• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රිප් ගිය ෆොටෝ ටික්ටොක් එක් ෆේස්බුක් එකේ නිතර දැම්ම ඉමාෂි සියදිවි නසාගත්තේ ඇයි? Sri Lanka Latest News

March 8, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ට්‍රිප් ගිය ෆොටෝ ටික්ටොක් එක් ෆේස්බුක් එකේ නිතර දැම්ම ඉමාෂි සියදිවි නසාගත්තේ ඇයි? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘කවදාවත් මුණගැහිලා නැති වුණත් ඔයාගේ හිනාව අපිට හරි හුරුපුරුදුයි. Tiktok එකේ facebook එකේ අපි දැක්කේ ඔයාගේ හිනාවෙන් පිරුණු ලස්සන මුහුණ විතරයි. ඒත් ඒ හිනාව පිටුපස කොච්චර දුකක් හැංගිලා තිබුණද කියලා අපි කවුරුත් දැනගෙන හිටියේ නැහැ. හිතන්නවත් බැරි වෙලාවක ඔයා අපිව දාලා ගියා. ලස්සන හිතක් තිබුණු ඔයාට නිවන් සුව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ ආත්මයට සැනසීම ලැබේවා…’ Sri Lanka Latest News

මේ, තේෂානි එදිරිසිංහ නම් තරුණිය ෆේස්බුක් පිටුවක තබා තිබූ සටහනක්. මේ සටහන තබා තිබුණේ සුරූපී තරුණියක් ගෙල වැලලාගත් අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ වයිරල් වී බොහෝ දෙනකුගේ කතාබහට ලක්වූ නිසයි. ඇය ජීවතුන් අතර සිටියදී ටික්ටොක් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම්වල නිතර වීඩියෝ මුදාහැරීමෙන් ඇය බොහෝ දෙනෙකුගේ ආකාර්ෂණය දිනාගෙන සිටියා. ඇය නිතර සතුටින් දිවි ගෙවූ යුවතියක් බව ඒ හැම වීඩියෝවකින්ම සනාථ කර තිබූ නිසා බොහෝ දෙනෙකුට ඇගේ දිවි නසාගැනීම විශ්වාස කිරීමට පවා නොහැකි වී තිබුණා. ඒත් කවුරුවත් ඇගේ සුන්දර හිනාවට යටින් තිබුණු වේදනාව දැක්කේ නැහැ. ඇගේ දිවි නසාගැනීම ගැන බොහෝ සමාජ මාධ්‍ය පිටු සහ වෙබ් අඩවි විවිධ කටකතා ගොතා පළකර තමන්ගේ චැනලය හිට් කරගැනීමට, වීව්ස් වැඩිකර ගැනීමට උත්සාහ ගත්තා.

මියයන්න දින 6කට පෙරත් මිතුරියන් සමග ගිය විනෝද චාරිකාවක ඡායාරුප සහ වීඩියෝ ඇය ෆේස්බුක් වෙත මුදාහැර තිබුණා. ඒ විඩියෝවල ඇය සතුටින් විනෝදයෙන් සැහැල්ලුවෙන් කල්ගෙවූ බව දැකගන්නට ලැබුණා. ‘ඇයි මෙයා බෙල්ලේ වැලදාගෙන තියෙන්නේ? මෙයාට මොකද්ද තිබුණු ප්‍රශ්නේ?’ කියලා ගොඩක් දෙනෙක් විමසන්නට වුණා. ඒත් අපි දන්නේ පෙම් සබඳතාවක් නිසා ඇය දිවි නසාගෙන කියලා විතරයි. ඇය සමාජ මාධ්‍යයේ සැරිසරා තිබූ විදියට බොහෝ දෙනකු සිතුවේ ඇය සතුටින් ඉන්නවා කියලා. ඇයට තිබුණු පීඩනය, ඇයට තිබුණු ප්‍රශ්න ඇය පිටට නොපෙන්වන්නට ඇති. ඇයට තිබුණු ප්‍රශ්න දන්නේ ඇයම විතරයි. ඇගේ මිතුරියන් පවා විමසා තිබුණේ ‘මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා උඹ ඇයි අපිට කිව්වේ නැත්තේ?’ කියලායි.

මේ ලෝකේ හැමෝටම ආදරය කියන දේ වටිනවා. මිනිස්සුන්ව ජීවත් කරවන්නේ ආදරයයි. මවුපිය ආදරය, ආදරණීයයන්ගෙන් ලැබෙන ආදරය එකිනෙකට වෙනස් වුණත් සෑම දෙයක්ම රඳාපවතින්නේ ආදරය නිසයි. හැබැයි ආදරෙන් පැරදුණා කියලා අපි ජීවිතයෙන් පලායන්න තීරණය කළොත් පැරදෙන්නේ තමන්මයි. ඒත් තමන්ව ප්‍රතික්ෂේප කරන ආදරයට අහිතක් නැතුව යන්න දෙන්න තරම් හිත ශක්තිමත් කරගන්න අපි දැනගන්න ඕනේ.

කෙනෙකු මානසික පීඩනයකින් ඉන්නා විට ඒ පීඩනය දරාගැනීමට නොහැකි අවස්ථාවට පැමිණියාම බොහෝ දෙනකු තීරණය කරන්නේ ජීවිතයෙන් පලායාම ඊට නිසි පිළිතුර කියලායි. ජීවිතය දැන් ඇති කියලා දැනෙනවා. පීඩනය පිටකරන්න සමහරු තනියම අඬනවා. සමහරු මත්පැන්වලට යොමුවෙනවා. මත්ද්‍රව්‍යවලට යොමුවෙනවා. රිද්දන අයගෙන් පළිගන්න තරමට කේන්තියක් එනවා. වෛර කරනවා. ඒ හැම දේකම අවසන් ප්‍රතිඵලය තමයි ජීවිතය හැරයාමට තීරණය කිරීම.

මේ අනුවේදනීය ඉරණමට මුහුණ දුන්නේ ඉමාෂි හෙට්ටිආරච්චි. 24 හැවිරිදි වියේ පසුවූ ඇය මාතර වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටියා. ඇය සියදිවි නසාගෙන තිබුණේ තම නිවෙසේ මිදුලෙහි ගසක එල්ලී ගෙලවැලලාගෙනයි.

ඕනෑම කෙනකුට ප්‍රශ්නයක් පීඩනයක් තියෙනවා නම් තමන්ගේ ළඟම හිතවතෙකුට ආදරණීයයෙකුට ඒ ගැන කියලා විසඳුමක් සොයාගන්න උත්සාහ ගන්න ඕනේ. එතකොට මෙවැනි අහිංසක ජීවිත මේ විදියට අකාලයේ මියැදෙන්නේ නැහැ. ඉමාෂිගේ නැදෑයන් පවා පවසා තිබුණේ ‘අපි අපේ පරම්පරාව කවදා හරි දවසක එකතු වෙන්න හිටියේ ඔයාගේ වෙඩින් එකට නේද? ඒත් අපි කොහොමද උඹේ මළගෙදරට එකතුවෙන්නේ…?’ යනුවෙන්.

ඉමාෂිගේ සියදිවි නසාගැනීමත් සමග ජීවිතය හැර යෑමට ඇතැම් තරුණ තරුණියන් ගන්නා එවැනි ක්ෂණික තීරණ සම්බන්ධයෙන් මනෝ වෛද්‍යවරුන්ගේද අවධානය යොමුවුණා. ප්‍රකට මනෝ වෛද්‍යවරයකු වන රුමි රූබන් මහතා මේ සම්බන්ධයෙන් පවසා සිටියේ මෙවැන්නකි.

‘නව යෞවන යෞවනියන් අතර සිදුවන සියදිවි නසාගැනීම් බැලුවාම යම්කිසි රටාවක් ඒකාකාරී බවක් දැකගන්නට පුළුවන්. ඇත්තටම මෙවැනි ඒකාකාරී බවක් දැනෙන්නේ සමාජ සාධක සහ මේ පිටුපස තියෙන මනෝවිද්‍යාත්මක හේතු නිසයි. ඒ සමාජයීය සාධක මත තියෙන පොදු බවක් නිසා බව අපි දකිනවා. අද නව යොවුන් වයසේ සිටින දරු දැරියන්ට නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. එක පැත්තකින් ඔවුන්ට තියෙන අධ්‍යාපනික ප්‍රශ්න, තරගකාරීත්වය නිසා ඒගොල්ලෝ පීඩනයට පත්වෙලා. අනිත් අයත් එක්ක මේගොල්ලෝ සංසන්දනය කරනවා. මේක තවත් වැඩිවෙනවා මවුපියන්ගෙන් එල්ල වෙන බලපෑම නිසා. මේවාට ඔරොත්තු දෙන්න බැරි වුණාම ජීවිතයම කලකිරෙනවා. අනෙක අන්තර්ජාලය නිසා නොයෙකුත් බලපෑම්වලට යොමුවෙනවා. අන්තර්ජාලය තුළ වීඩියෝ, වීඩියෝ ක්‍රීඩා, නොයෙකුත් දර්ශන, ටෙලිනාට්‍ය පවා මේ දරුවන්ගේ හැසිරීම්වලට බලපෑම් ඇතිකරනවා. මේ ප්‍රශ්නත් එක්ක දරුවන් කෙරෙහි සැලකිල්ල අඩුවුණොත් ඔවුන් වෙනුවෙන් ගතකරන කාලය අඩුවුණොත් මේ දරුවෝ මවුපියන්ගෙන් තවත් ඈත් වෙනවා. දරුවන්ට තමන්ගේ ප්‍රශ්න කියන්න කෙනෙක් නැතුව ගියාම ඔවුන් කලකිරෙන්න පුළුවන්. මේ අධ්‍යාපන රටාව තුළ පවා ගැටුමක් නිරාකරණය කරගන්නේ කොහොමද කියලා, කියලා දෙන්නේ නැහැ. හැඟීමක් ආවාම ඒක පාලනය කරගන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. මේවා ඉගෙනගන්න ඔවුන්ට තැනක් නැහැ. ඒවා උගන්වන්‌න කෙනෙක් නැහැ. ගුරුවරුන්ගේ සහ මවුපියන්ගේ වගකීම තමයි තමන්ගේ දරුවන් ගැන හොයලා බලන එක. ඔවුන්ගේ සුළු හරි වෙනස්කමක් දැනුණාම හැසිරීමේ හෝ අධයාපනයේ වෙනසක් දැක්කාම, සිතුම්පැතුම්වල වෙනස්කමක් දැක්කාම, අනිත් අයගෙන් ඈත්වෙලා ඉන්න හදන එක, තරහා යන එක, අධ්‍යාපනය ප්‍රතික්ෂේප කරන එක, අන්තර්ජාලයේ හෝ වෙනත් නාට්‍යවලට ඇබ්බැහි වෙලාද කියලා හොයලා බලන එක ඉතාම වැදගත්. මෙන්න මේ වාගේ හොඳ විපරමක් තියෙන්න ඕනේ දරුවන්ගේ ක්‍රියාකාරීත්වයන් ගැන.

සෑම පළාතකම රෝහල්වල මෙවැනි මානසික පීඩාවන් සඳහා සායන තියෙනවා. ඒවාට ගිහිල්ලා විශාදය වගේ රෝගයක් තියෙනවා නම් ඒවා හඳුනාගෙන බෙහෙත් ගන්නත් පුළුවන්. එතකොට මේ ජීවිත හානි කරගැනීම් වළක්වා ගන්නට පුළුවන්. ගොඩාක් සමාජ මාධ්‍ය මේ සිදුවීම් උළුප්පා පෙන්වීම නෙවෙයි කළ යුත්තේ. ඒවාට විසඳුම් ලබාදීමේ ක්‍රියාමාර්ග හඳුන්වා දීමයි කළ යුත්තේ. ඒ සඳහා වැඩිහිටියන් වශයෙන් අපි හැමෝගෙම වගකීමක් තියෙනවා…’

ඇත්තෙන්ම හැම අම්මෙක්ම තාත්තෙක්ම තමන්ගේ දරුවන්ට ඇහුම්කන් දිය යුතුයි. පිරිමි ළමයෙක්ද ගෑනු ළමයෙක්ද කියලා නැහැ. මේ දෙපාර්ශ්වයටම ඉන්න හොඳම මිතුරන් තමයි අම්මා සහ තාත්තා කියන්නේ. දුවෙකුගේ හොඳම ආදරවන්තයා බවට තාත්තාට පත්වෙන්න පුළුවන් නම්, පුතෙකුගේ හොඳම ආදරවන්තිය බවට අම්මාට පත්වෙන්න පුළුවන් නම් දරුවන් සහ මවුපියන් අතර තියෙන දුරස්ථභාවය නැතිවෙනවා. රැකියාවට ගිහින් ආවාම දවසේ වෙච්ච සිදුවීම් ගැන දරුවන් එක්ක පොඩ්ඩක් කතාකරන්න පුළුවන් නම් මෙවැනි ඛේදවාචකයන් වළක්වා ගන්න එය පිටිවහලක් වෙනවා.

අම්මා දස මාසයක් කුසේ තියන් දුක්විඳලා උස්මහත් කරපු දුවෙක්ට, තාත්තා කුසට හරිහමන් කෑමක් නැතිව එක දවසක්වත් බඩගින්නේ නොතියා, පාසල් යවලා උගන්වපු දුවෙක්ට මේ වගේ කනගාටුදායක ඉරණමක් අත්වුණාම ඒ අම්මා තාත්තා දරාගන්නේ කොහොමද…? ඔවුන් දහස් වාරයක් මැරි මැරී උපදිනවා. පිළිකා රෝහලකට ගියා නම් දැනෙනවා ඒ මිනිස්සු හුස්ම රැකගන්න දරන වෙහෙස. දරුණු ලෙඩරෝගවලින් පීඩා විඳන මිනිස්සු දන්නවා හුස්ම පොදක වටිනාකම. ඒත් ඇයි අපේ තරුණ පරපුර ජීවිතයේ වටිනාකම ගැන මේ තරම් අඩුවෙන් හිතන්නේ?

අම්මලා තාත්තලා දරුවන්ගේ දුකේදී සැපේදී ඇහුම්කන් දුන්නේ නැත්නම්, යන්නේ එන්නේ කොහේද, මොනවද කරන්නේ, කාවද ඇසුරු කරන්නේ කියලා හොයලා බැලුවේ නැත්නම්, මේ වගේ ඛේදවාචකයක් සිදුවුණාම අඬලා ඵලක් නැහැ. අද සමාජයේ බොහෝ දරුවන් මවුපියන්ගෙන් ගොඩක් ඈත්වෙලා. තාක්ෂණික මෙවලම්, ස්මාර්ට් ෆෝන්වලින් අන්තර්ජාලයට ඇබ්බැහි වෙලා. බොහෝ පාසල් දරුවන් පවා මේ නිසා විකෘති මානසිකත්වයකින් පෙළෙන බව දැකගන්න පුළුවන්. ඒ නිසා මවුපියන්ගෙන් වැඳලා ඉල්ලනවා සමාජයට පේන්න දරුවෝ හදන්න එපා, ආදරය, රැකවරණය, ගුණධර්ම දෙන්න පුළුවන්නම් විතරක් දරුවෝ හදන්න කියලා. නැත්නම් අසරණ වෙන්නේ ඒ අහිංසක දරුවන්.
ලංකාවේ තියෙන හොඳම පාසලට යවලා ඉගැන්නුවත් ඵලක් නැහැ, ගුණධර්ම ගැන, සමාජය ගැන, ජීවිතය ගැන, අභියෝග ජයගන්න හැටි ගැන දරුවාට කුඩා කාලයේ ඉඳන්ම කියලා දෙන්න බැරි නම්. ඒ දේවල් ගැන අවබෝධයක් තියෙන දරුවෙක් මෙවැනි විපතක් කරගන්න කවදාවත් හිතන්නේ නැහැ. ආටෝප ජීවිතයකට හුරු නොකර පොළොවේ පයගහලා ජීවත්වෙන්න තමන්ගේ දරුවන්ට උගන්වන්න. ඒක තමන්ගේ පවුලට වගේම සමාජයටත් කරන යහපතක්.

මේ සමාජයේ සැඟවුණු ඉමාෂිලා තවත් ඉන්න පුළුවන්. ඔවුන්ට ළංවෙලා ආදරය කරුණාව දෙන්න පුළුවන් නම් ඒක සමාජයට වගේම රටට කරන සේවයක්. ඒ වගේම ජීවිතයක් බේරාගන්න උරදීම මහත් පුණ්‍යකර්මයක්. අපිත් එක්ක එකට ඉගෙන ගන්න අය ගැන, පවුලේ අය ගැන අපි නිතරම අවදියෙන් ඉන්න ඕනේ. මානසික පීඩන තත්ත්වයන් මුල් අවස්ථාවේම හඳුනාගත්තොත් අවදානම් තත්ත්ව වළක්වා ගන්න පුළුවන්. කෙනෙක් ජීවිතය ගැන කලකිරිලා, සමාජයෙන් ඈත්වෙලා, වැඩිය කතාබහ කරන්නේ නැතිව, ඉගෙනීම් කටයුතු මග ඇරලා ඉන්නවා නම් එයාට ඇහුම්කන් දෙන්න. එයාගේ ප්‍රශ්න ගැන විමසන්න. ආදරය කරුණාව බෙදාගන්න. සමහර විට ඒ කෙනාගේ ජීවිතය මහා විනාශයකින් බේරාගන්න ඔබේ ඒ කාරුණික බවට පුළුවන් වේවි.

ඔබ දන්නා කෙනෙක්, ඔබේ ආදරණීයයෙක්, ඔබේ හිතවතෙක් යම් මානසික පීඩනයකින්, ආතතියකින් පෙළෙන බව ඔබට දැනෙනවා නම් 1926 හෝ 0113140844 දුරකතන අංකවලින් පිළිසරණක් ලබාගන්න අවස්ථාව තිබෙනවා. ඔවුන් ඔබේ රහස්‍යභාවය ආරක්ෂා කරනවා වගේම, ඔබේ මානසික ගැටලුව විසඳාගන්න මග පෙන්වනවා.
ප්‍රශ්න තිබුණු මිනිස්සු ඒවා නිරාකරණය කරගත්ත නිසා තමයි ලෝකය මේ තරම් ලස්සන වෙලා තියෙන්නේ. ඒ නිසා හිත ශක්තිමත් කරගෙන ජීවිතයට මුහුණ දෙන්න අපි හැමෝම පුරුදු විය යුතුයි.

ඉමාෂිගේ සමුගැනීම බොහෝ දෙනෙකුට නැවත නැවත මතක්කරන දෙය නම් තමන්ගේ ආදරණීයයන් ගැන, සමීපතමයන් ගැන මීට වඩා සැලකිල්ලෙන් පසුවන ලෙසයි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

රනිල් අල්ජසීරා එකේ නාගත්ත තැන හකීම් හරියටම කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ට්‍රම්ප් අතහරින නිදහස් ලෝකයේ ඊළඟ නායකයා මැක්රෝන්ද? Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.