• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තීරණාත්මක උතුරු – නැගෙනහිර දෙමළ ඡන්දය කාටද? ඉන්දියාව සපෝට් කොහෙටද? කාගේ ප්‍රතිපත්තිද හොඳ? රාසමානික්කම් කතාව දිගහරී! Sri Lanka Latest News

September 18, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට යන්න කලවංචිකුඩි උසාවිය රාසමාණික්කම්ට තහනම් කරයි! මේ මොන නීතියක්ද? දකුණට එකක්! උතුරු නැගෙනහිරට එකක්! සුමන්තිරන් ප්‍රශ්න කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මෑත කාලයේ මෙරට පැවැති සියලු ජාතික මැතිවරණවලදී ජයග්‍රහණය ලැබූ පක්ෂයට හෝ පක්ෂ නායකයාට එම ජයග්‍රහණය වෙනුවෙන් තීරණාත්මක දායකත්වයක් ලබාදුන් ඡන්ද ප්‍රතිශතයක් ලැබුණේ උතුරුකරයෙනි. උතුරු නැගෙනහිර දෙපළාතේ ජීවත් වන බහුතර දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙනි. මෙවර ජනාධිපතිවරණයටද උතුරු නැගෙනහිර ජනතා මතය ක්‍රියාත්මක වන ආකාරය ඉතා තීරණාත්මකය. පහත පළවන්නේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ශානක්‍යන් රාසමානික්කම් මහතා, මෙවර ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර බහුතර ජනතාවගේ සහාය හිමිවන දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් පළකළ අදහස්ය. මෙම සාකච්ඡාව අප උපුටා ගත්තේ SLVLOG POD TALKS යූටියුබ් නාලිකාවෙනි.

දෙමළ ජාතික සන්ධානය තීරණය කරනවා සමගි ජන බලවේගයට සහාය දෙන්න. ඒ තීරණයට බලපෑ කරුණ මොකක්ද?
උතුරු නැගෙනහිර දේශපාලන ගත්තම මෙවර ජනාධිපතිවරණය තමයි ඉතා වෙනස්. ඒකට ප්‍රධාන හේතුව ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නගෙන් එක්කෙනෙක් එක්කෙනෙක් රාජපක්ෂ කෙනෙක් නොවීම. 2019 ගෝඨාභය රාජපක්ෂට දෙමළ ජනතාවගේ සහාය ලැබුණේ නෑ. 2010 සහ 2015 මහින්ද රාජපක්ෂ. මෙවරත් රාජපක්ෂ කෙනෙක් ඉල්ලනවා, නමුත් ඔහු ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නා අතර නෑ. ඒ වගේ අවස්ථාවක අපට වෙනදාට වඩා මේ තීරණය ගැන ගොඩක් බලන්න සිදුවුණා. රනිල් වික්‍රමසිංහ පිළිබඳ උතුර සහ නැගෙනහිර ජනතාවගේ යම් ප්‍රසාදයක් තියෙනවා.

ඒකට හේතුව මොකක්ද?
මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමයි ෆෙඩරල් ව්‍යවස්ථාවක් දෙන්නම් කියලා 2005දී එළිපිටම කිව්වේ. 2005දී ඔහු පැරැදුණාට එළිපිටටම එයා කිව්වා ෆෙඩරල් ව්‍යවස්ථාවක් දෙනවා කියලා. ඒක එක හේතුවක්. ඊට අමතරව ඔහු ජාතිවාදී පුද්ගලයෙක් නොවෙයි කියලා උතුරේ මතයක් තියෙනවා. හැබැයි මේ ඡන්දෙදී අපි පළමු සාධකයක් වශයෙන් බැලුවේ දිනන්න පුළුවන් වාතාවරණයක් තියෙන කෙනා පිළිබඳ.

අපි මේ තීරණය ගැනීම සම්බන්ධයෙන් අපේ මධ්‍යම කාරකසභාව හතර වතාවක් රැස්වුණා. ඒ හතර වතාවෙදීම අපි ගුණාත්මක බව ගැන සැලකිලිමත් වුණා. කවුද මෙවර දිනන්නේ කියන එක බලලා, ඊට පස්සේ පස්වැනි අවස්ථාවේ තමයි සජිත් ප්‍රේමදාසට අපේ සහාය දෙන බවට තීරණයක් ගත්තේ. ඒ තීරණය ගන්නකොට ප්‍රධාන වශයෙන් සිටියා අපේක්ෂකයෝ තුන්දෙනෙක්. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගත්තම ප්‍රධාන වශයෙන්ම හැමෝගෙම තිබුණු විරුද්ධත්වයක් තමයි එයා වටේ ඉන්න පිරිස. පිල්ලෙයාන්, කරුණා, ඩග්ලස් දේවානන්දා වගේ අය ඉන්නවා. ඒ වගේම ලොහාන් රත්වත්තේ. ඔහු බන්ධනාගාර ඇමති විදියට ඉන්නකොට දෙමළ දේශපාලන සිරකරුවන්ගේ කටට තුවක්කුව තියලා කියනවා සපත්තු දෙක ලෙවකන්න කියලා. දැන් එයාට නඩුවක් යනවා. ඒ වගේම මේ රට බංකොලොත් බවට පත්වෙන්න ප්‍රධාන වශයෙන් හේතු වුණු ඇමැතිවරු මණ්ඩලයම ඒ කඳවුරේ ඉන්නවා. මේ සාධකයත් අපි සලකා බැලුවා. දෙවැනි සාධකය තමයි දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ගැටලුව. අපේක්ෂකයෝ තුන්දෙනාම ඒ පිළිබඳ ප්‍රගතිශීලී අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. මේක කරනවා කියලා තුන්දෙනාම කියලා තියෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවුරුදු 2ක් දැනට බලයේ ඉඳලා එයාම කියනවා එයා පනත් 70කට වැඩි ප්‍රමාණයක් සම්මත කළා කියලා.

රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තනි පිටුවකින් උතුරු නැගෙනහිර සම්බන්ධයෙන් සෑහෙන හොඳ අදහසක් ලියලා තිබුණා නේද?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග තියෙන ගැටලුවම ඒක තමයි. ඔහු අදහස් ප්‍රකාශ කළාට ඒවා ක්‍රියාත්මක කරන්නේ නෑ. අවසාන වශයෙන් පළාත් සභා ඡන්දේ පවත්වන්න පරණ මැතිවරණ ක්‍රමයට ගෙනියන්න තිබුණු පනත සැප්තැම්බර් මාසේ 03 වැනිදා පාර්ලිමේන්තුවේ ගන්නවා කියලා බිස්නස් කමිටි එකේදී එකඟ වුණාට ඒක ගත්තේ නෑ. රාජපක්ෂවරුන්ගේ කඳවුරේ හිටපු මන්ත්‍රීවරු කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ කියන ඕනෙම දෙයක් කරන ලෙවල් එකක තමයි හිටියේ පහුගිය අවුරුදු දෙකේම. එහෙම තියෙද්දීත් නොකරපු දේවල් ඉදිරි අනාගතයේදි කරයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයාව එතැනින් ඉවත් වුණා.

එන්.පී.පී. එක අයින් වෙන්නේ ඇයි?
එන්.පී.පී. එකත් එක්කත් සාකච්ඡා විශාල ප්‍රමාණයක් තිබුණා. 88-89 කැරැල්ල වෙලාවේ රට තුළ විශාල අර්බුදයක් ඇතිවෙලා විශාල ජීවිත හානියක් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ ඉන්දු-ලංකා ගිවිසුම.

හැබැයි ඒගොල්ලෝ එතැනින් පස්සේ යම් වෙනසකට ලක්වුණා නේද?
වෙනසකට ලක්වුණාට ඒගොල්ලන්ට ඒක එළිපිට කියන්න තරම් පුළුවන්කමක් තිබුණේ නෑ. එහෙම කිව්වොත් ඒගොල්ලන්ගේ තියෙන ඡන්ද පදනමක් වෙන්න පුළුවන්. නමුත් මම දන්නේ නෑ ඒක හරියටම කියන්න. අනුර කුමාර දිසානායකත් යාපනේ ඇවිල්ලා, අපේ පක්ෂයේ අය මුණගැහුණා. ඒ වෙලාවේ කියපු කාරණාවලදී දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව ඔහු සාධනීය ලෙස පෙන්නපු බවක් දකින්න ලැබුණේ නෑ. ඒ නිසා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ඔවුන්ට ඡන්දේ දෙන්නෙත් නැති වේවි. අපි ටී.එන්.ඒ. එක සහයෝගය දෙන්න කියලා කියලත්, ඡන්දේ දුන්නේ නැත්නම්? මිනිස්සුන්ගේ අදහස බලන්න ඕනේ. එන්.පී.පී. එකට ඔවුන්ගේ සහායක් නැති අවස්ථාවක පක්ෂයක් වශයෙන් ගිහින් එන්.පී.පී. එකට සහාය දීලා අපිට බෑ ඒ සහායෝගය 50%ක්වත් දෙන්න. ඒ වගේ අවස්ථාවක තමයි එන්.පී.පී. එක ප්‍රතික්ෂේප වුණේ.

පක්ෂය ඇතුළෙත් බෙදුණු මතයක් තිබුණා නේද?
ඔව්, ඕනෙම පක්ෂයක බෙදුණු මතයන් තියෙනවා. අපේ මධ්‍යම කාරකසභාවේ ඔක්කොම සාමාජිකයෝ 41ක් ඉන්නවා. ඉන් තුන්දෙනෙක් ජීවතුන් අතර නෑ. ඊට අමතරව එදා රැස්වීමට 31 දෙනයි ආවේ. සාමාජිකයෝ 41 දෙනාගෙන් 11 දෙනෙක් හිටියොත් අපිට රැස්වෙලා තීරණයක් ගන්න පුළුවන්. පක්ෂ නායකතුමාට අසනීපය නිසා උපනායකතුමාට එදා රැස්වීම පවත්වාගෙන යන්න නායකතුමා අනුමැතිය දීලා තිබුණා. මහලේකම්තුමා තමයි රැස්වීම පැවැත්වුවේ. පක්ෂයේ 31 දෙනාගෙන් 26 දෙනෙක් සජිත් ප්‍රේමදාස මහත්මයාට සහාය දෙන්න ඕනේ කියලත්, 3 දෙනෙක් දෙමළ අපේක්ෂකයෙකුට සහාය දෙන්න ඕනේ කියලත්, දෙදෙනෙක් පක්ෂය ගන්න ඕනෑම තීන්දුවකට එකඟයි කියලා කිව්වා. ඒ අනුව පක්ෂයේ බහුතර මතයට අනුව තමයි අපි ඒ තීන්දුවට එන්නේ.

ඒ වගේම උතුර සහ නැගෙනහිර ගත්තම ජනතාවගේ අතර සජිත් ප්‍රේමදාස මහත්මයාට තමයි වැඩි කැමැත්තක් තියෙන්නේ. ඒකට හේතුව එතුමා නිවාස සංකීර්ණ ඉදිකරපු ඒවත් බලපෑවා. ප්‍රධාන අපේක්ෂකයෝ තුන්දෙනා සසඳලා බලද්දී දෙමළ ජනතාවගේ වැඩි කැමැත්තක් එතුමාට කැමැති බව අපට පේන්න තිබුණා. පක්ෂයේ බිම් මට්ටමේ අයගේ මතයත් ගත්තම සජිත් ප්‍රේමදාස මහත්මයා ඉදිරියෙන් ඉන්න බව කිව්ව නිසා තමයි පක්ෂයක් වශයෙන් අපි ඒ තීරණය ගත්තේ. එතැනින් එහාටත් ගිහින් අපි මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ තුනම හොඳට අධ්‍යයනය කළා. එහෙම අධ්‍යයනය කළාම රටක් වෙනුවෙනුත්, දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙනුත් ප්‍රගතිශීලී අදහස් ඒ ප්‍රකාශ තුනේම තිබුණට, සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රකාශය වඩාත් ප්‍රගතිශීලී බව අපට වැටහුණා. මොකද බලයට ආවට පස්සේ ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ටීම් එකත් වැදගත්. මම කලින් කිව්වා වගේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුවේ දේශපාලන සිරකරුවන්ගේ කටට පිස්තෝලයක් තියපු හිටපු බන්ධනාගාර ඇමැතිවරයෙක් ඉන්නවා නම්, ඒ වගේම ජාතිවාදී අදහස් වපුරපු, ඒ වගේ කෝණයකින් හිතපු අය ඉන්නවා නම්, ඊළඟට එන පාර්ලිමේන්තුවටත් ඒ අයම එනවනේ.

එන්.පී.පී. එක ගත්තම අපට පොඩි ගැටලුවක් තියෙනවා. හරිනි අමරසූරිය අපිත් එක්ක බොහොම හිතවත්. සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා, විජිත හේරත් සහෝදරයා අපි දන්නවා. හැබැයි ඉන් එහාට ගියාම අපිට පොඩි ගැටලුවක් තියෙනවා ඒගොල්ලන්ගේ ජනාධිපති කෙනෙක් ආවත් පාර්ලිමේන්තුවක් තුළ නියෝජනය කොහොම වෙයිද කියන එක. හැබැයි සමගි ජන බලවේගය ගත්තම ඒ ගැටලුව ටිකක් අඩුයි. මොකද ඒකේ ඉන්න මන්ත්‍රීවරු සහ දෙවැනි පෙළ, තුන්වැනි පෙළ නායකයෝ ටිකක් ධනාත්මක චින්තනයක් තියෙන පිරිසක් බව අපට පේනවා. සජිත් ප්‍රේමදාස ජනාධිපති වුණොත් පාර්ලිමේන්තුවේ සහායක් තියෙන්න ඕනේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන දේවල් ක්‍රියාත්මක කරන්න. අපි අපිත් එක්ක කතාකරපු හැම අපේක්ෂකයාටම කිව්වේ, අපිත් එක්ක කියලා වැඩක් නෑ, ප්‍රතිපත්ති ප්‍රකාශයට දාන්න කියලා. ඒ අනුව ඉදිරිපත් වෙච්ච ප්‍රතිපත්ති ප්‍රකාශ අතරින් අපිට ගැළපෙන එක තමයි අපි තෝරාගත්තේ.

ටී.එන්.ඒ. එකට ඉන්දියාවේ බලපෑමක් තියෙනවද?
ටී.එන්.ඒ. කියන පක්ෂය තුළ පක්ෂ 3ක් තියෙනවා. එලංගෙයි තමිල් අරසු කච්චි, ටෙලෝ සහ ප්ලොට්. මම නියෝජනය කරන්නේ එහි ප්‍රධානම පක්ෂය වන එලංගෙයි තමිල් අරසු. 1949 ඉඳන් ක්‍රියාත්මක වන පක්ෂයක්. ඒ පක්ෂය ගත්තම අපි හැම රටක් සමගම සම්බන්ධතා තියෙනවා. මම පහුගිය මාසයේ ජපාන තානාපති කාර්යාල නියෝජිතයන් හමුවුණා. ඔස්ටේ්‍රලියානු, ඇමෙරිකානු, ඉන්දියානු, බි්‍රතාන්‍ය, ස්විට්සර්ලන්ත වගේ හැම රටක් එක්කම අපි සාකච්ඡා කරනවා. අපි ලංකාවේ ජනතාවගේ නියෝජිතයන් ලෙස පක්ෂයක් හැටියට අපි තීරණයක් ගන්නවා මිසක්, කිසිදු බලපෑමක් මත තීරණ ගන්න අපට බැහැ. හැමෝගෙම අදහස් අපට ලැබෙනවා. නමුත් අවසානයේ අපි තීරණයක් ගන්නේ පක්ෂයක් වශයෙන්.

ලංකාවේ දේශපාලන හැසිරීම ගැන කියද්දී කියවෙන ප්‍රසිද්ධ ප්‍රකාශයක් තමයි ඉන්දියාවේ සහාය කාටද කියලා බලන්න ඕනේ නම් ටී.එන්.එක. දිහා බලාගෙන ඉන්න කියන එක. මේකේ සත්‍යයක් තියෙනවද?
එහෙම කියන්න බෑ. ජීවන් තොණ්ඩමාන්, අරවින්ද් කුමාර්, වඩිවේල් සුරේෂ්, ඩග්ලස් දේවානන්දා, පිල්ලෙයාන්, වියාලේන්ද්‍රන් කියන අය අද ඉන්නේ රනිල් එක්ක. ටෙලෝ, ප්ලොට්, ඊ.පී.ආර්.එල්.එෆ්. ඉන්නවා පොදු අපේක්ෂකයාත් එක්ක. එලංගෙයි තමිල් අරසු සජිත් එක්ක. ඉන්දියාව කියන විදියට නම් කරන්නේ මේ ඔක්කොම එක කඳුවරක ඉඳලා වැඩ කරන්න පුළුවන්නේ. මේ වගේ දේශපාලන ඕපාදූප පැතිරුණාට අපිට පැහැදිලිව කියන්න පුළුවන් ඉන්දියාවෙන් කිසිදු අවස්ථාවක කියලා නෑ මෙන්න මේ අපේක්ෂකයාට ඡන්දේ දෙන්න, මෙයාට සහාය දෙන්න කියලා. ඒගොල්ලන් අපිව මුණගැහුණාම අපේ මතය විමසනවා. ඇත්ත කතාව ඒක තමයි.

එන්.පී.පී. එක බලයට ආවොත්, ඒගොල්ලන්ට පාර්ලිමේන්තුවේ ඉන්නේ කිහිප දෙනයි. ඔබ සහ සුමන්තිරන් මහත්මයා කියන්නේ පාර්ලිමේන්තුවේ හැමෝගෙම ගෞරවයට පාත්‍ර වෙච්ච මන්ත්‍රීවරු දෙන්නෙක්. ඒ නිසා එන්.පී.පී. එක ආරාධනා කළොත් කෙටි කාලයට හැදෙන ආණ්ඩුවේ ඔබලා ඇමැති ධුර ලබාගනීවිද?
ජනාධිපතිවරණයෙන් පස්සේ 22 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවනවා කියලා තමයි එන්.පී.පී. එක කියන්නේ. ඒක ඇත්තටම පක්ෂයක් වශයෙන් ගන්න ඕනේ තීරණයක්. අපේ පක්ෂයේ මධ්‍යම කාරකසභාවක් තියෙනවා. ඒකෙන් තමයි ඒ සම්බන්ධයෙන් තීරණය කරන්නේ. දැනට ඊට පිළිතුරක් දෙන්න බැහැ මට.

ඔබේ පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දෙන්න කියලා ජනතාවට කියන්නේ මොන හේතුවක් නිසාද?
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන කරුණු අපි ජනතාවට කියලා තියෙනවා. අනෙක් අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්තිත් අපි කියලා තියෙනවා. අපි ඇයි මේ අතරින් සජිත් ප්‍රේමදාසව තෝරගත්තේ කියන කාරණාවත් අපි ජනතාවට කියලා තියෙනවා. දෙමළ ජනතාවට අවශ්‍ය අපේ පොඩි සංඥාවක් විතරයි. ඔවුන්ට වැටහීමක් තියෙනවා. අපේ පක්ෂය දේශපාලන රැලි පවත්වන්නෙම නෑ. අපි සහාය දෙන අපේක්ෂකයා වෙනුවෙන් මම එක වේදිකාවකටවත් නැගලා නෑ. අපේ පක්ෂයේ හොඳ සංවිධානාත්මක පදනමක් තියෙනවා. අපේ පක්ෂයේ තීරණය, අපි සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙනවා කියන කාරණාව අපේ පක්ෂයේ සංවිධායකවරු දිස්ත්‍රික්කවල හැම නිවසකටම ගිහින් දැනුවත් කරමින් ඉන්නවා මේ වෙද්දීත්. 2019දී අපි ඡන්දෙට දවස් 3කට කලින් තමයි අපි ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතාට අපේ පක්ෂයේ සහාය දෙනවා කියන කාරණාව.

ඒක සාර්ථක වුණාද?
80%ක්, 90%ක් ඡන්ද සජිත් ප්‍රේමදාස මහතාට ලැබුණා ඒ අවස්ථාවේ.

මෙවර ජනාධිපතිවරණයේදී මොකක් වෙයිද කියන එක සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?
2019දී සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද ලක්ෂ 55ක් ලබාගත්තා. ගෝඨාභය ලක්ෂ 69ක් ගත්තා. ඒකට අලුත් ඡන්ද සහ එන්.පී.පී. එකට වැටුණු ඡන්දත් ඔක්කොම එකතු කළාම ලක්ෂ 89ක් විතර වෙනවා. සජිත් ප්‍රේමදාස මහතාට ලබුණු ඡන්ද ලක්ෂ 55 අඩුවෙන්න හේතුවෙන කිසිම දෙයක් එතුමා කරලා නෑ. ඡන්ද වැඩිවෙනවා මිසක්. ඉතිරි ඡන්ද ටික තමයි සෙසු අපේක්ෂකයෝ සියලු දෙනාම අතර බෙදෙන්නේ. ඒකෙන් සජිත් ප්‍රේමදාසට, නාමල් රාජපක්ෂට, රනිල් වික්‍රමසිංහට, එන්.පී.පී. එකට, දෙමළ පොදු අපේක්ෂකයාට, සහ අනෙකුත් අපේක්ෂකයන්ටත් ඡන්ද බෙදිලා යනවා. ඒක එක හේතුවක්. ඒ වගේම තමයි මිනිස්සු ගියපාර අත්හදාබැලීම් කරන්න ගිහින් අපහසුතාවකට ලක්වුණා. ගෝඨාභය කියන පුද්ගලයා ජනාධිපති ලෙස පත්කළාට ඔහුට පාර්ලිමේන්තුව හරහා ඒක ගෙනියන්න පුළුවන් මට්ටමේ පාලමක් හදාගන්න බැරිවුණා. සජිත් ප්‍රේමදාස ගත්තම ජනාධිපතිවරයා වශයෙන් ඔහුගේ කැබිනට් මණ්ඩලයේ මෙන්න මේ මේ පුද්ගලයෝ ඉඳීවි කියලා අපට කියන්න පුළුවන්. එතකොට විධායකය සහ විධායකය අතර ගැටුමක් ඇතිවෙයි කියලා අපට පේන්නේ නෑ. අනෙක් අපේක්ෂකයෝ ගත්තම එතැන පොඩි ගැටලුවක් තියෙනවා. එන්.පී.පී. එකත් එක්ක මට කිසිම තරහක් නෑ. හැබයි අපට පේන විදියට එන්.පී.පී. එකේ යම් යම් අඩුපාඩු තියෙනවා. පාර්ලිමේන්තු ඡන්දයක් තිබ්බොත් ඒකෙදී කවුද එයාලගෙන් පාර්ලිමේන්තු එන්නේ කියන එක දන්නේ නෑ. කවුද ඒගොල්ලන්ගේ අපේක්ෂකයෝ කියන එක දන්නේ නෑ. ගෝඨාභය කියන තනි චරිතයට එදා ඡන්දේ දුන්නා වගේ මේපාර තව තනි චරිතයකට ඡන්දයක් දීලා අත්හදාබැලීම් කරන්න මිනිස්සු කැමැත්තක් තියෙන බව මට නම් පේන්නේ නෑ.වගේම මෙවර ඡන්ද බෙදෙන ඡන්ද ප්‍රතිශතයත් වැදගත්. වාමාංශික ඡන්ද මේ පාර නාමල් රාජපක්ෂ අතරෙත් බෙදෙනවා. විමල් වීරවංශ කණ්ඩායමත් පොඩි ප්‍රමාණයක් ගන්නවා. එන්.පී.පී. එකටත් යම් ප්‍රමාණයක් යනවා. එතකොට වමේ අදහස නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද ඉන්නේ රනිල් වික්‍රමසිංහ එක්ක.

ඒ ඡන්ද පදනම ඒ විදියටම තියෙයිද?
දේශපාලනයේදී හැම මන්ත්‍රීවරයාටම පොඩි බේස් එකක් තියෙනවා. ඒක නෑ කියන්න බෑ. නිමල් සිරිපාල වගේ පුද්ගලයෙක් ගත්තම ඔහු විශාල පිරිසකට රැකියා දීලා ඡන්ද ප්‍රමාණයක් හදාගෙන තියෙනවා. මගේ කියවීම තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා ඉදිරියෙන් ඉන්නවා කියන එක කියන්න පුළුවන්. තව දෙයක් තමයි සමාජ මාධ්‍ය දිහා විතරක් බලලා අපට තීරණය කරන්න බෑ ජනතාවගේ තීරණය. ඒ වගේම රැස්වීම්වලට එන සෙනඟ දිහා බලලත් ඒක තීරණය කරන්න බෑ. මගේ පොල් වත්තක් තියෙනවා මඩකළපුවේ. ඒකේ 30 දෙනෙක් විතර වැඩකරනවා. ගිය මාසේ රනිල් වික්‍රමසිංහ මහත්තයගේ රැස්වීමක් තිබුණා මඩකළපුවේ, එදා ඒ 30 දෙනාම නිවාඩු ඉල්ලලා තිබුණා. මම ඇහුවා ඇයි මේ ඔක්කොම එක දවසේ නිවාඩු ඉල්ලන්නේ කියලා. හොයලා බලද්දී රුපියල් 3000යි, ටීෂර්ට් එකයි, දවල්ට කෑම එකකුයි දීලා තියෙනවා රැස්වීමට යන්න. මමත් ඒ අයට ඒකට යන්න නිවාඩු දුන්නා. ඒ නිසා රැලිවලට යන ජනතාව අනුව තීරණය කරන්න බෑ. මම මේ කිව්වේ මගේ පෞද්ගලික අත්දැකීමක්. හැම පක්ෂයම එහෙම කියන එක නෙවෙයි මම අදහස් කළේ.

තව ඉතා කෙටි කාලයක් තියෙන්නේ ජනාධිපතිවරණයට. 2024 සැප්තැම්බර් 21 වැනිදා බහුතරයක් ගන්න තීරණය මත තමයි ඉදිරි අවුරුදු 5ම තීරණය වෙන්නේ. සමහර කණ්ඩායම් දනට උත්සාහ කරනවා බලයට පත්වෙන කාටවත් රට කරන්න බැරි තැනට පත්කරලා යන්න. ඒ වගේ දේවල් ගැන මිනිස්සු අවධානයෙන් ඉන්න ඕනේ. පැහැදිලිවම යම් යම් සහන ගැන බොරු පොරොන්දු දෙනකොට, ඒ වගේ කෙටිකාලීන වාසි දිහා බලලා රටේ දිගුකාලීන අනාගතය විනාශ කරගන්න එපා කියන එක තමයි ජනතාවට කියන්න තියෙන්නේ.

SendShareShare
Previous Post

අම්බලන්ගොඩ මහා රැලියෙන් පස්සේ සජිත් බේරුවලට එයි! බේරුවලත් දහස් ගණනින් මිනිස්සු සජිත්ව බලන්න එයි! සජීවීව මෙතැනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Next Post

සජබ අවසන් රැලියට බස්වලින් කෝච්චිවලින් දස දහස් ගණන් මහා ජනකායක් මරදානට ඇදී එයි! බේරුවල රැලිය ඉවර කරපු සජිත් තව ටිකක් මරදානට එනවා! Sri Lanka Latest News

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.