• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ පාර කවුද දිනන්නේ? 94 ඉඳන් හරියටම ගණන් හදලා කියපු ගණිතයාගේ 2024 ගණන් හැදිල්ල! Sri Lanka Latest News

September 1, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
ඩලස් අලහප්පෙරුම ගැන ශෝක ප්‍රකාශයක් ළඟදීම පාර්ලිමේන්තුවට එයි! කියන්නෙත් ඩලස් අලහප්පෙරුමමයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් ජය ගන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. 2019 ජනාධිපතිවරණ ප්‍රතිඵලය සහ පසුගිය මැතිවරණවලදී එක් එක් පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රතිශත අනුසාරයෙන්, ඔහු තාර්කිකව පෙන්වා දෙන්නේ නියත වශයෙන්ම 2024 ජනාධිපතිවරණය සජිත් ප්‍රේමදාස මහතා ජය ගන්නා බවයි. හිරු ටීවී රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කළ එම අදහස් දැක්වීම Hiru News යූටියුබ් නාලිකාවෙන් උපුටා ගෙන අප මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමු. (Sri Lanka Latest News)

මාධ්‍යවේදියා
2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ඡන්ද 69,24,255ක් ලබාගත්තා. ප්‍රතිශතය 52.25%ක්. සජිත් ප්‍රේමදාස ඡන්ද 55,68,239ක් ලබාගත්තා. එහි ප්‍රතිශතය 41.99%ක්. අනුර දිසානායක ඡන්ද 4,18,553ක් ලබාගත්තා. ප්‍රතිශතය 3.16%ක්. ඉන් මාස කිහිපයකට පසුව පැවැත්වූ මහ මැතිවරණයේදී පොහොට්ටුව ඡන්ද 68,53,693ක් ලබාගත්තා. එය ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම 59.09%ක්. ඒ මහ මැතිවරණයේදී සජබය ලබාගත් ඡන්ද සංඛ්‍යාවේ විශාල අඩුවීමක් පෙන්වනවා. ඔවුන් ලබාගත්තේ ඡන්ද 27,71,984ක්. එය ප්‍රතිශතයක් ලෙස ගත්තාම 23.9%ක්. දළ වශයෙන් භාගයකට ආසන්න ප්‍රමාණයකින් සජබයේ ඡන්ද අඩුවෙලා තියෙනවා. ජවිපෙ ලබාගත් ඡන්ද ප්‍රමාණය 4,45,958ක්. 3.84%ක් ඔවුන්ගේ ප්‍රතිශතය. එතැන් පටන් මේ දක්වා ජාතික තලයේ මැතිවරණයක් පවත්වලා නැහැ. ඒ අනුව, ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ගැන ඔබේ අර්ථකථනය මොකක්ද?

ඩලස් අලහප්පෙරුම
මේක වචන හරඹයක් නෙවෙයි. ගණිතමය විග්‍රහයක් විදියට මම කියන්නම්. ජනාධිපතිවරණයට බැඳිලා එන මහ මැතිවරණයකදී ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයාට තමයි සියලු දේවල් තීන්දු වෙන්නේ. ඉතිහාසයේ හැමදාම සිදුවුණේ එහෙමයි. 2020 විතරක් නෙවෙයි. හැම ජනාධිපතිවරණයක් පස්සේ එය ලුහුබැඳගෙන එන මහ මැතිවරණයේදී ජනාධිපතිවරණය ජයග්‍රාහකයා විසින් ජය හිමිකරගන්නවා. ලංකාවේ මැතිවරණ සංස්කෘතියේ තියෙන වැරැද්දත් ඒකයි. ජනාධිපතිවරණය දිනලා මහ මැතිවරණය තියනවා. මහ මැතිවරණය දිනලා පළාත් සභා තියනවා. පළාත් සභාව දිනලා පළාත් පාලන ඡන්දය තියනවා. ලංකාවේ මේ වෙනකොට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 171යි. ජනාධිපතිවරණයකදී උපරිමයෙන් ලංකාවේ ඡන්ද පාවිචිචි වෙලා තියෙන්නෙ 82%යි. අපි උපකල්පනය කළොත් 82%ක් ඡන්ද පාවිච්චි වුණා කියලා. ඒ කියන්නේ දළ වශයෙන් ඡන්ද ලක්ෂ 140ක්. මේ ලක්ෂ 140න් 50%ක් අරගෙන ජනාධිපති වෙන්න නම් ඡන්ද ලක්ෂ 70ක් ඕනේ. අද වෙද්දී ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයෝ තුන්දෙනෙක් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක. ඔවුන් තුන්දෙනාගෙන් කවුරු හරි කෙනෙක් ජනාධිපති වෙන්න නම් ඡන්ද ලක්ෂ 70ක් ලබාගන්න ඕනේ.

අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් පටන්ගමු. එතුමාට මහ මැතිවරණයේදී ලැබුණේ 2,49,000ක්. 2.15%ක ප්‍රතිශතයක්. මොහොතකට හිතන්න එදා 69 ලක්ෂයක් ඡන්ද ලැබුණු අයගේ මන්ත්‍රීවරු ටිකක්, රාජ්‍ය ඇමැතිවරු, ඇමැතිවරු ටිකක් ගිහිල්ලා ඉන්නවනේ. ඒ 69 ලක්ෂයෙන් 40%ක් අපි උපකල්පනය කරමු වික්‍රමසිංහ මැතිතුමා එක්ක ඉන්නවා කියලා. 69 ලක්ෂයෙන් 40%ක් කියන්නේ උපරිම වශයෙන් ලක්ෂ 30ක් විතර. මේක තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබාගන්න පුළුවන් උපරිම ගාන.

අනුර කුමාර දිසානායක මැතිතුමා 4,18,000ක් ගත්තා. ඒ, 4,18,000 ඉඳලා ජයග්‍රහණය කරන්න ඡන්ද ලක්ෂ 70කට යන්න නම් තව ඡන්ද ලක්ෂ 65කට අධික ප්‍රමාණයක් ඔහු විසින් ලබාගන්න ඕනේ. හැබැයි 2019 ජනාධිපතිවරණයෙන් පස්සේ ඡන්ද සිතියමට එකතු වෙලා තියෙනවා අලුතෙන් ඡන්ද ලක්ෂ 11ක්. ඒ කියන්නේ පළමු වතාවට ඡන්දය දෙන අය. ඒ ලක්ෂ 11 පැත්තකින් තියලයි මම මේ ගණන් හදන්නේ.

මේක සජිත් ප්‍රේමදාස මැතිතුමාට ආදේශ කරලා බලමු. ඔහුට පහුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 55ක් ලැබුණා. ඒ ලක්ෂ 55 සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලැබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරන බවට මුළු රටම පිළිගත්ත වෙලාවක. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහාය සජිත් ප්‍රේමදාසට ලැබුණේ නෑ. ඒක අපි කවුරුත් දැකපු දෙයක්නේ.

මාධ්‍යවේදියා
නමුත් ඒ ඡන්ද 55 ඇතුළේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඡන්ද 2,49,000ත් තිබුණා නේද?

ඩලස් අලහප්පෙරුම
ඔව්. අපි ඒ වෙනුවෙන් 10%ක් වෙන් කරමු. 10%ක් කියන්නේ ඡන්ද පන්ලක්ෂ පනස්දාහක්නේ.

මාධ්‍යවේදියා
ටීඑන්ඒ එකටත් ඡන්ද පදනමක් තිබුණා ඒ වෙලාවේ. ඔවුන් මහ මැතිවරණයේදී ලබාගෙන තිබුණා ඡන්ද 3,27,000ක්. එතකොට ඒකත් අර ඡන්ද ලක්ෂ 55 ඇතුළේ තිබුණා?

ඩලස් අලහප්පෙරුම
ඔව්. ඒ ඔක්කොම ටික ලක්ෂ 10ක් කියලා හිතලා ඒ 10ම අයින් කරන්නකො. එතකොට ලක්ෂ 45යි. ඒ ලක්ෂ 45 කොහොමත් තියෙනවා. ජයග්‍රහණය කරන්න නම් ඡන්ද ලක්ෂ 45 සිට 70 දක්වා වැඩිකරගන්න ඕනේ. එතකොට තව ඡන්ද ලක්ෂ 25ක් ගන්න ඕනේ. එක්කෙනෙක් 4 ඉඳලා 70ට යන්න ඕනේ. අනිත් එක්කෙනා 30 ඉඳලා 70ට යන්න ඕනේ. නාමල් රාජපක්ෂ මැතිතුමා එහෙම නම් ලක්ෂ 70ට යන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත්ත ඡන්ද ප්‍රමාණයටත් වඩා තව ඡන්ද ලක්ෂයක් ගන්න ඕනේ.

මාධ්‍යවේදියා
සජිත් ප්‍රේමදාස මහත්තයාට දැනට තියෙන ඡන්ද ලක්ෂ 45, ලක්ෂ 70 දක්වා වැඩිකරගන්න අවශ්‍ය ඉතිරි ඡන්ද ලක්ෂ 25 ලබාගන්නේ කොහොමද?

ඩලස් අලහප්පෙරුම
69 ලක්ෂය සහ අලුත් ඡන්ද අතරින් තමයි ඒක ගන්න වෙන්නේ.

මාධ්‍යවේදියා
එතකොට 30%ක පාවෙන ඡන්ද ප්‍රතිශතය?

ඩලස් අලහප්පෙරුම
ලංකාවේ සෑම මැතිවරණයකදීම අවසන් සති දෙක වෙනතුරු 20%ක විතර අයගේ මතයක් ප්‍රකාශ වෙන්නේ නෑ.

කොහොම නමුත් මම ඉදිරිපත් කරපු මේ සංඛ්‍යාලේඛනයට අනුව බොහොම පැහැදිලිව සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි ඉදිරියෙන්ම ඉන්නේ. ඔහු තමයි මේ සංඛ්‍යාවට ළඟින්ම ඉන්න කෙනා. අනිත් හැම කෙනෙක්ම ඉන්නේ අවම වශයෙන් ඡන්ද මිලියන 4කට වඩා දුරින්.

SendShareShare
Previous Post

97 අත්තම්මයි 27 කුමුදුමාලියි අපි හැමෝටම කියලා දුන්න උගත්කමේ පාඩම! Sri Lanka Latest News

Next Post

ෆොන්සේකාට වෙච්ච දේ අනේ අනිච්චං! Sri Lanka Latest News

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.