ස්විට්සර්ලන්තයේ දකුණු ප්‍රදේශයේ හිම ක්‍රීඩා සඳහා ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක ඇති වූ (ස්කී රිසෝට්) ගින්නකින් පුද්ගලයින් 40 ක් මියගොස් 100කට වැඩි පිරිසක් පසුගිය දා තුවාල ලැබීය.Sri Lanka Latest News
ක්‍රාන්ස්-මොන්ටානාහි ලෙ කොන්ස්ටලේෂන් නමැති තානායමක එරට වේලාවෙන් නව අවුරුදු උදාවත් සමග ජනවාරි 1 වැනි දින අලුයම 01:30ට ඇති වූ ගින්නෙන් රටවල් කිහිපයක පුද්ගලයින් කිහිප දෙනෙකු ද අනතුරට ලක්විය. මේ සම්බන්ධයෙන් සිය ශෝකය පළ කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මෙරට ස්විස්ටර්ලන්ත තානාපති නිල නිවසට පැමිණ මෙරට ස්විස්ටර්ලන්ත තානාපතිනිය මුණ ගැසී සිය ශෝකය පළ කිරීමට කටයුතු කළේය.














