව ප්‍රභූ පන්තියේ ලක්ෂණයක් ලෙස නිරූපණය කෙරේ. ඕනෑම සංකීර්ණත්වයක් කුමන්ත්‍රණයක් ලෙස බැහැර කරනු ලැබේ. දැනුම යනු ‘පොදු ජනතාව’ පාවාදීමක් ලෙස රාමු කරමින් අධ්‍යාපනයෙන් බැහැර වීම කැපවීමක් ලෙස හුවා දක්වනු ලැබේ. ඉංග්‍රීසි භාෂාව පරිශීලනය කිරීම පවා ඔවුන් දකින්නේ පන්තිමය දෘෂ්ටියකිනි. එනිසාම 159ක් සාතිශය බහුතරයකට ඉංග්‍රීසි බස සරලව හසුරුවා ගැනීම පවා අද අභියෝගයක් වී ඇත.

මෙම උපාය තුළින් ඡන්දදායකයන් සංවිධානය කර ගැනීමට යම් පහසුවක් ලැබිය හැකි නමුත් එහි අවසන් ප්‍රතිඵලය විසින් ආයතන විනාශ කරයි. මේ තත්ත්වය අයිසයා බර්ලින් (Isaiah Berlin)ගේ නිරීක්ෂණයකට අනුව දැක්වුවහොත් ‘වෘකයන්ට නිදහස බොහෝ විට බැටළුවන්ට මරණය ගෙන දෙයි.’ පාර්ලිමේන්තුව තුළ බුද්ධිමය ප්‍රමිතීන් බිඳවැටෙන යථාර්ථයකදී, හොඳම තර්ක වෙනුවට ඝෝෂාකාරී හඬවල් ආධිපත්‍යය දරනු ලබයි. එම ආධිපත්‍යය නියෝජනය කරන්නේ ජනතාවගේ බලය නොව වගවීමකින් තොර බලයකි.
බල උන්මාදයේ වියරුවෙන් දැනුම ප්‍රතික්ෂේප කිරීම කිසි ලෙසකින්වත් මහජනතාව බලගන්වන්නේ නැත. එය පාර්ලිමේන්තු නියාමනයන්ගෙන් පිටස්තරව ක්‍රියාත්මක වන තේරීපත් නොවූ ඊනියා න්‍යායාචාරීන්ගේ සහ අභ්‍යන්තර කුහක කවයන්ගේ දේශපාලන තෘප්ත කරයි. පාර්ලිමේන්තුව හුදු ප්‍රදර්ශනාත්මක වේදිකාවක් බවට සීමා වන අතර සැබෑ තීරණ වෙනත් තැනකදී සම්මත කරගත් ඒවා වේ.

මෙම අර්බුදය සිංහලයට හෝ දෙමළට එරෙහිව ඉංග්‍රීසි ප්‍රශ්නයක් ලෙස වැරදියට තේරුම් නොගත යුතුය. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ශ්‍රේෂ්ඨත්වය කිසි විටෙකත් භාෂාව මත පමණක් රඳා පැවතුන දෙයක් නොවේ. එය අදහස් සමග සම්බන්ධ වීම මත රඳා පැවතුණි.

නූතන ලෝකයේ රාජ්‍ය පාලනය ක්‍රියාත්මක වන්නේ පර්යේෂණ වාර්තා, ප්‍රතිපත්ති රාමු, ජාත්‍යන්තර ගිවිසුම් සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණයන් හරහාය. මෙම උපකාරක ද්‍රව්‍ය සම්බන්ධ කර ගත නොහැකි පාර්ලිමේන්තුවකට නූතන රාජ්‍යයක් පාලනය කළ නොහැක.

මන්ත්‍රීවරුන්ට දැනුම පද්ධති වෙත ප්‍රවේශය නොමැති විට හෝ අවඥාසහගත ලෙස නව දැනුම් පද්ධති ප්‍රතික්ෂේප කරන්නේ නම් රාජ්‍ය පාලන ක්‍රියාවලිය ප්‍රතික්‍රියාශීලී, නොගැළපෙන සහ අසංගත දෙයක් බවට පත්වේ. මෙම ස්වභාවය පසුගිය කෙටි කාලය තුළ වඩාත් කැපීපෙනෙන ලක්ෂණයක් බවට පත්ව තිබිණි. ආණ්ඩුව විසින් රාජ්‍ය පාලනයට සම්බන්ධ විවිධ ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්කරනු ලැබීය. ඒ වගේම ඇතැම් ඒවා විධායකය විසින් ආපසු හකුළා ගැනීමට බලකෙරිණි. මහජන විශ්වාසය ඛාදනය වන්නේ ජනතාව ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වන නිසා නොව ඔවුන්ට ආධුනිකත්වයක් දැනෙන බැවිනි.

බහුතරය යනු සමස්ත ප්‍රඥාව නොවේ
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය පූජනීය ධාතු කරඬුවක් වැනි දෙයක් නොවේ. එය යහපත් පාලනයක් වෙනුවෙන් රැකවරණ රැගෙන එන තැනකි. ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද යන්න පමණක් නොව ජයග්‍රහණයෙන් පසු බලය අභ්‍යාස කරන්නේ කෙසේද යන්න බව එය අපට සිහිපත් කර දෙයි.
විෂය දැනුමෙන් තොර, විසම්මුතියට සතුරු සහ බුද්ධිමය ප්‍රමිතීන් ප්‍රතික්ෂේප කරන රැඩිකල් මුඛරි එහෙත් ආධුනික විප්ලවවාදී විකට ශිල්පීන් විසින් ආධිපත්‍යය දරන පාර්ලිමේන්තු කණ්ඩායමකින් රටට කිසිදු අර්ථවත් ප්‍රගතියක් අපේක්ෂා කළ නොහැක.

එඩ්මන්ඩ් බර්ක් විසින් දැනට බොහෝ කලකට පෙර පැවසූ දෙයක් සිහිවන විට අපේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන බියක් උපදී. ‘ඔබේ නියෝජිතයා ඔබට ණයගැතියි, ඔහුගේ කාර්යයට පමණක් නොව, ඔහුගේ විනිශ්චයට’ බව බර්ක් වරක් ප්‍රකාශ කළේය. එහෙත් පාර්ලිමේන්තුවෙන් විනිශ්චය අතුරුදන්වී යන්නේ නම්, සමස්ත ප්‍රජාතන්ත්‍රවාදයම අනතුරේ වැටීම වැළැක්විය නොහැක.

ශ්‍රී ලංකාවේ පුරවැසියන් දැන් හඬ නගා ඇසිය යුතු තීරණාත්මක ප්‍රශ්නය වන්නේ රජයට බහුතරයක් තිබේද යන්න නොව, අප පාලනය කිරීමට නීති ප්‍රතිපත්ති රැගෙන එන පාර්ලිමේන්තුවට තවමත් මනසක් තිබේද යන්න ඒ කඩඉම් ප්‍රශ්නයයි.

විජේපාල දිසානායක
[email protected]

SendShareShare
Previous Post

සජිත් අනුරගේ නිදහස් දිනේට ගියේ ඇයි? Sri Lanka Latest News

Next Post

ලස්සන බෝඹුරු ඇල්ලේදී ජර්මන් තරුණියකට ත්‍රීවීල් රියැදුරකුගෙන් කැත වැඩක්! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.